V2025

පුවත්

GSP+ ගනිද්දී ලංකාව දුන් පොරොන්දු ගැන යුරෝපා සංගමය සිහිපත් කරයි

යුරෝපයට භාණ්ඩ අපනයනය සඳහා බදු සහන සලසා දී මාස අටක් ගතව ගියත් ශ්‍රී ලංකාවේ රජය පොරොන්දු වූ පරිදි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි නොකිරීම ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමේ පියවර නොගැනීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය නැවත වතාවක් රජයෙන් විමසා තිබේ.

යුරෝපා සංගමය තම අවධානය සම්බන්ධයෙන් කරුනු දක්වා ඇත්තේ සහ ශ්‍රී ලංකාව සමග පිහිටුවා ඇති ඒකාබද්ධ කොමිසමේ 21 වැනි රැස්වීම මේ සතියේ කොළඹ පැවැත්වුනු අවස්ථාවේදීය.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත ඉවත්කොට ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතියට සරිලන අණපනත් සම්පාදනය කරන බවට අගමැති වරයා ඇතුළු ආණ්ඩුවේ ඉහලම තැන්වලින් ලැබුණු පොරොන්දු ඉටුවී නැති බව දෙමසකට ඉහතදී කොළඹ පැමිණි යුරෝපා සංගමයේ දකුණු ආසියාව බාර ඉහල පෙලේ නියෝජිත මණ්ඩලයක් කනස්සල්ල පල කර තිබුනි.

EU1“ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුකූල වෙනත් නීතියක් සම්පාදනය කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් කඩිනම් පියවර ගනු ඇති බවට තමන් තුළ ඇති පැහැදිලි සහ තිර අපේක්ෂාව යුරෝපා සංගමය විසින් යළි අවධාරණය කරන ලදී,” යි ඒකාබද්ධ කොමිසමේ රැස්වීම අවසානයේ නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ බන්ධනාගාර ගතකොට සිටින අනිකුත් රැඳවියන් නිදහස් කරගැනීම වධහිංසා පැමිණවීමට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියකට ශ්‍රී ලංකාව මෑතකදී පාර්ශවකරුවකු වුවත්, ආරක්ෂක අංශ විසින් වධහිංසා පැමිණවීම පිළිබඳවද යුරෝපා සංගමය විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකාවේ නියෝජිත මණ්ඩලයෙන් විමසා තිබේ.

 SL1“වධහිංසා පැමිණවීම කිසිසේත් නොඉවසන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන බවටත්, වධහිංසා පමුණුවන්නන් වහා නීතිය හමුවට ගෙන එන බවටත් ශ්‍රී ලංකා රජය සහතික විය යුතු බවට එකඟතාවක් ඇති කර ගැනිනි,” යි ඒකාබද්ධ නිවේදනය සඳහන් කරයි.

යුද අපරාධ ඇතුළු මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා පිහිටුවීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී පොරොන්දු වූ පරිදි අවශ්‍ය යාන්ත්‍රණ “කඩිනමින් පිහිටුවන ලෙස” යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයෙන් මහත් අවධාරණයෙන් ඉල්ලා තිබේ.

(radiogagana)

Comment (0) Hits: 896

ඌව ප්‍රධාන ඇමතිට වැඩ වරදී ? ශ්‍රීලනිපයෙන් පරීක්ෂණයක්- වහා අත්අඩංගුවට ගනු- ගුරු සංගම්

බදුල්ල දමිල කාන්තා විදුහලේ විදුහල්පතිවරිය වූ ආර්. භවානි මහත්මිය දනගස්සවා තර්ජනය කළ බවට චෝදනා ලබා සිටින ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් සම්බන්ධව පක්ෂය මට්ටමින් පරීක්ෂණයක් පවත්වන බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ දේශපාලනඥයන් කළයුතු වැඩ සහ නොකළ යුතු වැඩ ඇති බවත් ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා මේ සිදුකර ඇත්තේ නොකළ යුතු වැඩක් බවය.

එසේම මෙවැනි ක්‍රියා සම්බන්ධව මීට පෙර නිසි කටයුතු නොකිරීම නරක පුර්වාදර්ශයක් ඇති බවත් ඒ හේතුවෙන් මෙවැනි ක්‍රියා සිදුවන බව තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසීය.

අත්අඩංගුවට ගත්තේ නැත්නම් දීප ව්‍යාප්ත වර්ජනයක්

එසේම මේ පිළිබඳ අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් සඳහන් කර සිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා විසින් විදුහල්පතිනියක් දනගස්සවා ගුරු සේවයට, රාජ්‍ය සේවයට සහ සමස්ථ ශිෂ්ට සමාජයටම බරපතල හානියක් සිදුකර ඇති බවය.

එසේම පළාත් අධ්‍යාපන ලේකම්වරියද තම රාජකාරිය නිසිලෙස ඉටු කිරීම පසෙකලා දේශපාලනඥයන් වෙනුවෙන් කටයුතු කර ඇති බවත් ඒ ක්‍රියාව තමන් පිළිකුලෙන් යුතුව හෙළාදකින බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කර සිටියි.

මෙම සිදුවීම මේ වන විට විකෘතිකර වසං කිරීමේ උත්සාහයක් පවතින බවත් සිදුවීමට චෝදනා ලබාසිටින ප්‍රධාන අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගතහොත් දීපව්‍යාප්ත ගුරුවරුන්ගේ වැඩ වර්ජනයක් දියත් කරන බවද ඔහු සඳහන් කර සිටියේය.

එසේම අදාළ සිදුවීම සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමටද තම සංගමය කටයුතු කරන බවත් මෙතරම් අශීලාචාර කටයුත්තක් සිදුකළ ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධව ආණ්ඩුව ගන්නා පියවර සම්බන්ධවද ලංකා ගුරු සංගමය බලාසිටින බවද ඔහු පැවසීය.

වැරැද්ද වහන්න නින්දිත උත්සාහයක් ගනිමින් සිටිනවා - මහින්ද ජයසිංග

මේ අතර ලංකා ගුරු සේවා සංගමයේ මහින්ද ජයසිංහ මහතාද සඳහන් කර සිටියේ අදාළ සිදුවීම සම්බන්ධව නිසි ක්‍රියාමාර්ග ගැනීමට වගකිව යුත්තන් ක්‍රියා නොකළහොත් මැතිවරණ සමයක් බව නොසළකා දීප ව්‍යාප්ත ගුරු වර්ජනයක් කැඳවන බවය.

එසේම විදුහල්පතියක් සිය නිල නිවසට කැඳවා බලහත්කාරයෙන් වන්දවා ගත් ප්‍රධාන අමාත්‍යවරයා දැන් එම සිදුවීම යට ගැසීම සඳහා නින්දිත උත්සාහයක නිරතව සිටින බවත් එය පරාජය කිරීමට තම සංගමය උපරිම දායකත්වයක් සපයන බවද ඔහු පැවසීය.

ජනාධිපතිගේ කඩුවෙන් වැඩක් පෙන්වන්න - සමන්ත විද්‍යාරත්න

මේ සම්බන්ධව අදහස් දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සඳහන් කර සිටියේ කඩුව ගන්නවා කී ජනාධ්පතිවරයාට දැන් කපන්න නියම අවස්ථාවක් ලැබී ඇති බවත් තම පක්ෂයේම අයෙකු සිදුකළ මේ නොහොඹිනා කටයුත්ත සම්බන්ධව ජනාධිපතිවරයා ක්‍රියා කරන ආකාරය ගැන ජනතාව අවධානයෙන් සිටිය යුතු බවය.

එසේම අදාළ විදුහල්පතිනියට සාධාරණයක් ඉටු නොකළ හොත් ඌව පළාත් සභාව වටලා ඊට එරෙහිව ක්‍රියාකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.

දෙපැත්ත කැපෙන කඩුව ඔප්පු කරන්න - කාවින්ද ජයවර්ධන

මේ පිළිබඳ අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සඳහන් කර සිටියේ ජනාධිපතිගේ දෙපැත්තම කැපෙන කඩුව වචන වලට සීමා නොකර ක්‍රියාවෙන් ඔප්පු කරන්නට අවස්ථාවක් ඇති බවය. එසේම ඌව ප්‍රධාන ඇමතිවරයා සිදුකළ ක්‍රියාවට ජනාධිපතිවරයා ගනුලබන ක්‍රියාමාර්ගය හමුවේ ඒ බව ඔප්පුවනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මං වරදක් කළේ නෑ - ඌව ප්‍රධාන අමාත්‍ය

කෙසේ නමුත් මෙම සිදුවීම සම්බන්ධව ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කරන්නේ තමන් කිසිඳු වරදක් නොකළ බවත් සිය දේශපාලන විරුද්ධවාදීන් තමන්ගෙන් පළිගැනීම සඳහා කුඩා සිදුවීමක් විකෘති කරමින් කටයුතු කරන බවය.

තමන් මේ වන විට ඒ පිළිබඳ පොලිසියේ පැමිණිල්ලක් සිදුකර ඇති බවත් එහි ඉදිරි විමර්ශන වලදී මෙහි සත්‍ය අසත්‍යතාව හෙළිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවද ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කර ඇත.

මේ අතර අදාළ සිදුවීම හෙළිකිරීම සම්බන්ධව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මාධ්‍ය වෙත හෙළිකිරීම ගැනද ප්‍රධාන අමාත්‍යවරයා මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර ඇති අතර එහි සඳහන් වන්නේ කැෆේ සංවිධානයේ ලොක්කා කීර්ති තෙන්නකෝන් බොරු කියන බිස්නස් කාරයෙක් බවත් ඔහු උමා ඔය විකුණන එක්කෙනෙක් බවත්ය.

විදුහල්පතිනියට දිගටම තර්ජන

කෙසේ වුවත් පසුගිය දිනක බදුල්ල දෙමළ විද්‍යාලයේ විදුහල්පතිනිය මාධ්‍ය වෙත ප්‍රකාශකර තිබුණේ ප්‍රධාන අමාත්‍යවරයා තමන්ව දන නොගැස්සවූ බවය. එහෙත් පසුගිය 19 වනදා මාධ්‍ය හමුවේ යළිත් පෙනීසිටි ඇය සඳහන් කර සිටියේ එම ප්‍රකාශය තමන් හරහා සිදුකර ගත්තේ බලහත්කාරයෙන් බවය.

එසේම ඌව පළාත් මහා ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ ලිපියක් රැගෙන පැමිණි සිසුවියක් බඳවා ගැනීමට නොහැකි බව සිසුවියගේ දෙමාපියනට පැවසීම හේතුවෙන් කෝපයට පත් මහා ඇමතිවරයා නිල නිවසට ගෙන්වා තමන්ව දුෂ්කර ප්‍රදේශයකට ස්ථානමාරු කර යවන බවට පරුෂ වචනයෙන් බැණ තර්ජනය කර බියවැද්දීම නිසා අසරණ වූ අවස්ථාවේ දන ගසා වැඳවැටුණු බව එහිදී ඇය සඳහන් කර සිටියාය.

 

Comment (0) Hits: 910

බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ වගකීම නීතිපති අතේ - නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබද සොයා බැලීම සදහා පත් කරන ලද විශේෂ ජනාධිපති කොමිසන් සභා වාර්තාව ජනගත කිරීම හරහා ඒ තුළ සොරකමක්, වංචාවක්, සංවිධානාත්මක මුල්‍ය අවභාවිතාවක් සිදුව ඇති බවට ඔප්පුවන බැවින් ඊට අදාළව නෛතික පියවර ගැනීමේ වගකීම දැන් තිබෙනුයේ නීතිපතිවරයාට බව දූෂණ විරෝධී පෙරමුණේ උපදේශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ පවසයි.

පසුගියදා දූෂණ විරෝධී පෙරමුණ සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මේ අදහස් දැක්වූ අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මහ බැංකු සොරකම වසන් කිරීමට උත්සාහ දරන අය ජනාධිපති කොමිසම දෝෂදර්ශනයට ලක් කරන බවත් ජනාධිපති කොමිසමට පත් කර ඇති විනිසුරන් නුසුදුස්සන් බවට ප්‍ර‍කාශ කොට ජනතාවට වැරදි අදහසක් ලබා දීමේ උත්සාහයක්ද පවතින බවය.

එසේම යහපාලන ආණ්ඩුව තුළ සිදුවු දැවැන්තම මුල්‍ය අපරාධය මහ බැංකු වංචාව බවට කිසිදු සැකයක් නොමැති බවත් එම වාර්තාට අනුව ඉදිරිපත් කොට ඇති නිර්දේශ වර්ගීකරණයට අනුව වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමට, නෛතික ක්‍රියාමාර්ග ගැනීම සහ පවතින නීති සංශෝධය කිරීමට කිරීමට එම කමිටුව නිර්දේශ කොට ඇති බවත් නිශාන්ත වර්ණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.
එම නිර්දේශවලට අනුව මෙවැනි බරපතල මුල්‍ය අපරාධයකට නීතිමය පියවර ගැනීමට පවත්නා නීති ප්‍ර‍මාණවත් නොවන නිසා පවත්නා නීති සංශෝධනයට සහ නව නීති හදුන්වා දීමට පියවර ගත යුතු බව මෙම කොමිසන් වාර්තාවෙන් නිර්දේශ කොට ඇති බව කියමින් ඔහු එහි සාරාංශයක් මාධ්‍යයට ඉදිරිපත් කරන ලදී.

