V2025

පුවත්

රට පුරා හදිසි නීතිය පනවයි : කලහකාරීන් අල්ලන්න විශේෂ බුද්ධි මෙහෙයුමක්

දින දහයක කාලයක් සඳහා රට පුරා හදිසි නීතිය පැනවීමට ආණ්ඩුව තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (06) පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල හමුවකදී මෙම තීන්දුව ගෙන ඇත.

තෙල්දෙණියේ ප්‍රහාරයට පිට ප්‍රදේශවලින් ඇවිත් : නම් ලැයිස්තු පොලිසියේ

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් තෙල්දෙණිය ප්‍රදේශය සඳහා පිටත් කර හැරීමට කටයුතු කළ බව පොලිස් නිල ආරංචිමාර්ග තහවුරු කර සිටියි.

ඒ එම ප්‍රදේශයේ ඇතිවූ තත්ත්වය පිළිබඳ විශේෂ විමර්ශනයක් සිදුකිරීම සඳහාය.

එසේම බෞද්ධ අන්තවාදී සංවිධාන කිහිපයක් විසින් සංවිධානය කළ තරුණයින් පිරිසක් තෙල්දෙණියේ කෝලාහලය සඳහා සහභාගී වී ඇති බවට අනාවරණයවී ඇති බවද වාර්තා වෙයි.

ආරක්ෂක අංශ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට මේ වන විටත් අදාළ කෝලාහලය සඳහා සහභාගීවූ එම පිරිස් සම්බන්ධ තොරතුරු රැසක් විමර්ශන කණ්ඩායම් වෙත ලබාදීමට බුද්ධි අංශ කටයුතු කර තිබෙන බවත් ඉදිරියේදී එම පිරිස් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත.

ජාතිවාදයෙන් රට අස්ථාවර කිරීමේ සැලැස්මක්

එසේම මේ වන විට අම්පාරේ සහ තෙල්දෙණියේ සිදුවීම් යොදාගෙන රට අස්ථාවර කිරීමේ සැලසුම් සහගත උත්සාහයක් පවතින බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති අතර එම තත්ත්වය මැඩලීම සඳහා රටේ සියළු පොලිස් බල ප්‍රදේශ ආවරණය වන ආකාරයට විශේෂ ඒකාබද්ධ බුද්ධි අංශ මෙහෙයුමක් දියත් කර ඇති බව වාර්තා වෙයි.

Comment (0) Hits: 816

තෙල්දෙණිය ගැටුම ගැන : ජනාධිපතිට - අගමැතිට චෝදනා

රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන්න බැරිවීම සම්බන්ධයෙන් සහ තෙල්දෙණියේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වගකිව යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ පැලවත්ත මුලස්ථානයේ අද (6) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව අවධාරණය කර සිටියේය.

ආණ්ඩුවක මූලික වගකීම රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම බවත් මහ දවාලේ කඩ, නිවාස ගිනි තබමින් දේපළ විනාශ කරන කණ්ඩායම් වළක්වන්න ආණ්ඩුවට නොහැකි නම් එවැනි ආණ්ඩුවක් රටකට අනවශ්‍ය බවද මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

එසේම රටේ සාකච්ඡා විය යුතු ඇත්ත ප‍්‍රශ්න යට යැවීම සඳහා ආණ්ඩුව හිතාමතාම මෙම තත්වය පාලනය කරනවා වෙනුවට මෙවැනි සිදුවීම් ඇතිවීමට ඉඩ ලබාදී තිබෙන බවටද මන්ත්‍රීවරයා එහිදී චෝදනා කර සිටියේය.

ආණ්ඩුවේ ලොක්කන්ට තියෙන්නේ වෙන ප්‍රශ්න

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය. ආණ්ඩුව මෙම සිදුවීමේදී ජාතිවාදී ප‍්‍රවණතාවයන් උත්සන්න වන බව තේරුම්ගත යුතුව තිබුණා. නමුත් අද ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තිබෙන්නේ කුමක් සඳහාද? අගමැතිවරයා තමන්ගේ අගමැති පුටුව බේරා ගැනීමේ ප‍්‍රශ්නයකට මුහුණදී තිබෙනවා. ජනාධිපතිවරයා තවත් යටිකූට්ටු වැඩක් කරන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඉන්නවා. ආණ්ඩුවේ ඇමතිවරු තමන්ට ලැබුණු ඇමති පුටුව වෙනස්වේදැයි හිතමින් ඉන්නවා. පාලකයින් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පමණක් අවධානය යොමුකොට තිබෙනවා. මේ ආණ්ඩුව මන්ද මානසික ආණ්ඩුවක් යැයි අප හිතන්නේ නැහැ. ඔවුන් වුවමනාවෙන්ම මෙම ජාතිවාදී ගැටුම් වැළැක්වීමට ගතයුතු කි‍්‍රයාමාර්ග ගන්නේ නැහැ.

සැලසුම් සහගතව ඇතිකළ ගැටුමක් !

මෙම ගැටුම ඉතාම සැලසුම්සහගත ලෙස සැලසුම් කළ සිදුවීමක් බව සමාජ ජාලා දෙස බැලූවාම පේනවා. මියගිය තරුණයාගේ දේහයේ අවසන් කටයුතු සිදුවන මොහොත පිළිබඳව අවබෝධයක් ආණ්ඩුවට තිබිය යුතුයි. දිගන ප‍්‍රදේශයේ ජනතාවට අමතරව වෙනත් කණ්ඩායම් මෙම ගැටුමට කැඳවා තිබෙන බව පැහැදිලියි. ඔවුන් තුළ පූර්ව සූදානමක් තිබුණු බව මුහුණු ආවරණය කරගෙන සිටින ආකාරයෙන් පොළු-මුගුරුවලින් දේපළ ගිනි තැබීම්වලින් පෙනෙන්නට තිබෙනවා. රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන්න බැරිවීම සම්බන්ධයෙන් සහ මෙම ගැටුම සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වගකිව යුතුයි. ඔවුන් ජාතිවාදයට ආශිර්වාද කරන තත්වයක් ඇතිවී තිබෙනවා. මෙවැනි ගැටුම් වළක්වාගත යුතුයි. ඒවා පාලනය කරන්න බැරිනම් ආණ්ඩුවකින් ඇති වැඩක් තියෙනවද?

ජාතිවාදී ප‍්‍රවණතාවයන් ඕපපාතික නෑ

ජාතිවාදී ප‍්‍රවණතාවයන් ඕපපාතිකව ඇති කියලා අපි හිතන්නේ නැහැ. කි‍්‍රයාකාරීව ඉතාම අවබෝධයෙන් යුක්තව ජාතිවාදයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම එහි තිබෙන දේශපාලනය නොදැන අනවබෝධයෙන් එම ජාතිවාදී ප‍්‍රවණතාවයන්වලට ගොදුරු වෙන කණ්ඩායමක් සිටිනවා.

මේ වනවිට ක‍්‍රමානුකූලව ජාතිවාදී ප‍්‍රවණතාවයන් උත්සන්න තලයකට පැමිණ තිබෙනවා. ජාතිවාදී ප‍්‍රවණතාවයන් තුළ සිදුවන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බෙදා වෙන් කිරීමක් පමණයි. රටක ජනතාව බෙදී වෙන්වූ පසුව රටක් පවතින්නේ නැහැ. ජනතාව බෙදුණු විට රටකට ඉතිරි වන්නේ, එම ජනතාව අතර හටගන්නා ගැටුම් පමණයි. මේ ජාතිවාදී ප‍්‍රවණතාවයන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බෙදා වෙන් කිරීම තීව‍්‍ර කරනවා මිස කිසිදු ජන කණ්ඩායමකට සේවයක් සපයන්නේ නැහැ.

ප‍්‍රධාන දේශපාලන පාර්ශ්වයන් දෙකටම මෙම ජාතිවාදී ප‍්‍රවණතාවය අවශ්‍යයි

මෙම රටේ ප‍්‍රධාන දේශපාලන පාර්ශ්වයන් දෙකටම මෙම ජාතිවාදී ප‍්‍රවණතාවය අවශ්‍ය වෙලා තිබෙනවා. සිය ආර්ථික අසමත්භාවය ආණ්ඩුකරණයේ අසමත්භාවය ජනතාවගේ වුවමනාවන් ඉටුකිරීමේදී ඇතිවී තිබෙන අසමත්භාවය, ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමේදී ඇතිවී තිබෙන අසමත්භාවය නිසා තමන්ට එල්ල වන ජනතා විරෝධය වෙනතකට යොමුකර ගැනීමට ආණ්ඩුවට මෙම ජාතිවාදී ප‍්‍රවණතාවය වාසිදායකයි. ආණ්ඩු විරෝධය ගොඩනැගිය යුතුව තිබෙන මොහොතක සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව කෙරෙහි කුපිත කරවීමත් මුස්ලිම් ජනතාව සිංහල ජනතාව කෙරෙහි කුපිත කරවීමත් ආණ්ඩුවට වාසිසහගතයි. සිංහල, මුස්ලිම්, දෙමළ ගොවි ජනතාව තමන්ගේ කාර්යය සිදුකර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්වී තිබීම, සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ තරුණියන් තමන්ගේ අධ්‍යාපනයට සරිලන රැකියාවක් නොමැතිවීමෙන් අසීරුතාවයට පත්වී සිටීම ඇතුළු සියලූ ජන කොටස් පීඩාවට පත්ව සිටින මොහොතක ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසිය යුතු ජනතාව ජාතිවාදී ප‍්‍රවණතාවයකට යොමුකොට තිබෙනවා.

