පුවත්

මිලියන 2ක කරුමය අවසන් කරන උරුමය පෙබරවාරි 5 ඇරඹේ !
නිසි ඉඩම් හිමිකමක් නොමැතිව දැඩි පීඩාවට පත්ව සිටින මිලියන දෙකකට අධික ජනතාවගේ ගැටළුවට ස්ථිරසාර විසදුමක් ලබාදෙන උරුමය වැඩසටහනේ සමාරම්භක උත්සවය පෙබරවාරි මස 05 වනදා දඹුල්ලේ දී පැවැත්වෙන බව බව සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.
එහිදී රන් භූමි, ජය භූමි සහ ස්වර්ණ භූමි වැනි ඉඩම් බලපත්‍රලාභීන් 10,000කට අධික ප්‍රමාණයකට සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (31) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
රට තුළ තරුණ ව්‍යවසායකයින් මිලියනයක් බිහිකරන ඓතිහාසික වැඩසටහනක් ද මේ වන විටත් සැළසුම් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සංචාරක, ඉඩම් සහ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙසේ ද පැවසීය.
මීට වසර දෙකකට පමණ පෙර රට තිබූ තත්ත්වය පිළිබද පළමුව සිතා බැලිය යුතුයි. එදා මේ රට අසාධ්‍ය රෝගියෙකු බඳු තත්ත්වයකට පත්ව තිබුණා. ඒ අවස්ථාවේ බහුතරයක් කල්පනා කළේ රෝගියා කියන ආකාරයට ප්‍රථිකාර කිරීමටයි. නමුත් එක පුද්ගලයෙක් රෝගයට ගැලපෙන ආකාරයට ප්‍රථිකාර කිරීම ආරම්භ කළා. රෝගයට ගැලපෙන ආකාරයට ප්‍රථිකාර කරන විට රෝගීන් සතුටු නොවෙන්න පුළුවන්. නමුත් රෝගය සුව වෙනවා. අද රට සුවපත් වෙමින් තිබෙන්නේ රෝගයට ගැලපෙන ආකාරයට ප්‍රථිකාර කරන නිසයි.
අප කවදත් අභියෝග බාර ගන්නේ කාටවත් අභියෝග කිරීමට නොවෙයි. අප අභියෝග බාරගන්නේ රටට ජයග්‍රහණයක් අත් කර දීමටයි. ඒ අභියෝග මට හැකි උපරිමයෙන් ජයග්‍රහණය කරවා තියෙනවා. පසුගිය සමයේ සංචාරක කර්මාන්තය වැටී තිබූ තත්ත්වය පිළිබඳ කවුරුත් දැනුවත්. ඒ වගේම සංචාරක කර්මාන්තය අද තිබෙන තත්ත්වය ගැනත් කවුරුත් දැනුවත්. අද එය සීග්‍ර වර්ධනයක් අත්කර ගෙන තිබෙනවා.
ඒ වගේම අද වන විට ක්‍රිකට් තහනම ඉවත් කර කිරීමට අපට හැකි වුණා . වසර ගණනාවකට පසුව තරුණ කොදෙව් කණ්ඩායම විසින් ඕස්ට්‍රේලියාව පරාජය කළා. අප අද සැරසෙමින් සිටින්නේ ද එවැනි අනාගත ජයග්‍රහණයන් වෙනුවෙන්.
අභියෝගය බාරගත යුතු අවස්ථාවේ පැන යන්නේ අවස්ථාවාදීන්. නමුත් රට සෑම අංශයකින්ම බරපතල ආකාරයට කඩා වැටී තිබූ අවස්ථාවේ රට යළි ගොඩගැනීමේ අභියෝගය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බාර ගත්තා. එදා ඒ ආකාරයට අභියෝගය බාර නොගත්තා නම් අද මේ රට මිනිස්සු නැති කාන්තාරයක් වෙන්න ඉඩ තිබුණා. අද රටේ තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවා.
අපට දැන් තිබෙන අභියෝගය නම් ඉඩමක්, ඉඩමට ඔප්පුවක්, ගෙයක් දොරක් අහිමිව දුක් විදින මිනිස්සුන්ගේ කරුමය අවසන් කිරිමයි. ඒ නිසා, කරුමය වෙනුවට "උරුමය" ලබා දෙන විශේෂ වැඩපිළිවෙළක් අප ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ලංකාවේ මිලියන දෙකක ජනතාවගේ ජීවිත වෙනස් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.
ඒ මෙරට සිටින රන් භූමි, ජය භූමි සහ ස්වර්ණ භූමි වැනි ඉඩම් බලපත්‍රලාභීන් ලක්ෂ 20කට වැඩි ප්‍රමාණය වෙනුවෙන් සින්නක්කර ඉඩම් අයිතිය ලබාදීම හරහායි.
මෙහි ආරම්භක උත්සවය ලබන පෙබරවාරි 05 වනදා දඹුල්ලේදී සිදු කරනවා. එදින සින්නක්කර ඉඩම් ඔප්පු 10,000ක් ලබා දෙනවා. අනතුරුව මෙම වැඩසටහන මෙරට තිබෙන ග්‍රාමසේවා වසම් 14,000 ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට අප බලාපොරෙත්තු වනවා.
එදා ගොවි ජනපද ව්‍යාපාරය හරහා ලක්ෂ ගණනකගේ ජීවිත ගොඩ නැගුණා. මහවැලි ව්‍යාපාරය හරහා ලක්ෂ ගණනකගේ ජීවිත එළිය වුණා. අද “උරුමය” හරහා මේ රටේ ලක්ෂ ගණනකගේ ජීවිතවලට අලුත් හුස්මක් ලැබී තිබෙනවා. නිදහසින් පසු මෙවැන්නක් සිදු වන්නේ ප්‍රථම වතාවටයි. එබැවින් මෙය ඓතිහාසික කටයුත්තක් වනවා. ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන පරම්පරා ගණනක ඇස්වල කදුළු පිසින කටයුත්තක් වනවා.