මෙම අපරාධයට වගකිව යුතු අයට අපරාධ නඩු පැවරිය යුතු බවටත්, එමගින් අර්ථසාධක අරමුදලට සිදුවු අලාභය අය කරගැනීමට සිවිල් නඩු පැවරිය යුතු බවටත්, මහ බැංකු වංචාවට හවුල් වු රාජ්‍ය නිලධාරින්ට විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට මෙම කොමිසන් වාර්තාව නිර්දේශ කොට ඇති බවත් නිශාන්ත වර්ණසිංහ මහතා පැවසීය.

එසේම ජනාධිපති කොමිසමේ නිර්දේශ තුළ මහ බැංකු හොරකමට පසුව සිදුවු අතුරු වංචා ගැන නඩු පැවරීමද නීතිපතිවරයා වෙත නිර්දේශ කොට තිබෙන බවත් එමගින් මහ බැංකු සොරුන්ගෙන් මුදල් ලබාගත්, ගෙවල් ලබාගත් හා යානවාහන ලබාගත් අයට ඉදිරියෙදි නඩු පවරනු ඇති බව තමන් විශ්වාස කරන බවද ඔහු සඳහන් කර සිටියි.

Comment (0) Hits: 1018

අර්ජුන් මහේන්ද්‍රන් චෝදනා ලබනවා නම් ඔහුව එම ධුරයට පත්කළ ජනාධිපතිටත් ගැළවීමක් නෑ - ජවිපෙ

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව අර්ජුන් මහේන්ද්‍රන් වෙත චෝදනා ඉදිරිපත් වනවා නම් ඔහුව එම තනතුරට පත්කිරීම සම්බන්ධව ජනාධිපතිවරයාටද වගකීම පැවරෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ඊයේ (19) එම පක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මේ බව සඳහන් කළ අතර එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ ජනාධිපතිවරයාද දුෂිතයන්ට දඬුවම් දීමට කටයුතු කරතැයි කිසිම විශ්වාසයක් නොමැති බවත් හොරු අවීචි මහා නරකාදියට යවන්න දඬුවම් දෙන්න කටයුතු කරන බවට ජනාධිපතිවරයා සිදුකරන ප්‍රකාශය දේශපාලන වේදිකා කතාවක් පමණක් වන බවත්ය.

එවැනි පසුබිමක දූෂිතයින් අවීචි මහා නරකාදියට යවලා තමන් පුටුවෙන් බැහැලා යනවා කියා ජනාධිපතිවරයා සඳහන් කරන විට, මේ කියන්නේ ජනාධිපතිවරයා දිගටම ජනාධිපති පුටුවේ ඉන්නවා කියන එකද? යන්න බලාපොරොත්තුවක් නැහැ කියන එකද? වැනි ප්‍රශ්න මතුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියි. ඒ හේතුවෙන් යම රජ්ජුරුවන්ගේ වැඬේ යම රජ්ජුරුවන්ට කරන්න දීලා ජනාධිපති බලතල පාවිච්චි කරලා හොරුන්ට දඬුවම් දෙන්න කටයුතු කරන ලෙස තම පක්ෂය ජනාධිපතිවරයා වෙත අවධාරණය කරන බව මන්ත්‍රීවරයා පැවසීය.

ජනතා විමුක්ති පෙරමුණේ පැලවත්ත පක්ෂ මුලස්ථානයේ පැවති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා දැක්වූ අදහස් මෙසේය.

ඔපරේෂන් 2 පටන්ගත්තා කීවට ඔපරේෂන් 1 ප්‍රතිපල කෝ ?

ජනාධිපතිවරයා කිව්වා, ඔපරේෂන් 2 පටන් ගත්තා කියලා. අපි ජනාධිපතිවරයාගෙන් අහනව, ඔපරේෂන් 1 මෙහෙයුමේදී කාටද දඬුවම් දුන්නේ කියලා? ඔපරේෂන් 2 පටන් ගන්න කලින් ඔපරේෂන්1 මෙහෙයුමේදී රටට පාඩු වෙච්ච මුදල් අයකර ගත්තාද? හොරු හිරේ දැම්මාද? ජනාධිපතිවරයාගේ දේශපාලන වේදිකාවල මේ වගේ කතාවලින් ජනතාවට වැඩක් නැහැ. මොට්ට වුණු කඩුවක් වන වනා ඉන්නවාට වඩා ඇත්තටම හොරුන්ට දඬුවම් දෙනවා නම් බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවම ආයුධයක් විදිහට පාවිච්චි කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා කතාවලින්, කතා සාප්පුවලින් එහාට ගිය කි‍්‍රයාවක් හොරුන්ට එරෙහිව සිදුකළ යුතුව තිබෙනවා.

ජනාධිපති විශේෂ ප්‍රකාශයෙත් වැරදි තියනවා

මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීම බරපතළ ප‍්‍රශ්නයක් කියලා. මූල්‍ය නීති පනතේ 12.1 වගන්තියට අනුව මහ බැංකු අධිපතිවරයා පත්කළ යුත්තේ මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත ජනාධිපතිවරයායි. නමුත් මෙම පත්කිරීම කොමිසම ප‍්‍රශ්න කර තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා විශේෂ ප‍්‍රකාශයේදී කියා සිටියේ පත්කිරීම විධිමත් කියලයි. නමුත් ඇත්ත කාරණාව මෙම විධිමත් පත් කිරීම කොමිසමෙන් ප‍්‍රශ්න කර තිබීමයි. වාර්තාවට අනුව මහේන්ද්‍රන් මහතා එවකට මුදල් ඇමතිවරයාගේ නිර්දේශ මත සහ / හෝ මහ බැංකුව භාර ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ඇමතිවරයා වශයෙන් අගමැතිවරයාගේ නිර්දේශ මත පත්කරන ලද්දේ දැයි කොමිසම විමසන ලදී.

අගමැති කොමිසම හමුවේ කියුදේ බලන්න

අග‍්‍රාමාත්‍යවරයා මෙසේ පිළිතුරු දුන්නේය. ”2015 ජනවාරියේ නව ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව මහ බැංකුවේ අධිපති ධුරය සඳහා මහේන්ද්‍රන් මහතා පත්කළ යුතු බවට ආණ්ඩුව තුළ පොදු එකඟතාවයක් තිබුණා. මම මේ යෝජනාව මුදල් ඇමතිවරයා සමඟ සාකච්ඡුා කළා. ඔහු මහේන්ද්‍රන් මහතා වඩාත්ම සුදුසු පුද්ගලයා බවට එකඟ වුණා. ඒ අනුව මගේ එකඟතාවය සහිතව මුදල් ඇමතිවරයා ජනාධිපතිවරයාට මහේන්ද්‍රන් මහතා පත්කළ යුතු යැයි නිර්දේශ කළා. ඒ නිර්දේශ අනුව ජනාධිපතිවරයා විසින් මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් මහතා පත්කළා.” කියලා අගමැතිවරයා පිළිතුරු දෙනවා.

අර්ජුන් මහේන්ද්‍රන් පත්කළේ, ජනාධිපති

ඒ අනුව පත්කිරීම කළේ ජනාධිපතිවරයා විසින්. රවී කරුණානායක ඕ.කේ. එක දෙන එක අහන්න දෙයක් නැහැ. මොකද, මෙම විමර්ශනයෙන් රවී කරුණානයක සහ මහේන්ද්‍රන්ලාගේ සම්බන්ධය මොකක්ද කියලා හෙළි වුණා. එම පත්කිරීම නීතිය ඉදිරියේ ප‍්‍රශ්නයක් නොවුණත් ඒක වැදගත් තීන්දුවක්දැයි කොමිසම ප‍්‍රශ්න කරනවා. නමුත් ජනාධිපතිවරයා කිව්වේ විධිමත් පත්කිරීමක් කියලා. පුරවැසියෙකු නොවන අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමට තීරණය ගත්තවුන් පිළිබඳව කොමිසම විමතිය පළකරලා තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට ජනාධිපතිවරයා අත්සන් තැබීමෙන් ඔහු ඒ පිළිඳ වගකීම මුළුමනින්ම ගන්නවා. ඒ කියන්නේ ඔපරේෂන් 1 තවමත් ඉවර නැහැ.

අගමැතිගේ විශේෂ ප්‍රකාශයේ මොනවද තියෙන්නේ ?

රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා බැඳුම්කර වාර්තාව පිළිබඳ විශේෂ ප‍්‍රකාශයක් කළා. රටේ ජනතාව බලාගෙන හිටියා, බරසාර ප‍්‍රකාශයක් කරයි කියලා. වාර්තාවේ සඳහන් වෙලා තිබෙන රනිල් වික‍්‍රමසිංහ ගැන, අර්ජුන මහේන්ද්‍රන් ගැන, අර්ජුන ඇලෝසියස් ගැන විශේෂ ප‍්‍රකාශයක් කරයි කියලා. අගමැතිවරයාගේ කතාවට අනුව ඔහු වරදක් කරලා නැහැලූ. එජාපයේ කවුරු හරි වැරදි කරලා තිබෙනවා නම් ඒ පිළිබඳව සොයා බලන්න තිලක් මාරපන කමිටුව පත්කරනවාලූ. අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ මහ බැංකු කොල්ලය ගැන හොයන ඒකට රනිල් වික‍්‍රමසිංහ, රවී කරුණානායක සම්බන්ධද කියලා පරීක්‍ෂණ කරන්න ඇවන්ගාඞ් වංචාවට චූදිතයෙක් වෙලා ඇමතිකමිනුත් ඉල්ලා අස්වෙන්න සිදුවුණු තිලක් මාරපන පත් කරනවාද? මහා පරිමාණ මූල්‍ය අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තා 34න් එකක ඇවන්ගාඞ් හොරකම ගැන තියෙනවා. ඒ වාර්තාව බැලූවොත් තිලක් මාරපනගේ වාර්තාව හොයාගන්න පුළුවන්. ඒ නිසා තිලක් මාරපන කමිටුව, පිටිපන කමිටුවට හපන් එකක් වෙනවා. තිලක් මාරපනට මන්තී‍්‍රකම ජාතික ලැයිස්තුවෙන් දුන්නේ රනිල් වික‍්‍රමසිංහයි. ඔහුට ඇමතිකම දුන්නේ රනිල් වික‍්‍රමසිංහයි. එසේ තිබියදී රනිල් වැරදිද කියලා හොයන්න මාරපන පත්කරනවා. අනෙක් පැත්තෙන් අර්ජුන ඇලෝසියස්ගේ නීතිඥයා තිලක් මාරපනගේ සහෝදරයායි. අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝසියස් අතර ලබැඳියාවන් අතර ගැටලූව හොයන්න පත්කරන තිලක් මාරපනගේ සහෝදරයා ඇලෝසියස්ගේ නීතිඥයායි. ඒ නිසා අද රනිල් වික‍්‍රමසිංහලාට වෙලා තියෙන්නේ ගලේ පහරපු බළලාට වෙච්ච දේට හපන් දෙයක්. බැඳුම්කරේ කැත රනිල් වික‍්‍රමසිංහ මුළු පක්‍ෂේම ගාලා ඉවරයි. රනිල් වික‍්‍රමසිංහ එජාප පාක්‍ෂිකයින්ටත් කරලා තියෙන්නේ බරපතළ අපහාසයක්. රනිල් වික‍්‍රමසිංහ මොනවා කියලා බේරෙන්න හැදුවත් ඔහුත් ඔහුගේ ගෝල බාලයින් ටිකත් මේ ගනුදෙනුවට සම්බන්ධ බව හෙළිදරව් වෙලා ඉවරයි.

අනුරගේ ප්‍රශ්නයට අගමැති දුන්න පිළිතුර මොකක්ද?

