V2025

පුවත්

රවීට යළි ඇමතිකමක් දෙන්න ජනපති එකඟවෙලා !

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාට එල්ල වූ චෝදනාවලින් ඔහු නිදහස්වීමට නියමිත බවත්, ඒ අනුව ඔහුට නැවත ඇමතිධූරයක් ලබාදීමට ජනාධිපතිවරයා මේ වනවිටත් සිය කැමැත්ත පළකර ඇති බවත් 'ලංකා නිව්ස් වෙබ්' අඩවිය වාර්තා කරයි.

ඒ අනුව අයවැය අවසන් වූ වහාම රවී කරුණානායක මහතා නැවතත් කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස දිවුරුම් දෙනු ඇතැයි එම වෙබ් අඩවියේ සඳහන් වේ.

එම වෙබ් පුවතේ වැඩි දුරටත් මෙසේද දැක්වේ.

''අදාල වංචාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිසමේ වාර්තාව ඉදිරි දිනවලදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත වේ.

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එවකට මුදල් ඇමතිවරයා වූ රවී කරුණානායක මහතා ද වගකිව යුතු බවට චෝදනා එල්ල වූ අතර ඒ හේතුවෙන්ම රවී කරුණානායක මහතාට මුදල් ඇමතිධූරය හා ඉන්පසු විදේශ කටයුතු ඇමතිධූරයද අත්හැරීමට සිදුවිය.

කෙසේ වෙතත් වාර්තාව මගින් තහවුරු කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයා හෝ රවි කරුණානායක මහතා බැඳුම්කර වංචාවට වගකිවයුත්තන් නොවන බවයි.

එජාප ඇතුලෙන් කුමන්ත්‍රණයක්:

 මේ අතර රවී කරුණානායක මහතා නැවත ඇමතිවරයෙකු ලෙස දිවුරුම්දීමට එරෙහිව එජාපය ඇතුළතින්ම කුමන්ත්‍රණයක් දියත්වෙමින් තිබෙන අතර එහි unp logoපිටුපස එජාප ප්‍රබලයන් වන මලික් සමරවික්‍රම සහ දයා ගමගේ යන අමාත්‍යවරුන් සිටින බවයි වාර්තා වේ.

පසුගියදා ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයා සමග දකුණු කොරියාවේ සංචාරයටද එක්වූ අතර සංචාරය අතරතුරදී රවී නැවත කැබිනට් මණ්ඩලයට පත්කිරීමට එරෙහිව ඔවුන් දෙදෙනා ජනාධිපතිවරයාට කරුණු දක්වා තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වා නොමැති අතර ඉදිරියේදී අනිවාර්යෙන් රවී කරුණානායක මහතා කැබිනට් ඇමතිවරයෙකු වශයෙන් දිවුරුම් දෙනු ඇත.''

Comment (0) Hits: 749

ආයුර්වේදයේ අවිධිමත් පත්වීම්

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට 2015 වර්ෂයේදී විවිධ තනතුරු 57ක් සඳහා කොන්ත්‍රාත් පදනම මත පුද්ගලයන් බඳවා ගෙන ඇති බවට තොරතුරු වාර්තාවේ.

අනුමත කාර්යය මණ්ඩලය තුළ නොවූ සහකාර කළමනාකරණ (අලෙවි ප්‍රවර්ධන) තනතුරු 03ක් සඳහා ස්ථාන පදනමින් නිලධාරීන් බඳවාගන ඇති බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හෙළි කර ගෙන ඇත.

මෙම බඳවා ගැනීම්වල දී තනතුරු සඳහා ප්‍රසිද්ධ දැන්වීම් මඟින් අයදුම්පත් කැඳවීමක් හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා නොමැත.

අනුමත සේවක සංඛ්‍යාව තුළ නොවූ සිවිල් ඉංජිනේරු තනතුරක් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් තොරව 2015 මැයි 01 දින සිට 2016 අප්‍රේල් 31 දක්වා වර්ෂයක කාලයක් සඳහා නිලධාරීන් රුපියල් 80,000 වැටුපකට හා රුපියල් 5000ක් දීමනාවකට බඳවා ගෙන ඇත.

