පුවත්

දිස්ත්‍රික්ක 05කට නායයෑම් අනතුරු ඇඟවීමක්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 05ක හඳුනාගත් ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
එම නිවේදන අද (30) ප.ව. 2:30 සිට හෙට (31) ප.ව. 2:30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ සොරනාතොට, පස්සර යන ප්‍රදේශවලට, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයට, මොනරාගල දිස්ත්‍රික්කයේ මැදගම ප්‍රදේශයට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ හගුරන්කෙත, වලපනේ ප්‍රදේශවලට අදාළ වන පරිදි එම නායයෑමේ අනතුරු ඇඟවීමේ (මට්ටම 2 යටතේ) නිවේදන නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පරිසරයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසය.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හාලිඇල සහ බණ්ඩාරවෙල ප්‍රදේශ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලෙගම, රත්තොට, නාඋල යන ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

සුමාත්‍රා මුහුදේ ප්‍රබල භූමිකම්පාවක් – ලංකාවට දැනුම් දීමක්
උතුරු සුමාත්‍රා මුහුදේ ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇත.
ඉන්දුනීසියානු භූ විද්‍යා අංශ අනුව රික්ටර් මාපකයේ ඒකක 6.5කින් එහි අගය සටහන්ව ඇති අතර, ඇමරිකානු භූ විද්‍යා සමික්ෂණ ආයතනය අනුව රික්ටර් මාපකයේ ඒකක 5.8ක් බව සදහන් කෙරේ.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ අවට ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් නිකුත් කරන නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු අඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

IMF ගැන මහබැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්
ඕනෑම රජයක් යටතේ IMF EFF වැඩසටහන ඉදිරි වසර 04 සඳහා අඛණ්ඩ ව පැවතිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.
ණය සහන සහ ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කර තිබේ.
ගිවිසුමෙන් ඒකපාර්ශ්වික ව ඉවත් වීම දැඩි බලපෑම්වලට තුඩු දෙනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.

මාධ්‍යවේදී සනත් බාලසූරියගේ මැණියන් අභාවප්‍රාප්ත වෙයි
ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති, ප්‍රවීණ ලේඛකයෙකු හා පරිවර්තකයෙකු වන සනත් බාලසූරිය මහතාගේ ආදරණීය මෑණියන් වන විශ්‍රාමික පාඨශාලා ආචාරිනී ඒ.එම්.සී කුමාරිහාමි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.
දේහය උඩුබද්දාව, උඩවෙලවත්ත නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට සවස 5ට බුන්නැහැපොල ආදාහනාගාරයේදී සිදුකෙරෙයි.

අනුරපුරෙනුත් කොරෝනා මරණයක්
කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.
මියගොස් ඇත්තේ මැදවච්චියෙ 54 හැවිරිදි තිදරු මවකි.
ශ්වසන ආබාධයක් හේතුවෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කර ඇති ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකර ලබමින් සිට්යදි ම්යගොස් තිබේ.
සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදි ඇයට කොරෝනා වැළදි ඇතැයි තහවුරු වී ඇති බව රෝහලේ උසස් නිලධාරයෙක් සඳහන් කළේය.

මත්පැන් මිල සංශෝධනයක්
මත්පැන් මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගත් බව ඩිස්ටිලරීස් සමාගම පවසයි.
ඒ අනුව, මිලිලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 90කින් ඉහළ දමා තිබේ.
මිලිලීටර් 375 මත්පැන් බෝතලයක මිල 50කින් ද මිලිලීටර් 180 මත්පැන් බෝතලයක මිල රුපියල් 20කින් ද ඉහළ දමා ඇතැයි ඩිස්ටිලරිස් සමාගමේ නිලධාරියෙක් පැවසීය.
ඔහු සඳහන් කළේ, නව මිල ගණන් 2024 ජනවාරි පළමු වන දා සිට ක්‍රියාත්මක කෙරෙන බව ය.
එකතු කළ අගය මත බද්ද (VAT) ඉහළ යාම සලකා බලා මත්පැන් මිල ගණන් ද සංශෝධනය කළ බව අදාළ නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