එපමණක් නොවෙයි, අප මේ රටේ තරුණ පරම්පරාව ව්‍යවසායකයින් බවට පත් කරන ඓතිහාසික වැඩ සටහනක් සැළසුම් කර තිබෙනවා. ඒ යටතේ තරුණ ව්‍යවසායකයන් මිලියනයක් බිහි කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව ලංකාවේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කරන දැවැන්ත වැඩසටහන් දෙකක් අප අමාත්‍යංශය යටතේ ක්‍රියාවට නැගෙනවා.

දයා රත්නායක සජබට ගත්තා නම් ගෝඨාවත් ගන්න පුළුවන් : SF දැඩි ප්‍රහාරයක !
හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක සමගි ජන බලවේගය පක්ෂයට එක්කර ගත්තා නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද පක්ෂයට එක්කර ගත හැකි බව සමගි ජනබලවේගය පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ අද (30) කොළඹ පැවැත්වූ හමුවකදී අදහස් දක්වමින් වන අතර එහිදී දයා රත්නායක සමගි ජනබලවේගය පක්ෂයට එක්කර ගැනීම සම්බන්ධව දැඩි විරෝධයක් එල්ල කර සිටියේය.
තමන් 2010 වසරේ දී අත්අඩංගුවට ගත් අවස්ථාවේ තමන්ට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරනු ලැබුවේ දයා රත්නායක විසින් බවත් ඒ හේතුවෙන් ප‍්‍රමුඛතාවයන් නොසලකා ඔහුට ඉදිරියට ගෙනවිත් හමුදාපතිකම පවා ලැබීමට පහසු කරවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා සඳහන් කළේය.
තමන් මේ බව පක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ද මේ ආකාරයෙන්ම දැන්වූ බවත් ඔහු සඳහන් කළේය.
එහිදී පක්ෂ නායක සජිත් ප්‍රේමදාස - දයා රත්නායක හමුව සිදුවූ අවස්ථාවේ තමන් ගැන ( සරත් ෆොන්සේකා ගැන) දයා රත්නායක වර්ණනා කළ බව සජිත් ප්‍රේමදාස පැවසු බව සඳහන් කළ ෆොන්සේකා මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ පක්ෂ අදාළ හමුව සිදුවීමට පෙර ඒ සම්බන්ධව තමන්ව දැනුවත් කිරීමටවත් පක්ෂ නායකත්වය ක්‍රියා නොකළ බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ද තමන් දේශපාලනය කර ඇති නමුත් ඔහු කිසිඳු අවස්ථාවක මේ ආකාරයේ හැසිරීමක් පෙන්නුම් නොකළ බවත් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශෂීන්ද්‍රට රාජ්‍ය ඇමති ධූරයක්
සනත් නිශාන්තගේ අභාවයෙන් හිස් වූ ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධූරය සඳහා රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පත් කර ඇත.
ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම දිවුරුම් දීම සිදුකළ බවය.

සනත් නිශාන්තගේ නඩුව ගැන අධිකරණය දුන් නියෝගය
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට එරෙහිව ගොනුකර තිබෙන පෙත්සම් පෙබරවාරි මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (31) නියෝග කර තිබේ.
මෙම පෙත්සම් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී වගඋත්තරකාර සනත් නිශාන්ත මේ වන විට මියගොස් සිටින බැවින් අධිකරණයට අපහාස කිරීමේ පෙත්සම් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය තීරණය කිරීම සඳහා ඒවා ලබන 02 වනදා කැඳවන ලෙස අධිකරණය මෙලෙස නියෝග කළේය.
ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ නීතිඥවරුන් දෙදෙනෙකු වන ප්‍රියලාල් සිරිසේන සහ විජිත කුමාර යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකියි - ජනපති
දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පෙරවරුවේ එක් වෙමිනි.
ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වන අතර එම ධර්මය වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකයට ගෙන යාම සඳහා ථෙරවාදි බුදු දහමේ කේන්ද්‍රස්ථානය වන ශ්‍රී ලංකාවට මහඟු වගකීමක් පැවරී තිබෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
ථෙරවාදි බුදු දහම පිළිබඳ පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවත්, ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාමට මෙන්ම බෞද්ධ රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට මෙවැනි බෞද්ධ ආයතනවලට විශාල හැකියාවක් තිබෙන බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට සැලසුම් කර ඇති බවද පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෑම විශ්වවිද්‍යාලයකම කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගන්නා බවද සඳහන් කළේය.
එසේම පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ සිසුන්ගේ කැමැත්ත අනුව එහි ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය ඉඩම සහ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට සූදානම් බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.
නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා ආධාර ලබා දුන් විදේශීය පරිත්‍යාගශීලින්ට සමරු තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතින් සිදු කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේද පැවසීය,
2019 වසරේදී මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට එවකට අගමැතිවරයා ලෙස මා පැමිණියා. අද මෙම ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ජනාධිපතිවරයා ලෙස පැමිණ තිබෙනවා. කොරෝනා වසංගතය නිසා මෙම ගොඩනැගිල්ලෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාද වුණා. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ ආයතනය ආරම්භ කිරීමට පූජ්‍ය හැවැන්පොළ රතනසාර ස්වාමීන් වහන්සේ සිදුකළ මෙහෙය ඉතා විශිෂ්ටයි. ඒ වගේම කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා විශාල කැපවීමක් සිදු කළා.
ජීවිත අරගලය ජය ගැනීම සඳහා බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය ඉතාම වැදගත් වෙනවා. එම ධර්මය මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කර ලෝකවාසී ජනතාවට ලබාදීම සඳහා මෙම ආයතනයට විශාල වැඩ කොටසක් සිදුකළ හැකියි. මෙම ආයතනය පිහිටුවා වසර පනහකට ආසන්න කාලයක් ගත වෙනවා.
ථෙරවාදි බුදු දහම පිළිබඳ බෞද්ධ රටවල්වල පමණක් නොව අනෙක් රටවලටද අවබෝධය ලබාදීම සඳහා සිදු කළ හැකි කාර්යභාරයක් තිබෙනවා. ඒ වගේම ථෙරවාදි රටවල් අතර සබඳතා ශක්තිමත් කර ගැනීමටත් මෙම ආයතන හරහා හැකියාව තිබෙනවා.