2015 මාර්තු 10 මේ ගනුදෙනුව පිළිබඳව මාධ්‍ය හමුවක් අපි පැවැත්වුවා. මාර්තු 17වැනිදා අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා විශේෂ ප‍්‍රකාශයක් කළා. ඒ ප‍්‍රකාශයට පිළිතුරු දුන්න රනිල් වික‍්‍රමසිංහ කියා සිටියේ ”හැම පැත්තෙම ඉන්නේ හොරු. වෙන කවුරුවත් නෙවෙයි. අපිට හොරු කියලා කිවුවාට අපට වඩා ලොකු හොරු එතැතන ඉන්නවා. එච්චරයි මට මේ දවස්වල තේරුණේ. අපේ හොර වැඩ එළියට එනවා. අඩු ගණනේ මේ හොර වැඩ එළියට එන්නෙවත් නැහැ” කියලයි. 2015 මාර්තු 17වැනිදා අගමැතිවරයා කිවුවා, තමන්ගේ හොර වැඩ ගැන. පහුගිය පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා ඇහුවා, කව්ද හොරා කියලා. 2015 මාර්තු 17වැනිදාම තමන් හොරා බව අගමැතිවරයා පිළිගෙන ඉවරයි. එදා ප‍්‍රකාශයේදී අගමැතිවරයා කිව්වේ පිටිපන කමිටුවට අනුව වංචාවක් සිදුවෙලා නැහැ කියලයි. ඒත් ප‍්‍රකාශ පිළිබඳ ලිඛිත සාක්‍ෂි තිබෙනවා.

අර්ජුන් සහ සමරසිරි අගමැතිවත් නොමග යවලා

පිටිපන කමිටුව පිළිබඳව ජනාධිපති කොමිසන් සභා වාර්තාව කියන්නේ මොකක්ද? ”අගමැතිවරයා විසින් 2015 මාර්තු 17 පාර්ලිමේන්තුවේදී සිදුකරනු ලද ප‍්‍රකාශයේදී අගමැතිවරයා මහේන්ද්‍රන් මහතා පෙබරවාරි 27 දින පැවැති බැඳුම්කර වෙන්දේසියට මැදිහත් නොවූ බව කියා තිබිණි. එහෙත් මහේන්ද්‍රන් මහතා සහ මහ බැංකු නියෝජ්‍ය අධිපති සමරසිරි අගමැතිවරයාව හිතාමතාම නොමග යවා ඇති බවත් බැඳුම්කර වෙන්දේසිය පිළිබඳව සත්‍ය තත්වය වෙනස් කළ තොරතුරු අගමැතිවරයාට ලබාදී ඇති බවත් අපට පෙනී යයි.

පාර්ලිමේන්තුවේ දිග හැරුණු සිදුවීම් පිළිබඳව කිසිදු මත දැක්වීමක් හෝ නිගමන දීමට බලාපොරොත්තු නොවන අපි අගමැතිවරයා මහේන්ද්‍රන් මහතා සහ නියෝජ්‍ය අධිපති සමරසිරි විසින් තමා වෙත දෙන ලද සංක්ෂිප්ත සටහන සහ වාර්තාව මත විශ්වාසය තබා යම් ප‍්‍රකාශයක් කිරීමට පෙර 2015 පෙබ. 27 දින මහ බැංකුවේ සිදුවූයේ කුමක්ද යන්න ස්වාධීනව තහවුරු කරගත යුතුව තිබූ බව විශ්වාස කරමු.

‘පිටිපන කමිටු’ වාර්තා පෙබරවාරි 27 බැඳුම්කර වෙන්දේසියේදී කිසිදු අක‍්‍රමිකතාවයක් සිදු නොවූ බව වාර්තා කරද්දී මහේන්ද්‍රන් මහතා (ඔහු පිටිපන කමිටුවේ පරීක්ෂණ අවසන් වන තෙක් නිවාඩු ලබා සිටියේය* වාර්තාව ලබාදීමෙන් පසු කිසිදු අක‍්‍රමිකතාවයක් සොයා ගැනීමට අසමත් වූ නිසා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස නැවතත් වැඩ භාරගත්තේය.” යනුවෙනි. කොමිසම පැහැදිලිවම කියනවා පිටිපන කමිටු වාර්තාව මත පදනම් වෙලා කරන ප‍්‍රකාශය වැරදියි කියලා.

කෝප් කමිටුවටත් බාධා කළා

කෝප් කමිටුවේ පරීක්‍ෂණ ආරම්භ කළ නිසා තමන් මෙම ගනුදෙනුව පිළිබඳ පරීක්‍ෂණයක් කරන්න පෙළඹුණේ නැති බව අගමැතිවරයා කියා තිබුණා. නමුත් ඇත්ත තත්වය වූයේ විෂය භාර ඇමතිවරයා ලෙස අගමැතිවරයා අමාත්‍යාංශ මට්ටමින් පරීක්‍ෂණයක් නොකළ නිසා තමයි කෝප් කමිටුව පරීක්‍ෂණ කළේ. කෝප් කමිටුව පරීක්‍ෂණවලදී අගමැතිවරයා මොකද කළේ? කෝප් කමිටුවට තොරතුරු හංගන්න කටයුතු කළා. සංවේදී කරුණු කියලා මහ බැංකුවේ ඇතැම් කරුණු කෝප් කමිටුවට දුන්නේ නැහැ. කෝප් කමිටුව කතානායකවරයාගේ විශේෂ නිර්දේශ අනුව තමයි අර්ජුන මහේන්ද්‍රන් කෝප් කමිටුවට කැඳෙව්වේ. ඒ වගේම කෝප් පරීක්‍ෂණ අතරතුරේදී කෝප් කමිටුවේ හිටපු වේලූකුමාර මන්තී‍්‍රවරයා ඉවත් කරලා ඒ වෙනුවට සුජීව සේනසිංහ පත්කළා. ඒ වගේම කෝප් කමිටුවේ හිටපු මන්තී‍්‍රවරුන් විගණකාධිපතිවරයාට දැඩි බලපෑමක් එල්ල කළා. මේ ගනුදෙනුවේ වැරැුද්දක් නැහැ කියන්න නීති තර්ක දැම්මා. ආර්ථික තර්ක දැම්මා. ඒ සියල්ලම සිදුකළේ ඇලෝසියස්ගේ සල්ලිවලටයි. එක් අවස්ථාවකදී මා කෝප් කමිටුවෙන් නැගිටලා යන තත්වයකට පත්වුණා එජාප මන්තී‍්‍රවරුන්ගේ දැඩි බලපෑම මත. එජාප කණ්ඩායම කෝප් වාර්තාවට ෆුට් නෝට් දැම්මා. එම දැඩි බලපෑම් මධ්‍යයේ වුවත් කෝප් කමිටුව බැඳුම්කර පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන්න සමත් වුණා. මුදල් බලය, දේශපාලන බලය, මොනතරම් බලපෑමක් කෝප් කමිටුවට කළාද කියලා රට දන්නවා. නමුත් ජනාධිපති කොමිසමට එහෙම බලපෑමක් තිබුණේ නැහැ. ජනාධිපති කොමිසම ස්වාධීනව වැඩ කරන්න පුළුවන් වුණා. ජනාධිපතිවරයාට කමිටුවක් පත්කරන්න අවස්ථාව ලැබුණේ කෝප් වාර්තාව නිසයි. ජනාධිපති කොමිසමේ නිර්දේශ කෝප් වාර්තාවේ නිර්දේශවලට සමපාත වෙලා තියෙනවා. එම වාර්තාවලට අනුව චූදිතයින්ට දඬුවම් දීම, රටට ජනතාවට අහිමි වූ මුදල අයකර ගැනීම කළ යුතුව තිබෙනවා. එම කි‍්‍රයාමාර්ග ප‍්‍රමාද කරනවා නම් අස්සයාට පැනලා යන්න ඉස්තාලය ඇරලා දුන්නා වගේ වෙනවා. අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ මන්තී‍්‍රවරුන් මේකෙන් බේරෙන්න විවිධ කතා කිරීමෙන් සිදුවෙන්නේ ගලේ පහරපු බළලාට වඩා අන්ත දෙයක් සිදුවීමයි.

ජෝන් එක්ස්ටර් මහ බැංකු අධිපති කරන විට තිබුනේ ඩොමිනියන් නිදහසක්

අගමැතිවරයා ජනාධිපති කොමිසමේදී 1949 ජෝන් එක්ස්ටර් මහබංකු අධිපතිවරයා වශයෙන් පත්කිරීම ගැන කියනවා. නමුත් කොමිසම පැහැදිලි කරනවා එදා ඩොමීනියන් පාලනයක් තුළදී එංගලන්තයට වුවමනා කෙනෙක් පත්කිරීම දැන් ස්වාධීන රටක් විදිහට අධිපතිවරයා වශයෙන් වෙනත් රටක පුද්ගලයෙකු පත්කිරීමත් තත්වයන් දෙකක් බව. රනිල් වික‍්‍රමසිංහ තවම ඉන්නේ අතීතයෙයි. තමන්ගේ යාළුවා පත්කර ගැනීම සාධාරණය කරගන්න විවිධ තර්ක ගෙනාවා. නමුත් කොමිසම පැහැදිලිවම කිව්වා එම කරුණු සමපාත වෙන්නේ නැහැ කියලා. කොමිසන් වාර්තාවේ වැඩිදුරටත් මෙහෙම සඳහන් වෙනවා.

මහ බැංකුව අගමැති ගත්තේ මොකටද ?

”2015ට පෙර මහ බැංකුව පැවතියේ මුදල් අමාත්‍යංශය යටතේය. 2015දී මහ බැංකුව ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට ගනු ලැබිණි. මෙම තීරණය විධායකය විසින් ගන්නා ලද්දක් වන අතර අපගේ විෂය පථයෙන් මුළුමනින්ම පරිබාහිරය.” යනුවෙන් කොමිසම් වාර්තාවේ 26වැනි පරිච්ෙඡ්දයේ සඳහන් වෙනවා. මුදල් මණ්ඩලය තුළ නියෝජනය වෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්. නමුත් ඉහත තීරණය නිසා මහ බැංකුව අගමැතිවරයාගේ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතට ගත්තාම මුදල් ලේකම් එය නියෝජනය කරන්නේ කොහොමද? කෝප් කමිටුව කැඳවීමේදී මෙම ගැටලූව පැන නැගුණා. එවැනි අවස්ථාවක මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාත් ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයාත් දෙදෙනාම කැඳවන්න සිදුවුණා. මේක තමයි අන්තෝ ජටා බහි ජටා කියන්නේ. එය සිදුවුණේ ජනාධිපතිවරයා විසින් ගත් තීරණයක් නිසා.

අර්ජුන්ලා ඥාතීන් - ලැබැඳියාවන් අතර ගැටුමක්

කොමිසමේ වාර්තාවේ වැඩිදුරටත් මෙහෙම සඳහන් වෙනවා. අනතුරුව කොමිසම අගමැතිවරයාගෙන් විමසුවේ මහේන්ද්‍රන් මහතාගේ බෑනා වන අර්ජුන ඇලෝසියස් පර්පර්චුවෙල් ටෙ‍්‍රෂරීස් නම් ප‍්‍රාථමික ගැනුම්කාර සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා සහ අධ්‍යක්ෂවරයා බව දැන සිටියේද යන්නය. එසේම මෙම තත්වය මහ බැංකු අධිපතිවරයා ලෙස මහේන්ද්‍රන් මහතාගේ රාජකාරී ඉටුකිරීමේදී ලැදියාවන් අතර ගැටුමක් ඇති කිරීමේ ඉඩක් ලෙස පවතින බව දැන සිටියේ දැයි කොමිසම අගමැතිවරයාගෙන් ඇසීය. පිළිතුරු වශයෙන් අගමැතිවරයා කීවේ ඇලෝසියස් මහතා පර්පර්චුවල් ටෙ‍්‍රෂරීස් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා සහ අධ්‍යක්ෂවරයා බව තමන් දැන සිටි බවයි. ”බෑනා ප‍්‍රාථමික බැඳුම්කාර සමාගමක් සමඟ සබඳතාවයක් තිබෙන බැවින් ලැබැඳියාවන් අතර ගැටුමක් ඇතිවිය හැකි යැයි මම බොහෝ අවස්ථාවල මහේන්ද්‍රන් මහතාට දැනුම් දුන්නා. ඇලෝසියස් මහතා සමාගමේ ක‍්‍රියාකාරිත්වයක නියැලෙන්නේ නැතැයි මහේන්ද්‍රන් මහතා මට නැවත නැවත සහතික කර කිවුවා. ඒ නිසා මම ලැබැඳියාවන් අතර ගැටුම්කාරී තත්වයක් පැන නොනගින බවට විශ්වාසයකින් සිටියා...” කොමිසම ලෙස අප අදහස් කරන්නේ, තමාට දුන් පොරොන්දුවලට අනුව මහේන්ද්‍රන් මහතා සැබැවින්ම කටයුතු කරන්නේද යන්න ස්වාධීනව තහවුරු කර ගැනීමට අගමැතිවරයා විසින් විචක්ෂණශීලී ක‍්‍රියාමාර්ගයන් ගත යුතුව තිබූ බවය. ඒ අනුව පැහැදිලි වෙනවා කොමිසම අගමැතිවරයාගේ කි‍්‍රයාමාර්ග පිළිබඳව ප‍්‍රශ්න කර තිබෙන බව.

