අ.පො.ස (සාමාන්‍ය පෙළ) විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ සංසරණයවන ව්‍යාජ පුවතක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.ෙ
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
එම නිවේදනයට අනුව “මෙවර ප්‍රශ්න පත්‍රය විෂය බාහිරට ගොස් ප්‍රශ්න රටාව වෙනස්කොට සකසා ඇති අතර ඊට පිළියමක් වශයෙන් විද්‍යාව විෂය සඳහා මුහුණ දුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08ක් හිමිවන බවත් ඒ ඒ සාමාර්ථයන් සඳහා වන ලකුණු මට්ටම් ලකුණු 10කින් අඩු කර තිබෙන බව ද විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65කට වඩා ලබාගත් සෑම කෙනෙකුට ම හිමි” බව සඳහන්කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ එය සම්පූර්ණ අසත්‍ය තොරතුරක් බවයි.
එය ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ පමණක් සංසරණය වීමට සලස්වා ඇති බවත් එවැනි කිසිදු තීන්දුවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ගෙන නොමැති බවත් එම නිවේදනයේ සඳහන් වේ.
එමෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්රවෘත්ති නිවේදන නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ නීත්‍යනුකූලව ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන සහ අන්තර්ජාල වෙබ් අඩවි සඳහා පමණක් වන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් වාර්තා වෙයි.
ඒ සෑම නිවේදනයක්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාශයේ ලිපි ශීර්ශය සහිතව හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ශය සහිතව අදාළ බලධාරියාගේ අත්සන ද සහිතව අධ්‍යාපන අමාත්‍යාංශයීය මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිවැරැදි සුපරීක්ෂණයකින් පසුව සිදු කරන බව සඳහන් වේ.
එම නිසා එවන් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා වන මැතිවරණ පැමිණිලි සම්බන්ධව පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව දිවයින පුරා පොලිස් ස්ථාන වෙත ඊයේ (22) වැනිදා මැතිවරණ පැමිණිලි 02ක් වාර්තා වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
ගම්පොළ, නවකුරුදුවත්ත පොලිස් වසමේ වැටකෙදෙණිය ප්‍රදේශයේ පිහිටි නිවසකට ගල්වලින් පහරදීමක් සම්බන්ධව පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ පිළිබඳ නවකුරුදුවත්ත පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරයි.
එසේම අම්පාර, අක්කරපත්තුව පොලිස් වසමේ පල්ලිකුඩිඉරිප්පු 02 ප්‍රදේශයේ පුද්ගලයෙකුට බැන තර්ජනය කිරීමක් පිළිබඳ පැමිණිල්ලක් ලැබී තිබේ. අක්කරපත්තුව පොලිසිය ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.
වෛද්‍යවරුන්ගේ අමතර රාජකාරි සඳහා සිදුකරන ගෙවීම් සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයට මෙවර අයවැයෙන් සාධනීය විසඳුමක් හිමි වූ බව
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.
ඒ අද පැවැති අද ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින්ය.
අයවැය යෝජනා හරහා සෞඛ්‍ය ක්ෂේත්රයේ දීමනා කප්පාදුවන බව පවසමින් පසුගිය කාලසීමාව පුරා රට තුළ පැවතියේ දැඩි කතාබහකි.
ඇතැම් සෞඛ්‍ය වෘත්තිය සංගම් වැඩවර්ජන ක්‍රියාමාර්ගවලටද අවතීර්ණ වූ අතර බලධාරින් සමඟ සාකච්ඡා ද පවත්වා තිබුණේ මේ සඳහා සාධනීය පිළිතුරක් අපේක්ෂාවෙනි.
කොළඹ - නුවර මාර්ගයේ වරකාපොළ, හැලගල ප්‍රදේශයේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය සඳහන් කළේ, ලංගම බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
එලෙස අනතුරට ලක්ව ඇත්තේ, කොළඹ සිට මහනුවර දෙසට සහ මහනුවර සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථ දෙකක් වන අතර
තුවාලකරුවන් වරකාපොළ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙරට පාසල් සිසුන්ගෙන් 28.4%ක් සමාජ මාධ්‍ය භාවිතය, මාර්ගගත සන්නිවේදනය ආදි අන්තර්ජාලයේ සැරිසැරීම සඳහා සුපිරි ජංගම දුරකතන භාවිත කරන බව ඉකුත් දා නිකුත් වූ ශ්‍රී ලංකාවේ ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය හෙළි කරයි.