පරාජිත දේශපාලන කණ්ඩායම් බරටම ජාතිවාදය වපුරනවා

ආණ්ඩුව පමණක් නොව පරාජිත දේශපාලන කණ්ඩායම් නැවත බලය අත්පත්කර ගැනීම සඳහා මෙම ජාතිවාදය යොදා ගනිමින් තිබෙනවා. එම නිසා තමයි, පසුගියදා බස් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීම පදනම් කරගෙන එම පරාජිත නඩය නැවත කොටි නැගිටීමක් ගැන ප‍්‍රකාශ නිකුත් කළා. පසුගිය කාලයේ පැවති මැතිවරණ වේදිකාවල නැවත ඊළමක් හැදීම ගැන ජාතිවාදය වැපිරුවා. එම පරාජිත කණ්ඩායමට නැවත අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකරනවා කියා හෝ ආර්ථිකය හදනවා කියා හෝ රටට හොඳ විදේශ ප‍්‍රතිපත්තියක් ගේනවා කියා ඔවුන් වටා ජනතාව ආකර්ෂණය කරගැනීමට නොහැකිවී තිබෙනවා. එම නිසා ඔවුන් ජාතිවාදී ප‍්‍රවණතාවය වර්ධනය කළා. ආණ්ඩුව බලය තහවුරු කර ගැනීම සඳහාත් පරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම සඳහාත් ජාතිවාදය පතුරුවමින් තිබෙනවා. මෙම ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නවා වගේ යළි බෝතලයට ඇතුල් කිරීමට පහසු දෙයක් නොවේ.

මෑත කාලයේ සිදුවුණු ජාතිවාදී ගැටුම් කිහිපයක් තිබෙනවා. 2014 ජූනි මාසයේ අලූත්ගම ගැටුම, 2017 නොවැම්බර් ගිංතොට සිදුවීම, 2018 පෙබරවාරි 27වැනිදා අම්පාරේ හෝටලයක සිදුවීම, පසුගිය දින දෙකේ සිදුවූ තෙල්දෙණිය සිදුවීම. මහනුවර තෙල්දෙනිය සිදුවීමේ ප‍්‍රධාන සාධයක වී තිබුණේ පිරිසක් විසින් රියදුරෙකුට පහරදී ඝාතනය කිරීමයි. මේ ආකාරයටම අපේ රටේ ඝාතන සිදුවෙනවා. 2016දී මිනී මැරුම් 507ක් වාර්තා වී තිබෙනවා. 2017දී මිනී මැරුම් 452යි, 2016දී ළමා දුෂණ 290ක් සිදුවී තිබෙනවා. 2017දී ළමා දූෂණ 232ක් වාර්තා වී තිබෙනවා. මේ ආකාරයට ඝාතන, ළමා දූෂණ, ගැටුම් සිදුවන රාජ්‍යයක් බවට අපේ රට පත්වෙලා තිබෙනවා. මෙවැනි එක් සිදුවීමක් තමයි පසුගියදා වාර්තා වුණේ. එහිදී තී‍්‍රවීල් රථයක ගිය කණ්ඩායමක් රියදුරෙකු ඝාතනය කොට තිබෙනවා. එහි විශේෂත්වය වී තිබෙන්නේ ඝාතනයට ලක්වූ තරුණයා සිංහල වීමත්, පහරදුන් අයත් මුස්ලිම් වීමත්ය. මෙම සිදුවීම ජාතිවාදී කෝණයෙන් අරගෙන තියෙනවා.

හොද්දක තිබුණු පිටි ගුලිය ජාතිවාදී ගැටුමක් බවට වර්ධනය වුණා

අපේ රටේ තිබෙන හෝටල්වල ආහාරවල විවිධ අපද්‍රව්‍ය තිබුණු අවස්ථා හමුවෙලා තිබෙනවා. නමුත් අම්පාරේ හොද්දක තිබුණු පිටි ගුලිය ජාතිවාදී ගැටුමක් බවට වර්ධනය වුණා. ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ කිසිදු ගැටුමක් අනුමත කරන්නේ නැහැ. පිරිසක් විසින් රියදුරෙකු පහර දී ඝාතනයට ලක්කිරීම දැඩි ලෙස ප‍්‍රතික්‍ෂේප කළයුතු දෙයක්. එනිසා එම ඝාතකයින්ට උපරිම ආකාරයේ නීතිය කි‍්‍රයාත්මක කොට දඬුවම් ලබාදිය යුතුයි. මේ වනවිට සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් බන්ධනාගාරගත කොට තිබෙනවා. ඉන් නොනැවතී ඝාතකයින්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුයි.

සියළු දේශපාලන පක්ෂ වෙත ඉල්ලීමක්

අපි අනෙකුත් සියලූම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලීමක් කරනවා, අපේ රට වසර 30ක අනවරත ජාතිවාදී යුද්ධයකට මුහුණ දුන්නු රටක්. මේ මහ පොළොව ලේවලින්, කඳුළින් තෙත් වුණා. උතුරේත් දකුණේත් මිනී කඳු ගොඩගැසුණා. එම ජාතිවාදී යුද්ධයේ ගොදුරු බවට අපේ පරම්පරාවේ සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවන් පත්වුණා. එක්සත් ජාතික පක්‍ෂය, ශී‍්‍රලනිපය හෝ දෙමළ ජාතික සන්ධානය, අනෙකුත් ඕනෑම දේශපාලන පක්‍ෂවල ප‍්‍රතිපත්ති අතර වෙනස්කම්, ගැටුම් තිබෙන්නට පුළුවන්. එම පක්‍ෂ අතර රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන අනෙකුත් කාරණා පිළිබඳව සංවාද, විවාද තිබෙන්නට පුළුවන්. නමුත් කිසිදු හෝ දේශපාලන පක්‍ෂයක් බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කරගත යුතු නැහැ. අපි සියලූම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලනවා ජාතිවාදී ප‍්‍රවණතාවයන් ප‍්‍රතික්‍ෂේප කරන්න කියලා. ඒ වගේම ජනතාවට අනතුරු අඟවනවා, ජාතිවාදය වෙනුවෙන් ඡුන්දය ලබාදීමෙන්, අත්පුඩි ගැසීමෙන්, එය අගය කිරීම අපේ රට අනාගතයේ ලේ විලක් බවට පත්කළ හැකියි කියලා.

ජාතිවාදයට උල්පන්දම් දෙන්න එපා

ඒ වගේම අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, යළි මේ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට උල් පන්දම් නොදිය යුතුයි කියලා. ඒ වගේම අපේ රටේ සියලූම මාධ්‍ය ආයතනවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. තමන්ට කුමන අරමුණක් තිබුණත් ජනමාධ්‍ය තුළින් ජාතිවාදය වර්ධනය වන ආකාරයෙන් කටයුතු නොකළ යුතුව තිබෙනවා. ජාතිවාදය වර්ධනය කිරීමට නොව ජාතිවාදය පරාජය කිරීමටත් ජාතිවාදයට එරෙහිවත් ජනමාධ්‍ය යොදාගත යුතුව තිබෙනවා. මෙසේ නොවුවහොත් සිය භාවිතාවන් ඉදිරියේදී ව්‍යසනයක් බවට පත්විය හැකිව තිබෙනවා. සිය දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය වපුරන්න එපා කියලා අපි සියලූ දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ජනතාවනි, ජාතිවාදය හෙළා දකින්න

ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා ජාතිවාදය හෙළා දකින්න කියලා. අපේ පරම්පරාවේ බොහෝ දෙනා යුද්ධයෙන් ජීවිත අහිමි වුණා. ජීවිත භීතියට පත්වුණා. බොහෝ දෙනාට අතපය අහිමි වුණා. යුද ව්‍යසනයෙන් ඉතාම පීඩාවට පත්වුණා. එම නිසා අපේ දරු පරම්පරාව එවැනි පීඩාවකට පත්කළ යුතු නැහැ. අපේ අනාගත පරම්පරාව කුමන හෝ යුද ගැටුමටක මුහුණ දිය යුතු නැහැ. අපි සියලූ දෙනා සිංහල, දෙමළ, මුස්ලිම් වීමට පෙර සියලූ දෙනා මිනිස්සු බව තේරුම්ගත යුතුව තිබෙනවා. එම නිසා ජාතිවාදී ගැටුම් එපා. ජාතිවාදය පරජය කිරීමට කටයුතු කරන්න. ජනතා විමුක්ති පෙරමුණේ අපි හැමදාමත් ජාතිවාදය ප‍්‍රතික්‍ෂේප කළ පක්‍ෂයක්. ඉතාම අසීරු අවස්ථාවලදී පවා ජාතිවාදීන්ට එරෙහිව සටන් කරපු ව්‍යාපාරයක්. ජාතික සමගිය වෙනුවෙන් පෙනී ඉන්න පක්‍ෂයක්. එම නිසා ජාතිවාදී ප‍්‍රවණතාවයන් පරාජය කරන්න කුමන වර්ගයේ බාධා ආවත් කුමන වර්ගයේ අවලාද ප‍්‍රහාර එල්ල වුණත් කටයුතු කරන්න අපි සූදානම්. ජාතිවාදී ප‍්‍රවණතාවයන් ලත් තැනම ලොප් කළ යුතුයි. මොකද, අපේ රට යුද රාජ්‍යයක් විය යුතු නැහැ. එම නිසා අපි නැවතත් සියලූ පුරවැසියන්ගෙන් ඉල්ලනවා ජාතිවාදයට එරෙහිව සියලූම කි‍්‍රයාමාර්ග ගන්න කියලා.