මහා විහාර කැණීම් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ලුම්බිණියේ කැණීම් කටයුතු සිදුකළ මායාදේවී කැනීම් කණ්ඩායම විසින් එම කටයුතු සිදු කරමින් සිටිනවා. ඒ වගේම බුදු දහම තවත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් මෙම වසර අවසානයට පෙර ලබා ගැනීමට කටයුතු කරනවා.
රජයක් හැටියට ථෙරවාදි බුදු දහම ලෝකයට ගෙන යාම සඳහා සහාය ලබාදීමට කටයුතු කරනවා. මෙම ආයතනය මඟින් ජාත්‍යන්තර බෞද්ධ රටවල් අතර සබඳතා ඇතිවීම සිදුවෙනවා. ඒ වගේම තායිලන්ත අගමැතිවරයා සමග ඉදිරි දින කිහිපය තුළ අත්සන් තැබීමට නියමිත නිදහස් වෙළඳ ගිවිසුම මඟින් බෞද්ධ රටවල් දෙකක් වන ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සබඳතා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.
තාක්ෂණික යුගය එක තැන නතර වී තිබෙන්නේ නැහැ. අද තාක්ෂණය විශාල වශයෙන් දියුණු වී තිබෙනවා. අද අපි ස්වයංක්‍රීය යන්ත්‍ර දකිනවා. කෘත්‍රීම බුද්ධිය සමග ඒවා ක්‍රියාත්මක වෙනවා. මේ දියුණුව කෙළවර කුමක්ද කියා අප අවධානය යොමු කළයුතුයි. මේ පිළිබඳ අද බටහිර රටවල විශාල ලෙස විවාද සිදු වෙනවා. එසේ නම් අපේ ආගමික දියුණුව සහ බෞද්ධාගමික ප්‍රචාරක කටයුතු සඳහා මෙම තාක්ෂණය භාවිතයට ගත යුතුයි. ඒ නිසා අධ්‍යාපන ඇමතිවරයා සමඟ සාකච්ඡා කර සෑම විශ්වවිද්‍යාලයකම කෘතිම බුද්ධිය පිළිබඳ පාඨමාලාවක් ආරම්භ කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. එම තාක්ෂණ යුගයට අවශ්‍ය පරිදි මෙරට අධ්‍යාපන ක්‍රමය ශක්තිමත් කිරීමට ඒ අනුව අප බලාපොරොත්තු වෙනවා. දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකියි.
දැන් අප සිටින තාක්ෂණික යුගය මෙතෙක් නොතිබූ යුගයක්. පරමාණු බෝම්බය නිපදවූවාට පසුව අප සිතුවේ ඒ තාක්ෂණය එතනින් අවසන් කියලයි. මෙම නවීන තාක්ෂණය පාලනය නොකළහොත් එය පරමාණු බෝම්බයට වඩා භයානක වෙනවා. ඒ පිළිබඳවත් අපේ අවධානය යොමු කළයුතුයි කියා මම ප්‍රකාශ කරනවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමි,
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස විද්‍යාපිඨ ආරම්භ කරමින් අධ්‍යාපනය සඳහා විශාල මෙහෙයක් සිදු කළා. ඒ වගේම එතුමාගේ ආර්ථික දැක්ම අනුව විදේශ මුදල් මෙරටට ගලා ඒම වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ අගය කළයුතුයි. මෙම පශ්චාත් උපාධි ආයතනය මගින් විදේශ මුදල් ලංකාවට ගෙන ඒමේ වැඩපිළිවෙළ තවත් ශක්තිමත් වනු ඇතියි. දැනටමත් මෙම ආයතනය තුළ විශාල විදේශීය සිසුන් ප්‍රමාණයක් අධ්‍යාපනය ලබමින් සිටිනවා. අද මෙම අධ්‍යාපන ආයතනය තුළ ස්වර්ණම අවස්ථාවක් විවෘත වී තිබෙනවා.
බෞද්ධ සංස්කෘතික අංශයේ පීඨාධිපති මහාචාර්ය පූජ්‍ය මිරිස්වත්තේ විමලඥාන හිමි,
පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය යනු මෙරට විශිෂ්ඨ අධ්‍යාපන ආයතනයක්. අද ඉතාම වැදගත් දවසක්. ඒ වගේම අප ඉතාමත් සතුටු වෙන දවසක්. එමෙන්ම අද දවස මේ ආයතනයේ වැදගත්ම දිනය ලෙස සඳහන් කළ හැකියි. වසර 49කට ආසන්න කාලයක් මේ ආයතනය ලංකාවේ විවිධ ප්‍රදේශවල පවත්වාගෙන ගියා. අද තමයි පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහය ඇතිව විදේශ ධානපතියන්ගේ උදව් ඇතිව අපේම ආයතනයක් හිමි වුණේ. මෙම ආයතනය වැඩිම විදේශීය සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන සහ වැඩිම විදේශ ආදායමක් අධ්‍යාපනයෙන් උපයන, ඒ වගේම අනාගතයේ දී විශාල ආදායමක් ඉපැයිය හැකි ආයතනයක්. මෙම කාර්යය සඳහා අපට රජයෙන් ලැබුණු සහය විශේෂයෙන් ජනාධිපතිතුමාගෙන් ලැබුණු සහායට අප ස්තූතිවන්ත වෙනවා.
බෞද්ධ චින්තනය පිළිබඳ අධ්‍යනාංශයේ මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමි,
මෙම ආයතනය ආරම්භ වී වසර 49ක් වෙනවා. පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි සඳහා රජයේ තිබෙන එකම ආයතනය මෙයයි. ශ්‍රී ලංකා රජයේ ආධාර සහ විදේශ ආධාර සහිතව මෙම ආයතනයට සිව් මහල් ගොඩනැගිල්ලක් ලැබී තිබෙනවා. රටේ ජනාධිපතිවරයා මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමට පැමිණීම පිළිබඳව අපේ ආශීර්වාදය පිරිනමනවා. රටේ නායකයාට හෝ ඕනෑම දේශපාලඥයෙකුට විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට හැකියාව තිබිය යුතුයි. විශ්වවිද්‍යාල කියන්නේ මුදා නොගත් ප්‍රදේශ නොවෙයි. බෞද්ධ හා පාලි පශ්චාත් උපාධි ආයතනය ඕනෑම කෙනෙකුට විවෘතයි. මේ ආයතනයට පක්ෂයක් නැහැ. ධර්මයටත් පාට පක්ෂ නැහැ. ධර්මය ගැන ලංකාවට මෙන්ම ජාත්‍යන්තරයටද හොඳ අවබෝධයක් ලබාදීමට මෙම ආයතනය මඟින් හැකියාව තිබෙනවා.
