හිටපු මුදල් අමාත්‍ය මංගල : ආණ්ඩුවට දුන්න උපදෙස මෙන්න !

හිටපු මුදල් අමාත්‍ය මංගල : ආණ්ඩුවට දුන්න උපදෙස මෙන්න !

ශ්‍රී ලංකාවද වසර 2021 වන විට ආර්ජන්ටීනාව මුහුණදුන් ආකාරයේ ආර්ථික බිඳවැටීමකට ලක් නොවීමට නම් තමා විසින් හඳුන්වා දුන් හා ක්‍රියාත්මක කරගෙන යනු ලැබූ මූල්‍ය විනය (fiscal discipline) දිගටම පවත්වාගෙන යන්නැයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර අලුත් ආණ්ඩුවේ බලධාරීන්ට පවසයි.ඔහු විසින් ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් එම ඉල්ලීම කර තිබේ. එහි මෙසේ සඳහන් වේ. 

''භික්ෂූන් වහන්සේලා විසින් විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ආධාර ඉල්ලා සිටීම අප රට මුහුණ දී තිබෙන බංකොලොත්භාවයෙන් ගලවා ගැනීමට සමත් වන්නේ නැත. ශ්‍රී ලංකාවද වසර 2021 වන විට ආර්ජන්ටීනාව මුහුණදුන් ආර්ථික බිඳවැටීමකට ලක් නොවීමට නම් මා විසින් හඳුන්වා දී ඇති හා ක්‍රියාත්මක කරගෙන යනු ලැබූ මූල්‍ය විනය (fiscal discipline) දිගටම පවත්වාගෙන යායුතුය.''

79850269 2176906799076973 4432114964789985280 nහිටපු මුදල් ඇමතිවරයා මේබව සඳහන් කර ඇත්තේ 'රට රකින ජනහඬ' සංවිධානයේ හිමිවරුන් පසුගියදා මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ කැඳවා  තිබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අදහස් දැක්වූ ආචාර්ය පුජ්‍ය වල්පල පියනන්ද හිමියන් පැවසුයේ, රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බැවින් ජනාධිපතිවරයාට ඉන් ගොඩයාම සඳහා විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් ලංකාව වැඩි වැඩියෙන් ඩොලර් එව්වොත් හොඳ බවයි. 

''අලුත් ආණ්ඩුව පත්වෙලා තව මාසයක්වත් වුණේ නැහැ නේ, දැන් රටට අමාරුයි. ඒ නිසා මගේ ඉල්ලීම පිටරට ඉන්න සියලුම අයගෙන් මෙහෙට ඒගොල්ලා ඩොලර්ස් ඒවුවොත් ඒක රටට හොඳයි, ඒගොල්ලන්ටත් හොඳයි.'' උන්වහන්සේ පැවසුහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න