මහවැලි ගඟ වනසන - පොහොට්ටුවේ වැලි සැළකිලි : ලිඛිත සාක්ෂි මෙන්න !

මහවැලි ගඟ වනසන - පොහොට්ටුවේ වැලි සැළකිලි : ලිඛිත සාක්ෂි මෙන්න !

දේශපාලන හිතවත්කම මත මහවැලි ගඟ රක්ෂිතයේ මහා පරිමාණ වැලි ඇදීමක් වෙනුවෙන් පරිසර, වනජීවී, ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන විසින් අවසර ඉල්ලා සිදුකරන පරිසර විනාශයක් සම්බන්ධව ලිඛිත තොරතුරු ලැබී තිබේ.

ඊට අනූව මෙකී වැලි ඇදීම වෙනුවෙන් අමාත්‍යවරයා වෙතින් අවසර ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සේරුවිල ප්‍රධාන සංවිධායක කපිල නුවන් අතුකෝරළ විසින්ය.
 
ඔහු විසින් එම ලිඛිත ඉල්ලීම අමාත්‍යවරයා වෙතින් සිදුකර ඇත්තේ 2019 දෙසැම්බර් 12 වනදාය. එනම් පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය ජයග්‍රහණය කර මාසයක් ඉක්මයාමට පෙර මෙකී පරිසර විනාශය වෙනුවෙන් අවසර ඉල්ලා ඇත.
 
"කන්තලේ මහවැලි ගඟ රක්ෂිතයේ වැලි ඉවත් කිරීම සඳහා කැනීම් බලපත්‍ර ලබාදීම" යන ශීර්ෂයෙන් යුතුව එම ලිඛිත ඉල්ලීම සිදුකර ඇත. ඒ යටතේ පාක්ෂිකයන් 21 දෙනෙකුගේ නම් සඳහන් ලැයිස්තුවක්ද පොදුජන පෙරමුණේ සේරුවිල ප්‍රධාන සංවිධායක විසින් ඉදිරිපත් කර ඇත.
 
ඊට අමාත්‍යවරයා ලෙස එස්.එම් . චන්ද්‍රසේන තැබූ අත්සනද අදාළ ලිපියේ සඳහන් කර ඇත.
 
ඒ අනුව මේ වන විට මහා පරිමාණයෙන් ගංගා සහ වනාන්තර වනසමින් ඇති අතර එය සිදුවන්නේ පැහැදිළිව දේශපාලන අනුග්‍රහය මත බව මෙකී ලිපිය සාක්ෂි දරයි.
පහත දැක්වෙන්නේ සේරුවිල ආසනයේ පොදුජන පෙරමුණ ප්‍රධාන සංවිධායක කපිල නුවන් අතුකෝරළ විසින් අමාත්‍යවරයා වෙත යොමුකළ එම ලිපියයි.

IMG 20200306 WA0000

IMG 20200306 WA0001

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න