හොංකොං හී සම්මානිත මහාචාර්ය පූජ්‍ය කේ.එල්. ධම්ම ජෝති හිමි,
මා මෙම ආයතනයෙන් අධ්‍යාපනය ලැබුවා. එදා අප අධ්‍යාපනය ලැබූ කාලයට වඩා විශාල සංවර්ධනයක් දැන් මෙම ආයතනයේ සිදුව තිබෙනවා. එදා අපට අධ්‍යාපන කටයුතුවල නිරත වීමට සිදු වූයේ ස්ථාන කිහිපයක සිටයි. නමුත් අද එකම ස්ථානයක සිට සියලු අධ්‍යාපන කටයුතු සිදු කිරීමටත්, බුදු දහම බෙදා හැරීමටත් හැකි පහසුකම් ලැබී තිබෙනවා. මෙහි සිටින සියලු ආචාර්ය මහාචාර්යවරුන්ගේ කැපවීම මත පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය සංවර්ධනයක් වී තිබෙන අතර එය බෞද්ධ අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට මහත් පිටිවලක් වෙනවා.
පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ ශිෂ්‍ය ශාස්ත්‍රපති පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමි,
අද විවෘත වුණු පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ ගොඩනැගිල්ල අනාගතයේ බෞද්ධ අධ්‍යාපනය ජාත්‍යන්තර තලයට ගෙන යාමට මහඟු පිටුවහලක් වෙනවා. දෙස් විදෙස් විද්‍යාර්ථයින්ට මෙමඟින් අධ්‍යාපනය ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ජනාධිපතිවරයා අද දවසේ පොරොන්දු වූ පරිදි විදේශ ශිෂ්‍යන්ට නේවාසිකාගාරයක් ඉදිකිරීම සිදුකළහොත් එය ථෙරවාද බුදු දහමේ අධ්‍යාපන මූලස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කිරීමට ඉවහල් වන බව කිවයුතුයි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග,
අද මෙම විවෘත කිරීම ජාතියේ සුවිශේෂ සටහනක් බව කිවයුතුයි. මෙරට රාජ්‍ය විශ්වවිද්‍යාල 17 ක් තිබෙනවා. ඒ තුළ ආයතන 19ක් ක්‍රියාත්මක වන අතර එයින් 09ක්ම පශ්චාත් උපාධි ආයතනය කියන්නේ ඒ අතරින් එක් ආයතනයක්.
කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනය. විශාල විදේශ ආයෝජනයක් සමග දැවැන්ත කණ්ඩායමකගේ කැපවීමෙන් මම ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරුණා. මෙය අපේ රටටත්, ශාසනයටත්, ලෝකයටත් වැදගත් අවස්ථාවක් ලෙස මම සලකනවා. ථෙරවාදි බුදු දහමේ ඉගැන්වීම් මේ හරහා ලෝකයට ගෙන යාමට අප අපේක්ෂා කරනවා.
පසුගිය දිනවල කැළණිය විශ්වවිද්‍යාලය ආශ්‍රිතව නොසන්සුන් තත්ත්වයක් තිබුණද අද එය අතිශය සාමකාමියි. අද ඉතා හොදින් මේ කටයුත්ත සිදු වුණා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් ජාතික විශ්වවිද්‍යාලයකින් බිහි වූ අපේ විද්‍යාර්ථයෙක්. ඒ නිසාම ඉතා පහසුවෙන් කටයුතු සිදු කරමින් මේ පණිවිඩය ලෝකයට රැගෙන යාමට උදව් කිරීම පිළිබඳ මම කැළණිය විශ්වවිද්‍යාලයටත්, එහි සිසුන්ටත් ස්තූතිවන්ත වෙනවා.
පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ මහාචාර්ය වසන්ත ප්‍රියදර්ශන,
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටින සමයේ මුල් ගල තැබූ පශ්චාත් උපාධි ආයතන ගොඩනැගිලි පරිශ්‍රය ජනාධිපතිවරයා ලෙස එතුමාට විවෘත කිරීමට හැකි වීම පිළිබඳ අප සතුටට පත්වනවා. මෙම ආයතනය ථෙරවාදී බුදු දහම ජාත්‍යන්තර තලයට ගෙන යාම සඳහා විශාල වැඩ කොටසක් සිදුකරනවා. ඒ වගේම මෙරටට විශාල වත්කමක් ලබාදීමත් මෙම ආයතනය මගින් සිදුවෙනවා. මෙම පශ්චාත් උපාධි ආයතනය ලෝකයේ සියලු දෙනාටම විවෘත වී තිබෙන ස්ථානයක්. ථෙරවාදී කේන්ද්‍රස්ථානයක් ලෙස දහම් පණිවිඩය ලෝකයට ගෙන යාමට මෙමගින් හැකියාව තිබෙනවා.
ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී එල්.ඒ. සුමිත්,
පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය වසර 49කට ආසන්න කාලයක් දෙස්, විදෙස් භික්ෂුන් වහන්සේලාට සහ ගිහි පිරිස වෙත අධ්‍යාපනය ලබාදෙන ආයතනයක්. ලෝකයේ ඇති බොහෝ ගැටලුවලට විසදුම් ලබාදීමට බුදු දහමින් ලබාගත හැකි අභාෂයන් බොහෝයි. ඒ සඳහා පුළුල් අවස්ථාවක් මෙම ආයතනය තුළ තිබෙනවා. මෙම වැදගත්කම පිළිබඳ අවබෝධයෙන් යුතුව රටේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා මෙහි පැමිණ ස්වාධීන ආයතනයක් වු මෙම ආයතනයේ උන්නතිය වෙනුවෙන් දායකත්වය ලබාදී අපව ධෛර්මත් කිරීම පිළිබඳ ස්තූතිවන්ත වෙනවා. දැනුම් සම්භාරයක් ඇති නායකයෙකු ලෙස රටේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් එතුමා කැපවී කටයුතු කරනවා. අප දන්න කාලයේ සිටම එතුමා ඒ සඳහා කටයුතු කරනවා. අපි ඇත්තටම බය වුණා එතුමා අද මෙම අවස්ථාවට සහභාගී නෙවෙයි කියලා. නමුත් මෙහි පැමිණ අපව දිරිමත් කිරීම පිළිබඳ එතුමාට ස්තූතිවන්ත වෙනවා.
කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී මහා සංඝ සභාවේ අනුනායක, මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන්, කැලණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් ද මියන්මාර් තානාපති හන් තු මහතා ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අල කීයද ලූණු කීයද ? මහින්ද ආයෙත් අහයි !
" අල කීයද ලූණු කීයද ?" යන ප්‍රශ්නය තමන් අදටත් අහන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ " අල කීයද ලූණු කීයද " යනුවෙන් ඔහු මීට පෙර සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මේ මොහොතේ සන්ධාන ගතවෙන සියල්ලන් අවසානයේදී පැමිණෙන්නේ තම පක්ෂයට බවද පැවසීය .
පිරිසක් පක්ෂය හැරදමා ගියත් තම පක්ෂයට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් තවමත් තම පක්ෂයේ සැලුන් දොර විවෘත බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කර සිටියේ ය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ මේ අදහස් දැක්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් දේශපාලන විචාරකයකු පවසා සිටියේ "අල කීයද ලූණු කීයද යන ප්‍රශ්නය බලය අහිමි වූ සහ බලය දුරස්ථ වූ අවස්ථා වල පමණක් නොඅසා , බලය තිබෙන අවස්ථාවේ ද සංවේදී වූවා නම් තවමත් ජනාධිපති ගෝඨාභය වන අතර මහින්ද අගමැති බවය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ බල හුවමාරුව සිදුනොවන්න මේ රට මිහිමත අපායක් වීමට ඉඩ තිබූ බව සිහිපත් කළ එම විචාරකයා මෙරට නිහඬ බහුතරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ රට ගොඩනගන වැඩපිළිවෙළ සාර්ථක බව පිළිගෙන ඇති බවත් ඒ යථාර්ථය තේරුම් ගෙන දේශපාලනය කිරීම හැර වෙනත් තෝරාගැනීමක් රාජපක්ෂවරුන් ට නොමැති බවත් පැවසීය .

යුගයේ දේශපාලන පෙරළියට සජබ ප්‍රබලයෙක් ටාර්ගට් ගනියි !
දුරකථන පාටියේ කිහිප දෙනෙක්ට එක්කෙනෙක්ගෙන් වෙනම දේශපාලන වැඩක් කරන්න මේ දවස්වල එක එක ආරාධනා එනවලු. වැඩේ කවුරු වෙනුවෙන් කරනවද නැද්ද කියලවත් දැනගන්න නෑලු. හැබැයි මෙයා කියන්නේ මේ යුගයේ ලොකුම දේශපාලන පෙරුළිය කරන්න යන්නේ කියලා.
ඉතින් මෙයා එදා ඉඳලා හැමදාම ඒ වගේ පෙරළි කරන්න හරි දක්ෂයා නිසා, කට්ටියත් ඉතින් සමහරු මෙයාව විශ්වාසත් කරනවලු. මේ වෙනින් කවුරුත් නෙමේ කළුගංතොට පැත්තේ කටක් තියෙන කාලයක් තිස්සේ අපරාජිතව ඉන්න හිටපු ඇමැති කෙනෙක්.
දේශපාලන ගේම් ගහන්න දක්ෂ මෙයා ගැන ගොඩක් අය නම් කියන්නෙ මෙයා කතා කළාට හෙවණැල්ල වැටෙන්නේ ලොකු ටයිකෝට් මහත්තයෙක්ගේ කියලා. ඒ මහත්තයගේ වැඩක් තමයි මේ එන්නේ කියලා හැමෝම කතා වෙනවලු.
ඒ කියන්නේ කවුද ? දැනට නම් ඔය කළුතර අපරාජිත හිටපු ඇමති ආණ්ඩුවට පොසිටිව් ටෝක් තමයි ඉෂූ කරන්නේ. එයාගේ කෙරුමුත් බලාගන්න වැඩි දවසක් යන එකක් නෑ. මොකද ජාතික මැතිවරණය තියෙනවා නම් තව මාස 7 ක් 8ක් ඇතුලේ වැඩේ සිද්ධ වෙන්න ඕන.
කොහොම නමුත් අපි දිගින් දිගටම කියපු විදිහට දේශපාලනය උණුසුම් වෙන්න අරගෙන. සන්ධාන පිල් මාරු එක්ක අමුතුම දේශපාලන සිතියමක් ඇඳෙන්න අරගෙන. හැබැයි ඔය කවුරුත් මතක තියාගන්න, මේ පාර කාටවත් පහසු නෑ. දන්නා සෙල්ලම් සේරම දාන්න වෙනවා.

උරුමය පළමු අදියරේ ඉඩම් ඔප්පු 10,000 සකස් කර අවසන් !
ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පය මත ක්‍රියාත්මක කරන උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ලබාදීමට නියමිත නිදහස් ඔප්පු දස දහස මේ වන විට සකස් කර අවසන්ව ඇතැයි සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය සඳහන් කරයි.
එම සින්නක්කර ඔප්පු මේ වනවිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ඒච්. ඒම්.බී.පී. හේරත් පැවසීය.
ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශිය ලේකම්වරුන් සමඟ මාර්ගගත ක්‍රමය ඔස්සේ අද (30) පැවැති සාකච්ඡාවකදී මෙම කරුණු අනාවරණය විය.