එජාප ෆුට් නෝට් පිරිසිදු නෑ

ඒ නිසා මෙම ගනුදෙනුවේ මුළුමහත් කි‍්‍රයාවලිය පිරිසිදු නැහැ. පාර්ලිමේන්තුවේ කි‍්‍රයාමාර්ග කෝප් කමිටුවේ එජාප මන්තී‍්‍රවරුන්ගේ කි‍්‍රයාමාර්ග කෝප් වාර්තාවට ෆුට් නෝට් දැමීම පිරිසිදු දේවල් නෙවෙයි. මෙම සුදු කරපටි අපරාධකාරයින්ගේ හොරකම ගැන එජාපයේ නායක රනිල් වික‍්‍රමසිංහ ඇතුළු කණ්ඩායම සම්පූර්ණ වගකීම බාරගන්න ඕන. මේ හොරකම වහන්න බැහැ. තිලක් මාරපන කමිටු දාලා හෝදන්න බැහැ.

කෝටි 1114ක අයුතු මූල්‍ය ප‍්‍රවාහයක් රැුස්කරගෙන තිබෙන බවට කොමිසන් වාර්තාව කියලා තිබෙනවා. අගමැතිවරයා කියනවා එම පාඩුව අයකරගන්න පුළුවන් විදිහට පර්පචුවල් සමාගමට අයිති බිලියන 12ක මුදලක් අමාත්‍යාංශයේ රඳවාගෙන තිබෙනවා කියලා. අගමැතිවරයාගේ මෙම ප‍්‍රකාශයේ හොරුන්ට පූර්වාදර්ශයක් වේවි. මීට පස්සේ හොරු ගෙයක් බිඳින්න යනවිට පොලීසියට අහුවුණොත් ගෙවන්න කියලා මුදලක් වෙන්කරලා තියන්න පුළුවන්. හොරකම අසුවුණොත් වෙන්කරපු මුදල ගෙවන්න පුළුවන්. අගමැතිවරයාගේ ප‍්‍රකාශයට අනුව අපරාධකාරයෝ නැහැ. වංචා කරපු මුදල පවරාගන්න පුළුවන්.

පාඩුව කෝටි 1114 ක්

මේ වගේ දේවල් තියෙන්නේ මොන නීති පොතේද? මේ විදිහට තවත් හොරකම වහන්න ප‍්‍රකාශ නිකුත් කරන්නේ බැඳුම්කර හොරකමේම කොටසක් විදිහටයි. මහ බැංකුවට සිදුවූ අලාභය මේ විදිහට පවරා ගත්තත් පොලී අනුපාත වැඩිවීම නිසා රටේ ජනතාවට සිදුවුණු පාඩුව පියවා ගන්නේ කොහෙන්ද? රටේ ආර්ථීකයට සිදුවුණ පාඩුව රනිල් වික‍්‍රමසිංහ පියවනවද? මේ හොරකම අහුවුණු නිසා තමයි පාඩුව කෝටි 1114කින් නතර වුණේ. නමුත් මේ බැඳුම්කර නිකුත් කළේ අවුරුදු 30කයි. වසර 30ක් මේ ගනුදෙනුව සිදුවුණා නම් රටට, ජනතාවට සිදුවුණු පාඩුව කෙතරම් වෙයිද? පොලී අනුපාත කීයකින් වැඩිවෙයිද? මේ හොරකම අහුවුණේ නැත්නම් තවදුරටත් පර්පචුවල් සමාගම මහ බැංකුවෙන් මේ විදිහටම බැඳුම්කර මිලදී ගන්නවා. අර්ජුන් මහේන්ද්‍රන් තවදුරටත් අධිපති වෙලා ඉන්නවා. ඒ නිසා මේ වංචාව වහන්න දරන උත්සාහයන්වලින් එජාපයේ නායකයා ඇතුළු පිරිස හොරු බව තව තවත් තහවුරු වෙනවා. ඒ නිසා මේ රටේ ජනතාව ඔවුන්ට හරියටම උත්තරයක් දිය යුතුව තිබෙනවා. ඔවුන් ජනතාවගේ කතිරය හොරකම් කරන්න ආයුධයක් කරගෙනයි තිබෙන්නේ.

බැඳුම්කර කොමිසම නිර්දේශ 30ක් නිකුත් කරලා

බැඳුම්කර වාර්තාවට අනුව නිර්දේශ 30ක් ඉදිරිපත්කොට තිබෙනවා. රජයට සිදුව ඇති වළක්වාගත හැකිව තිබූ පාඩුව අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් අයකර ගැනීමටත් අර්ජුන ඇලෝසියස් සහ කසුන් පලිසේන කොටස් සහ ස්කන්ධ කොටස් ආඥා පනතට අනුව වරදකරුවන් වන බැවින් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පර්පචුවල් සමාගමට අනුබද්ධ වෝල්ට් ඇන් රෝ ඇසෝසියේට් සමාගම විසින් ප‍්‍රතිලාභ ලැබූ එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මන්තී‍්‍රවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසම විසින් නීතිමය පියවර ගැනීම, රවී කරුණානායක විසින් කොමිසම වෙත වැරදි තොරතුරු ලබාදීමට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ සහ අනෙකුත් නීති යටතේ නඩු පැවරීම මෙම වැරදි සහගත කි‍්‍රයාව පිළිබඳව තොරතරු සැඟවීම සඳහා පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් දුරකථන පටිගතවීම් මකා දැමීමට ගන්නා ලද උත්සාහය හේතුවෙන් අර්ජුන ඇලෝසයස් සහ කසුන් පලිසේන දණ්ඩ නීති සංග‍්‍රහයේ අපරාධ වරදක් සිදුකොට ඇති බැවින් අදාළ පියවර ගැනීම ඇතුළු නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා. එම නිසා මෙම සියලූ දෙනා වරදකරුවන් කොට දඬුවම් දිය යුතුව තිබෙනවා. නීතිය ඉදිරියේ මෙන්ම සමාජය ඉදිරියේ වරදකරුවන් කළ යුතුව තිබෙනවා.

නීතිපති ගැනත් විශ්වාසයක් තියන්න අමාරුයි

නීතිපතිවරයාගෙන් මේ කටයුත්ත ඉටුවෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද, කෝප් කමිටුවේ වාර්තාව නීතිපතිවරයාට ලබා දීලා වසරයි මාස 3ක් පමණ ගතවෙනවා. නමුත් ඔහු ගත්ත කි‍්‍රයාමාර්ගයක් නැහැ. ඒ නිසා අපි යෝජනා කරන්නේ, පාර්ලිමේන්තුව රැුස්වෙලා ගතයුතු කි‍්‍රයාමාර්ග සාකච්ඡුා කළ යුතුයි කියලා. විශේෂ අධිකරණයක් පිහිටුවලා පළමු නඩු කටයුත්ත ලෙස බැඳුම්කර නඩුව විමර්ශනය කරන්න ඕන. මෙම වැරදිකරුවන් හිරේ ගිහින් රෝහල් ගතවන බව ජනතාව දන්නවා. ඒකෙන් ජනතාවට සෙතක් වෙන්නේ නැහැ. ඒ නිසා ජනතාවටත් රටටත් සිදුවුණු පාඩුව අයකරගන්නේ කොහොමද කියන එකයි ගැටලූව වෙන්නේ. එනිසා මේ පිිළිබඳව සිදුකෙරෙන පාර්ලිමේන්තු කටයුතුවලට අපේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් 06දෙනා උපරිම ලෙස මැදිහත් වන බව සහතික වෙනවා. ජනතාව අපි කෙරෙහි තැබූ විශ්වාසය ආරක්‍ෂා කරන බවට අපි පොරොන්දු වෙනවා. හොරුන්ට දඬුවම් දෙනවා කියලා මෙම අපරාධ තොරොම්බල් කරන අයට එරෙහිව හොරකම වහන්න ගලේ පහරපු බළලූන් වගේ හැසිරෙන එක්සත් ජාතික පක්‍ෂයේ නායකයින්ට එරෙහිව කි‍්‍රයාමාර්ග ගත යුතුව තිබෙනවා. මෙම ගනුදෙනුවට එරෙහිව කරුණු හෙළිදරව් කරපු මාධ්‍යවේදීන් සමාජජාල කි‍්‍රයාකාරුවන්, බුද්ධිමතුන් සියලූ දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. මේ සටන මෙතැනින් අවසන් වෙන්නේ නැහැ. රටේ නාස්තියට, දූෂණයට එරෙහිව විශාල සටනක් තිබෙනවා. මෙම චූදිතයින් සියලූ දෙනා නිතිය ඉදිරියේ, සමාජය ඉදිරියේ වැරදිකරුවන් කර රටට සිදුවූ අලාභය අයකරගන්න තෙක් අපි මේ සටන ඉදිරියට ගෙනයනවා.

Comment (0) Hits: 917

ආණ්ඩුවේ ව්‍යාජ රංගනය අතේ පත්තුවීම නිසා දේපළවලින් පළිගන්නවා - උදයන්ත වීරතුංග

 ආණ්ඩුවේ ව්‍යාජ රංගන බොහොමයක් අතේ පත්තු වී හමාර නිසා දැන් ජන්ද වාසි ලබා ගැනීමට වෙනත් බොරු ගොතමින් සිටින බවත් තමන් උපයාගත් දේපල අයුතු ඉපයීමක් බව සඳහන් කරන්නේ ඒ අනුව බවත් රුසියාවේ හිටපු තානාපති උදයන්ත වීරතුංග සඳහන් කරයි.

ජාත්‍යන්තර වරෙන්තුවක් ඇත්නම් විදෙස් සංචාර කරන්නේ කොහොමද ? දැනුත් ඉන්නේ නේපාලයේ

විද්‍යුත් තැපෑල ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් හිටපු තානාපතිවරයා මේ බව සඳහන් කරන අතර ඔහුගේ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙන්නේ
මේ වන විට තමන්ට යුක්රේනියාවේ ජිවත් වීමට පමණක් නොව නොයෙක් රටවල් වල සංචාරය කිරීමට හැකියාව තිබීමෙන් තමන්ට එරෙහිව කිසිදු ඉන්ටර්පෝල් වරෙන්තුවක් නැති ඔප්පු වන බවත් මෙම දිනවල තමන් නේපාලයේ සංචාරය කරමින් සිටින බවය.

උදයන්තගේ දේපළවලට වාරණයක්

කෙසේ වුවත් මේ වන විටත් උදයංග වීරතුංග සතු කිසිඳු දේපලක් විකිණීම, උකස් කිරීම හෝ පැවරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත්කර ඇත.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මේ නියෝගය නිකුත් කර තිබෙන්නේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු වූ මිග් යානා ගනුදෙනුවේ සැකකරුවෙකු ලෙස නම් කර ඇති උදයංග වීරතුංග සම්බන්ධව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

අදාළ ඉල්ලීම සිදුකරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී සිදුවී ඇති බව පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් උදයන්ත වීරතුංග සැකපිට අත් අඩංගුවට ගැනීමට නියමිතව සිටින බවත් ඔහුට අයත් ඉඩම් දෙකක් දොම්පෙ ප්‍රදේශයේ පවතින බවත්ය.

එසේම බොරැල්ල ප්‍රදේශයේ සුඛෝපභෝගී තට්ටු නිවාස ගොඩනැගිල්ලක්ද ඔහු සතු බවට තොරතුරු ලැබී ඇතැයි ද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දන්වා ඇත.

ඒ අනුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ මිග් යානා මිලදී ගැනීමේදී නීති විරෝධී ආකාරයට උපයාගත් මුදල්වලින් ඉහත දේපළ මිලදී ගෙන ඇති බවට සැක පහළ වී ඇති බවත් ඒ පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පරීක්ෂණ සිදුකරන බැවින් අදාළ දේපළ විකිණීම පැවරීම සහ උකස් කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය.

නඩු ඉක්මනින් අවසන් කරන්න අලුත් නීති ගේනවා - අගමැති

මේ අතර නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම සඳහා නීති සකස් කරමින් පවතින බවත් නඩුවක් අවසන් වීම සඳහා ගතවන උපරිම කාලය වසර තුනක් දක්වා සීමා කිරීම එමඟින් අපේක්ෂා කරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ පසුගියදා හෝමාගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්ය.තමන්ට එරෙහිව නගා තිබෙන චෝදනා සියල්ල අසත්‍ය බව සඳහන් කරමින් "හිටං හුටං ආණ්ඩුවේ දඩුවම් මන්දිරය දේපල උදුරා ගත්තත්, රටට සත්‍යය එළිවි හමාරයි" යන ශීර්ෂයෙන් යුතුව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයන්ත වීරතුංග විද්‍යුත් තැපෑලට යොමුකළ ලිපිය පහත දැක්වේ.

