ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාමයෝජනා සක්ස් කිරීම සඳහා පත් කර ඇති කමිටුවට එම සන්ධානයේ ප්‍රබල පක්ෂ නායකයන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර හා උදය ගම්මන්පිළ ඇතුළු පක්ෂ නායකයන් කිහිපදෙනෙකුගේ නම් ඇතුළත් කර නැතැයි වාර්තා වේ.
අනිද්දා සමග අදහස් දැක්වු එම සන්ධානයේ පක්ෂ නායකයෙකු ප්‍රකාශ කළේ එම කමිටුවට කුඩා පක්ෂ නියෝජනය කරමින් පත්කර ඇත්තේ දිනේෂ් ගුණවර්ධන හා ඩිව් ගුණසේකර පමණක් බවය. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන කාර්යභාරයක් කරන ලද පක්ෂ නායකයන් කිහිපදෙනෙකුට නාමයෝජනා කමිටුවේ සාමාජිකත්වය ලැබී නැති බව වාර්තා වේ.
එලෙස පත් කර ඇති කමිටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් යුතු අතර බැසිල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම ඇතුළු කිහිපදෙනෙකු එහි සෙසු සාමාජිකයන්ය.
මීට පෙර 2018 පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා සකස් කිරීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ ඉදිරිපත් වූ කුඩා පක්ෂවලට අසාධාරණයක් සිදුවී ඇතැයි චෝදනා එල්ල විය.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් කුඩා පක්ෂ එක්ව නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම නායෝජනා සකස් කිරීමටත් තීරණය කර ඇත. අවසානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රීලනිපය සාකච්ඡා කර අවසාන නාමයෝජනා ලැයිස්තුව සකස් කිරීමට සැලසුම් කර ඇත.