වැට් සංශෝධනය නිසා පවුලක වියදම 40000කින් ඉහළ යනවාද ? මෙන්න ඇත්ත !
එකතු කළ අගය මත බද්ද (VAT) යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් වැට් බදු සංශෝධනය හමුවේ සිදුවන බලපෑම අවම කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා ප්‍රකාශ කළාය.
මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනූජා පෙරේරා මේ බව සඳහන් කළේ “එකතු කළ අගය මත බදු (VAT) සංශෝධන පනත සහ එහි බලපෑම” යන මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (28) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
ආර්ථික විද්‍යාව පිළිබඳ විෂය දැනුම ඇති ඇතැම් පිරිස් පවා ජනවාරි 01 වනදා සිට වැට් බද්ද ක්‍රියාත්මක වීමෙන් අනතුරුව පවුලක මාසික වියදම තවත් රුපියල් 40,000කින් පමණ ඉහළ යන බවට මතයක් සමාජගත කරමින් සිටින නමුත් එම ප්‍රකාශ මුළුමනින්ම සාවද්‍ය බව ද මෙහිදී අවධාරණය කෙරිණ.
තවද, අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් නිදහස් බවත්, විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා ද වැට් බද්ද අදාළ නොවන බවත් මෙහිදී සඳහන් විය.
දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර්, ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි හා අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනක එදිරිසිංහ යන මහත්ම මහත්මීහූ ද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශක තනූජා පෙරේරා මෙසේද පැවසුවා ය.
2002 අංක 14 දරණ පනත මගින් වැට් බද්ද පනවා තිබෙනවා. ඒ අනුව එය මෙරටට හඳුන්වා දී වසර 20ක් පමණ ගතවී තිබෙනවා. මුල් අවධියේදී වැට් බදු අනුපාත දෙකක් වශයෙන් පැවතුනත් පසුව එය අනුපාත තුනක් ලෙස සංශෝධනය වුණා. මේ ආකාරයට වරින් වර විවිධ අගයන්වලින් පැවතුණු මෙම වැට් බදු අනුපාතය 2019 වසරේ සිදු කළ බදු සංශෝධන මගින් 8%ක් දක්වා පහත දැමුණා. ඒ හමුවේ රාජ්‍ය ආදායම විශාල ප්‍රමාණයකින් පහත වැටුනා. පසුව එය 15%ක් දක්වා ඉහළ දැමුණා.
පසුගිය මාසයේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුනු වැට් බදු සංශෝධන පනත මගින් 2024 ජනවාරි 01 වනදා සිට වැට් බදු අනුපාතය 15% සිට 18% දක්වා වැඩි කර තිබෙනවා. අපට තවදුරටත් සහන මත පදනම්ව ඉදිරියට යාමට අපහසුයි. රාජ්‍ය අදායම ඉහළ නංවා ගැනීමේ අත්‍යවශ්‍ය කාරණය මත මෙම බදු සංශෝධනය සිදුකර තිබෙන බව කිව යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන බදු ප්‍රතිසංස්කරණ ගණනාවක් පසුගිය කාලය තුළ සිදුකර තිබෙනවා.
2019 වර්ෂය වන විට වැට් බදු සඳහා ලියාපදිංචි වීමේ සීමාව මිලියන 15ක්ව පැවතුනා. නමුත් 2020 ජනවාරි 01වන දා සිට එම සීමාව මිලියන 300ක් දක්වා ඉහළ නංවනු ලැබූවා. ඒ සමඟ වැට් බදු සඳහා ලියාපදිංචි වී තිබූ බදු ලිපිගොනු විශාල ප්‍රමාණයක් අක්‍රීය වුණා. නමුත් පසුව එය මිලියන 80ක සීමාව දක්වා පහත හෙළනු ලැබුවා. නව සංශෝධනය අනුව 2024 ජනවාරි 01වනදා සිට එය රුපියල් මිලියන 60ක් දක්වා තවදුරටත් පහතට ගෙනැවිත් තිබෙනවා.
ඒ වගේම බදු නිදහස් කිරීම් විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට නව සංශෝධනයේදී කටයුතු කර තිබෙනවා. රජයට අහිමි වී තිබූ අති විශාල ආදායම නැවත ලබාගැනීම මෙහි අරමුණයි.
නමුත් ඇතැමුන් මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් වැරදි අදහස් සමාජගත කරමින් සිටිනවා. ඇතැමුන් හුවා දක්වනවා ජනවාරි 01වනදා සිට ජීවත් වෙන්න අමාරු බවත්, බදු සංශෝධනය සමග අති විශාල වියදමක් පවුලකට දැරීමට සිදුවන බවත්. බදු සංශෝධනය නිසා යම් අමතර වියදමක් එකතු වන නමුත් එය ඇතැමුන් උලුප්පා දක්වන තරමේ ඉහළ යාමක් නොවන බව සඳහන් කළ යුතුයි. ඒ වගේම එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් මේ වන විටත් රජය අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.
උදාහරණයක් ලෙස ඇතැම් භාණ්ඩ ආනයනය කිරීමේදී වරාය හා ගුවන්තොටුපළ බද්ද අදාළ වෙනවා. එම භාණ්ඩවලින් වරාය හා ගුවන්තොටුපළ බද්ද ඉවත් කර වැට් බද්ද පමණක් පවත්වා ගැනීම මගින් වැට් බද්ද වැඩි වීම මගින් සිදුවන බලපෑම අවම කිරීමට කටයුතු කිරීම වැනි සාධනීය පියවර ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ කේ. කේ. අයි. එරන්ද
එකතු කළ අගය මත බද්ද අපේ රටේ ආදායම එක්රැස් කරගැනීමේ ප්‍රධානතම මෙවලමක්. 2023 වර්ෂය සඳහා වැට් බද්ද මගින් රුපියල් බිලියන 600ක් ඉක්මවා යන ආදායමක් අප අපේක්ෂා කළා. නමුත් ලැබී තිබෙන්නේ ඉන් බිලියන 450ක පමණ ප්‍රමාණයක් පමණයි. 2024 වර්ෂය සඳහා වැට් බද්ද මගින් රුපියල් බිලියන 1400ක පමණ ආදායමක් අපේක්ෂා කරනවා.
අපේක්ෂාව කෙසේවූවත් බාහිර, අභ්‍යන්තර සහ බදු නිදහස් කිරීම් වැනි බදු කාන්දුවීමේ සාධක නිසා මෙම අදායම අහිමිවී තිබෙන බව අප තහවුරු කරගෙන තිබෙනවා. මේ නිසා බදු ගෙවන්නන් ප්‍රමාණය වැඩි කිරීමට සහ බදු නිදහස් කිරීම් අවම කිරීමට රජයට සිදුවී තිබෙනවා. එසේ වූවත් ජනතාවට විශාල බලපෑමක් ඇතිවන භාණ්ඩ සහ සේවාවන්ගේ බදු නිදහස් කිරීම් ඉවත් කර නැහැ. අධ්‍යාපන සේවා, විදුලිය, සෞඛ්‍ය, ඖෂධ, මගී ප්‍රවාහනය, ආහාර අතුරින් සියලුම එළවළු සහ පළතුරු ඇතුළු අයිතම වර්ග 90කට ආසන්න ප්‍රමාණයක් වැට් බද්දෙන් තවදුරටත් නිදහස් ව පවතිනවා. ඒ වගේම හාල්මැස්සන්, ලොකු ලූණු, කරවල වැනි විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පනවා ඇති අයිතම වර්ග 65ක් සඳහා වැට් බද්ද අදාළ වන්නේ නැහැ.
ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජානක එදිරිසිංහ