උරුමය වැඩසටහනේ පළමු අදියර යටතේ ඔප්පු දස දහසක් ප්‍රදානය කිරීමේ ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී ලබන පෙබරවාරි 05 වැනිදා පැවැත්වේ.
සියළුම ඔප්පුලාභීන්ට ප්‍රවාහන හා ආහාර සඳහා අවශ්‍ය කරන මුල්‍ය ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වෙත ලබාදී ඇති අතර, ඔවුන්ට කිසිඳු අපහසුතාවකින් තොරව මෙම උත්සවයට සහභාගීවීමට පහසුකම් සලසා දෙන ලෙස ජනාධිපති කාර්යාලය විසින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී ඇත.
උරුමය වැඩසටහන යටතේ ගොවි පවුල් ලක්ෂ 20 ක් සඳහා නිදහස් ඔප්පු ප්‍රදානය කිරීමට රජය සැලසුම් කර තිබේ.
උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා මෙවර අයවැය යෝජනා මගින් රුපියල් බිලියන දෙකක් වෙන් කර ඇති අතර, ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබා දුන් ඉඩම් බලපත්‍ර සියල්ල සින්නක්කර ඔප්පු බවට පත් කර එය භුක්ති විඳි ගොවි ජනතාවට ලබාදීම මෙහිදී සිදු කෙරේ.
යටත් විජිත සමයේ විදේශිකයන් ශ්‍රී ලංකාවේ ඉඩම් ඔවුන්ගේ යටතට පත්කර ගැනීමෙන් පසුව එම ඉඩම්වල වගා කිරීම සඳහා ස්වදේශිකයන්ට බලපත්‍ර ලබාදීම සිදු කර තිබිණි.
නමුත් 1935 වසරේ ඉඩම් සංවර්ධන ආඥා පනත මගින් ස්වදේශිකයන් වෙත ඉඩම් ඔප්පු ලබා දීම සඳහා තවත් බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දී තිබූ අතර එහිදී ඉඩම් හිමි ජනතාවට වගා කටයුතු කිරීම සහ නිවාස ඉදිකර ගැනීමට හැකියාව තිබේ. නමුත් එම ඉඩම පැවරීමේ හෝ විකිණීමේ බලයක් ඉඩම්හිමි ජනතාවට නොතිබුණ බව ඉඩම් කොමසාරිස් බන්දුල ජයසිංහ පැවසීය.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් චන්ද්‍රා හේරත්, ජනාධිපති කාර්යාලයේ සමාජ සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත කුමාර ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සජිත්ගේ විරෝධය නිසා මුජිබර් රෝහලේ : කොළඹ ට්‍රැෆික් වැඩිවේ !
සමගි ජන බලවේගය විසින් අද (30) පස්වරුවේ පැවැත්වූ විරෝධතා පාගමන අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් හදිසියේ රෝගාතුර වී රෝහල්ගත කර තිබේ.
ඒ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසිය විසින් එල්ල කළ ජල ප්‍රහාර, කඳුළු ගෑස් නිසා ශ්වසන අපහසුතාවයකට ලක්වූ බව පවසමිනි .
මේ අතර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ හිටපු මන්ත්‍රීවරයාගේ තත්වය බරපතල නොවන බවය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජනබලවේගයේ පිරිසක් විසින් ආණ්ඩුවේ රට ගොඩනගන වැඩපිළිවෙළට එරෙහිව විරෝධතා පා ගමනක් පැවැත්වූයේ අධිකරණය මගින් ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා වන පරිදි විරෝධතා නොපැවැත්විය යුතු බවට වාරණ නියෝගයක් ද පනවා තිබියදී ය.
සජබ විරෝධතාවය හේතුවෙන් අද හවස් වරුවේ කොළඹ දැඩි රථ වාහන තදබදයක් පැවති අතර එනිසා ජනතාවගේ දෛනික කටයුතු වලටද දැඩි බාධා පැමිණ තිබිණ.

ජනතාව ඉල්ලුවොත් දේශපාලනයට එන්න සූදානම් - සනත්ගේ බිරිඳ
දේශපාලනයට පැමිණීමට තමන්ගේ බලාපොරොත්තුවක් නැති වුවත් ස්වාමියාගේ හිස් වූ දේශපාලනය භාරගන්නැයි පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවත් පක්ෂයත් ඉල්ලීමක් කළහොත් ඇතැම් විට තමන් ඒ ගැන සලකා බැලීමට ඉඩ ඇතැයි අභාවප්‍රාප්ත රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගේ බිරිද සදහන් කරයි.
ඇය මේ බව කියා සිටියේ අධිවේගී මාර්ගයේ රිය අනතුරින් මරණයට පත් සනත් නිසාන්ත රාජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියාගේ නිවෙසට පැමිණ එම ඥාතීන්ට ශෝකය පල කළ අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.
‘මගේ ස්වාමියාගේ මරණයේ උණුසුම යන්නත් ප්‍රථමයෙන් ඇතැම් මාධ්‍ය පළ කරලා තියෙනවා, මම දේශපාලනයට එනවා කියලා. ඒ කිසිම කෙනෙක් මගෙන් අහලා නෙවෙයි එහෙම ප්‍රවෘත්ති පළ කරලා තියෙන්නේ. මම කිසිම මාධ්‍යයකට මේ දක්වා ප්‍රකාශයක් කරලා නෑ මම දේශපාලනයට එනවා කියලා.
මම මහත්තයාගේ දේශපාලන කටයුතුවලින් හරි අඬක් පමණ මෙහෙයවූවත් ඔහුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළත් කිසි දවසක දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. දැනටත් එහෙම බලාපොරොත්තුවක් නෑ. නමුත් එතුමාගෙන් හිස් වූ තැන ගන්න කියලා, ඒ ජනතා මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න කියලා පුත්තලමේ ජනතාව, රටේ ජනතාව වගේම පක්ෂ නායකත්වය මගෙන් ඉල්ලීමක් කරනවා නම් ඇතැම් විට මට ඒ ගැන හිතලා බලන්න වෙනවා’

දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමේ වැඩසටහනක් එයි !
“අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට අපේක්ෂා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පැවසීය.