ඒ පිරිසගෙන් 31.3%ක් පිරිමි දරුවන් වන අතර, ගැහැනු දරුවන්ගේ ප්‍රතිශතය 25.5%කි.
වැඩිම ඉහළ ජංගම දුරකතන භාවිතයක් ඇත්තේ වයස අවුරුදු 16-17 අතර වයස් කාණ්ඩයේ වන අතර, එය 40.6%ක ප්රතිශතයකි. එමෙන්ම ඉකුත් මාස 12 තුළ මෙරට පාසල් සිසුන්ගෙන් 5.4%ක් සයිබර් හිරිහැර කිරීම්වලට (Cyber bullying) ලක් වී ඇති බවද සමීක්ෂණ වාර්තාවෙන් වැඩිදුරටත් අනාවරණය වේ. ඒ අතරින් වයස අවුරුදු 13- 15 දක්වා වයස් කාණ්ඩයේ ළමයින් 5.6%ක් සයිබර් හිංසා කිරීම්වලට ලක් වන අතර, ගැහැනු දරුවන්ට සාපේක්ෂව පිරිමි දරුවන් සයිබර් හිංසාවලට ලක් වීම වැඩි අගයක් ගන්නා බවද නිරීක්ෂණය වී ඇත.
ගෝලීය පාසල් පාදක ශිෂ්‍ය සෞඛ්‍ය සමීක්ෂණය (GSHS) 2024 මඟින් මෙරට රජයේ පාසල්වල අවුරුදු 13-17 අතර සිසුන්ගේ ආහාර පුරුදු, ශාරීරික ක්‍රියාකාරකම්, සනීපාරක්ෂාව, මානසික සෞඛ්‍යය, මුඛ සෞඛ්‍යය, මත්ද්‍රව්‍ය භාවිතය, ප්රචණ්ඩත්වය, මවුපියන් සහ සම වයසේ මිතුරන් සමඟ සම්බන්ධ වීම සහ ලිංගික හැසිරීම් ආදිය පිළිබඳ සමීක්ෂණයට ලක් කර ඇත.
2025 විසර්ජන පනත් කෙටුම්පතේ තෙවැනිවර කියවීම වැඩි ඡන්ද 159 කින් සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.
අද දිනයේ මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදයට ගනු ලැබීය.
එහිදී උදෑසන 10.00ට විවාදය ආරම්භ වූ අතර පස්වරු 6.00ට විවාදය අවසන් වීමෙන් පසු පැවැති අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීමේ දී, පක්ෂව ඡන්ද 159 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 45 ක් ප්‍රකාශ විය.
ඒ අනුව වැඩි ඡන්ද 114කින් අයවැය තෙවන වර කියවීම සම්මත වූ අතර මෙහිදී ශ්‍රී ලංකා කම්කරු පක්ෂයේ, කාදර් මස්තාන් අයවැයට පක්ෂව ඡන්දය ලබා දීම විශේෂත්වයක් විය.
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.
ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් හා ප්‍රාදේශීය පරිපාලන සහ පළාත් පරිපාලනය යාන්ත්‍රණය තවමත් ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ ආඥා පනත් සහ 1950 සිට 1970 දශකවල පනවනු ලැබූ නීති රෙගුලාසි හා ක්‍රියා පටිපාටි අනුවය.
එවකට පැවති සමාජ ආර්ථික තත්ත්වය, ප්‍රවාහන හා සන්නිවේදන යටිතල පහසුකම් පදනම් කරගනිමින් මෙම ක්‍රියා පටිපාටි ගොඩනගා ඇති අතර, වර්තමාන සංවර්ධන අවශ්‍යතා සහ මහජන කාර්යයන් ඉටුකිරීමට මෙම ක්‍රියා පටිපාටි කාලීනව සංශෝධනය විය යුතු බව අදාළ අමාත්‍යාංශය දැනුම් දෙයි.
