සජිත්ගේ සන්ධානයට හංසයාත් නැති වෙයි !

සජිත්ගේ සන්ධානයට හංසයාත් නැති වෙයි !

එළැඹෙන මහ මැතිවරණයේ දී ජාතික සමගි බලවේගයට හංසයා ලකුණින් තරග කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිතයන් අද (19) දැනුම් දුන් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්  අකිල විරාජ් කාරියවසම් පවසයි.

සන්ධාන සලකුණ සම්බන්ධයෙන්  නීති කෘත්‍යයක් පැන නැගීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාව සමඟ ජාතික සමගි බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයන් අද රාජගිරියේ පිහිටි කොමිෂන් සභා කාර්යාලයේ දී සාකච්ඡාවක්  පැවැත්වූ අතර එහිදී මැතිවරණ කොමිසම මේ බව සඳහන් කර ඇත.

එමෙන්ම ජාතික සමගි බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ද මාධ්‍ය වෙත පවසා ඇත්තේ  හංසයා ලකුණ මහමැතිවරණය සඳහා යොදා ගැනීම සම්බන්ධයෙන් නීතිමය බාධාවක් පවතින බවයි .

තවදුරටත් ජාතික සමගි බලවේගයට අයත් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර සන්ධානය සඳහා යොදාගන්නා ලකුණ සම්බන්ධයෙන් තීරණයක් ගෙන මැතිවරණ කොමිසම දැනුම්වත් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු එහිදී පවසා ඇත.මැතිවරණ කොමිසමේ පැවති සාකච්ඡාවෙන් පසුව මේ අදහස් මාධ්‍ය වෙත දැක්වුණ අතර එහිදී  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසා ඇත්තේ  මහ මැතිවරණය  සඳහා අලියා ලකුණින් තරග කිරීමට සන්ධානයේ බහුතරය කැමති බවය.

මැතිවරණ කොමිෂන් සභාව සමඟ පැවැති සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, ජාතික සමගි බලවේගය ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක  මන්ත්‍රී රවී කරුණානායක සහභාගීව ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න