එසේම ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමත්වූවන් 10,000ක් විදේශගත කිරීම සිදු කරන බව ද තවත් විදේශ රැකියා ලක්ෂයක් මෙම වසරේ ලබාදීමට සැලසුම් කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (30) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මෙසේ ද පැවසීය.
මෙම වසරේ අපට තිබෙන ප්‍රධානම කාර්යය වන්නේ, අස්වැසුම නම් වූ සමාජ ආරක්ෂණ ක්‍රමවේදය ලක්ෂ විස්සක් වන ප්‍රතිලාභීන්ට ලබාදීමයි. “අලුත් ගමක් අලුත් රටක් ව්‍යවසායක රාජ්‍යයක්” යන සංකල්පය යටතේ දිළිඳු සහ අන්ත දිළිඳු පවුල් අතරින් ලක්ෂ 12ක් සවිබල ගැන්වීමට ද අපේක්ෂා කරනවා. එයින් ලක්ෂ 03ක් සවිබල ගැන්වීම මෙම වසර තුළ සිදු කරනවා.
මෙහිදී ප්‍රතිලාභීන් වෙත මුදල් ලබා දීමේ ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් ඔවුන් සවිබල ගැන්වීම අපගේ මුඛ්‍ය පරමාර්ථය වනවා. ඒ සඳහා මෙතෙක් පැවති ක්‍රමවේදය වෙනස් කිරීමට ද අප තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ රැකියා ලබාදීම ද අප සිදු කරනවා. ජපන් භාෂා ප්‍රවීණතා විභාගය සමතුන් 10,000ක් විදේශගත කිරීම සිදු කරනවා. ඊට අමතරව විදේශ රැකියා ලක්ෂයක් ලබාදීමට ද ඉලක්ක කරගෙන සිටිනවා.
ඒ වගේම ප්‍රතිලාභීන්ට වෘත්තීය පුහුණු සඳහා ප්‍රතිපාදන ලබාදීමට අප සූදානමින් සිටිනවා. තවද කෘෂිකර්මය සඳහා අවශ්‍ය අපනයන බෝග වගා කිරීම සඳහා යොමු කරවීම ද සිදු කරනවා. විදේශ වෙළඳ පොල ඉලක්ක කරගනිමින් ප්‍රධාන වශයෙන් තේ, කුරුඳු සහ ගම්මිරිස් වැනි භෝග කෙරෙහි එහිදී අවධානය යොමු කරනවා.
ව්‍යවසායක අරමුදලක් ආරම්භ කිරීමට ද අප විසින් යෝජනා කර තිබෙනවා.
එමෙන්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ද සංවර්ධනය කළ යුතුයි. ඒ සඳහා සමෘද්ධි නිලධාරීන් සහ කළමණාකරුවන් 25,000කට අධික පිරිසකට උසස්වීම් ලබා දීමට කටයුතු කරනවා. ඒ අතරින් 2000කගේ පමණ උසස් වීම් ලබාදීම ලබන අප්‍රේල් මාසය වන විට සිදු කරනවා. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු කරන ආයතනයක් වනවා වෙනුවට, ව්‍යවසායකත්ව ප්‍රවර්ධනය කරන ආයතනයක් බවට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණයි.
එසේම තරුණ ප්‍රජාව තවදුරටත් වෘත්තීය පුහුණුව සඳහා යොමු කරවීමට චීනය සමඟ ද ගිවිසුම් තුනකට අත්සන් තබා තිබෙනවා.

රාජ්‍ය සේවක වගකීම අගමැති පහදයි !
දේශපාලන මතභේද වාදයට පමණක් සීමා කළ යුතු බවත් දේශපාලන නායකත්වයට රාජ්‍ය සේවකයින්ගේ සහයෝගය ලබා දිය යුතු බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ආහාර සුරක්ෂිතතාවය හා පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය, ‟අලුත් ගමක් – අලුත් රටක්″ ජාතික ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන, පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි .
එය පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය .
අපි දැවැන්ත විශ්වාසයකින් රට ගොඩගත්තා. කවුරු මොනවා කිව්වත් ඔබ ඒ විශ්වාසය තැබූවා. අපි වැටුණු බරපතළ පසුබෑමෙන් අද රට හිස ඔසවා තිබෙනවා. ලෝකයේ රටවල් අපිත් එක්ක ගණුදෙනු නැවැත්වූවා. බැංකු පද්ධතිය ගණුදෙනු නැවැත්වුවා. අමාරු අවස්ථාවල යළි විශ්වාසය දිනාගෙන ඒ අවස්ථා සමඟ ගණුදෙනු කරමින් රට පුළුල් තත්ත්වයකට, යහපත් තත්ත්වයකට ගෙනාවා. පුංචි පුංචි ගැටළු තිබුණාට අපි ප්‍රධාන වැටීමෙන් රට ගොඩ ගත්තා.
රජයේ සේවකයන්ගේ විශ්වාසය මතක් කරන්න ඕනේ. ඔබ උගත් බුද්ධිමත් තොරතුරු දන්න පිරිසක්. ග්‍රීසියට මොකද වුණේ. ආර්ථික පසුබෑමට ලක්වුණා. රජයේ සේවකයින් අඩු කළා. අපි එහෙම කළේ නැහැ. අපි විශ්‍රාම වැටුප් ගෙවීම් කළා. කිසිම දවසක වැටුප නැවැත්වූවේ නැහැ.
රටේ නිෂ්පාදනය වැඩි කරලා අතිරික්තයක් උපයන්න තරම් ගොවීන් අපට විශාල ශක්තියක් වුණා. මේ රට, ඒ වගේම ලෝකය අපිව විශ්වාස කළා. ඒ විශ්වාසය මත රටට ගොඩ යන්න පුළුවන් කියලා අද අපි දන්නවා. අපි ඒ දුෂ්කර කාලය පසු කරල ඔබේ ජනතාවට දරුවන්ට අනාගතය සකස් කළා. දේශපාලන මතභේද වාදයට පමණක් සීමා කළ යුතුයි. අපි ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන් ඉලක්ක ගත වැඩපිළිවෙළ ඉටු කිරීමට රාජ්‍ය නිලධාරියාට වගකීමක් යුතුකමක් තිබෙනවා.