අගමැතිටත් වෙනම චෝදනාවක්

නීතිය හා සාමය ඇමතිධුරය අගමැතිවරයා විසින් පවරාගනු ලැබුවේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න නොවෙයි. ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද සමහන් කරගැනීම සඳහා තමයි ඔහු එම අමාත්‍යාංශය පවරාගනු ලැබුවේ. අගමැතිවරයාට නීතිය හා සාමය අමාත්‍යාංශය පවරාගෙන මෙවැනි සිදුවීම් පාලනය කරන්න හැකියාවක් නැහැ. ඔහු මුළුමනින්ම මෙම ඇමතිධුරය පවරා ගැනීම උපයෝගී කරගන්නේ ආණ්ඩුවේ අභ්‍යන්තර අර්බුද සමහන් කරගැනීම සඳහා පමණයි.

මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, පාර්ලිමේන්තු මන්තී‍්‍ර, වෛද්‍ය නලින්ද ජයතිස්ස ද සහභාගි විය.

Comment (0) Hits: 1072

තෙල්දෙණිය සිදුවීමේදී පොලිසියේ හැසිරීම සැකසහිතයි

තෙල්දෙණිය - දිගන අවසනාවන්ත සිදුවීම් ව්‍යාප්තවීමට පොලීසියේ ඇදහිය නොහැකි අකාර්යක්ෂමතාව හේතුවී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත් සඳහන් වන්නේ මාර්තු 4 සහ 5 දින මහනුවර තෙල්දෙණිය සහ දිගන ඇති වු පහරදීම්, දේපල අලාභ කිරීම්, ගිණි තැබීම් වලක්වා ගැනීමට පොලීසිය අසමත් වූ බවත් එහිදී පොලිසිය දැක්වූ අකාර්යක්ෂමතාව ඇදහිය නොහැකි තරම් පුදුම සහගත බවය.

ඒ බව තහවුරු කරමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන්ව ඇත.

"සිංහල ලොරි රථ රියදුරෙකුට බීමත් මුස්ලිම් තරුණයින් පිරිසක් පහරදී ඇති අතර තුවාල හේතුවෙන් මාර්තු 3 දින රියදුරු මරණයට පත් විය. ඔහුගේ අවසන් කටයුතු අද දින සිදු කිරීමට නියමිතව තිබුණි. මරණය සිදුවීමෙන් පසුව සෙනසුරාදා දිනයේ තෙල්දෙණියේ කඩ සහ නිවාස කිහිපයකට පහරදී තිබුණි. ඒ සම්බන්ධයෙන් සැක පිට පුද්ගලයින් 24 දෙනෙකු අත්අඩංගුවට පත් විය. 5 පෙරවරුවේ මෙම අත්අඩංගුවට පත් පිරිස නිදහස් කරන ලෙස තෙල්දෙණිය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රාජකාරිය හරියට කළාද?

මාර්තු 4 දින මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් ප්‍ර‍කාශ කර සිටියේ අවමගුල් කටයුතු සිදුවන දින (5) අවශ්‍ය පරිදි පොලිස් නිලධාරින් පිරිසක් මෙම ප්‍රදේශය පුරා යොදවන බව සහ කිසිදු සාමය කඩවීමකට ඉඩක් නොමැති බවයි. 5 පෙරවරු 7 පමණ සිට පොලීසිය තෙල්දෙණිය ආසන්නයේ සැරිසරනු ලැබිය.

සිංහලයින් තෙල්දෙණියට කැඳවූ සමාජ ජාල ප්‍රචාරය

සමාජ ජාලා මගින් පෙ.ව. 10 ට තෙල්දෙණිය නගරය වෙත පැමිණෙන ලෙස සිංහල ජනතාවට ඉල්ලීම් කර තිබුණි. පෙ.ව. 11 වන විට ගැටුමක් ඇති විය හැකි තත්වයක් නිර්මාණය වී තිබුණි. මෙම පිරිස් තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත පැමිණ විරෝධය පළ කරන්න වූ අතර මුස්ලිම් වෙළෙදසැල්, නිවාස සහ වාහන ගිණි තැබීම ආරම්භ වූයේ සවස 1 ට පමණය.

නමගිය ජාතිවාදී කෝළාහලකරුවන් තෙල්දෙණියට ඇවිත් !

5 පෙරවරුවේ සිට සංවිධානාත්මක පිරිස් තෙල්දෙණිය සැරිසැරූ අතර ඒ අතර මඩකලපුව, ගල්කිස්ස, බේරුවල වැනි ස්ථානයන් හි ජාතිකවාදී ගැටුම් සම්බන්ධයෙන් මෙයට පෙර නම් කියැවී ඇති පිරිසක් ද විය. ජනතා ප්‍රකෝප කිරීම් ආරම්භවන විට ආරක්ෂක අංශ ඒ සදහා මැදිහත් නොවී පැය 4 කට ආසන්න කාලයක් ගත කළේය. සෙනසුරාදා (3) දින සිදුවීම් අනුව නිවාස හා දේපල අලාභ කිරීමේ අවදානම පිළිබද අවබෝධයක් ආරක්ෂක අංශ වෙත පැවතිය යුතුව තිබූ නමුත් අවසන් මෙහොත දක්වාම පොලීසිය ජනතාව එක් රැස්වීම වැලැක්වීමට පියවර ගැනීමට අසමත් විය. දිගන සහ තෙල්දෙණිය නගරවල මුස්ලිම් ජාතිකයින් සතු දේපල ගණනාවක් අද දින සිදු වූ ප්‍ර‍හාර හේතුවෙන් විනාශයට පත් වී ඇත.

මේ බව පෙන්වා දෙමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය අවධාරණය කර සිටින්නේ ජාතිවාදී ගැටුම් මහනුවර දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්තවීම වලක්වා ගැනීමට වහා සියළු පියවර ගත යුතු බවය.

Comment (0) Hits: 922

තෙල්දෙණියට හා පල්ලේකැලේට යළිත් ඇඳිරි නීතිය

තෙල්දෙණිය සහ පල්ලේකැලේ පොලිස් බල ‍ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් පොලිස් ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.

 ඒ අනුව තෙල්දෙණිය සහ පල්ලේකැලේ ප්‍රදේශවලට අද(06) පස්වරු 6 තෙක් මෙම පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව පොලීසිය පවසා තිබේ.

 මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට බලපැවැත්වෙන පරිදි පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය පෙරවරු 6.00ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මීට පෙර සඳහන් කර තිබුණි.

 මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ ඇති වූ කලහකාරී සිද්ධියක් හේතුවෙන් ඊයේ දහවල් සිට මහනුවර පරිපාලන දිස්ත්රිික්කයට පොලිස් ඇඳිරි නීතිය පනවනු ලැබීය.

 පසුගිය සෙනසුරාදා දිනයේ දෙපිරිසක් අතර ඇති වු ආරවුලක් දුරදිග යාමත් සමඟ මහනුවර දිගන ප්‍රදේශයේ දී ඊයේ දිනය තුළ මෙම කලහකාරී සිදුවීම වාර්තා වූ අතර ඊට සම්බන්ධ පුද්ගලයින් 24 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කර තිබුණි.

 අම්පාර හා දිගන සිදුවීම් හෙළා දකිමින් රජයෙන් නිවේදනයක්

 මේ අතර අම්පාර හා දිගන ප්‍රදේශයන්හි මෑතදී කලහකාරී සිද්ධීන් පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

 පූජනීය ස්ථාන, නිවාස හා ව්‍යාපාරික ස්ථානවලට හානී සිදුකරමින් අම්පාර හා දිගන ප්‍රදේශයන්හි මෑත දී සිදුවූ සාමය කඩ කළ කලහකාරී සිද්ධීන් ශ්‍රී ලංකා රජය දැඩිව සහ තරයේ හෙළා දකින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර තිබේ.

 එම නිවේදනය පහත දැක්වේ

Comment (0) Hits: 835

අගමැතිට එරෙහි විශ්වාසභංගයට අත්සන් නැහැ !

ඒකාබද්ධ විපක්‍ෂයේ සහ විපක්‍ෂයේ ඇතැම් දේශපාලන පක්‍ෂවල අස්සනින් අද (මාර්තු 06 )දින අගමැතිවරයට එරෙහි ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංගයට ප්‍රමාණවත් අත්සන් සංඛ්‍යාවක් ලබා ගැනීමට එහි සංවිධායකයින්ට මෙතෙක් නොහැකිවී තිබේ.

කෙසේවුවද මෙම විශ්වාස භංග යෝජනාව අද භාරදීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙත්, එක්සත් ජාතික පක්‍ෂයෙත් විශාල මන්ත්‍රි කණ්ඩායමක් මෙයට අස්සන් තබාවි යැයි තමන් විශ්වාස කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ඊයේ මාධ්‍ය හමුවකදී පැවැසීය.

එහෙත් මේවනවිට 'නිව්ස් ටියුබ්' වෙත වාර්තා වී ඇති පරිදි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ද මෙකී යෝජනාවට විරෝධය පළකර ඇත.