ඒ අනුව පහත සඳහන් ආයතනවලින් ලබාගන්නා සේවා සම්බන්ධයෙන් නිරීක්ෂණය කර ඇති නීති, රෙගුලාසි හා ක්‍රියා පටිපාටි ගැටලු, එම ගැටලු විසඳීම සඳහා වූ යෝජනා පහත ලිපිනයට එවන ලෙසත් අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
සම්බන්ධීත රාජ්‍ය ආයතන –
අදහස් එවිය යුතු ලිපිනය –
විද්‍යුත් ලිපිනය –
Whatsapp – 00740896768
ලිපිනය – ප්‍රාදේශීය පරිපාලන ප්‍රතිසංස්කරණ අංශය, 17 වන මහළ, නිල මැදුර ඇල්විටිගල මාවත, කොළඹ 05
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මෙවර පිළිගත් දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයින් 80,000කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටී.
එම පිරිස ඉදිරිපත් වූයේ පිළිගත් දේශපාලන පක්ෂ 107 කින් හා ස්වාධීන කණ්ඩායම් 49 කින් ය.
ඉන් සභිකයින් 8500කට ආසන්න පිරිසක් තෝරාපත් කර ගැනීමට නියමිතය.
නාමයෝජනා භාර ගැනීම ඊයේ දහවල් 12 ට අවසන් විය.
ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර රැසක්ද ප්‍රතික්ෂේප වී තිබේ.
මැතිවරණ කොමිසම පැවසුවේ, මැයි 06 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන බවයි.
මේ අතර, මැතිවරණ අපේක්ෂකයින්ගේ නම් ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම ඉදිරි සතිය තුළ සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.
වාරියපොළදී ගුවන් හමුදා පුහුණු යානයක් කඩා වැටී තිබේ.
නියමුවන් දෙදෙනා පැරෂුට් මගින් ආරක්ෂිතව ගොඩ බැස ඇති අතර , ගුවන් අනතුරින් කිසිදු පුද්ගලයෙකුට ජීවිත හානි නොමැති බව ගුවන් හමුදා ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් නියමුවන් පුහුණු කිරීමේ K8 වර්ගයේ යානයක් වාරියපොල ප්‍රදේශයට කඩා වැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ගුවන් හමුදාපති විසින් සත්පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා අවසර දෙන්නැයි ඉල්ලමින්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය වෙත ලිපියක් යොමුකර තිබේ.
පෞද්ගලික කරුණක් හේතුවෙන් එම තීරණය ගත් බව බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
මේ වන විට එම ලිපිය, වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමුකර ඇතැයි ඔහු සඳහන් කළේ ය.
සිම්බාබ්වේ ක්‍රීඩා අමාත්‍ය කර්ස්ටි කොවෙන්ට්‍රි, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති තනතුරට පත් වූ පළමු කාන්තාව ලෙස අද (20) වාර්තා අතරට එක් විය.
ඒ, ග්රීසියේදී පැවැත්වෙන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ 144වැනි සැසියේදී.
අපේක්ෂකයන් 7ක් ඉදිරිපත් වූ නිලවරණයේදී ඇය ඡන්ද 49ක් ලබා ගනිමින් මෙම තනතුරට තේරී පත් විය.
2025 වසර සඳහා පාසල් පාවහන් ලබා ගැනීමට නිකුත් කළ තිළිණපත්වල වලංගු කාලය පිළිබඳ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දීමක් සිදු කරයි.
ඒ අනුව එහි වලංගු කාලය 2025 අප්‍රේල් 10 දක්වා දීර්ඝ කර ඇත.
මීට පෙර එම අමාත්‍යාංශය දැනුම්දී තිබූ නිවේදනයට අනුව මෙම වසර සඳහා වන එම තිලිණ පත්වල වලංගුතාව අදින්(20) අවසන් වේ.
