හෙළිකොප්ටරය ගොඩබාන්න ඉඩනොදීම : සජිත් වෙනුවෙන් තිස්සගෙන් පැමිණිල්ලක් !

හෙළිකොප්ටරය ගොඩබාන්න ඉඩනොදීම : සජිත් වෙනුවෙන් තිස්සගෙන් පැමිණිල්ලක් !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස කුරුණෑගල ප‍්‍රදේශයේ සංවිධානය කර තිබූ ජන රැළියකට ගිය හෙලිකොප්ටර් යානය ගොඩබෑමට ඉඩනොදීම පිළිබද වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලමින් සජිත් පේ‍්‍රමදාසගේ මැතිවරණ මෙහෙයුම් කමිටු  ප්‍රධාන තිස්ස අත්තනායක මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත අද (31) දිනයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
 
කුරුණෑගල පැවති රැළියට සහභාගී වීම සදහා සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා රැගත්  හෙලිකොප්ටර් යානය ගොඩබෑමට අවස්ථාවක් ලබානොදීම හිතා මතාම කළ කඩා කප්පල් ක‍්‍රියාවක් බවට සැක මතු වන බැවින් මේ පිළිබද වහාම අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් තිස්ස අත්තනායක මෙම  පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
 
පැමිණිල්ල භාර දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් තිස්ස අත්තනායක මෙසේ පවසා ඇත. ‘‘රැස්වීම් ගණනාවකට සහභාගිවීමට නියමිතව තිබීම නිසා කුරුණෑගල ප‍්‍රදේශයේ  ඊයේ(30) පැවති ජන රැලියකට සහභාගී වීම සදහා  සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයා හෙලිකොප්ටර් යානයකින් ගමන් කිරීමට සැලසුම්කර තිබුණා.දඹුල්ලේ සිට කුරූණාගල දක්වා යාමේ දී, කුරුණෑගල ප‍්‍රදේශයේ ගොඩබෑම සඳහා අවශ්‍ය සංඥා එළි ක‍්‍රියාත්මක වූයේ නැහැ. සෑම ජනපති අපෙක්ෂකයකුට හිමි මෙම අවස්ථාව සජිත් පේ‍්‍රමදාසද ලබාදීම බලධාරින්ගේ වගකීමක්.
 
එම අවස්ථාවේ විදුලිය විසන්ධි වෙනවා නම් විකල්ප පියවරක් අනුගමනය කළයුතු වෙනවා. ඒය ක‍්‍රිඩාංගනය භාරව සිටි නිළධාරින්ගේ වගකීමක්. එතුමන් රැගත් හෙලිකොප්ටර් යානය ගොඩබෑමට අවස්ථාවක් ලබානොදීම හිතා මතාම සිදුකළ කඩා කප්පල් ක‍්‍රියාවක් බවට අපට සැක මතුවෙනවා. ඒ නිසා මෙම සිදුවීම ගැන වහාම පරික්ෂණයක් කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා’’ 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න