ශ්‍රී ලංකාව මහ බැංකුවේ මූලික අරමුණ දේශීය මිල ස්ථායීතාවය පවත්වා ගැනීමයි. ඒ අනුව නව මහබැංකු පනත සමඟ කාර්තුමය වශයෙන් රටේ උද්ධමනය 3-7%ක ප්‍රමාණයක පවත්වාගත යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව සහ රජය එක්ව ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අපගේ ඉලක්කය උද්ධමනය 5% ක පමණ මට්ටමක පවත්වා ගැනීමයි. බදු සංශෝධනයක් උද්ධමනයට බලපෑම් කරනවා. නොවැම්බර් මාසයේ උද්ධමනය 3.4% ලෙස වාර්තා වුණා.
පවුලක සාමාන්‍යයෙන් සාමාජිකයන් 4ක් ලෙස සලකනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව පසුගිය නොවැම්බර් මාසයේ පවුලක සාමාන්‍ය මාසික වියදම 177,687.44 ලෙස සටහන් වෙනවා. ඒ අනුව ගත් විට සමස්තයක් ලෙස සාමාන්‍ය පවුලක වියදම රුපියල් 40,000 කින් වැඩි විය නොහැකි බව ඔබට හොඳින්ම වැටහෙනවා ඇතියි.
නමුත් මහබැංකුව ඇස්තමේන්තුගත කර තිබූ ආකාරයට බදු සංශෝධනයට පෙර තිබූ උද්ධමන පුරෝකතන සහ බදු සංශෝධනය පිළිබඳ අදහස් පළ වීමෙන් අනතුරුව ඉදිරිපත් වුණු පුරෝකතන අතර පවතින වෙනස දෙස බැලුවොත් කෙතරම් මිල වැඩිවීමක් නිසා කෙතරම් ප්‍රමාණයක උද්ධමනය වැඩිවීමක් සිදුවේද යන්න පිළිබඳ වටහාගත හැකියි.
මෙම බදු සංශෝධනයේ ඍජු සහ වක්‍ර බලපෑම් සියල්ලම සලකා බැලීමෙන් අනතුරුව අප 2-3% අතර ප්‍රමාණයක උද්ධමනය වැඩි වීමක් සිදුවෙතැයි පුරෝකතනය කර තිබෙනවා. නමුත් එකතු කළ අගය මත බද්ද යටතට ගැනෙන භාණ්ඩ හා සේවා මත පනවා ඇති වෙනත් බදු ඉවත් කර සුදුසු බදු ගැලපීම් සිදු කරමින් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බව මුදල් අමාත්‍යාංශයත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා දැනට අප පුරෝකතනය කර ඇති අනුපාතය ද තවදුරටත් අඩුවීමේ හැකියාවක් පවතිනවා. සමස්තයක් විදියට දෙසැම්බර් මාසයට සාපේක්ෂව ජනවාරි මාසය වන විට පවුලක මාසික වියදම රුපියල් 40,000කින් පමණ වැඩිවීමක් සිදු වෙන්න බැහැ. එවැනි ප්‍රකාශ පිළිබඳ අප කණගාටු වෙනවා.
ජනාධිපති කාර්යාලයේ රාජ්‍ය ආදායම් ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් එම්. ජේ. ගුණසිරි
මේ වසර සැලකූ විට මේ දක්වා රජයේ ආදායම රුපියල් ට්‍රිලියන තුනකට ආසන්න සීමාවකට ළඟාවී තිබෙනවා. අපේ බලාපොරොත්තුව පැවතුණේ මේ වසරේ මුළු රාජ්‍ය ආදායම රුපියල් මිලියන 2850ක් පමණ වනු ඇතියි. නමුත් එම ඉලක්කය මේ වන විට අප පසුකර තිබෙනවා.
ඒ වගේම 2023 වර්ෂයේදී රජය විසින් පැනවූ බදු මගින් යම් පීඩනයක් ඇති වූවත් ජනතාවගේ අත්‍යවශ්‍ය සියලු සේවාවන් අඩුපාඩුවකින් තොරව සැපයීමට කටයුතු කර තිබෙනවා. යම් පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක් අසාමාන්‍ය ලෙස භාණ්ඩවල මිල ඉහළ දමමින් කටයුතු කරනවා නම් රජය සහ ජනතාව එක්ව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ හැකියාව පවතිනවා. ලෝකයේ අනෙකුත් රටවල් ගත් විට එම රටවල දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම 6-8% අතර මට්ටමක පවතිනවා. නමුත් ශ්‍රී ලංකාවේ මේ වසරේ දත්ත සලකා බැලුවත් දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම පවතින්නේ 2.2% වැනි ප්‍රමාණයකයි.
2024 වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව වැට් බදු ආදායම 4%ක් පමණ වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. නමුත් එය ප්‍රශස්ත මට්ටම නොවෙයි. ඒ නිසා ආර්ථික ක්‍රියාකාරකම් නිසි පරිදි මෙයෙවීමේ යාන්ත්‍රණයක් දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතිනවා. ඒ සඳහා 2024 අයවැය මගින් ඩිජිටල්කරණය සහ සියලුම ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා.
දේශිය අදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ඒ. එම්. නෆීර්
පාර්ලිමේන්තුවෙන් සම්මත කර දුන් මෙම බදු පනත ක්‍රියාත්මක කිරීමේ වගකීම දේශීය අදායම් දෙපාර්තමේන්තුව වෙත පැවරී තිබෙනවා. බදු පදනම පුළුල් කිරීමේ ක්‍රියාමාර්ගයක මේ වන විට අප යෙදී සිටිනවා. ලියපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව ගත් විට, 2022 වර්ෂයේදී සමාගම් 73,444ක් ලියාපදිංචි වී තිබූ අතර, මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එය 81,909ක් දක්වා වැඩි වී තිබෙනවා.
තනි පුද්ගලයින් ලෙස 2022 වර්ෂයේ දී පුද්ගලයින් 204,467ක් බදු ලියාපදිංචි වී සිට අතර මේ වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එම සංඛ්‍යාව 500,196 දක්වා වැඩි වී තිබෙනවා. ලියාපදිංචි හවුල් ව්‍යාපාර සංඛ්‍යාව 13,776 සිට 15,579 දක්වා වැඩි වී තිබෙනවා. උපයන විට ගෙවන බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 41,636 සිට 242,679 දක්වා වර්ධනය වී තිබෙනවා. වැට් බද්ද සඳහා ලියාපදිංචි සංඛ්‍යාව 10,604 සිට 13,546 දක්වා වැඩි වී තිබෙනවා. 2019 වසරේ බිලියන 1025ක් වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායම, 2020 වර්ෂයේදී බිලියන 500 දක්වා අඩු වූවත් මේ වර්ෂයේදී අපට බිලියන 1500 දක්වා ඉහළ නැංවීමට හැකි වුණා. එය සිදු වුණේ බදු පදනම පුළුල් කිරීම සහ බදු අනුපාතයන් වෙනස් කිරීම මගිනුයි.
මේ තත්ත්වය ඉදිරියේදී ලිහිල් විය හැකියි. 2024 ජනවාරි මාසයේ සිට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ලබා ගත යුතුයි. මෙය වරදවා වටහාගන්න එපා.
ලියාපදිංචි අංකය ලබාගැනීම සහ බදු ලිපිගොනු විවෘත කිරීම කාරණා දෙකක්. සෑමදෙනෙකුටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙනවා වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN Number) ද පැවතිය යුතුයි. බදු ගෙවීම සඳහා තරම් ආදායමක් පවතින්නේ නම් පමණක් ඔවුන් ආදායම් බදු ගෙවිය යුතුයි. එවිට ඔවුන්ට අදායම් බදු ගෙවීම සඳහා ලිපි ගොනුවක් විවෘත කිරීම සිදු වෙනවා

