''පාස්කු ප්‍රහාරය අපිට දැන්වූවා, අපි නිහඬව හිටියා'' - මහින්ද යාපා 

''පාස්කු ප්‍රහාරය අපිට දැන්වූවා, අපි නිහඬව හිටියා'' - මහින්ද යාපා 

අප්‍රේල් 21 වැනිදා එල්ලවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ගැන අප්‍රේල් 09 වැනිදා වන විට තමා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනගන්නට ලැබි තිබුණු බවත්, ඒ පිළිබඳ පියවර ගැනීම රජයේ වගකීමක් නිසා නිහඬව සිටි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

සති අන්ත 'අනිද්දා' පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒ බව ප්‍රකාශ කර ඇත.

ඊට අදාල පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

'' අප්‍රේල් 09 වැනිදා තමන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශවලට ප්‍රහාරයක් පිළිබඳ අනතුරු හඟවමින් ලියුමක් ලැබුණු බවත් ආරක්ෂක නිලධාරින් සමග ඇති හිතවත් කම නිස එම නිලධාරීන් තමන්ටද ඒ පිළිබඳ දැන්වූ බවත් ඔහු පැවසීය.

තමා ලඟද එම ලිපියේ පිටපතක් ඇති බව ඔහු කීය. 

එසේ තොරතුරු ලැබී තිබුනා නම් ඒ පිළිබඳ සමාජය දැනුවත් කොට අනතුරු නැවැත්වීමට කටයුතු නොකළේ ඇයි දැයි විමසීමේදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ආරක්ෂාව සැපයීම ආණ්ඩුවේ වගකීමක් බව කල්පනා කරමින් නිහඬව සිටි බවයි. 

රජයේ යම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කොට මෙම ප්‍රහාරය වලක්වනු ඇතැයි තමා බලාපොරොත්තු වූ බවද ඔහු පැවසීය. 

බුද්ධි තොරතුරු ප්‍රසිද්ධ කිරීම ආරක්ෂක කටයුතු වලට බාධාවක් ලෙස සැලකූ බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න