ඒකාබද්ධය දෙකට බෙදේ

 ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් 20කට වඩා වැඩි පිරිසකගේ අත්සනින් කතානායකවරයාට අද දිනයේ බාරදීමට සූදානමින් සිටි විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ද විපක්‍ෂයේම ඇතැම් මන්ත්‍රීවරුන් බාදා කරමින් සිටිතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතා විසින් මෙහෙයවන 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවියේ සඳහන් වේ.

එම පුවත් වාර්තාවේ සඳහන් පරිදි ශ්‍රීලනිප හා එජාප මන්ත්‍රී කිහිප දෙනෙකුගේ හෝ අත්සන් මෙම විශ්වාස භංග යෝජනාවට එක් කර ගත යුතු බව එම පිරිස් විසින් කියමින් සිටිති.

නමුන් යෝජනාව අත්සන් කරමින් සිටින පිරිස සදහන් කර ඇත්තේ එමගින් සිදුවන්නේ විශ්වාස භංග යෝජනාව ඉදිරිපත් කිරීම වැලැක්වීම බවයි.

විශ්වාස භංගය බාර දීමෙන් පසු ඡුන්ද විමසීමේදී ඡන්දය ලබා දෙන බවට එජාප හා ශ්‍රී ලනිප මන්ත්‍රී පිරිසක් මේ වන විටත් එකග වී ඇති නිසා එම සැලැසුම අවුල් කිරීමට එකී පිරිස් පෙර යෝජනාව ගෙන විත් ඇතැයිද චෝදනා එල්ල වෙයි.

විශ්වාස භංග යෝජනාව බාර දීමට පෙර ඇතිව තිබෙන තත්වය සම්බන්දයෙන් තීරණාත්මක සාකච්ජාවක් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එහිදී අවසන් තීරණය ගනු ඇතැයිද වාර්තාවේ.

විශ්වාසභංගයට එජාපය නෑ' - වසන්ත

එක්සත් ජාතික පක්ෂය විසින් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අවධාරණය කර සිටියි.

අද' පුවත්පත කළ විමසීමකදී ඔහු එබව සඳහන් කර තිබේ.

පක්ෂය තුළ ඇතිවී ඇති අර්බුද පක්ෂය තුළම විසඳා ගැනීමට කටයුතු කරන බවත්, එසේ නොමැතිව විශ්වාසභංග යෝජනාවත් ඉදිරිපත්කිරීමට අදහසක් නොමැති බවත් වසන්ත සේනානායක අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.

විපක්ෂය විසින් අද (06දා) දිනයේදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කිරීමට සුදානම්වන බවට වාර්තාවී ඇති නමුත් ඒ පිළිබඳවද එක්සත් ජාතික පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැතිබවද අමාත්‍යවරයා කියා සිටියි.

"එක්සත් ජාතික පක්ෂයෙන් විශ්වාසභංගයක් ඉදිරිපත්කරන්නේ නැහැ. අපිට ආරංචියි විපක්ෂයෙන් විශ්වාසභංගයක් ඉදිරිපත්වෙනවා කියල. නමුත් ඒ සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් තීරණයක් අරගෙන නැහැ. අපේ ප්‍රශ්න පක්ෂය ඇතුළේ කතාකරලා විසඳාගන්න පුළුවන්වෙයි කියා බලාපොරොත්තු වෙනවා. එහෙම බැරිඋනොත් අපි එතැනට තල්ලුවෙයිද කියන දේ මම දන්නෙ නැහැ. නමුත් අපි මෙතෙක් පැහැදිලි තීරණයක් අරගෙන නැහැ" යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Comment (0) Hits: 1531

තෙල්දෙණිය ජාතිවාදී ගැටුම් පිටුපස මඩවල පන්සලේ නම

තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවූ පෞද්ගලික ගැටුමක් ජාතිවාදී කෝලාහලයක් බවට පත්කිරීම පිටුපස චීවරධාරීන් කිහිපදෙනෙකු සිටින බවට බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇති බව වාර්තා වෙයි.

බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරන ලෙස මඩවල පන්සලේ සිටින චීවරධාරියෙකුද ප්‍රදේශයේ තරුණයන් කුපිතකරවූ බවට තොරතුරු ලැබී ඇති අතර මේ වන විට ලැබී තිබෙන බුද්ධි තොරතුරු සනාථ කර ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.

එසේම සමාජ ජාල මාධ්‍ය යොදාගෙන ප්‍රහාරයට පිරිස් එකතු කළ පාර්ශව, ප්‍රහාරය සම්බන්ධව පටිගතවී ඇති වීඩියෝ දර්ශන වල සිටින පාර්ශව හඳුනා ගැනීම සඳහාද බුද්ධි විමර්ශන නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.

මහනුවර ගැටුම් ඇතිකරන්න උත්සාහ කල පිරිසත් ඇවිල්ලා

එසේම පසුගිය සමයේ මහනුවර නගරයේ ජාතිවාදී කෝළාහල සිදුකිරීමට මුලික වූ සිවිල් වැසියන් කිහිපදෙනෙකුද මෙම ජාතිවාදී ප්‍රහාර මෙහෙයවා ඇති බවත් ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවද බුද්ධි අංශ ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

මේ අතර ජනාධිපතිවරයාද අදාළ සිදුවීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇති අතර අග්‍රාමාත්‍යවරයාද පොලිස්පතිවරයා හරහා ගැටුම් මැඩපැවැත්වීමට නියෝග නිකුත් කොට ඇත.

ගැටුමේ මුල ලොරි- ත්‍රීරෝද රථ රියදුරු ගැටුමක්

දැනට වාර්තා වන ආකාරයට මෙම සිදුවීමට මුල්වී ඇත්තේ බීමත් ත්‍රීරෝද රථ රියැදුරන් තිදෙනෙකු සහ ලොරි රියැදුරෙකු අතර සිදුවූ ගැටුමක් දුර දිග යාමය. ත්‍රීවීල් රියැදුරන්ගේ පහර දීමකින් තුවාල ලැබූ ලොරි රියැදුරා දින 5 ක් පමණ රෝහල් ගතව සිට ඇති අතර පසුව මියගොස් තිබේ.

ලොරි රියැදුරාගේ මරණය සිදුව ඇත්තේ මාර්තු 03 (සෙනසුරාදා) වන අතර ඒ සමග ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වය ආරම්භවී ඇත. එසේම මාර්තු 04 (ඉරිදා) වනදාද මුස්ලිම් විරෝධී ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ.

මිය ගිය පුද්ගලයාගේ අවමගුල 5 වනදාට යෙදී තිබීමත් පසුගියදා අම්පාරේ සිදුවීම්ද හේතු කොට ගෙන තෙල්දෙනිය ප්‍රදේශයේ ආරම්භ වූ ගැටුම දිගන ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් දක්වාම වර්ධනය වී ඇත.

ඝාතනයට සැකපිට 4ක් පොලිස් අත්අඩංගුවේ

අදාළ සිදුවීමට සැකපිට ත්‍රීරෝද රථ රියැදුරන් තිදෙනා සහ තවත් අයෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර එහෙත් ප්‍රදේශයේ චීවරධාරීන් කිහිපදෙනෙකු සහ තවත් කණ්ඩායමක් එකතුව තරුණයාගේ මරණයට එරෙහිව ජාතිවාදී ප්‍රහාරයක් ආරම්භ කර ඇත.

මේ අතර 04 වනදා පහරදීම් වලට සම්බන්ධව සැක පිට පුද්ගලයන් 24 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එම පුද්ගලයන් නිදහස් කරන ලෙසටද චීවරධාරීන් පෙරටුකරගත් කලහකාරීන් බලපෑම් කර ඇත. පොලිසියට එම පිරිස් විසුරවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කරන්නට සිදුව ඇත.

මේ වන විට තෙල්දෙණිය ප්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව යොදා ඇති අතර 06 අඟහරුවාදා උදෑසන 6 වන තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවු බව පොලිස් මුලාස්ථානය නිවේදනය කර ඇත.

කළාහාකාරීන් හෙව්වෙම ව්‍යාපාරික ස්ථාන

බියට පත් වී සිටින තෙල්දෙණිය සහ දිගන ප්‍රදේශයේ මුස්ලිම් ජනයා එම ප්‍රදේශය අතහැර ගොස් ඇති අතර එම නිවාස රැසක්ද කළහාකාරීන් ගිනිතබා ඇති බව වාර්තා වෙයි.

එසේම කළහකාරී පිරිස් වල ගොදුරු බවට පත්ව තිබෙන්නේම ව්‍යාපාරික ස්ථාන බවත් ජාතිවාදී පදනමින් සිදුවන බොහෝ ප්‍රහාර පිටුපස ඇත්තේ ව්‍යාපාර කටයුතු අඩපන කිරීම බවට විමර්ශන වලදී හෙළිවී ඇති බවද බුද්ධි අංශ ආරංචිමාර්ග අවධාරණය කරයි.

Comment (0) Hits: 1162

විශ්වාසභංගයට ඉක්මන් වෙලා : විමලේ තනි වෙලා

ඒකාබද්ධ විපක්ෂය විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂය තුළ මත ගැටුමක් බවට පත්ව ඇති බව වාර්තා වෙයි.

මෙම ඇත ගැටුමට හේතුවී තිබෙන්නේ අදාළ විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට ලබාදීමට පෙර ඊට ශ්‍රීලනිප සහ එජාප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ අත්සන් ලබාගත යුතු බවට සහ එසේ අනවශ්‍ය බවට යෝජනා දෙකක් මතුවී ඇති නිසාය.