වසර හතරකට පෙර තුරන් කළ සරම්ප ආයෙත් හිස ඔසවයි !
මෙම වර්ෂයේ මැයි මාසයේ සිට මේ දක්වා සරම්ප රෝගීන් 700කට වැඩි පිරිසක් මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙහිදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ, ගම්පහ සහ යාපනය දිස්ත්‍රික්කවලින් වීමද විශේෂත්වයකි .
ඊට අමතරව කලුතර, ගාල්ල, මාතර, මහනුවර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් සහ කල්මුණේ ප්‍රදේශයෙන්ද සරම්ප රෝගීන් වාර්තා වී තිබේ.
සරම්ප යනු ''මෝබිලි වෛරස්'' ගණයට අයත් ''පැරාමික්සෝ වෛසරය'' මගින් වේගයෙන් බෝවන රෝගයකි.
වෛද්‍යවරුන් පවසන්නේ ශ්‍වසන මාර්ගය හරහා ඇතුළුවන වෛරසය ශරීරගතවී සති දෙකක් පමණ ගත වන විට රෝගී ලක්ෂණ මතුවීම සිදුවන බවයි.
එහි මූලික ලක්ෂණ වන්නේ, උණ, සෙම්ප්‍රතිශ්‍යාව, නාසයෙන් සොටු දියර ගැලීම සහ ඇස් රතු වීමය.
සාර්ථක එන්තන්තරණ වැඩසටහනකින් පසුව 2019 දී ශ්‍රී ලංකාව සරම්ප රෝගය මෙරටින් තුරන් කරනු ලැබීය.
ඒ දකුණු ආසියාවේ සරම්ප තුරන් කළ රටවලින් පහ අතරින් එක් රටක් බවට පත්වෙමිනි.
නමුත්, සිව් වසරකට පසු යළිත් මෙරටින් සරම්ප රෝගීන් වාර්තාවීම සැළකිය යුතු කරුණකි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, යළි මෙරටින් වාර්තා වන සරම්ප රෝගය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අවධානය යොමුව ඇති බවය.
ඒ අනුව සරම්ප රෝගය තුරන් කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ සහ ජාතික උපදේශක කමිටුවේ ද උපදෙස් ලබාගෙන තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, 2024 ජනවාරි 6 වැනිදා සිට දිවයිනම ආවරණය වන පරිදි එන්නත්කරණ වැඩසටහනක් දියත් කරන බවය.

