ව්‍යවස්ථා සභාවේ සිටින සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා ගේ තුන් අවුරුදු නිල කාලය ලබන සතියේ අවසන් වන බවත්, ජනාධිපතිවරයා විගණකාධිපතිවරයකු පත් නොකර කල් මරන්නේ ජනවාරි මාසය උදා වන තුරුයි බවත් 2025 ජූලි 14 දින මාධ්‍ය හමුවක් පවත්වමින් තම පක්ෂය හෙළිදරව් කළා යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
මේ රජයට රට ගොඩනගන දැක්මක් වැඩපිළිවෙළක් මාර්ග සිතියමක් නොමැති බවත් මොවුන් කරන්නේ ප්රජාතන්ත්රවාදී අයිතිය අහෝසි කිරීම බවත් රජයේ වගකීම වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය හැකිලිම නොව විපතට පත් මාතෘභූමියට සහනයක් ගෙනවිත් ජන ජීවිත ශක්තිමත් කළ හැකි නව ගමනක් යාම වුවත් රජය මෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව නම් එවැනි දෙයක් නොපෙනෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.
වහාම මෙම මර්දන නීති අහෝසි කරන ලෙසත් පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතනවලින් පවත්වා ගෙන යන මර්දන යාන්ත්‍රණ වහා අහෝසි කරන ලෙසත්, වව්නියාවේ සිදුවීමට අදාළ නිලධාරින්ට එරෙහිව නීතිමය කටයුතු කරන ලෙසත්, නැවත මෙවැනි මානව හිමිකම් කඩකිරීම් සිදු නොකරන බවට සහතික වන ක්‍රියාවලියක් ආරම්භ කරන ලෙසත් ආණ්ඩුවට බලකරන්නේ යැයි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරි චන්දන සිරිමල්වත්ත පැවසී ය.
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වෙමින් වුව ද මේ වන විට PSTA නමින් පෙර තිබූ පනතටත් වඩා භයානක මර්දන පනතක් සම්මත කරගන්නට සුදානමින් සිටින බවත්, එම පනත සමාජයට බරපතළ ලෙස බලපෑම් කරන පනතක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසී ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