දේපළ ඉපයීම

මා විසින් අයුතු ලෙස උපයාගත් දේපල ඇති බව හුවා දැක්වීමට යහපාලන ආණ්ඩුව ජන්ද කාලයේදී අලුත්ම උත්සාහයක නිරතව ඇත. මා විසින් වසර 32 ඇතුලත, නීත්‍යනුකූලව එතෙරදී උපයන ලද විදේශ විනිමය, ශ්‍රී ලංකාවේ අනේවාසික විදේශ ගිණුම් වල (NRFC) තැන්පත් කර ඇති අතර එම විදේශ මුදල් උපයෝගී කරමින් මෙම දේපල මිලදීගෙන ඇති බව කිව යුතුය. අදාළ කාලයේදී මහා බැංකුවේ අනුමැතිය මත විදේශ විනිමය තැන්පත් කරන ලද සියලුම ගිණුම්, 2015.04.29 දා සිට මහා බැංකුව විසින් අක්‍රිය කර ඇත්තේ කිසිදු අධිකරණ නියෝගයක් පවා නොමැති බව, 2017.01.04 දින බි/639/15 දරණ නඩුව සම්බන්ධව නිකුත් කල නියෝගය මගීන් සනාථ වන්නේය. පසුගිය වසර තුනක් තුල දඩයම් මන්දිරය මගේ ගිණුම් පරික්ෂා කර අද චෝදනා කරන්නේ, මා විසින් නිත්‍යානුකූලව මිලදී ගෙන ඇති, වත්කම් බැරකම් ප්‍රකාශයට ඇතුලත් කර ඇති දේපලය. වත්කම් බැරකම් ප්‍රකාශය මගීන් වාර්ෂිකව ඉදිරිපත් කර ඇති මෙම දේපල සැගවීමට මට අවශ්‍ය නැත. එවැනි දේපල සදහා තහනම් නියෝග නිකුත් කරන මොංගල් පාලනයක් ඇති වාතාවරණයකදී, ඔබ එතෙරදී උපයන මුදල් මෙරට බැංකුවල තැන්පත් කිරීම හෝ රටෙහි ආයෝජනය කිරීම නිසා, මා මෙන්ම යහපාලනයේ ගොදුරක් නොවන්න. මෙය රටෙහි භයානක පොලිස් රාජ්‍යයක් බිහිවෙමින් පවතින බවට ඔප්පු කරන එක් අවස්ථාවක් වුවද, මෙම පොලිස් රාජ්‍යයේ බිහිවීම තුලින් රටට සිදූවන විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10දා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා ලෙස ලාංකික ඔබගෙන් ඉල්ලා සිටිමි.

FCID එක අධිකරණය නොමග යවලා

මිග් ගනුදෙනුව සම්බන්ධයෙන් ඉක්බාල් අතාස් විසින් සිදුකරන ලද පැමිණිල්ලේ අදාළ විමර්ෂණ කටයුතු කරමින් නිතිය නමන කල්‍යාණි මිත්‍ර, පූජිතගේ පරික්ෂණ පිළිබඳ කිසිදු විරෝධයක් නැති නමුත් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ ෆ්‍රැන්සිස් විසින් අධිකරණය නොමග යවා ඇති බව නිකං හිටං දැනගත යුතුය. මෙම ගිවිසුම අත්සන් කල කාලය තුල මා, ශ්‍රී ලංකාවට පැමිණ නැති බව ආගමනය විගමන දත්ත අනුව පෙනීයන නමුත්, මා එම ගිවිසුම ලංකාවට රැගෙනවිත් ගුවන් හමුදාපතිගේ අත්සන් ලබාගෙන නැවත රැගෙන ගිය බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම නිසා අධිකරණය විසින් මා සැකකරුවනකු ලෙස නම්කර ඇත. තානාපති කාර්යාලයේ දී යුක්රේන්මාෂ් අධ්‍යක්‍ෂක වෙනුවෙන් එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂක ගේනාධි ස්තුදිනිකින් යන අය එම ගිවිසුම අත්සන් කර ඇති අතර ලංකා රජය වෙනුවෙන් ගුවන් හමුදාපති අත්සන් කර ඇත. මා විසින් කිසිදු අත්සනක් යොදා නැති අතර ගිවිසුමට අදාළ කරුණු සඳහා වගකීම ගුවන් හමුදාපති ඇතුළු ඔහුගේ නිලධාරීන් භාරගත යුතු බව රටෙහි නීතියට නොපෙනීම වනාහි බැදුම්කර හොරුන් ආරක්ෂා කරමින් දේශපාලන පළිගැනීම් පොලිස් භීෂණය හරහා ක්‍රියාත්මක කිරීමේ හිටං ගේ තවත් දේශපාලන රංගනයකි.

ආණ්ඩුවට අභියෝගයක්

මෙම ප්‍රහාරක ගුවන්යානා තත්ව පරික්ෂාකිරීමේන් පසු “Factory Acceptance Certificate” ගුවන් හමුදාපති හා ප්‍රධාන ඉංජිනේරු විසින් එම නියෝජ්‍ය අධ්‍යක්‍ෂක සමග යුක්රේනියාවේ ලුවෝෆ් කර්මාන්ත ශාලාවේදී මෙන්ම කොලඹදී ද අදාළ සහතික අත්සන් කර ඇත. එසේ නම් ගිවිසුම අත්සන කල යුක්රේනියා ජාතිකයා පිළිබඳ චෝදනා කිසිවක් මට අදාළ නැත. එපමණක් නොව ගුවන් හමුදා නිලධාරීන් ඔහු සමග ඍජුව වැඩ කර ඇති බව මෙයින් ඔප්පු වන්නේය. එදා එම සහතික වල මුල් පිටපත් ගුවන් හමුදාවේ නිර්දේශ සමග මහජන බැංකුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ගුවන්යානා 8 සදහා සියලු ගෙවීම් සිදුකර ඇත. ඉතිරි පිටපත් අදාළ විදේශ බැංකුවට ඉදිරිපත් කර යුක්රේනියානු පාර්ශවය රජය ගෙවා ඇති මුදල් ලබා ගෙන ඇත. එය ගුවන් හමුදා LC ගිවිසුමෙහි ඇති ප්‍රධාන කොන්දේසියකි. එසේ ගිවිසුමට අදාළ මුදල් මගේ ගිණුම්වලට බැරවී ඇති බවට සාක්ෂි ඇත්නම්, ඒවා වහාම අධිකරණයට ඉදිරිපත් කර නිතිය ක්‍රියාත්මක කරන ලෙස හිටං හුටං ආණ්ඩුවට මා අභියෝග කරමි.

මිග් ගුවන්යානා ගනුදෙනුව ගැන හරියට දන්නවාද ?

මිග් ගිවිසුම යුක්රේන්මාෂ් අත්සන් නොකළ බව මුල්‍ය අපරාධ විමර්ශන ආයතනය චෝදනා කරන අතර එම ගිවිසුමට අමතරව වෙනත් ගිවිසුමක් ඇති බව යහපාලන වාචාල ඇමතිවරුන් චෝදනා කරයි. එසේ දෙවන ගිවිසුමකට රජය අත්සන් කර නැත. නමුත් එම චෝදනා අනුව ගුවන් හමුදාවේ ඇති එම මිග් ගුවන්යානා 8 ම අප රටට ලබා දී ඇත්තේ කුමන ගිවිසුමක් යටතේද යන්න යුක්රේනියානු රජයෙන් දැනගැනීමට කටයුතු කලයුතු අතර එවැනි දෙවන ගිවිසුමකට රජය අත්සන් කර ඇති බවට සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කල යුතුය. එසේ සාක්ෂි ඉදිරිපත් නොකරන්නේ, එය ද ඩුබායි බැංකුවක තිබෙන ඩොලර් බිලියන 18ක් ගැන යහපාලන ආණ්ඩුව කල ප්‍රචාරය හා සමානව තවත් හිටං හුටං මුසාවකි. නමුත් හිටපු මොංගල් විදේශ ඇමතිවරයා ඇතුළු නියෝජිතයන් විමර්ශන කටයුතු සඳහා යුක්රේනයට කිහිප වාරයක් පැමිණි ඇති අතර, මා හට කටඋත්තරයක් ලබා දීමට කිසිදු අවස්ථාවක් ලබා දී නැත. ඕනෑම රාජ්‍ය නිලධරයකු යුක්රේනියාව තුල සිදුකරන රාජකාරි සංචාරයක දී දිනකට රුපියල් 91,000ක් ගෙවීමක් ලබන බැවින්, මා ගැන සෙවීමට කිව් නගරයට පැමිණීමට නොයෙක් කතා නිර්මාණය කිරීම හිටං හුටං ආණ්ඩවේ නීතිය නමන දඩයම් මන්දිරය අද පුරුදු වී ඇත.

සිතාසි එවන එකත් ලේසි නෑ

1985 සිටම යුක්රේනියාවේ ජීවත් වූ මා, රුසියාවේ ශ්‍රී ලංකා තනාපතිකමින් ඉවත් වූ පසුත් ජීවත්වනේ කිව් නගරයේය. එහි මගේ නිවසට සිතාසිය භාර දීමට නම් රටවල් 3ක ස්ථාන 12ක් අතර ලිපි හුවමාරු කර සිතාසි භාරදිය යුතුය. 1961දී සම්මත ජාත්‍යන්තර වියානා සම්මුතියේ කොන්සුලර් උපදෙස් තුල අඩංගු රාජතාන්ත්‍රික ක්‍රමවේදය අනුගමනය කරමින් සිතාසියක් භාරදීම, දින 7ක් ඇතුලත කල නොහැකි බව දන්නා යමපල්ලෝ, අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර අධිකරණය නොමග යැවීමට හවුල් වන තානාපතිවරු මෙන්ම පොලිස් යමපල්ලන්ගේ ක්‍රියාවලිය නීතියේ කන්‍යාවට නොපෙනිම වනාහි හුටං ගේ පොලිස් රාජ්‍යයේ උපරිම ලක්ෂණ සනාථ කිරීමකි.

නොයෙල්ගේ මරණයට සම්බන්ධ නෑ

තානාපතිවරයකු හැටියට හිමිව තිබුණු රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය 2015 මාර්තු 06 දින අවලංගු කර ඇති බව සනාථ වී ඇති අවස්ථාවක අවලංගු නොකළ බවට චෝදනා කරමින්, පෞද්ගලික භාණ්ඩ අඩංගු කන්ටේනරය දැනට මාස 34ක් පුරා රදවාගෙන සිටින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දේශපාලන පළිගැනීම් මාරපන යුගයේදී ද අපමණය. යුක්රේනියා ආණ්ඩු විරෝධී කැරළිකාරුවන්ට ආයුධ සැපයීම ගැන යුක්රේනියා ආණ්ඩුව මට විරුද්ධව පරීක්ෂණයක් කරන බවට යහපාලන නපුංසකයන් එදා ගෙන ගිය ප්‍රචාරය තවත් බොරුවක් බව අද සනාථ වී හමාරය. රුසියාවේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ පණිවිඩකරුවකු ලෙස සේවය කල නොයෙල් රණවීරගේ මරණයට මා වගකීව යුතු බවට තවත් මුසාවක් යහපාලන නපුංසකයෝ එදා පතුරුවා සිටියේය. මෝටර් රථ ආපදාවකින් සිදූවූනු එම මරණය සම්බන්ධයෙන් එස්. වි. සැම්සනොව් නැමැති රුසියානු ජාතික රියදුරුට විරුද්ධව රෝස්තෝව් නා දොන් දිස්ත්‍රික් උසාවියේ ගොනුකරන තුබුණු අපරාධ පරීක්ෂණය අවසන් විය. රුසියානු රජය එම නඩු වාර්තාව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබාදීම නිසා එම මුසාවත් අතේ පත්තු විය. යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විගසම රණවීරගේ මෘත දේහය ගොඩගනු ලැබූ අතර එම දේහය හොර රහසේම වසරකට පසු 2016 මාර්තු 25දින නැවත භූමදානය කර ඇත.

 හිටං හුටං ආණ්ඩුවේ බොරු සියල්ලම අතේ පත්තු වී හමාර නිසා දැන් ජන්ද වාසි ලබා ගැනීමට වෙනත් බොරු ගොතමින් සිටී. අද මට යුක්රේනියාවේ ජිවත් වීමට පමණක් නොව නොයෙක් රටවල් වල සංචාරය කිරීමට කිසිදු ඉන්ටර්පෝල් වරෙන්තුවක් නැති බව නැවතත් ඔප්පු කරමින් මෙම දිනවල නේපාලයේ සිටින බව කිව යුතුය. එසේ නමුත් මෙම රජයෙන් මට සහ මා සේවය කල ආණ්ඩුවේ ප්‍රබලයින්ට සිදූවී තිබෙන දරුණු දේශපාලන පළිගැනීම් නිසා, දැනට ලංකාවට පැමිණීමට අදහසක් නැත. නමුත් ඔවුන් මට විරුද්ධව එල්ල කරන චෝදනා සියල්ල අමූලික බොරු බව ලංකාවේ ජනතාවගේ දැනගැනීමට ඉතා වගකීමෙන් මෙම ප්‍රකාශ රටවැසියන්ට ඉදිරිපත් කරමි.