ඒ නිසා රාජ්‍ය සේවකයින් විදියට විශාල හැකියාවක් වගකීමක්, යුතුකමක් තිබෙනවා. රාජ්‍ය සේවය දැනට කරගෙන යන සංවර්ධන ක්‍රියාවලියට සහ ඉදිරියේදී ඉලක්කගත සංවර්ධනයන් වලට දායක වෙන්න. මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා දිස්ත්‍රික්කයේ දේශපාලන නායකත්වයට රාජ්‍ය සේවකයින්ගේ සහයෝගය ලබා දෙන්න කියලා.

‘නිදහස්’ පැරෂුට් අනතුරෙන් හමුදාවේ 4ක් රෝහල් ගත කරයි
නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුරදී බිමට ඇදවැටී තුවාල ලබා රෝහල් ගතකළ බව මහජන ආරක්‍ෂක අමාත්‍යංශය පවසයි.
හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරල් රසික කුමාර පැවසුවේ, එහිදී හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අසළ ගොඩනැගිල්ලකට හදිසි ගොඩබෑමක් කර ඇති අතර තවත් සාමාජිකයෙක් ගාලුමුවදොර පිටිය ආසන්නට හදිසි ගොඩබෑම සිදුකර ඇති බවයි.
සිද්ධියෙන් පසු හමුදා සාමාජිකයින් තුන්දෙනෙකු රෝහල් ගතකර ඇති අතර එක් අයෙකු යුද හමුදා රෝහලට ඇතුළත් කර ඇති බව හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් රසික කුමාර පැවසීය.

ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක්
රාජ්‍ය රහස් හෙළි කළ බවට චෝදනා එල්ල වූ පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් නියම කර තිබේ.
2022 වසරේදී සිය විරුද්ධවාදීන් විසින් අගමැති ධූරයෙන් නෙරපා හරින ලද ඉම්රාන් ඛාන් දූෂණ චෝදනාවන්ට වරදකරු කර මේ වින විටත් වසර තුනක සිර දඬුවමක් විඳිමින් සිටියි.
මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඒවා දේශපාලන අරමුණු මුල් කරගෙන එල්ල වී ඇති බව ය.
ඉම්රාන් ඛාන්ගේ පකිස්තාන් ටෙරීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ උපසභාපති හිටපු විදේශ අමාත්‍ය ෂා මහමුද් කුරේෂිට ද වසර 10ක සිර දඬුවම් නියම කිරීමට ඔවුන් දෙදෙනා ම රඳවා සිටින රාවල්පින්ඩිහි අඩියාලා බන්ධනාගාරය තුළ පිහිටුවා ඇති විශේෂ අධිකරණය විසින් නියෝග කරනු ලැබ ඇත.

එජනිස මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙන්න : මහින්දට සහ තිලංගට මෛත්‍රී දන්වයි !
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර ට සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ට, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (29) දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග මාර්ග පවසයි .
එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ශ්‍රීලනිප මූලස්ථානයේ පැවති හමුවකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ දැනුම්දීම සිදුකර ඇත්තේ නව සන්ධානයක් ගොඩනැගීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නම භාවිතා කිරිමට එහි ලේකම් ධූරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් බලපාන බව පෙන්වා දෙමිනි.
මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් දූරයේ කටයුතු කරමින් සිටියදී පක්ෂයේ මතයට පටහැනිව යමින් අමාත්‍ය ධූරයක් ලබා ආණ්ඩුවට එක්වූ බව පවසමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඔහුව එම ධූරයෙන් ඉවත් කළ අතර ඒ වෙනුවට තිලංග සුමතිපාල පත්කිරීමට කටයුතු කළේය.
එහිදී ඊට එරෙහිව මහින්ද අමරවීර අමාත්‍යවරයා අධිකරණ ක්‍රියාමාර්ග ගනු ලැබූ අතර මහලේකම්වරු දෙදෙනාම පිළිනොගන්නා බවට මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බවද වාර්තාවේ.
අමාත්‍ය මහින්ද අමරවීර සහ තිලංග සුමතිපාල යන දෙදෙනාම ඉල්ලා අස්වීමේ යෝජනාවට එකඟව ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

ගෝඨාගේ ගෝලයකු වූ දයා සජිත්‍ට සමගි වෙයි !
හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක අද (29) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය හා එක්විය.
මෙරට 20 වන යුද හමුදාපති වූ ජනරාල් දයා රත්නායකගේ මේ දේශපාලන පිල්මාරුව සමග ඔහුට සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කළේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පළමුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස පත්වීම් ලැබූ ජනරාල් දයා රත්නායක පසුව කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ලෙසද පත්වීම් ලැබීය.

චන්ද්‍රිකාගේ නායකත්වයෙන් අලුත් සන්ධානයක් !
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ නායකත්වයෙන් නව සංවිධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද (29) සාකච්ඡා කෙරුණු බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මෙම සාකච්ඡාව සිදුකෙරුණු බවද පැවසීය.
එසේම එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවට මෙම නව සන්ධානය පිහිටුවීමට නියමිත බවත් නව සන්ධානයේ ලකුණ ලෙස බුලත් කොළය වෙනුවට පුටුව යොදාගැනීමට අදහස් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.

විශ්වවිද්‍යාල ඇදුරන් පිරිසකගෙන් කෝටි 132ක පොල්ලක් !
අධ්‍යන කටයුතු සඳහා විදේශගත වූ විශ්වවිද්‍යාල විසි එකක අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 514 දෙනකු බැඳුම්කර කඩකර රජයට රුපියල් කෝටි 132කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මේ නිලධාරීන් උසස් අධ්‍යාපනය සඳහා වූ ආයතන සංග්‍රහයේ පස්වෙනි පරිච්ඡේදයෙහි 7වැනි වගන්තිය සහ 2018 දෙසැම්බර් 14 දිනැති අංක 2/2018 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍රලේඛය අනුව වරදක් කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2022 වාර්ෂයේ වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.
- lankadeepa
Page 103 of 459