අල්ලස් කොමිසමට නව සභාපතිවරයෙක්
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී ඉද්දවෙල පත් කර තිබේ.
ඒ , ජනවාරි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ය.
චේතිය ගුණසේකර සහ බර්නාඩ් රාජපක්ෂ යන එහි සෙසු සමාජිකයින් ලෙස පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ ය.
දූෂණයට එරෙහිව සටන් කිරීමේ ශ්‍රී ලංකාවේ වගවීම සහතික කරන ප්‍රමුඛ ආයතනය ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කටයුතු කරයි.

ගම්පහ රෝහලෙත් කොරෝනා මරණයක්
ගම්පහ රෝහලෙන් කොරෝනා මරණයක් වාර්තා වී තිබේ.
එක ම පවුලේ කාන්තාවන් දෙදෙනෙකුට වමනය යාම හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්ක මහ රෝහලට දෙසැම්බර් 25 වන දා ඇතුළත් කර ඇති අතර එම දෙදෙනා අතරින් එක් කාන්තාවක් ඊට පැය දෙකකට පමණ පසුව මිය ගොස් ඇත.
එහිදී සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී එම මියගිය කාන්තාවට කොරෝනා ආසාදිත බව තහවුරු වී තිබේ.
මිය ගොස් ඇත්තේ, යක්කල, කොස්කඳවල ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි විවාහක කාන්තාවකි.
පොලිසිය සඳහන් කළේ, රෝහල්ගත කෙරුණු එම කාන්තාවගේ වැඩිමහල් සොහොයුරියගේ ද ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කර ඇති අතර ඇයට ද කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇති බව ය.
එම කාන්තාව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්ක මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මියගිය කාන්තාවගේ දේහය පවුලේ ඥාතීන් වෙත භාර දීමෙන් අනතුරුව නිවසට රැගෙන නොගොස් කසගහවත්ත ආදාහනාගාරයේදී ඊයේ (දෙසැ. 27) ආදාහනය කෙරුණු බව පොලිසිය පවසයි.
මව්බිම