මෙම බඳවා ගැනීමේ අවිධිමත් බවට කෝප් කමිටුව හමුවේ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා පිළිගෙන ඇත.

Comment (0) Hits: 710

ජනාධිපති ලේකම් කාර්යාලය ජනපති අණ පිළිනොපදී!

ජනතා හිතවාදී විශිෂ්ට රජ්‍ය සේවයක් ලබා දීම සඳහා ඉහළම දායකත්වයක් ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම්වරයා මඟින් ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලූම නිලධාරීන් දැනුවත් කර ඇතත් අදාළ උපදෙස් ජනාධිපති ලේකම් කාර්යාලයේ බහුතරයක් නිලධාරීන් ඉටු නොකිරීම පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි අවධානය යොමු වී ඇති බව ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

මහජනතාව විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම්වල දී ඍජුවම විසඳුම් ලබා දිය හැකි කරුණු පිළිබඳව නොපමාව ප්‍රතිචාර දක්වන ලෙසත් එසේ කළ නොහැකි සෑම අවස්ථාවකම අදාළ පුද්ගලයන්ට ඒ බව දැනුම් දෙමින් හා අදාළ විසඳුම් සති 3 ක් ඇතුළත ලබා දීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම ජනාධිපති ලේකම් කාර්යාලීය නිලධාරීන්ට වෙනම දැනුම් දීමක් කර ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

එහෙත් එම උපදෙස් බොහොමයක් ජනාධිපති ලේකම් කාර්යාලයේ බොහෝ අංශ මඟින් ඉටු නොවන බව ද ජනාධිපති ලේකම් කාර්යාල අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

 ලිපිවලට කිසිදු පිළිතුරක් නැහැ :

 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මහජනතාව විසින් ජනාධිපතිවරයා වෙත යොමුකරන ඉල්ලීම් ඉහළ ගොස් ඇතත් එම ඉල්ලීම්වලට මූලික ප්‍රතිචාර දැක්වීමට පවා සය මසකට ආසන්න කාලයක් ගත වෙමින් පවතින අතර ඇතැම් ලිපිවලට කිසිදු පිළිතුරක් හෝ යොමු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් කටයුතු නොකරන බව ද වාර්තා වේ.

ජනතා හිතවාදී විශිෂ්ට රාජ්‍ය සේවාවක් ක්‍රියාත්මක කිරීම සඳහා ඉහළම ප්‍රතිචාරයක් දක්වන ලෙසට ජනාධිපතිවරයා ලබා දී ඇති උපදෙස් ජනාධිපති ලේකම් කාර්යාලය තුළින්ම කඩ කිරීම පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාල සහකාර ලේකම්වරයකුගෙන් කළ විමසීමක දී සිය අනන්‍යතාවය හෙළි නොකරන ලෙස ඉල්ලා සිටිමින් ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලය වෙත දෛනිකව අතිවිශාල ලිපි ප්‍රමාණයක් ලැබෙමින් පැවතීමත් ඒ සඳහා කඩිනම් ප්‍රතිචාර දැක්වීමට විධිමත් යාන්ත්‍රණයක් හා පහසුකම් නොමැතිකමත් ඊට ප්‍රධාන හේතුවක් බවය.

 සාම්ප්‍රදායික නීති රීති හා සිතුවිලි

මේ පිළිබඳව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන් කළ විමසීමක දී ප්‍රකාශ කළේ රාජ්‍ය සේවයේ පවත්නා සාම්ප්‍රදායික නීති රීති හා සිතුවිලි බැහැර කරන තුරු මහජනතාවට විශිෂ්ට රාජ්‍ය සේවයක් ලබා දීම සිහිනයක් වන බවය.

(සත්හඬ)

Comment (0) Hits: 722

"යකඩ බරු දරා දෑසත් අන්ධව මිනිසුන්ට මෛත්‍රී කළ" ගල්ගමුවේ දළ පූට්ටුවා

ශ්‍රී ලාංකිකයන් සහ අලිඇතුන් අතර සම්බන්ධය ඈත අතීතය දක්වා දිව යන්නකි.