උදයාංග වීරතුංග - රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති

Comment (0) Hits: 1173

බැසිල්, චන්ද්‍රිකා සමග සටනට 'බර අවි' ඔසවයි : අත්තනගල්ලට වැඩිම මුදලක් යොදවයි

මෙවර පළාත් පාලන මැතිවරණයේදී අත්තනගල්ල ආසනයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පරාජය කොට ඇය දේශපාලන භූමියෙන් සදාකාලිකවම අතුගා දැමීමට කටයුතු කරන බව 'පොහොට්ටු' පක්ෂයේ මහ මොලකරු වන බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

ගම්පහ දිස්ත්‍රීක්කයේ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හමුවේ ඔහු එබව සඳහන් කර තිබේ.

'' අපට එරෙහිව මෛත්‍රීව උසිගන්නන්නේ චන්ද්‍රිකා. එයා දේශපාලනයේ හිටියොත් අපට අනාගතයක් නැහැ . ඒ නිසා මම චන්ද්‍රිකා පරද්දන්න අත්තනගල්ලට ශ්‍රීලනිපයට හිතවත් කණ්ඩායම් පහක් මේපාර ඡන්දෙට දැම්මා. ඒ කණ්ඩායම් පහේ ඡන්ද කැඩුනාම චන්ද්‍රිකා කපෝති. '' යයි බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මහත්මිය පරාජය කිරීම සඳහා අත්තනගල්ලට ගොස් ඒ සඳහා වෙහෙස මහන්සි වී වැඩ කරන්නැයි ඔහු ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරන එම මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස උපදෙස් දී ඇත.

බැසිල් රාජපක්ෂ මහතා මෙසේ අත්තනගල්ලට වැඩි බරක් යොදා ඇත්තේ, 1948 සිටම බණ්ඩාරනායකවරුන් හෝ ඔවුන්ගේ සහය ලැබූ පුද්ගලයින් හා කණ්ඩායම් අත්තනගල්ල ආසනය ජයග්‍රහණය කර තිබෙන දේශපාලන ඉතිහාසයක් තුලය.

එම තත්ත්වය මැනවින් අවබෝධකර ගෙන සිටින බැසිල් රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයේදී මේවනවිටත් වැඩිම මුදලක් ආයෝජනය කර ඇත්තේ අත්තනගල්ල ආසනය සඳහා බව 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානියකු 'නිව්ස් ටියුබ්' වෙත පැවසිය.

දේශපාලනයෙන් සමුගන්නා බව චන්ද්‍රිකාත් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රීක් නායිකාව වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය මෙවර පළාත් සභා මැතිවරණයේදී ශ්‍රීලනිපයේ ජයග්‍රහණය වෙනුවෙන් අත්තනගල්ල ආසනය පුරා රැස්වීම සංවිධානය කරමින් යලි ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වී සිටියි.

කෙසේවුවද මෙම මැතිවරණයෙන් පසු තමා ක්‍රියාකාරී දේශපාලනයෙන් සදහටම ඉවත්වී ස්වාධින පුරවැසියකු ලෙස සමාජ සේවයේ නියැලෙන බව ඇය එම රැස්වීම්වලදී අවධාරණය කරමින් සිටින බවද පැවසේ.

Comment (0) Hits: 948

සංවර්ධනය ලෙස ඉතුරු වී තිබෙන්නේ කුණු කදු සහ විෂ වතුර පමණයි - චමීර කොස්වත්ත

අවුරුදු හැත්තෑවක් තිස්සේ කළ බව කියන සංවර්ධනය මිනිස්සුන්ට ගෙනාවේ විනාශය පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ චමීර කොස්වත්ත මහතා පවසයි.

අවිස්සාවේල්ල නගරයේදී පසුගියදා පැවති ජනහමුවක් මලෙස අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ සංවර්ධනය ලෙස පවතින්නේ හිස මත කඩන් වැටෙන කුණු කදු, බොන්ට බැරි විෂ වතුර බවයි. මේ ධනවාදී සංවර්ධනයට කිරීමට හැකි දේ එපමණක් බව චමීර කොස්වත්ත මහතා පවසයි .

ඒ මහතා තවදුරටත් පැවසුවේ "දැං රජරට ප‍්‍රදේශයෙන් පටන්ගෙන රටේ හතරදිග්බාගේ අස්සක්මුල්ලක් නෑර වකුගඩු රෝගීන්. ගිය අය වැයෙන් මෛත්‍රීපාල උන්නැහේ කිව්ව රට පුරා රෝහල් 1000කට වකුගඩු රොගය නිසා ලේ පිරිසිදු කරීමේ යන්ත‍්‍ර, ඩයලෙක්සිස් උපකරණ දෙනව කියලා. එකක් දුන්නද? නෑ එකක් දුන්නෙ නෑ. මේ අයවැයෙන් දැම්ම, අනුරාධපුර යාපනය ඇතුළු ප‍්‍රධාන රොහල් 3කට වකුගඩු රෝග ඒකක පිහිටුවනව කියල. නෑ හැදුවෙ නෑ.

"ජනවාරි 08 වෙනිදට කලින් මෛත‍්‍රීපාල මහත්තයයි මේ එක්සත්ජාතික පක්ෂ ආණ්ඩුවයි දුන්නු පොරෝන්දු කන්දක් තිබුන. කවුරුත් එව ඉටුකරයි කියල ඡන්දෙ දුන්න. බලයට පත් වුනා. අඩුම තරමෙ වංචාව දුෂණය නැතිකරනව කිවුව. හොරු අල්ලනව කිව්ව. හොරුන්ට දඩුවම් දෙනව කිව්ව. දැන් හොරු අල්ලන්න ආපු කට්ටිය හොරු වෙලා.

එනිසා මේ රැවටිල්ල අඛණ්ඩව පවත්වගෙන යන මේ රටේ මිනිස්සුත් එක්ක ගැහැණුත් එක්ක මීට වඩා වෙනසද් දේශපාලනයක් කතා කළ යුතුයි කියල අපි විස්වාස කරනවා. එනිසා අපි ඔබට කියනවා කතිරෙ ගහල ආවම මොන කෙංගෙඩියක්වත් වෙන්නේ නෑ. එනිසා ඔබේ අමාරුවෙ තරම දන්නෙ ඔබ. බලා නොයිද තමන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න සංවිධානය වෙන්න පටන් ගන්න කියල අපි කියනවා. "

Comment (0) Hits: 877

බැඳුම්කර වාර්තාවේ එජාපයට අවාසි කොටසක් නැතැයි ඒකාබද්ධය කනස්සල්ලෙන්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බැඳුම්කර කොමිසම් වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයට හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට බරපතල අවාසි සහගත කරුණු නොමැතිවීම ගැන ඒකාබද්ධ විපක්ෂය බලවත්සේ කනස්සල්ලට පත්ව සිටින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

එම තත්වය යටතේ, එජාපයට අවාසි සහගත කොටස් පාර්ලිමේන්තුවට ලබාදී ඇති වාර්තාවෙන් ඉවත්කර ඇතිබව පවසමින් ඒකාබද්ධය මාධ්‍ය ප්‍රචාරයක් දියත්කර තිබේ.

'ඉරිදා මව්බිම' පුවත්පතට විශේෂ ප්‍රකාශයක් කර ඇති ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති වාර්තාවේ ඉතා වැදගත් තොරතුරු රාශියක් වසන් කර ඇති බව එම වාර්තාවේ පිටු 100කට වඩා අඩුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබීමෙන් පෙනී යන බව කියා සිටියි.

රවීගේ බලපෑම මත සිදුවූවක් ද ?

 බැංකු ක්‍රමය, මූල්‍ය ක්‍රමය සහ බැඳුම්කර වෙළෙඳපොළ ක්‍රියාවලියට අයත් වාර්තාවේ ඇතුළත්වන සංවේදී තොරතුරු රහසිගතව තබා ගැනීම පිළිබඳව විරෝධතාවක් නැතත් එවැනි තොරතුරු ඇතුළත් වන්නේ පිටු කීපයක පමණක් බැවින් බැඳුම්කර වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට ඒවා අත්‍යවශ්‍ය බවත් ඔහු පවසයි.

විශේෂයෙන් කොමිසමේ මුල් වාර්තාවේ පිටපතක් තමා ලබාගත් බව රවි කරුණානායක මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබූ අතර ඔහුගේ බලපෑම මත ඔහු හා එජාපයට අවාසියක් වෙතැයි සිතන කොටස් හිතාමතා ඕනෑකමින් ඉවත් කරවා ගෙන පාර්ලිමේන්තුවට වාර්තාව දුන් බවට සැකයක් තිබෙන බවද ගුණවර්ධන මහතා කියයි.

එහිදී ඔහු මෙසේද පවසා ඇත.

''ජනාධිපතිට භාරදුන් කොමිෂන් වාර්තාවේ මුල් පිටපත අපට ලබානොදුනහොත් බැඳුම්කර විවාදයේදී අප විවාද කරන්නේ සමහර වැදගත් කරුණු නොදැනයි. ඒ නිසා පැහැදිලි විවාදයක් වෙන්නත් එජාපය කර ඇති මහ පරිමාණ වංචාවක් හෙළිදරව් කර ගැනීමටත් අදාළ වන පරිද්දෙන් ජනාධිපති ළඟ ඇති මුල් වාර්තාවේ පිටපත් ඒකාබද්ධ විපක්ෂයට ලබා දෙන්නැයි ජනාධිපති වෙත ලිපියක් මේ සතියේ යවනවා.''

වාර්තාවේ මුල් පිටපතක් දෙන්න - දිනේෂ්

ජනාධිපති කාර්යාලය කතානායකවරයා මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන්නේ මහ බැංකු බැඳුම්කර ජනාධිපති කොමිසමේ පූර්ණ වාර්තාවක් නොවන බව ප්‍රකාශ කරන ඒකාබද්ධ විපක්ෂය, ජනාධිපති කොමිසම ජනාධිපතිවරයාට භාර දුන් අසංශෝධිත වාර්තාවේ මුල් පිටපතක් ලබාදෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කිරීමට යයි.

මේ සතිය ඇතුළත ජනාධිපති වෙත එම ලිඛිත ඉල්ලීම කිරීමේ කටයුත්ත ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන මහතා වෙත පවරනු ලැබ තිබේ.

Comment (0) Hits: 984

ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදීන් රැසක් වෙබ් මාධ්‍යයට : විමලනාත් LNW එයි

ප්‍රවීණ පුවත්පත් මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම වෙබ් අඩවි සංස්කාරකවරුන් ලෙස එක්ව තිබේ.

 ඒ අනුව,ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්න මහතා, ලංකා නිව්ස් වෙබ් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන් එක්ව තිබේ.

රාවය, සත්හඬ ආදී පුවත්පත් ගණනාවක සේවය කළ ප්‍රවීන මාධ්‍යවේදී විමලනාත් වීරරත්න මහතා ලබන සඳුදා (22) සිට ලංකා නිව්ස් වෙබ් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂකවරයා වශයෙන් LNW මාධ්‍ය ජාලය සමග එක්වන බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.

රාවය පුවත්පතට අතිශය ජනප්‍රිය වූ ‘විමලෙගෙ කොලම‘ තීරු ලිපිය රචනා කළ විමලනාත් වීරරත්න මහතා, රාවය පුවත්පතේ විශේෂාංග කර්තෘ වශයෙන් කටයුතු කර පසුව ඉරුදින පුවත්පත සමග සම්බන්ධ විය.

ඉරුදින පුවත්පතේ කර්තෘවරයා වශයෙන් කටයුතු කළ ඔහු, පසුව සත්හඬ පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වශයෙන් ද කටයුතු කළේය.

18275217 10212792536752063 878730711181493359 nලංකා නිව්ස් වෙබ් අඩවියේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා වශයෙන් ප්‍රවීන ඡායාරූප ශිල්පී අජිත් සෙනෙවිරත්න මහතා ද ලංකා නිව්ස් වෙබ් සමග එක් වීමට නියමිත ය.

එසේම 'සත්හඬ' පුවත්පතේ ප්‍රාදේශීය කතුවරිය ලෙස කටයුතු කල ප්‍රදීපා වීරසේකර මෙනවියද 'ලංකා නිව්ස් වෙබ්' අඩවියට එක්ව තිබේ.

ජයසිරි අලවත්ත SIS :

alawatta 1000pxමේ අතර ප්‍රවීණ මාධ්‍යවේදියකු වන ජයසිරි අලවත්ත මහතා SIS වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරකවරයා ලෙස එකතුවී ඇත.

 ඔහුද පුවත්පත් කිහිපයකම කටයුතු කල ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.

 'ඕෂන් මිඩියා පෞද්ගලික සමගම විසින් SIS වෙබ් අඩවිය පවත්වා ගෙන යනු ලබයි.

ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස වසර 15 කට ආසන්න කාලයක් සේවය කල සුජිත් මංගල ද සිල්වා මහතා ද මේවනවිට lanka News Week වෙබ් අඩවියේ ප්‍රධාන සංස්කාරක ලෙස කටයුතු කරයි.