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට නව පනත් 08ක්
නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීමට ලබන වසරේ ජනවාරි මස නව පනත් අටක් සම්මත කිරීමට සූදානම් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ යුක්තිය පසිදලීමේ කාර්ය භාරය වඩාත් කාර්යක්ෂම කරමින් නීති පද්ධතිය යාවත්කාලීන කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශය විසින් පසුගිය මාස 18ක කාලය තුළ සම්මත කරන ලද නව නීති, අණ පනත් සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
රටක් දියුණු වනවානම් එම රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම වඩා වැදගත් බව අමාත්‍යවරයා විසින් සඳහන් කල අතර ආර්ථික වශයෙන් රට ප්‍රකෘත්තිමත් වන්නට පටන් ගත්තා සේම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා තමන් අධිකරණ අමාත්‍යාංශය භාරගත් දින සිට මේ දක්වා විවිධ නීති අණපනත් 45කට වැඩි සංඛ්‍යාවක් සංශෝධනය කරමින් නව නීති සකස් කිරීමට කටයුතු කල ආකාරය සහ ඉදිරි වසරේ ජනවාරි මස තවත් වැදගත් පනත් අටක් සම්මත කිරීමට සූදානම් බවත් ඉදිරියේදී අවශ්‍යතාවයන් අනුව නව අණපනත් සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා විසින් සදහන් කළේය.
අල්ලස දූෂණය නැති කිරීම සඳහා දූෂණ විරෝධී පනත වැනි පනත් සම්මත කරගැනීම තුලින් නාස්තිය හා දූෂණය අවම කරමින් රටේ දියුණුව සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග වඩා යහපත් ආකාරයට ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට සම්මත කර ඇති පනත් ප්‍රමාණවත් බවත් අදාල පනත් හරහා නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් වඩා යහපත් තත්වයකට රට පත් කිරීම අපහසු නොවන බවද මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.
මේ දින වල දිවයින පුරා ක්‍රියාත්මක වන පොලිස් මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හටද රටේ පොදු නීතියට අනුව කටයුතු කරන බවද මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරුදෙමින් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කරන ලදී.
පසුගිය කාලසීමාව තුල මෙරට ආර්ථීක වශයෙන් මෙන්ම සියළු අංශවලින් රට අරාජිකත්වයට පත්වූ අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමන් ඇතුළු සුළු පිරිසක් ඉදිරිපත් වී කුඩා කැබිනට් මණ්ඩලයක් පිහිටුවාගෙන රට අරාජිකත්වයෙන් ගලවාගැනීමේ අභියෝගය භාරගත් බවත් එසේ රට භාරගෙන කටයුතු කිරීම තුළින් යම් සුභදායී තත්වයට රට පත්කරගැනීමට හැකිවූ බව ද සඳහන් කල අමාත්‍යවරයා පැහැදිලි කලේ හිස්ව තිබූ මහා භාණ්ඩාගාරයේ සංචිත ඉහල නංවාගැනීම කඩිනමින් කලයුතුව තිබූ අතර මේ මොහොත වන විට ඩොලර් සංචිය අපේෂිත මට්ටමට ගෙන ඒමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවත් සඳහන් කළේය.