සිදුහත් උපතේ පටන් මෑත අතීතය දක්වා මිහිමත විසූ සුවිශේෂී අලිඇතුන් පිළිබඳ කතා එමටය.

සිය රැහේ අභිමානය වෙනුවෙන් වෙඩි කා මිය ගිය පනාමුරේ ඇත් රජු වෙනුවෙන් කවි කොල මෙන්ම ගීත පවා නිර්මාණය විය.

මේ අතර පසුගියදා ඝාතනයට ලක් වූ ගල්ගමුවේ දළ පූට්ටුවා වෙනුවෙන් ශෝකය පළ කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිය සමාජ ජාල පිටු තුළ සටහන් තබා තිබෙන ආකාරය දැකගත හැක.

දළ පූට්ටුවාගේ වියෝව හමුවේ ඔහු සැරිසැරූ ගල්ගමුව අවට ජනතාව ද කම්පනයට පත්ව සිටින බව වාර්තාකරුවෝ පවසති.

''ඇත් දළ කියන්නේ අපි වැදගත් තැනක, ගෙදරක හෝ කොතැනකවත් තබා ගත යුතු නැති දෙයක් බව අප තේරුම් ගත යුතුයි. මොකද ඒවා ලේ තැවරුණු දේවල්''

ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු, සංරක්ෂණ පර්යේෂණ ආයතනය

ශ්‍රී ලංකාව තුළ අලි මිනිස් ගැටුමට මැදිව මිය යන අලි ඇතුන් පිළිබඳ නිතර වාර්තා වුවද ඒ කිසිදු අවස්ථාවකටත් වඩා දෑස් අඳ ගල්ගමුවේ දළ පූට්ටුවා වෙනුවෙන් බොහෝ දෙනා මෙතරම් ශෝකයට පත්වන්නේ ඇයි?

මිනිසුන්ට හානියක් නොකිරීම සහ සුවිශේෂී අංග ලක්ෂණ හේතුවෙන් දළ පූට්ටුවා සාමාන්‍ය ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ බව ඇතැම් පරිසරවේදීන්ගේ මතයයි.

"මේ සතාගේ දෑස් අන්ධ වෙන්නේ මිනිස් වෙඩි පහරින්. ශරීරය කිලෝ පන්දහකට වැඩිය බර සතෙක්. ඒ කිලෝ පන්දහ තුළ අඩු ගානේ යකඩ මූනිස්සම් කිලෝ විස්සක්වත් ඇඟ ඇතුළේ තියාගෙන තමයි එයා මේ රටටම, මිනිස්සුන්ට, ගමට මෛත්‍රී කරමින් ඇවිද්දේ," යනුවෙන් පරිසරවේදී නයනක රන්වැල්ල පැවසීය.
ආගමික වතාවත්

 99022181 dscf5468

දළ පූට්ටුවා සහ ගල්ගමුව හා ඒ අවට ජනයා අතර පැවති සමීප සම්බන්ධය කෙතරම්ද යත් දළ පූට්ටුවාට ගොයම දී බලා සිටීමට පවා ඇතැම් ගොවීන් කාරුණික වී තිබේ.

කෙසේ නමුත් මරණයට පත් දළ පූට්ටුවා වෙනුවෙන් ඔහුගේ සිරුර සොයා ගනු ලැබූ කහල්ල පල්ලකැලේ රක්ෂිතයට අයත් සොරොව්වැව ප්‍රදේශයේදී ඒ අවට මාධ්‍යවේදීන් සහ ප්‍රදේශවාසීන් එක්ව බෞද්ධ ආගමික වතාවත් සිදු කර ඇත.

ගල්ගමුවේ දළ පූට්ටුවා මිය ගොස් ඇතැයි සැක කෙරුණේ වලාන දූෂණ මර්දන ඒකකය විසින් දළ යුගලක් සහ ගජමුතු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීමත් සමගය.

