කොවිඩ් 19 නොහොත් නව කොරෝනා වෛරසය වසංගතයක් බවට ව්‍යාප්ත වෙන පසුබිමේ තම ජයග්‍රහණය සහතික නිසා මැතිවරණය පැවැත්වීම දිනකට හෝ වෙනස් නොකරන බවට වහසි බස් දෙඩීම, කොරෝනා මර්දනයට තුනෙන් දෙකක බලයක් අවශ්‍ය බව පැවසීම තුළින් පෙන්නුම් කරන්නේ කුමන හෝ මිලක් ගෙවා තුනෙන් දෙකක බලය ගැනීමේ ආණ්ඩුවේ අමානුෂික ස්ථාවරය බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු චෝදනා කරයි.
ඔහු මේ බව සඳහන් කරන්නේ අද (17) විශේෂ නිවේදනයක් නිකුත් කරමින්ය.
තුනෙන් දෙකද ජනතාවගේ ජීවිතයද යන්න අද රට හමුවේ ඇති ප්‍රධාන ප්‍රශ්නය වී ඇති බවත් ඔහු අවධාරණය කර සිටියි.
හිටපු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු "ආණ්ඩුවේ තුනෙන් දෙකේ සිහිනයට බිල්ලක් ඉල්ලීම හෙළාදකිමු" යන ශීර්ෂයෙන් යුතුව නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.