ප්‍රවීන දැන්වීම් නිර්මාණ ශිල්පී හරිත් ගුණවර්ධන අභාවප්‍රාප්තවේ
ප්‍රවීන දැන්වීම් නිර්මාණ ශිල්පීයකු වූ හරිත් ගුණවර්ධන අද (28) උදැසන අභාවප්‍රාප්ත වී තිබේ.
සැලසිනේ ආයතනයේ සභාපතිවරයා වන හරිත් ගුණවර්ධන, අද උදැසන සිය කාර්යාලය වෙත එමින් සිටියදී බොරලැස්ගමුව අසලදී ඇති වූ හදිසි රෝගී තත්වයකින් මියගොස් ඇතැයි වාර්තාවේ.
මිය යන විට ඔහු 55 වැනි වියෙහි පසු විය.

තරංගලාගේ සංචිතය හරීන්ගේ අනුමැතියට !
සිම්බාබ්වේ හි පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය සඳහා නව තේරීම් කමිටුව විසින් නම් කළ මූලික සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහා වෙත යොමුකර ඇතැයි වාර්තා වෙයි.
ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ ආබාධයක් හේතුවෙන් එක්දින ලෝක කුසලාන තරගාවලිය අහිමිවූ තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගද මෙම මූලික සංචිතයට ඇතුළත් බවයි.
2024 ජනවාරි 06 වනදා සිම්බාබ්වේට එරෙහිව ආරම්භ වන එක්දින තරගාවලියට සහ විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් විසි එක් දෙනෙක්ගෙන් යුත් මූලීක සංචිතයක් නම්කිරීමට උපුල් තරංගගේ සභාපතීත්වයෙන් යුත් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
අදාළ සංචිතය පහත දැක්වෙයි .
කුසල් මෙන්ඩිස්
පැතුම් නිස්සංක
අවිශ්ක ප්‍රනාන්දු
නුවනිඳු ප්‍රනාන්දු
චරිත් අසලංක
සදීර සමරවික්‍රම
වනිඳු හසරංග
දසුන් ශානක
චාමික කරුණාරත්න
දුනිත් වෙල්ලාලගේ
ජනිත් ලියනගේ
කමිඳු මෙන්ඩිස්
මහීෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
අකිල ධනංජය
ප්‍රමෝද් මධුෂාන්
දුෂ්මන්ත චමීර
ඩිල්ෂාන් මධුෂංක
චාමික ගුණසේකර
අසිත ප්‍රනාන්දු
දෙරට අතර එක්දින තරගාවලිය ජනවාරි 6 , ජනවාරි 8 සහ ජනවාරි 11 යන තෙදින පැවැත්වීමට නියමිත අතර 20-20 තරගාවලිය ජනවාරි 14, 16 සහ 18 යන දිනයන්හීදි පැවැත්වෙයි.