බහුතරයක් විරුද්ධ වෙලා

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කර ඇත්තේ මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 20 කගේ පමණ අත්සනින් ලබාගෙන අවසන් බැවින් 6 වනදා අදාළ විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත ලබාදිය යුතු බවය.

"විමල් විශ්වාසභංගයට නෙවෙයි කිසි දේකට ඕනවට වඩා ඉක්මන් වෙන්න එපා : එහෙම උණොත් වැඩේ කනේ යනවා" - ඒකාබද්ධ මන්ත්‍රීවරුන්ගෙන් විමල්ට උපදෙස්

එහෙත් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ යෝජනාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන බහුතරයක් විරුද්ධවී ඇති අතර ඔවුන් සඳහන් කර ඇත්තේ විශ්වාසභංග යෝජනාව පැරදුණත් ශ්‍රීලනිප සහ එජාප කිහිපදෙනෙකුගේ හෝ අත්සන් ඊට ලබාගැනීමට උත්සාහ කළ යුතු බවත් ඒ හරහා විශාල දේශපාලන වාසියක් ලබාගැනීමට හැකියාව ඇති බවත්ය. එසේම විශ්වාසභංගය කොහොමටත් ගෙන එන බැවින් ඒ සඳහා කළබල විය යුතු නැති බවත් එජාප සහ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය කරන පිරිස දැනුම්දෙන තුරු සිටීම වැදගත් බවද ඔවුන් පෙන්වාදී ඇත.

නමුත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා දැඩි ලෙස සිය ස්ථාවරය වෙනුවෙන් කතා කිරීමට යාමේදී ඊට දැඩි විරෝධයක් එල්ලවී ඇත. අවසානයේ විමල් වීරවංශගේ පාර්ශවය වෙනුවෙන් කතා කිරීමට හෝ මන්ත්‍රීවරයෙක් නොසිටි බවද ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ පිළිබඳ මන්ත්‍රීවරයා හිටපු ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇති අතර එහිදී ශ‍්‍රීලනිප මන්ත‍්‍රී පිරිසක් මේ වන විටත් විශ්වාසභංග යෝජනාවට එකග වී ඇති නිසා එම සැලැසුම අවුල් කිරීමට තම පාර්ශවයේ පිරිසක් කටයුතු කරන බවද පවසා ඇතැයි වාර්තා වෙයි.

එසේම සිය මතය නිහඩ කිරීම හේතුවෙන් උරණවූ විමල් වීරවංශ මන්ත්‍රීවරයා තම අනුදැනුම මත පවත්වාගෙන යන වෙබ් අඩවි කිහිපයකට කතා කොට මේ පිළිබඳ පුවත ප්‍රසිද්ධ කරන ලෙස දැනුම්දී ඇත.

Comment (0) Hits: 971

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් සක්‍රීය කරයි !

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව මත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අත්හිටුවීම සඳහා ගෙන තිබු නියෝගය ඉවත්කර ගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව මෙතෙක් අත්හිටුවා තිබූ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් සක්‍රීය වෙයි.

නීති විරෝධී මුදල් ඇති බවට අනාවරණයවී නැහැ

කෙසේ වුවත් මේ ආකාරයට සක්‍රීය වන්නේ නීති විරෝධී මුදල් මාරුවී නොමැති බවට විමර්ශන වලදී හඳුනාගත් සීමිත ගිණුම් කිහිපයක් පමණක් බවද නීතිපති දෙපාර්තමේන්තු ආරංචිමාර්ග අනාවරණය කර සිටියි.

මීට පෙර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අත්හිටුවීම සඳහා කොළඹ මහාධිකරණය නියෝග කර තිබු අතර ඒ අනුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ආයතන 24ක බැංකු ගිණුම් අත්හිටුවීම සිදුවිය.

ගිණුම් අත්හිටුවීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයත් නිවේදනයක් නිකුත් කළා

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමක් සළකා බැලීමෙන් අනතුරුව ය. මේ සම්බන්ධව ජනාධිපති මාධ්‍ය ඒකකයද නිවේදනයක් නිකුත් කළ අතර එහි ස්සන්දහන් වුයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් පාර්ශව මහ බැංකු බැඳුම්කරයෙන් අයථා ලෙස උපයන ලද මුදල් වෙනත් පාර්ශවයක් වෙත ගලා යෑම වැළැක්වීමේ අරමුණින් නීතිපතිවරයා අදාළ ඉල්ලීම සිදුකල බවය.

එසේම බැඳම්කර ගනුදෙනුවෙන් රජයට අහිමිවු මුදල් නැවත අය කරගැනීමේ කටයුතු මෙන්ම ඊට සම්බන්ධ වුවන්ට දඬුවම් ලබාදීමට ගෙන යන වැඩපිළිවෙළෙහි සාර්ථකත්වය මෙම තීන්දුව තුළින් තහවුරු වන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබිණ.

Comment (0) Hits: 801

අගමැතිට එරෙහි විශ්වාසභංගයේ චෝදනා 14ක්

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කිරීමට යෝජිත විශ්වාසභංග යෝජනාවේ චෝදනා 14ක් අන්තර්ගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල සඳහන් කරයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළ අතර විශ්වාසභංගයේ කේන්ද්‍රය වන්නේ මහ බැංකු වංචාව සහ පසුගිය වසර තුන තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවූ බරපතල කඩාවැටීම බවද පැවසීය.

ජනතාවගෙන් තුනෙන් දෙකක් දැනටමත් අගමැති ප්‍රතික්ෂේප කරලා

 එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ රටේ ජනතාව පෙබරවාරි 10 වනදාද අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් සම්මත කළ බවත් එහිදී රටේ ජනතාවගෙන් 67%ක් ඔහුට මෙන්ම ඔහුගේ පක්ෂයටද විරුද්ධව ජන්දය ප්‍රකාශකළ බවය.

එසේම ජනතාවගෙන් තුනෙන් දෙකක් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ජන්දය ප්‍රකාශ කර ඇති බැවින් පාර්ලිමේන්තුවේ ද දෙකෙන් පංගුවක් හෝ ඔහුට එරෙහිවනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් එජාපයේ කොටසක් ඇතුළුව ශ්‍රීලනිප සහ ඒකාබද්ධ විපක්ෂය ඊට සහය දැක්වීමට මේ වන විටත් එකඟතාව පළකර ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.

Comment (0) Hits: 730

ශ්‍රීලනිපය තුනට කැඩෙයි : අවසන් තීරණය මාර්තු අග

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශව තුනකට බෙදී ඇති බව වාර්තා වේ. එයින් එක් පිරිසක් යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බවත් තවත් පිරිසක් මහින්ද රාජපක්ෂ සමඟ එකතුවී ආණ්ඩුවක් පිහිටවිය යුතු බවත් තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවී දේශපාලන කටයුතුවල නිරතවීමට සුදානම්ව සිටින බවත් වාර්තා වේ.

 මහින්ද මෛත්‍රීට- සුසිල් මහින්දට 

මේ අතරින් මහින්ද අමරවීර සහ මහින්ද සමරසිංහගේ මූලිකත්වයෙන් යුතු පාර්ශවය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට සුදානම්ව සිටින අතර සුසිල් ප්‍රේමජයන්ත ප්‍රමුඛ අනිත් පාර්ශ්වය මහින්ද රාජපක්ෂ සමඟ එකතුවිය යුතු බවට ප්‍රකාශ කරමින් සිටින බව පැවසේ. මේ අතරින් තුන්වන පාර්ශවය ලෙස දුමින්ද දිසානායක ඇතුළු කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුව ඉදිරියේදී කටයුතු කිරීමට සුදානම්ව ඇති බව වාර්තා වේ.

මාසයක් කල් දෙන්න - ජනාධිපතිවරයා

මේ පාර්ශව තුන අතරින් දැනට ප්‍රබලව සිටින සුසිල් ප්‍රේම ජයන්ත ප්‍රමුඛ කණ්ඩායම මේවනවිට යෝජනා කිහිපයක් ජනාධිපතිවරයා වෙත ඉදිරපත් කර තිබේ. එම යෝජනා අතර රනිල් වික්‍රමසිංහ පක්ෂ නායක සහ අගමැති ධූරයෙන් ඉවත් කිරීම, ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ කටයුතු කිරීම යනාදිය ඇතුළත් වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආරංචි මාර්ග පවසයි. එයට පිළිතුරු වශයෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා තම තීරණය දැනුම්දීම සඳහා මාසයක කාලයක් ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.

දුමින්ද එක්සත් ජාතික පක්ෂයට

මෙහිදී දුමින්ද දිසානායක ඇමතිවරයාගේ තීරණය වී ඇත්තේ රනිල් වික්‍රමසිංහට සහය දීම බව පැවසේ. ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා කැමති තීරණයක් ගන්නා ලෙස දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මේවනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 43දෙනෙක් වර්තමාන ආණ්ඩුවේ ඇමතිධුර නියෝජ්‍ය ඇමතිධුර, සහ රජය අමාත්‍ය ධූර දරමින් සිටියි.

Comment (0) Hits: 894

දුෂිතයින්ට වැඩ වරදින ලකුණු ! - අලුත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවීම සඳහා වන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත හෙට (6දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනතින් 12 වැනි වගන්තියට තවත් අලුත් වගන්ති තුනක් ඇතුළත් කිරීම මඟින් පනත සංශෝධනය කරනු ලබයි.

