පාඨලීට සහ ඔහුගේ රියැදුරුට විදෙස් ගමන් තහනමක්

පාඨලීට සහ ඔහුගේ රියැදුරුට විදෙස් ගමන් තහනමක්

2016 වසරේදී රාජගිරියේදී තරුණයෙකු රිය අනතුරකට ලක් කළ බව කියන සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ ඔහුගේ රියැදුරු තුසිත දිළුම් කුමාර නැමැත්තාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද (13) විදෙස් ගමන් තහනමක් පැනවූවාය.

ඒ, කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශය අධිකරණ හමුවේ කළ කරුණු දැක්වීමකින් පසුවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවත වරක් විමර්ශණයක් ආරම්භ කර තිබේ.

හිටපු අමාත්‍යවරයා සහ රියැදුරු රටින් පිටවීම වැළැක්වීම සඳහා විදෙස් ගමන් තහනමක් පනවන්නැයි අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අවසර දුන් අතිරේක මහේස්ත්‍රාත්වරිය අදාළ තහනම ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වන ලෙස ද නියෝග කළාය.

දින කිහිපයකට ඉහතදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා විශේෂ පැහැදිලි කිරීමක්ද සිදුකල අතර එම වීඩියෝව පහතින් දැක්වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න