 

Comment (0) Hits: 1116

කප්පච්චි ඉදිකිරීම් නිසා වනාන්තර රැසක් අවධානමේ

මල්වතු ඔය කප්පච්චි ප්‍රදේශයෙන් හරස් කර ඉදිකිරීමට සුදානම් වන දැවැන්ත වේල්ල සහ ජලාශය හේතුවෙන් තන්තිරිමලේ අවට ඇති අවශේෂ කැළෑ සහ විල්පත්තුව වනය දැවැන්ත පාරිසරික අනතුරකට මුහුණ පා ඇතැයි වාර්තා වෙයි.

සොබාදහම් අධ්‍යන මධ්‍යස්ථානයේ රවීන්ද්‍ර කාරියවසම් නිවේදනයක් නිකුත්කරමින් මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ වන විනාශය සම්බන්ධව ආණ්ඩුව වගකිව යුතු බවය.

ඒ සම්බන්ධ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

Comment (0) Hits: 887

ස්මාර්ට් ලෝකයේ බොරු පුවත්වලට වගේම වාරණයටත් ඉඩක් නෑ - ඇමති මංගල

සාම්ප්‍රදායික ජනමාධ්‍යවේදියා ජනතා විශ්වාසය අහිමිකරගෙන සිටින බවත් ස්මාර්ට් දුරකතන අත දරන සියළු දෙනා වාර්තාකරුවන්වී සිටින බවත් ඒ හමුවේ වාරණය හෝ නීති මඟින් මාධ්‍ය පාලනය කිරීම අවලංගු වී ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුව අමතමිනි.

එම වැඩමුළුව අද (19) මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේ දී පැවැත්වුණු අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

‘‘2017 අවුරුද්දෙ අමෙරිකාවෙ සමීක්ෂණයක් කළා වෘත්තීන්වල විශ්වසනීයභාවය ගැන. ඒ ලැයිස්තුවේ අවසන් ම ස්ථාන හිමි වෙලා තිබුණෙ මාධ්‍යවේදීන්ට සහ දේශපාලඥයන්ටයි. ඒ කියන්නෙ අපි දෙගොල්ලොම එකම බෝට්ටුවෙ. දේශපාලනඥයාට එහෙම වුණේ ඇයි කියන කාරණාව මම කියන්න යන්නෙ නෑ.

අද වන විට සාම්ප්‍රදායික මාධ්‍යවේදියා පිළිබඳව ජනතාව තුළ තියෙන විශ්වාසය නැති වෙමින් තිබෙනවා. ඒකට හේතුව තමයි පදනමක් නැති වාර්තාකරණය. ඉස්සර පුවත්පත්වල කුමන වාර්තා පළ කළත් ඒකට පදනමක් තිබුණ. දැන් එහෙම නෙවෙයි, මාධ්‍යවේදියාගේ, විවිධ පුද්ගලයන්ගේ සහ දේශපාලනඥයන්ගේ වුවමනාවට පුවත් නිෂ්පාදනය කරනවා. නමුත් මේ නවීන සමාජය තුළ මේ බොරු පුවත්වලට ඉස්සරහට යන්න බෑ. ඒව ඔප්පු වෙනවා. ඒ එක්කම ජනමාධ්‍ය පිළිබද තියෙන විශ්වාසය නැති වෙලා යනවා. අද හැමෝම අතේ ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒ හැම කෙනෙක් ම වාර්තාකරුවෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා වාරණය කියන දේ අදට වලංගු නෑ.

ප්‍රංශයේ නව ආණ්ඩුව කතාබහක් ඇති කරගෙන යනවා මේ බොරු පුවත් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන. ඒ කියන්නෙ එහෙම කතාබහක් ලෝකය තුළ ඇති වෙමින් තියෙනවා. මේ තත්ත්වයෙන් මිදෙන්න වාරණය සහ නීතිවලින් පමණක් බැහැ. අපි කළ යුත්තේ ගෝත්‍රික අදහස් බැහැර කළ නව පරපුරක් නිර්මාණය කිරීමයි.

ගූගල් සමාගම කියනවා සෙක්ස් කියන වචනය වැඩිම සර්ච් කරන්නෙ ශ්‍රී ලංකාවෙන් කියල. නිල් චිත්‍රපට වෙබ් අඩවි බලන වැඩි ම පිරිස අද ඉන්නෙ මැදපෙරදිග රටවල. තහංචි දාගෙන හිරකරගෙන ඉන්න තරමට මේ වගේ දේවල්වලට පෙළඹෙන එක වැඩි වෙනවා. විවෘත සමාජවල මේ තත්ත්වයන් නැහැ. ඒ නිසා ගුරුවරුන් විදියට ඔබට ලොකු වගකීමක් තියෙනවා දරුවන් මේ සදහා පෙළගැස්වීම සිදු කිරීමට."

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්ධුල, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.

Comment (0) Hits: 985

කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරනවා : ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගරුකබව ඔප්පු කරනවා - අගමැති

බැඳුම්කර කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තමන් කැපවෙන් බවත් ඒ හරහා යහපාලන සම්මුති ආණ්ඩුව ප්‍රතිපත්ති ගරුක, විනය ගරුක, ශීලාචාර ආණ්ඩුවක් බව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීම තම අපේක්ෂාව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
 
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ ඊයේ (18 ) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්ය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කර සිටියේ බැඳුම්කර ගනුදෙනුව හරහා රජයට කිසිඳු අලාභයක් සිදුවීමට ඉඩ නොතබන බවත් බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් චෝදනා ලබන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් සිටිනවා නම් ඔවුන් පිළිබඳ තීන්දුවක් ගැනීමටද පක්ෂය සුදානම් බවය.
 
එසේම ඒ සඳහා  මේ වන විටත් තිලක් මාරපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පවා පත්කිරීමට තම පක්ෂය කටයුතු කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර සිටියේය.
 
ඊයේ ජාතිය අමතා අග්‍රාමාත්‍යවරයා සිදුකළ විශේෂ ප්‍රකාශය මෙසේය. 
 
අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්‍ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි. බලයට පත් වී ටික කලෙකින් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාවක් නැගුණා. අපි එය පාපිස්ස යටට දැම්මේ නෑ.
 
සති දෙකක් ඇතුළත විමර්ෂණ කමිටුවක් පත් කළා. විමර්ෂණ කාලය තුළ මහබැංකු අධිපති රාජකාරි කටයුතු වලින් ඉවත් වුණා. පාර්ලිමේන්තුව දැනුවත් කළා. පාර්ලිමේන්තුවට වුවමනා නම් තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස මම දැනුම් දුන්නා. විමර්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
 
මෙතෙක් කල් කෝප් කමිටුවේ සභාපතීත්වය දැරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. වත්මන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතිත්වය විපක්‍ෂ මන්ත්‍රීවරයෙකුට දුන්නා. කමිටුව මගින් බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවාද කළා.
 
මේ වාර්තාව පිළිබඳ සුදුසු ක්‍රියා මාර්ග ගැනීම සඳහා 2016 ඔක්තෝබර 31 වන දා නීතිපතිවරයාට යොමු කළා. මේ ගැන, විශේෂයෙන්ම පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගම ගැන වැඩි දුර පරීක්‍ෂණ පැවැත්විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා මා සමගත් සාකච්ඡා කර ජනාධිපති කොමිසම පත් කළා. කොමිසමේ කටයුතු වලට අපි සහය දුන්නා. අපේ ඇමතිවරු කොමිසම හමුවට ගියා. මමත් ගියා.
 
චෝදනාවක් එල්ල වූ විට එය විමර්ෂණය කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කළ කිසිම ආණ්ඩුවක් නෑ. තුන් වතාවක් අප මේ ගැන පරීක්ෂණ කළා. පසුගිය ආණ්ඩුව සමයේ අවස්ථා ගණනාවකදීත් මේ ආකාරයෙන් චෝදනා එල්ල වුණා. නමුත් ඒ කිසිම අවස්ථාවක ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදු කළේ නෑ. පාර්ලිමේන්තුවට කරුණු හෙළි කළේ නෑ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවන්හි පවා පිළිතුරු දුන්නේ නෑ.
 
ලංකාවේ මුල්‍ය පාලනය සතු පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවේ මේ බලය අමතක කර තිබුණා. අපි පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය යලිත් තහවුරු කිරීමටයි කෝප් කම්ටුව සහ පාර්ලිමේන්තුවට මේ වගකීම භාර දුන්නේ.එම වගකීම එතනින් ඉවත් කිරීමට බැහැ. පාර්ලිමේන්තුව සිය මුල්‍ය පාලන බලතල  නිසි අයුරින් පාවිච්චි කළ අවස්ථාවක් ප්‍රදර්ශනය කිරීමක් ලෙස බැඳුම්කර සිදුවීම උඩ අපි දැක්කා, ආණ්ඩුව විනිවද භාවයෙන් යුතුව ක්‍රියා කරන බවට හොඳම උදාහරණයක්. 
 
මේ බැඳුම්කර නිසා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම අයුතු ලෙස බිලියන 9.2 ක් උපයා ගෙන ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන්. මා ඇමති ධූරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලයන 12 ක මුදලක් රඳවා ගෙන තිබෙනවා. ඒ නිසා කොමිසම නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9. 2 ක නැවත ලබා ගන්න පුළුවන්. අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. එවිට මේ මුළු මුදලම රජයට ලබා ගන්න පුළුවන්. රජයට කිසිදු අලාභයක් සිදු වන්නේ නෑ. 
 
ඒ වගේම මේ වංචාවට කිසියම් හෝ නිලධාරීන් පිරිසක් හවුල් නම් ඒ අයට නීතිය අනුව ක්‍රියා කරනවා. බැඳුම්කර පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ පටන් ඒ සඳහා අවශ්‍ය විමර්ෂණ කරන්නට අපි උපරිම සහය දුන්නා. දැන් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් අපි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නවා.
 
අපේ ආණ්ඩුව ප්‍රතිපත්ති ගරුක, විනය ගරුක, ශීලාචාර ආණ්ඩුවක් බව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා. මෑත ඉතිහාසයේ මේ ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කළ අවස්ථාවක් අප දුටුවේ නැහැ. අපේ ඇමතිවරු සම්ප්‍රදාය කඩ කිරීම පිළිබඳව ඉල්ලා අස්වුණා. නීතිය ක්‍රියාත්මක වුණා. ඇඟිලි ගැසීම් නොමැතිව අධිකරණය තීන්දු දුන්නා. ජනතාව නිදහසේ අදහස් දැක්වූවා. ජනමාධ්‍ය බයක් නැතුව කටයුතු කළා. ඒ විතරක් නෙවෙයි. බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන අපේ පක්‍ෂයේ සාමාජිකයන් ඉන්නවා නම්, ඒ අය පිළිබඳව සොයා බලා තීරණයක් ගන්නට අපි තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා. කමිටු නිර්දේශය අනුව අපි ක්‍රියා මාර්ග ගන්නවා.
 
ඒ එක්සත් ජාතික පක්‍ෂ සම්ප්‍රදායයි. ඒ අප ඇති කරමින් ක්‍රියාත්මක කරන සම්ප්‍රදායයි. අපේ පක්‍ෂයේ සම්ප්‍රදාය සහ යහපාලන සංකල්පය අනුව යමින් අපි රට හදනවා. ගම හදනවා. යහපත් හෙටක් මේ රටට උදා කරනවා.
 
ජනවාරි 08 වන දා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනස, යහපත් සමාජය අපි උදාකරනවා. එය එක දවසින්, එක රැයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ විභාගයත් එයට ආරම්භයක් ලෙස සළකන්න පුළුවන්. අපි අතීතයත් වර්තමානයත් පිළිබඳව එක සේම අවධානය යොමු කරනවා. අපි හරි පාරේ ඉදිරියට යනවා. වැරදි නිවැරදි කර ගන්නවා. අඩුපාඩු සකස් කර ගන්නවා.
 
බැඳුම්කරය පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ සිට මේ දක්වා අප ගත් ක්‍රියා මාර්ග මගින් පෙන්නුම් කරන්නේ අප හොඳ ආරම්භයක් ගෙන ඇති බවයි. අප සොයා බලන්නේ පසුගිය රජයේ දූෂණ වංචා ගැන පමණක් නෙවෙයි. වර්තමානයේ එල්ල වන දූෂණ චෝදනා ගැනත් අප සොයා බලනවා. විමර්ෂණය කරනවා. නිසි පියවර ගන්නවා.
 
අපේ රටට යහපත් අනාගතයක් උදා කර දීම අපේ අරමුණයි. අපේ රට යහපත් හා පොහොසත් රටක් බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ අරමුණ ජය ගැනීම සඳහා අපි එකට එක්ව කටයුතු කරමු. අභියෝග ජය ගනිමු. බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.
Comment (0) Hits: 1011

දූෂණයට වැට බඳින්න ජනාධිපති කාර්යාලයේ විද්වත් කතිකාවක්

බොහෝ රටවල සිදුකර ඇති පරිදි වංචාව හා දූෂණය පිටුදැකීම සඳහා විවිධ සම්මුතීන්, නීති රීති හා යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කර ඇති පරිදි මෙරට තුළද දුෂණයට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සම්පාදනය කිරීම මෙහි අරමුණ වී තිබේ. 
 