අදාළ සංශෝධන යටතේ පිහිටුවනු ලබන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණයේ විනිශ්චයකාරවරයන් අතුරින් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නම් කරනු ලබන, එකවර විනිශ්චය සභාරූඪවන විනිශ්චයකාරවරයන් තිදෙනකුගෙන් සමන්විත වනු ඇත.

ඉන් එක් විනිශ්චයකාරවරයකු එම අධිකරණයේ සභාපතිවරයා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නම් කරනු ලබයි.

තීරණාත්මක නියෝග කිහිපයක් !

අලුතින් පිහිටුවනු ලබන ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයක් ඉදිරියෙහි ඇති නඩු විභාගයක්, නීතිපතිවරයා විසින් හෝ අල්ලස් හෝ දූෂණ වැළැක්වීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරනු ලබන අධිචෝදනා පත්‍රයක් මත පවත්වනු ලැබිය යුතු අතර එම නඩු ඉක්මනින් පවත්වා අවසන් කරනු ලැබිය යුතු බවද පනතෙහි සඳහන් වෙයි.

එම නඩු දිනපතා විභාග කළ යුතු බවත් නඩු විභාග වන දිනයක නිශ්චිත නීතිඥවරයකුට වෙනත් අධිකරණයක හෝ විනිශ්චයාධිකාරයක පෙනී සිටීමට යොදාගෙන තිබීම හෝ යම් හේතුවක් මත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නොහැකිවීම, නඩු විභාගය ආරම්භ කරන දිනය කල් දැමීමට හේතුවක් නොවිය යුතු බවද පනතෙහි දක්වා ඇත.

ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවත්වන ලද නඩු විභාගයකදී ප්‍රකාශයට පත්කරන ලද තීන්දුවක් සම්බන්ධයෙන් වන අභියාචනයක් එම නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන ලද දිනයේ සිට දින 28ක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කළ යුතු වෙයි.

නඩු විභාග ඉක්මනින් අවසන් කළ යුතු බවට වගන්තියක්

අග්‍රවිනිශ්චයකාරවරයා විසින් නම් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් පස් දෙනකුට නොඅඩු සංඛ්‍යාවකින් යුත් විනිශ්චය පීඨයක් මඟින් එම අභියාචනය විභාග කළ යුතු බවත්, අග්‍රවිනිශ්චයකාරවරයා විසින් එම විනිශ්චය පීඨයට තමාවම නම් කරනු ලැබීම නීත්‍යනුකූල වන බවද එම පනතෙහි සඳහන් වෙයි.

එසේ කරන ලද අභියාචන ඉක්මනින් විභාග කර අවසන් කළ යුතු බවට වගන්තියක්ද පනතට ඇතුළත් කර ඇත.

අධිකරණ ඇමැතිවරයා විසින් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පිහිටුවන ස්ථාන දැක්වීම අධිකරණ සේවා කොමිෂන් සභාව විමසා සිදුකළ යුතු වෙයි.

ඇමැතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මඟින්, ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ සංඛ්‍යාව වැඩි කිරීමේදීත්, අධිකරණ සේවා කොමිෂන් සභාව විමසිය යුතුව ඇතැයි පනතෙහි දක්වා ඇත.

බරපතල කාරනා මෙන්න :

ශ්‍රී ලංකාවේ පුරවැසියකු විසින් ශ්‍රී ලංකාවේ දේශසීමාවෙන් පිටත ස්ථානයකදීද කවරවූ වර්ගයක යම් නැවක හෝ යම් ගුවන් යානයක එබඳු යම් නැවක හෝ ගුවන්යානයක් සම්බන්ධයෙන් සිදුකරන ලද වරදක් සම්බන්ධයෙන් වන අධිකරණ බලය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට තිබිය යුතු බවට වගන්තියක්ද පනතට ඇතුළත්ය.

සොරකම, දේපළ වංක ලෙස ව්‍යවහරණය කිරීම, යම් තැනැත්තකුගේ මරණය සිදුවන වේලෙහි ඔහු සන්තකයේ තිබූ දේපළ වංක ලෙස ව්‍යවහරණය කිරීම, සාපරාධී විශ්වාසභාරය කඩ කිරීම, රජයේ සේවකයකු විසින් හෝ බැංකුකරුවකු, වෙළෙන්දකු හෝ නියෝජිතවරයකු විසින් කරනු ලබන සාපරාධී විශ්වාසභාරය කඩ කිරීම, සොරකම් කරන ලද දේපළ වංක ලෙස භාර ගැනීම, කූට ලේඛන සෑදීම, අසත්‍ය "ලේඛනයක් සෑදීම, අධිකරණයක වාර්තාවක් හෝ ආණ්ඩුවේ උප්පැන්න නාම "ලේඛනයක් ආදිය කූට ලෙස සෑදීම, අගනා සුරැකුම්පතක් හෝ අන්තිම කැමැති පත්‍රයක් කූට ලෙස සෑදීම, කූට ලෙස සාදනු ලැබූ "ලේඛනයක් නිර්ව්‍යාජ ලේඛනයක් ලෙස පාවිච්චි කිරීම, ගිණුම් වරදවා දැක්වීම, මුදල් විශුද්ධිකරණ වරද, අධිකරණ නිලධාරීන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන් සම්බන්ධයෙන් වූ අල්ලස්, රජයේ සේවකයන් සම්මුඛ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විසින් තුටු පඬුරු භාරගැනීම, පොලිස් නිලධරයන්, සාම නිලධරයන් සහ වෙනත් රජයේ සේවකයන් සම්බන්ධයෙන් වූ අල්ලස් ඇතුළු වගන්ති 57ක් යටතේ සඳහන් වන වැරැදි 68ක් සම්බන්ධයෙන්ද, තවත් පනත් කිහිපයක් යටතේ වන වැරැදි සම්බන්ධයෙන්ද ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයන්හි නඩු පැවැරීමට නව පනත් සංශෝධන මඟින් විධිවිධාන සලසා ඇත.

Comment (0) Hits: 1032

හොරු අල්ලන වැඩේ මහතැන් දෙකම මඟ හැරලා : ඇමති දුමින්දගෙන් චෝදනාවක්

ජනවාරි ජයග්‍රහණයේ ආරම්භක අවධියේම වංචා සහ දුෂණ සම්බන්ධව වගකීම ගෙන කටයුතු කරන්නේ කවුද යන්න විමසීමේදී ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම එම කටයුත්ත සඳහා මැදිහත්වීම ප්‍රතික්ෂේප කළ බව අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කරයි.

පුවත්පතක් සමග සිදුකල සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙන අතර ආණ්ඩුවේ ප්‍රධානීන් දෙදෙනා අතින්ම සිදුවූ එම අතපසුවීමේ ප්‍රථිපල මේ වන විට ආණ්ඩුවටම විඳින්න සිදුව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එසේම 2015 මැතිවරණ වේදිකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දෙදෙනාම හොරකම සහ දුෂණය ගැන වන එකම සටන් පාඨය ගෙන ජනතාව වෙත පොරොන්දුවක් ලබාදුන් බවත් දැන්වත් එම පොරොන්දුව ඉටුකිරීමට කටයුතු කලයුතු බවද අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.

හොරු අල්ලන වැඩේ එක එක්කෙනාගේ කරේ ගහන්න එපා !

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය දුමින්ද දිසානායක, " ඒ පැත්තේ අකාර්යක්ෂමතාවයක් තියනවා. ඒක අපි පිළිගන්නවා. ආණ්ඩුවක් විදිහට අපේ අතින් වැරැද්දක් වෙලා තියනවා නම් ඒක අපි පිළිගන්න ඕනනේ. හොරු ඇල්ලීම ගැන ඔබට වඩා ප්‍රශ්නයක් මට තියනවා. අපි 2015 ආණ්ඩුවෙන් එළියට බැහැලා ආවේ ජීවිත අවධානමක් තියාගෙන. ඒ ඇවිත් අපි රටට හෙළිකළා ඒ ආණ්ඩුවේ හොරකම්. ඒවා විමර්ශනය කරනවා කියලා අපි කිව්වා. 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ රටේ හොරාම් වංචා දුෂණ නැතිවෙයි කියලානේ අපි කිව්වේ. ඒත් අපි කියපු දේ හරියට සිද්ධවුණේ නෑනේ. මම දැනුත් යෝජනා කරන්නේ මේ හොරු අල්ලන වැඩේ එක එක්කෙනාගේ කරේ ගහන්නේ නැතුව හරියට බාරගෙන කරන්න කියලා."

Comment (0) Hits: 802

අගමැතිට එරෙහි විශ්වාසභංගය අඟහරුවාදා කතානායකට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව එළඹෙන අඟහරුවාදා කතානායකවරයා වෙත ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි.

ඊයේ (04) කඩුවෙල පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ අගමැතිවරයා රැක ගැනීම සදහා අත් ඔසවන මන්ත‍්‍රිවරුන් සදහා එක් අයෙකුට ලක්‍ෂ 350 බැගින් ලංසු තබා ඇති බවය.

මාර්තු 7න් පසුව පාර්ලිමේන්තුවේ වෙනසක්

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ එළඹෙන මාර්තු 7 වනදායින් පසුව පාර්ලිමේන්තුවේ පෙරළි රැසක් සිදුවීමට නියමිත බවත් එහිදී සැබෑ ජනබලය පාර්ලිමේන්තුව තුළ ඔප්පු කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සුදානමින් සිටින බවත්ය.