වැඩ තහනමට ලක්වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
දේශබන්දු තෙන්නකෝන් ඊයේ (19) උදෑසන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, අද (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය.
දේශබන්දු තෙන්නකෝන් ඇතුලු 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේ, පසුගිය පෙබරවාරි 28 වැනිදායි.
ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා මාතර, වැලිගම හෝටලයක් අසළ සිදුවූ වෙඩිතැබීමේ සිද්ධියේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු මියයාම සම්බන්ධයෙනි.
දින 20 ක් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් ඊයේ අධිකරණයට භාර වූයේ, මෝසමක් ගොනු කරමිනි.
අධිකරණයට භාර වූ දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබේ.
අද උදෑසන මාතර මහේස්ත්‍රාත් අදීකරණය වෙත පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත්වීමෙන් අනතුරුව අද පස්වරුවේ නඩුව විභාගයට ගෙන ඇත.
ඒ අනුව නඩුව හෙට දිනයේ යලි කැදවීමටයි අධිකරණය නියෝග කර ඇත.
2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවූ වෙඩි තැබීමක් අතරතුර පොලිස් සැරයන්වරයෙකු මියයාම සම්බන්ධයෙන් එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ පසුගිය 27 වැනිදායි.
මේ අතර තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි දේශබන්දු තෙන්නකෝන් රිට් පෙත්සමක් මගින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දුටු තැන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 11 වනදා විවෘත වරෙන්තුවක් ද නිකුත් කළේය.
ඔහුගේ රීට් පෙත්සම වැඩිදුර විභාග කිරීම පසුගිය 12 වනදා සිදුකෙරුණි.
එහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඉල්ලා සිටියේ නඩුවට අදාළව තවත් සහතික කළ ලේඛන කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ඇති බැවින් තීන්දුව එදින ප්‍රකාශයට පත් නොකරන ලෙසයි.
ඒ අනුව අදාළ නියෝගය 17 වනදා ප්‍රකාශයට පත් කරන බවට අභියාචනාධිකරණය එදින නියෝග කළේය.
ඒ අදාළ පෙත්සම දීර්ඝ ලෙස සළකා බැලීමෙන් අනතුරුවයි.
පසුගිය 17වනදා අදාළ නියෝගය දෙමින් අභියාචනාධිකරණය අදාළ පෙත්සම නිශ්ප්රෙභ කළ අතර නියෝග කළේ දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි.
මෙවන් තත්ත්වයක් යටතේ ඔහු අද දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාරවී ඇත.
නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ ආරක්ෂිත සංචිතය නිලධාරීන් 60 දෙනෙකු දක්වා අඩු කිරීමට රජය ගෙන තිබූ තීරණය අභියෝගයට ලක්කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර ඇත.
මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කළ මෙම පෙත්සම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇත.
මහින්ද රාජපක්ෂ සිය නීතිඥවරුන් හරහා ගොනු කර ඇති පෙත්සමේ සඳහන් කර තිබුණේ නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙකු පමණක් ඉතිරි කොට සෙසු සියලු දෙනා ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි.
2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය පෙරේදා තීන්දු කළේය.
ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
එවැනි පසුබිමක අද (19) පෙරවරුවේ ඔහු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී ඇත.
දේශබන්දු තෙන්නකොන් රැදී සිටින බවට සැකකෙරෙන විවිධ ස්ථාන රාශියක් පිළිබදව සෝදිසි මෙහෙයුම් සිදුකර තිබු අතර දේශබන්දු තෙන්නකෝන් ගේ නීතීඥයන් විසින් අධිකරණයට ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය මගින් ඉවත දමා නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට කළ නියෝග මත රහස් පොලිස් විමර්ශන කණ්ඩායම් වැඩිකර තිබිණ.
මේ අතර වැඩබලන පොලිස්පතිවරයාගේ සෘජු අධික්ෂණය යටතේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත් අඩංගුවට ගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක කරමින් ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර තිබු අතර එම මෙහෙයුමට බුද්ධි අංශ සහයෝගයද ලබාගෙන තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