ජංගම දුරකථන ගැන රජයෙන් නිවේදනයක් !
ජංගම දුරකථනයක් මිලදීගැනීමේදී එම දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්ද යන්න තහවුරු කරගත යුතු බව එහි අනුකූලතා අධ්‍යක්ෂ මේනකා පතිරණ පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මේනකා පතිරණ පවසන්නේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා ඒ බව තහවුරු කරගත හැකි බවය.
ඒ සඳහා IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15කින් යුතු IMEI අංකය ටයිප් කර 1909ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ කෙටි පණිවුඩයක් යොමුකිරීම හරහා එහි සත්‍ය අසත්‍යතාව තහවුරු කරගත හැකි බවත් එහි සඳහන් වෙයි.

යුක්තිය යළි ඇරඹේ !
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල අපරාධ කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති "යුක්තිය" මෙහෙයුම අද (27) සිට යළි ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය පවසයි.
උත්සව සමයේ නිලධාරීන් වැඩි පිරිසක් විශේෂ රාජකාරියේ යෙදවීම සඳහා මෙම මෙහෙයුම පසුගිය (24) දින සිට සීමා කර තිබුණි.
ඒ අනුව පොලිස් මූලස්ථානය පවසන්නේ උත්සව සමය හේතුවෙන් සීමා කළ මෙහෙයුම අද සිට පෙර පරිදි සිදුවන බවයි.
යුක්තිය මෙහෙයුමේදී මේ දක්වා 13,600ට අධික සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය වාර්තා පවසයි .

හරීන් ගහපු අලුත්ම ගැසට් එක මෙන්න !
ක්‍රීඩා සංගම් දෙකක සහ ක්‍රීඩා සම්මේලන 03ක ලියාපදිංචිය තාවකාලිව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රානාන්දු හට ,1973 අංක 25 දරන ක්‍රීඩා පනත හා සංශෝධන අනුව 32 සහ 33 වගන්ති යටතේ පැවරී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව අත්හිටුවන ලද ක්‍රීඩා සංගම් සහ සම්මේලන පහත දැක්වෙයි .
- ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය
- ශ්‍රී ලංකා කබඩි සම්මේලනය
- ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනය
- ශ්‍රී ලංකා බ්‍රිජ් සම්මේලනය
- ශ්‍රී ලංකා ජාතික රෝද සපත්තු සංගමය

ජපාන මුදල් ඇමති ලංකාවේ සංචාරයක !
ජපාන මුදල් අමාත්‍යවරයා වන Shunichi Suzuki ම නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වෙයි .
ජපාන තානාපති කාර්යාලය නිවේදනය කර ඇති ආකාරයට ඔහු 2024 ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරය කිරීමට නියමිතව තිබේ.
මෙම සංචාරය තුළ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග ජපන් මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි .

එජාප මහ ලේකම් ධූරය ගැන තවත් හෝඩුවාවක් !
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයේ ජනවාරියේ සිදුවීමට යන වෙනසක් පිළිබඳවත් දේශපාලන කරළියේ ආරංචි පැතිර යමින් තියනවා.
ඒ ආරංචිවලට අනුව, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංස්කරණ හරහා නව නායකත්ව මණ්ඩලයක් පත් කරන්නයි යන්නේ.. පක්ෂයේ සියලු තීන්දු - තීරණ ගැනීමේ හා බලතල ක්‍රියාත්මක කිරීම මෙම මණ්ඩලයට පවරන්න එජාප නායක රනිල් තීන්දු කරලා කියල 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග වලින් වාර්තා වෙනවා.
ජනවාරි මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වන මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ දැනට පවතින පක්ෂයේ නිලතල රැසක්ම අහෝසි වෙන්න නියමිතයි.
දැනට තියන තොරතුරු අනුව මෙම නායකත්ව මණ්ඩලයට පත්කරන්න යන්නේ, රුවන් විජේවර්ධන, වජිර අබේවර්ධන , රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, සාගල රත්නායක, හරින් ප්‍රනාන්දු සහ නවීන් දිසානායක යන අයයි.
එක්සත් ජාතික පක්ෂයේ නව මහල්කම්වරයා ලෙස පත්කිරීමට යෝජනා වෙලා තියන්නේ, මැතිවරණ සඳහා ඉදිරිපත් නොවන පූර්ණ කාලීනව පක්ෂ කටයුතු සදහා සහභාගී විය හැකි පුද්ගලයෙක් කියලත් ආරංචියක් තියනවා.
දේශපාලන වාර්තාකරු
Page 116 of 460