අගමැතිට මොකුත් කරන්න කාටවත් බෑ- අමාත්‍ය වජිර

කෙසේ වුවත් ගාල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින් අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කර සිටින්නේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති බවය. ඒ පිළිබඳ කතා කරන බොහෝ දෙනෙකුට 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අමතකවී ඇති බවත් ඊට අනුව ආණ්ඩුවට එරෙහිව ගෙනෙන විශ්වාසභංගයක් මිස අග්‍රාමාත්‍යවරයාට පමණක් සීමා කළ විශ්වාසභංගයක් ගෙන ඒමට නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

එසේම ආණ්ඩුව කිසිවෙකුටවත් පෙරළිය නොහැකි බවත් 2020 වනතුරු පමණක් නොව 2025 දක්වාද රට පාලනය කිරීමට තරම් ආණ්ඩුව ශක්තිමත් බවද අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

Comment (0) Hits: 784

හිටපු ඇමති රවී : මුහුණත් එක්ක තරහට නහය කපාගනී !

ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධව හිටපු අමාත්‍ය රවී කරුණානායක සිදුකරන විවේචනය සමාන වන්නේ මුහුණත් සමඟ තරහට නහය කපා ගැනීමක් වැනි ක්‍රියාවකට බව දේශපාලන - ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.

ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට පත්වීමට ප්‍රධාන හේතුව වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වැනි ආයතන වල යෝජනා ඒ ලෙසම ක්‍රියාත්මක කිරීමට යාම බවට හිටපු අමාත්‍යවරයා පසුගියදා මාධ්‍ය හමුවකදී දැක්වූ අදහසට ප්‍රතිචාර දක්වමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

හිටපු ඇමති රවීගේ විවේචනය

කොළඹ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කර සිටියේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන ලෙස කටයුතු කිරීම වෙනුවට ජනතාව පිළිගත් දේ කිරීමට ආණ්ඩුව කටයුතු කලයුතු බවය.

එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබිය යුතු දේ මේ වන විටත් ලබාගෙන අවසන් බැවින් දැන් එම ආයතනයේ කල් ඉකුත්වී ඇති බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.

එබැවින් අදාළ ආයතන කියනදේට ඇහුම්කන් දුන්නත් ඔවුන් කියන ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද හිටපු අමාත්‍යවරයා පැවසීය.

තවද බැංකු පොළී අනුපාතය වැඩි කිරීම ඇතුළු ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතුද හිටපු අමාත්‍යවරයා එහිදී විවේචනය කර සිටියේය.

කෙසේ වුවත් හිටපු අමාත්‍යවරයාගේ අදහසට ප්‍රතිචාර දක්වමින් දේශපාලන - ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කර සිටින්නේ වත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධව තමන් අඩුපාඩුවක් නොදකින බවත් එහි ගැටළුවකට ඇත්තේ එම ප්‍රතිපත්ති ක්‍රියාවට නැගීම පමාවීම සම්බන්ධව වන බවත්ය.

මධ්‍ය කාළීන ආර්ථික ප්‍රතිපත්ති රාමුව සහ 2025 පොහොසත් රටක් දැක්ම වැදගත්

එසේම රටේ පවතින ආර්ථික අවධානම හමුවේ ඊට මුහුණදීම සඳහා වැදගත් තීන්දු තීරණ සහ වැඩපිළිවෙලක් අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කළ මධ්‍ය කාලීන ආර්ථික ප්‍රතිපත්ති රාමුවේ සහ 2025 පොහොසත් රටක් වැඩ සටහනේ අන්තර්ගත බවත් අවශ්‍ය වන්නේ නියමිත කාලරාමුවට එය ක්‍රියාත්මක කිරීම බවද ඔවුන් පෙන්වා දෙයි.

එසේම ව්‍යවසායක ආර්ථිකයක් බිහිකිරීම ඇතුළුව මෙරට ඉතිහාසයේ අතිශය තීරණාත්මක අයවැයක් 2018 වර්ෂයට අදාළව ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට හැකිවූ බවත් ඊට පෙර වත්මන් ආණ්ඩුවේ අයවැය විවේචනය කළ විද්වතුන් පවා මෙවර අයවැය සාධනීය ලෙස භාරගත්තේ ඒ තුළ පැවති ප්‍රතිපත්තිමය කරුණු වල වැදගත්කම නිසා බවද ඔවුන් සඳහන් කරයි.

එසේම ප්‍රාග්ධනය ගෝලීයකරණය වූ සමාජයේ එක් රටක් හෝ දුපතක් ඉලක්ක කර විශේෂ ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කල නොහැකි බවත් ලෝක ප්‍රවණතා අනුව ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට උත්සාහ කිරීම ජාත්‍යන්තර අරමුදලේ හෝ වෙනත් ආයතනයක යෝජනා ක්‍රියාත්මක කිරීමක් ලෙස හැඳින්වීම වැරදි බවද ඔවුන් පෙන්වා දෙයි.

රවීගෙන් වැඩක් ගන්න

කෙසේ වුවත් හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ හැකියාව සහ සංවිධාන ශක්තිය වත්මන් ආණ්ඩුව හරිහැටි ගෙන නොමැති බවත් ඒ තුළ ඔහුට මෙන්ම ආණ්ඩුවටද දේශපාලන වශයෙන් අසාධාරණයක් සිදුව ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

එහෙයින් විපක්ෂයේ විවේචන මත ආණ්ඩුවේ සිටින දක්ෂයින් දේශපාලන ලෙස කොන් නොකර ඔවුන්ගේ හැකියාවෙන් රටටත් ආණ්ඩුවටත් ඵලදායී ලෙස ඔවුන් යොදාගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා ඒ පිළිබඳ උනන්දු නොවීම තුළ ආණ්ඩුවද කටයුතු කරන්නේ මුහුණත් සමඟ තරහට නහය කපා ගැනීමක් වැනි ආකාරයට බවද දේශපාලන - ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කරයි.

Comment (0) Hits: 923

කොළඹ ඉඩම් මිල ඉහළට

කොළඹ ඉඩම් මිල දර්ශකය 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ දෙසැම්බර් අගභාගයේ 10.4%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

"ඉඩම් මිල දර්ශකය - 2017 වර්ෂයෙහි දෙවෙනි අර්ධය" මැයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති එම නිවේදනය අනුව මෙසේ ඉඩම් මිල දර්ශකය ඉහල යාම සඳහා නේවාසික ඉඩම් මිල දර්ශකය, වාණිජ ඉඩම් මිල දර්ශකය සහ කාර්මික ඉඩම් මිල දර්ශකය යන අනු දර්ශක තුනෙහි ඉහළයාම හේතු වී ඇත.

001

002

නිශ්චල දේපල අංශයෙහි ප්‍රවර්ධනය අධීක්ෂණය කිරීම අරමුණු කරගෙන ශ්‍රී ලංකා මහ බැංකුව මෙම විශ්ලේෂණය සිදුකරන අතර 1998 වසරේ සිට කොළඹ දිස්ත්‍රික්කය ආවරණය කරමින් අර්ධ වාර්ෂිකව ඉඩම් මිල දර්ශකය සම්පාදනය කරයි.

003

මීට අදාළ ගණනය කිරීම් සිදුකරනු ලබන්නේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සපයන කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 5ක් ආවරණය වන පරිදි ප්‍රදේශ 50ක මිල ගණන් භාවිත කරමින්ය.

Comment (0) Hits: 1087

අගමැතිට එරෙහි විශ්වාසභංගය : ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ලෙස

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට අපේක්ෂිත විශ්වාසභංග යෝජනාව ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ලෙස ගෙන ඒමට සුදානම් කර ඇති බව වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති අතර ඊට අදාළ කෙටුම්පත මේ වන විටත් සකස්කර අවසන් බවත් වාර්තා වෙයි.

ඒකාබද්ධ විපක්ෂයේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අදාළ විශ්වාසභංග යෝජනාව සඳහා ලැයිස්තු 3ක් ඔස්සේ මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීමට නියමිතව ඇත. ඒ ඒකාබද්ධ විපක්ෂය සඳහා එක් ලැයිස්තුවක්, ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායමට තවත් ලැයිස්තුවක් සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන රනිල් විරෝධී පාර්ශවයේ මන්ත්‍රීවරුන් සඳහා ලැයිස්තුවක් වශයෙන්ය.

අදාළ පාර්ශව තුන මේ වන විටත් විශ්වාසභංග යෝජනාව සඳහා අත්සන් තැබීමට මුලික එකඟතාව පළකර ඇති බවද වාර්තා වෙයි.

අගමැති විරෝධය සහ ආණ්ඩු විරෝධය

අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය මේ ආකාරයට ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ලෙස ගෙන ඒමට සැළසුම් කර තිබෙන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අග්‍රාමාත්‍යවරයාට පමණක් සීමා වූ විශ්වාසභංගයක් ගෙන ඒමට ප්‍රතිපාදන නොමැති නිසා බවද වාර්තා වෙයි.