 ශ්‍රී ලංකාව තුළ අල්ලස් හා දූෂණය තුරන් කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම වෙනුවෙන් විද්වත් අදහස් ලබාගැනීමේ විශේෂ කතාබහක්   ඊයේ(18) ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති බව වාර්තා වෙයි. 
 
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම කතාබහ සඳහා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, මහ බැංකු අධිපතිවරයා, විගණකාධිපතිවරයා, අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී තිබේ. 
 
 එහිදී  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම, විමර්ශන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, අල්ලස් හෝ දූෂණ නඩු මෙහෙයවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, අල්ලස හා දූෂණය නිවාරණය සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ආදී කරුණු පිළිබඳ සාකච්චාවට ලක්වූ බවද වාර්තා වෙයි.
 
ඊට අමතරව මෙම සැලැස්ම හරහා පෞද්ගලික අංශයේ දූෂණ ක්‍රියා වැළක්වීම, රාජ්‍ය මුදල් කළමනාකරණයේදී සිදුවන අක්‍රමිකතා වැළක්වීම, අපරාධ වැරදිවලින් උපයන ලද වත්කම් ආපසු ලබාගැනීමට අදාළ නීති සකස් කිරීම, දුෂණයට එරෙහිව හඬ නගන්නන් ආරක්ෂා කිරීම සම්බන්ධ නීති පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිත බව පැවසේ. 
Comment (0) Hits: 1011

ජනාධිපති කාර්යාලය පාර්ලිමේන්තුවට දී ඇත්තේ බැදුම්කර වාර්තාවෙන් කොටසක් පමණයි

 
ජනාධිපති කාර්යාලය විසින් පාර්ලිමේන්තුවට නිකුත් කර ඇත්තේ බැඳුම්කර වාර්තාවෙන් කොටසක් පමණක් බවත් එම වාර්තාවේ ඉතිරි කොටස් පාර්ලිමේන්තුවට ලබා නොදීම ගැටළු සහගත බව කැෆේ සංවිධානය සඳහන් කරයි.
 
නිවේදනයක් නිකුත් කරමින් කැෆේ සංවිධානය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ බැඳුම්කර කොමිසමේ වාර්තාවේ එන  ෆුට් නෝට් සටහන් පිළිබද විශේඥන ලියවිලි, රහස් පොලිස් පරීක්ෂණ වාර්තාව ඇතුළු වැදගත්ම ලේඛන කිසිවක් පාර්ලිමේන්තුව වෙත නිකුත්කර නොමැති බවය.
 
ඒ පිළිබඳ විශේෂ ලිපියක් කතානායකවරයා වෙත යොමුකරන්නද එම සංවිධානය ක්‍රියාකර ඇත.
 
එම ලිපිය හරහා කැෆේ සංවිධානය කතානායකවරයාට අවධාරණය කර ඇත්තේ බැඳුම්කර කොමිෂන් වාර්තාවේ වැදගත්ම කොටසක් වන ‘කොමිෂන් සභාව වෙත ඉදිරිපත් වූ‘ සලකුණු කළ ලේඛන‘ සහ සාක්ෂි සටහන් මේ දක්වාම ගරු පාර්ලිමේන්තුව වෙත හෝ ඔබතුමන් වෙත හෝ ලැබි නොමැති බව තම සංවිධානය විශ්වාස කරන බවය.
 
එසේම උදා හරණයක් ලෙස ‘සී 350‘ ලෙස සලකුණු කොට ඇති ලේඛනය මත පදනම් වූ නිරීක්ෂණ පිළිබද ප්‍ර‍ධාන වාර්තාවේ සදහන් වන නමුත්, එම ලේඛනය මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබා දී නොමැති බවත්   එම ලිපියේ සඳහන් කර ඇත.
 
තවද මන්ත්‍රීවරුන්ට බැදුම්ක වංචාව  හා එයට සම්බන්ධ පාර්ශව පිළිබද සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට සහ තාර්කික, දත්ත පාදකව නිගමනයන්ට එලැඹීම උදෙසා මෙම අතිරේක ලේඛන පරිශීලනය අනිවාර්ය වූ අවශ්‍යතාවයක් බවත්   එබැවින්, අදාළ සලකුණු කළ ලේඛන හා සාක්ෂි සටහන්  අතුලත් වෙළුම කොටස් 2 ද, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදීම පිණිස ගරු කථානායකවරයාට මැදිහත්වන ලෙසද එම ලිපිය හරහා කැෆේ සංවිධානය දැනුම්දී ඇත. 
Comment (0) Hits: 987

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්ට විරුද්ධව අල්ලස් කොමිසමෙන් චෝදනා

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස්, වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒඑච්එම්ඩී නවාස් සහ විදුලිබල අමාත්‍යාංශයේ හිටපු ලේකම් එම්එම්සී ෆර්ඩිනැන්ඩුට විරුද්ධව අල්ලස් හා දූෂණ කොමිසම චෝදනා පත්‍රයක් ගොනුකොට තිබේ.

එම චෝදනා පත්‍රය සළකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර විසින් ඔවුන් තිදෙනාට මාර්තු 08 වෙනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමිනි සිතාසි නිකුත් කර ඇතැයි පැවසේ .

සීමාසහිත ලංකා විදුලිබල සමාගමට ඉඩම් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් සිරිපාල ජයලත් සහ රත්නපාල ඩයස් යන කමිටු දෙකක් මගින් සිදුකළ පරීක්ෂණයන්ට අනුව අදාල මිලදී ගැනීම්වලදී අක්‍රමිකතා සිදුව ඇති බවත් ඊට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉහත කී කමිටු මගින් සිදු කළ පරීක්ෂණවලින් අනතුරුව නිර්දේශ කර තිබූ බව ද අල්ලස් කොමිසම පවසයි.

එසේ තිබියදී 2010 වසරේ දෙසැම්බර් 01 වෙනි දින සහ දෙසැම්බර් 31 වෙනි දින දක්වා කාලසීමාව තුළ එවක නීතිපතිවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරිස් සහ එම වකවානුවේ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලෙස කටයුතු කළ වත්මන් අභියාචනාධිකරණ විනිසුරු ඒඑච්එම්ඩී නවාස් එම අපරාධවලට වගකිවයුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම තුලින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට ගොනු කළ චෝදනා පත්‍රයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Comment (0) Hits: 1048

කාන්තාවන්ට මත්පැන් ගැන තිබූ සහන ඉවතට

මත්පැන් නිෂ්පාදනය කරන සහ අලෙවි කරන ස්ථානවල කාන්තාවන් රැකියා කිරීමට සහ කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට තිබූ තහනම ඉවත් කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අමාත්‍ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (18) දිනයේදී ඉල්ලා අස්කරගත් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එමෙන්ම, සුරාසල් විවෘත කිරීමේ වේලාවන් දීර්ඝ කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයද අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි අද දින (18) ඉල්ලා අස්කර ගන්නා ලද බව ඉහත නිවේදනයේ දැක්වේ.

මෙසේ ඉල්ලා අස්කරගන්නා නිවේදනය සඳහන් අතිවිශේෂ ගැසට් පත්‍රය සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද දින අත්සන් තබා තිබේ.

 සබැඳි පුවත් :

මේක ගෝත්‍රික තීරණයක් : නමුත් කැබිනට් සාමුහිඛත්වයට ගරු කරනවා - ඇමති මංගල

කාන්තා මත්පැන් තහනමට එරෙහිව අධිකරණයට පෙත්සමක්

භික්ෂූන් විරුද්ධවුයේ සුරාවට නෙවෙයි : කාන්තාවන්ට සමතැන දීමටයි - නීතිඥ ජේ.සී.වැලිඅමුණ

ලැජ්ජයි මෛත්‍රී.....!

මංගලගේ දේශපාලන අවබෝධය අවතක්සේරු කළ හැකිද? - ශ්‍රී ලංකා ගාර්ඩියන් කතු වැකිය

“සිරිසේන සිරිකොතට යයි! ” - දිනමිණ කතුවැකිය නොදැනීම ඔප්පු කරයිද ?

ගෑනුන්ට මොන අරක්කුද ඩෝ..! : ලෞකික ආතල් කඩන ලෝකෝත්තර ගැට

 

 

 

 

https://newstube.lk/featured/631-2018-01-13-13-34-00

Comment (0) Hits: 962

භාෂා තුනෙන්ම නොමැතිව බැඳුම්කර වාර්තාව පාර්ලිමේන්තුවට යොමුකිරීම ස්ථාවර නියෝග කඩකිරීමක් !

බැඳුම්කර වාර්තාව ඊයේ(17) දිනයේ දී කථානායකවරයා වෙත බාර දෙනු ලැබුවත් එහි භාෂා ත්‍රිත්වයෙන්ම පිටපත් නොමැතිව එක් භාෂාවකින් පමණක් වීම හේතුවෙන් එය ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හැකියාව නොමැති බව ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි .

අද(18) පැවති ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

ස්ථාවර නියෝග යටතේ භාෂා තුනෙන්ම බැඳුම්කර වාර්තාව කථානායකවරයා වෙත බාර නොදීමට හේතුව එළඹෙන මැතිවරණයෙන් පසුව ඒ සම්බන්ධ කතා බහ යට ගැසීම බව ද මුසම්මිල් මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලය මේ පිළිබඳ හොඳින්ම දැනුවත් වී ඇති බැවින් මෙවැන්නක් සිදු කිරීමෙන් අපේක්ෂා කරන්නේ පෙබරවාරී මස 10 වන දා තෙක් බැඳුම්කර ගනු දෙනුව පිළිබඳ කතා කර ඉන් පසුව එය ජනතාවට අමතක කරවීමේ උත්සහයක් විය හැකි බව ඒ මහතාගේ අදහස වී තිබේ.

එමෙන්ම බැඳුම්කර ගනුදෙනුව තුළින් ලංකා රජයට සිදු වු පාඩුව පියවා ගැනීමට එය සිතා මතා සිදු කරනු ලැබු සැළසුම් සහගත අපරාධයක් වන බැවින් අපරාධ නීතිය යටතේ නඩුවක් ගොනු කළ යුතු යැයි ද මුසම්මිල් මහතා සඳහන් කර ඇත.

Comment (0) Hits: 867

මිලියන 20 ක් වංචා කිරීමේ නඩුවේ ගම්මන්පිලට එරෙහිව සාක්ෂි රැසක් අධිකරණය හමුවට

උදය ගම්මන්පිල මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබෙන මිලියන 20 ක වංචාවක් කරන ලදැයි සඳහන් නඩුව සනාථ කිරීම සඳහා සාක්ෂි කරුවන් 20 ක් සහ ලේඛන 14 ක් ඉදිරපත් කිරීමට සුදානමින් සිටින බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබේ.

2000 වසරේදී ඩිජිටල් නොමිනීස් සමාගම විසින් මිලදීගෙන තිබූ කොළඹ පෑන් ඒෂියා බැංකුව විසින් නිකුත් කරන ලද ව්‍යාපාර කොටස් ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාට විකිණීමෙන් රුපියල් මිලියන 20ක මුදලක් වංචා කරන ලදැයි යන නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයා මෙම දැනුම්දීම සිදුකර ඇත.

ඩිජිටල් නොමිනීස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස එවකට සේවය කළ බ්‍රයන් රොස් ෂැඩ්ඩික් මහතා හා ජැනට් එලිසබෙත් ෂැඩික් මහත්මිය අත්සන් නොකළ බව දනිමින්ම හා ඔවුන් අත්සන් කළ බවට විශ්වාස කිරීමට කිසිඳු සාධාරණ හේතුවක් නොමැතිව, ව්‍යාජ ලෙස සකස් කළ ඇටෝර්නි බලපත්‍රයක්, ප්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හට සත්‍ය ලේඛණයක් ලෙස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද නීතිපතිවරයා විසින් තවත් නඩුවක් පවරා තිබුණි.

මෙම නඩුවල හරස් ප්‍රශ්ණ ඇසීම අද(18) කොළඹ මහාධිකරණයේදී සිදුවිය.

මීට අමතරව, වර්ෂ 1996 සැප්තැම්බර් මස 26 වැනිදා හා වර්ෂ 1997 සැප්තැම්බර් 21 වැනිදාත් අතර කාලය තුල රුපියල් මිලියන 21ක මුදලක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම මෙන්ම අදාල මුදල සාවද්‍ය පරිහරණය කිරීම පිළිබඳව ද අධි චෝදනා 04ක් යටතේ නීතිපති වරයා විසින් තවත් නඩුවක් පවරා ඇත.

නඩුව මේ මස 26 වනදාට කල් තබා තිබේ.

Comment (0) Hits: 874

Page 623 of 642