ජිනීවා යෝජනා වලින් ඉවත් වෙන්න බය ඇයි : ගෝඨාභය අහයි !

 ජිනීවා යෝජනා වලින් ඉවත් වෙන්න බය ඇයි : ගෝඨාභය අහයි !

උතුරු ජනතාවගේ ගැටලු විසඳාලිය හැක්කේ ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙන් බවත් අතුරුදන් වූවන් පිළිබඳව අවධානය යොමු කිරීමේදී එල්.ටී.ටී,ඊ. යේ මෙන්ම හමුදාවේද අතුරුදන් වූවන් සිටින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ පැවැසීය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් වූ යොජනාවලියට සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත්වූයේ ජනතාව දුන් වරම අනුව බවත් ඒ පිළිබඳව බියවීමට අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කළේය.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග ඊයේ  (05) පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති අතර එහිදී වැඩිදුරටත් මෙසේද පවසා තිබේ.

“උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම හරහා තමයි ප්‍රශ්න විසඳගන්න හැක්කේ. දේශපාලන වාසි ගන්න විවිධ අය විවිධ දේ කරන්න  පුළුවන්.

උමා මහේෂ්වරන් එදා මේ සංවිධානය පටන් ගත්තේ ආර්ථික ප්‍රශ්නයක් මුල් කරගෙන. පස්සේ තමයි දේශපාලනික වුණේ.

මම හිතන්නේ ආර්ථිකය දියුණු කිරීම මගින් මේක විසඳගන්න පුළුවන්. ව්‍යාපාර කරලා හොඳට ඉන්න දමිළ ජනතාවත් ඉන්නවා, මුරුංගා කොළ කාල ඉන්න සිංහල අයත් ඉන්නවා.

ඇයි යුද්ධයේදී මිනිස්සු අතුරුදන් වෙන්නෙ. යාපනය කොටුව බේර ගන්න ඔපරේෂන් එක කළේ මමයි සරත් ෆොන්සේක මහත්තයයි. ඒත් අපි දකිනවා කොටුවෙන් එපිට මීටර් 100ක දුරින් අපේ අය මැරිලා ඉන්නවා. එයාලගේ සිරුරු දිරනවා අපිට පෙනෙනනවා. එයාලත් අතුරුදන් වූවන් තමයි.

දෙපාර්ශවයෙන්ම අතුරුදන් වෙලා තිබෙනවා. යුනිසෙෆ් එක වාර්තාවක් කළා. ඒ අය ඇහුවේ ළමයි ගැන. උතුරු පළාතේ  කාන්තා හා ළමා අතුරුදන් වීම් ගැන පැමිණිලි 2600ක් ලැබිලා තිබුණා.

අට දෙනෙක් තමයි කියලා තිබුණේ හමුදාවෙන් අරන් ගියා කියලා. අනෙක් අය කිලයා තිබුණේ එල්.ටී.ටී.ඊ. යෙන් යුද්දෙට අරන් ගියා කියලයි.”

ජිනීවා යෝජනවලියේ සම අනුග්‍රහයෙන් ඉවත්වීම පිළිබඳව අදහස් දැක්වූ ජනපතිවරයා සඳහන් කළේ ජනපතිවරණයේදී  ජනතාව  දුන් ජනවරම අනුව සම අනුග්‍රහයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.

“ පැහැදිලිවම ජනතාව වරමක් දුන්න නිසයි ඉවත්  වුණේ. එකෙන් (මානව හිමිකම් කොමිෂමෙන්) ඇමෙරිකාවත් එළියට ගියා. ඇයි අපි ඔච්චර බය වෙන්නේ. අපේ ස්වාධීනත්වය ගැන ඇයි අපි බාල්දු වෙන්නෙ.”

(මූලාශ්‍රය -අද )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න