 සබැඳි පුවත්

විශ්වාසභංගය පුස්සක් වෙයි : අගමැති ඉවරයි නම් ආණ්ඩුවත් ඉවරයි

 

Comment (0) Hits: 777

අකිලට අධ්‍යාපන ඇමතිකම එපා වෙලා : පෙළපොත් ගැහිල්ලෙන් රු: කෝටි 12ක අලාභයක් කරලා

දරුවන්ගේ සෞඛ්‍යයට අහිතකර සින්තටික් පෙළ පොත මුද්‍රණයේදී අධ්‍යාපන අමාත්‍යංශය විසින් රජයට රු.128,939,700/- ක අලාභයක් කර ඇති බව විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මෙම චෝදනාව එල්ලකර සිටියි.

එම නිවේදනයේ දැක්වෙන ආකාරයට අධ්‍යාපන අමාත්‍යාංශය 2017 වසරට අදාළ 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළ පොත සින්තටික් (කෘති‍්‍රම) කඩදාසියේ මුද්‍රණය කිරීමේදී සාමාන්‍ය කඩදාසියේ මුද්‍රණය කිරීමට වියදම් වන මුදලට වඩා රු.128,939,700/- මුදලක් වියදම් කර ඇති බව නිරීක්ෂණය වන බව ‘‘අධ්‍යාපන අමාත්‍යාංශය පිළිබඳ විගණකාධිපති වාර්තාව 2016 වර්ෂය’’ හි සඳහන් කර ඇත.

අදාළ විගණකාධිපති වාර්තාවට අනුව 7 ශ්‍රේණිය භූගෝල විද්‍යාව පෙළපොත සාමාන්‍ය කඩදාසියේ මුද්‍රණය කළේ නම් වැය වන මුදල රු.25,804,050/- ක් බවත්, කෘති‍්‍රම කඩදාසියේ මෙම පොත මුද්‍රණයේදී රු.154,743,750/- ක් වැය කර ඇති බවත් නිවේදනයේ සඳහන්ව ඇත.

ඒ අනුව කෘති‍්‍රම කඩදාසියේ පොත් මුද්‍රණයට වැඩිපුර වියදම් කර ඇති මුදල රු.128,939,700/- ක් බව විගණකාධිපති වාර්තාව නිරීක්ෂණ කර ඇති බවත් මෙම මුදල කෘති‍්‍රම කඩදාසියේ පොත් මුද්‍රණය කිරීම වෙනුවෙන් රජයට දැරීමට සිදුවන අතිරේක පිරිවැයක් හෝ අලාභයක් ලෙස නිරීක්ෂණය වන බව ද විගණකාධිපති වාර්තාවේ සඳහන් බවද එම නිවේදනයේ දැක්වේ.

අලුත් එක මාරයි : සල්ලි හමාරයි

එසේම කෘති‍්‍රම කඩදාසියේ එක් පොතක් මුද්‍රණය කිරීම වෙනුවෙන් දරන ලද පිරිවැය සාමාන්‍ය කඩදාසියේ එක් පොතක් මුද්‍රණය කිරීමේදී දරන පිරිවැයට සාපේක්ෂව සියයට 356 සිට සියයට 569 ක් දක්වා පරාසයක වූ ඉතා අධික පිරිවැයක් බව එම වාර්තාවේ පෙන්වා ඇති බවද ලංකා ගුරු සංගමය නිකුත් කල නිවේදනයේ සඳහන්ව තිබේ.

සාමාන්‍ය පොතක් රුපියල් 49 යි : අලුත් එක රුපියල් 305 යි

තවද විගණකාධිපති වාර්තාවට අනුව රුපියල් 45.69 කින් සාමාන්‍ය කඩදාසියේ මුද්‍රණය කළ හැකිව තිබූ පෙළ පොතක් වෙනුවෙන් රුපියල් 305.55 ක අධික මුදලක් වියදම් කර ඇති බව පෙනීයන බවත් එහි සඳහන්ව තිබේ.

ජනාධිපති විශේෂ විමර්ශන වාර්තාවේ නිර්දේශ කුණු කූඩයට

මෙම 7 වසරට අදාළ භූගෝල විද්‍යාව පෙළ පොත සින්තටික් කඩදාසියේ මුද්‍රණය කිරීමේදී රුපියල් මිලියන 130 කට ආසන්න මුදලක් අවභාවිතා වී ඇති බව ජනාධිපති විශේෂ විමර්ශන වාර්තාව මගින් ද හෙලි වී තිබුණු බවත් එසේම කිසිදු විධිමත් ඇගයීමකින් තොරව සහ අදාළ ටෙන්ඩර් පටිපාටි පවා විධිමත් නොවන බවද ජනාධිපති විමර්ශන වාර්තාවේ නිර්දේශවල සඳහන් වූ බවද ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.

අදාළ මුද්‍රිත කඩදාසිය දරුවන්ගේ සෞඛ්‍යයට හිතකර නොවන බැවින් භාවිතයෙන් ඉවත් කළ යුතු බවට පවා ජනාධිපති විමර්ශන වාර්තාවේ නිර්දේශවල සඳහන් කර ඇති නමුත් එම නිර්දේශද මේ දක්වා කි‍්‍රයාත්මක කර නැති බවද එම නිවේදනයේ සඳහන්ව ඇත.

ඒ අනුව ලංකා ගුරු සංගමය සිය නිවේදනය හරහා අවධාරණය කර සිටින්නේරටේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීමට තිබූ මුදලින් මෙතරම් විශාල මුදලක් අවභාවිත වී තිබෙන බව විගණකාධිපතිවරයාගේ වාර්තාවෙන් ද, ජනාධිපති විශේෂ විමර්ශන වාර්තාවෙන්ද තහවුරු වී තිබියදී රජයට කර ඇති විශාල අලාභය සම්බන්ධයෙන් වහා පියවර ගන්නා ලෙසත්, මේ සම්බන්ධයෙන් වූ ජනාධිපති විශේෂ විමර්ශන වාර්තාවේ නිර්දේශ වහා කි‍්‍රයාත්ම කරන ලෙසත් ය.

Comment (0) Hits: 913

රනිල් එක්ක දාපු ඩීල් ගැන මහින්ද කතා කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ කුමන්ත්‍රණය කල පිරිස් අද තමන්ට "රනිල් එක්ක ඩීල්" දමන බව පැවසුවද තමන් කිසි දිනක එජාප සමඟ ඩීල් නොදමන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

පුවත්පතක් වෙත ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇති අතර තමන් ඒ කාලේ එජාපය අය අපේ පැත්තට අරගෙන ආණ්‌ඩු කරන කොට එජාපය විනාශ කරනවා යනුවෙන් චෝදනාවට ලක්වූ බවත් අද ශ්‍රීලනිපය එජාපයට පාවා දුන්න අය තමන්ට එජාපය ගැන කියා චෝදනා කරන බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී පෙන්වාදී ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මෙසේද සඳහන් කර සිටියි."ශ්‍රීලනිපය පරද්දන්න එජාපය එක්‌ක කුමන්ත්‍රණය කළේ මම ද…? ශ්‍රීලනිපයට එරෙහිව තරග කළේ කවුද? බහුතරය තිබුණු ශ්‍රීලනිපය අයින් කරලා සුළුතර එජාපයට බලය දුන්නේ මමද? ශ්‍රීලනිප අගමැති අයින් කරලා එජාප නායකයා අගමැති කළේ මමද? මහ මැතිවරණයේදී අපේ කකුලෙන් ඇදලා එජාපයට ආයෙත් බලය දුන්නේ කවුද, කියලා මුළු රටම දන්නවා. එජාපයට ආසන 106 ක්‌ තියෙද්දී අපේ අයට ඇමැතිකම්, උප ඇමතිකම් දීලා ඒ පැත්තට යැව්වේ කවුද? එහෙම ගිහිල්ලා එජාපය එක්‌ක ආණ්‌ඩු හැදුවේ මමද?"

පික්‌පොකට්‌ න්‍යාය

"ඒ අය එජාපය එක්‌ක එක ගෙයි කන ගමන් අපිට චෝදනා කරනවා. මම රනිල් එක්‌ක ඩීල් දාන නිසා අපිට නඩු නැහැ, හිරේ දාන්නේ නැහැ කිව්වා. මගේ දරුවෝ හිරේ දැම්මා, බැසිල්ව හිරේ දැම්මා, එතකොට කෝ ඩීල්… මේ අය එජාපය එක්‌ක හොඳට ඩීල් දාගෙන අද ඒකත් මගේ ඇඟේ ගහන්න එනවා. රනිල්ගේ කැබිනට්‌ එකේ ඉඳගෙන මම රනිල් එක්‌ක ඩීල් දානවා කියලා කියනවා. ඔය පික්‌පොකට්‌ න්‍යායනේ. පික්‌ පොකට්‌ ගහලා …හොරා… කියලා මුලින්ම දුවනවා වගේ නේ මේ අයගේ වැඩ"

නීතිය හා සාමය සරත් ෆොන්සේකාට දීලා බලන්න

එසේම මෙම සම්මුඛ සාකච්ඡාවේදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයාට නීතිය හා සාමය අමාත්‍යංශය ලබාදීම සම්බන්ධවද හිටපු ජනාධිපතිවරයා අදහස් දක්වා ඇති අතර එහිදී සඳහන් කරන්නේ අදාළ අමාත්‍යංශය සරත් ෆොන්සේකා වෙත ලබාදුනහොත් මාස තුනක් යනවිට ආණ්ඩුවට මේ තිබෙන ජන්ද ප්‍රමාණයද නැතිවන බවය.

Comment (0) Hits: 909

Page 525 of 564