එසේ නොවී නම් දළ පූට්ටුවා මිය ගොස් ඇතැයි වනජීවී බලධාරීන් අදටත් දැන නොසිටින බවට පරිසර සංවිධාන චෝදනා කරති.

වයස අවුරුදු 35 - 40 අතර වයසේ පසු වූ දළ පූට්ටුවා දඩයම්කරුවන්ගේ ගොදුරක් බවට පත් නොවුයේ නම් තවත් වසර 15 -20 අතර කාලයක් ජීවත් වනු ඇති බව අනුරාධපුර කලාපය භාර වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ පැවසීය.

ජාතික ප්‍රතිපත්තියක්

 99013608 imga0014
කෙසේ නමුත් දිනෙන් දින විනාශයට යන ශ්‍රී ලංකාවේ අලි සම්පත ආරක්ෂා කර ගනු වස් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට මෙතෙක් බලයට පත්වූ කිසිඳු රජයක් සමත්ව නැත.

ශ්‍රී ලංකාව තුළ වෙසෙන අලි ඇතුන් පිළිබඳ මෑත කාලය තුළ නිසි සංගණනයක් ක්‍රියාත්මකවී නොමැති නමුත් අලි ඇතුන් පන්දහසකට අධික සංඛ්‍යාවක් මෙරට ජීවත්වන බව පරිසරවේදීන්ගේ මතය වී තිබේ.

ඒ අතර දළ ඇතුන් 70 - 100 අතර සංඛ්‍යාවක් සිටින බව විශ්වාස කෙරේ.

වළගම්බා, මහසෙන්, අනුරාධා, වලව රාජා, කල්තොට රාජා සහ තලාකොල වැව පූට්ටුවා වැනි මෑත කාලයේ සිරිලක සැරිසැරූ සුවිශේෂී දළ ඇතුන් මේ වනවිට අතුරුදහන්ව ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල පවසයි.

දැනට හඳුනාගෙන ඇති සුවිශේෂී දළ ඇතුන් දස දෙනාගෙන් අට දෙනෙකුම වනෝද්‍යානවලින් පිටත මිනිස් වාසස්ථාන ආසන්නයේ දිවි ගෙවන බව ඔහු පෙන්වා දෙයි.

"ලේ තැවරුණු ඇත් දළ"
            යකඩ මූනිස්සම් කිලෝ විස්සක්වත් ඇඟ ඇතුළේ තියාගෙන තමයි එයා මේ රටටම, මිනිස්සුන්ට, ගමට මෛත්‍රී කරමින් ඇවිද්දේ
           නයනක රන්වැල්ල, පරිසරවේදී

මේ අතර සංරක්ෂණ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ උද්‍යානවලින් පිටත සැරිසරන අලිඇතුන් ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් බලධාරීන්ට මෙන්ම ජනතාවට ද වගකීමක් පැවරෙන බවය.

"මේ අවදානමට ලක් වෙන සත්තු බොහෝවිට මරන්නේ රක්ෂිතයෙන් පිටතට ආ විටයි. දළ දෙකක් ගන්න මේ වගේ අපූරු සතෙක් මරලා, කපලා, කොටස්වලට කඩනවා කියන්නේ අපි සමාජයක් වශයෙන් ගොඩක් පිරිහුණු තැනකටයි ඇවිත් තියෙන්නේ," යැයි ආචාර්ය ප්‍රනාන්දු පවසයි.

  • ගින්නෙන් දැවෙන අලි පැටවාගේ සේයාරුව පළමු තැනට

එමෙන්ම රජ සමයේ පටන් ඇතුන් වනයෙන් අල්ලාගෙන විත් හීලෑ කිරීම සහ අධිරාජ්‍යවාදීන් විසින් දළ ලබා ගැනීමේ අරමුණින් ඇතුන් මරා දැමීම ශ්‍රී ලංකාවේ ඇත් පරපුර සමස්ත අලි ගහනයෙන් 5% දක්වා අඩුවීමට හේතු වී ඇති බවත් ඔහු පෙන්වා දුණි.
ඇත් දළ සඳහා සමාජය විසින්ම වටිනාකමක් ලබා දී තිබෙන බව කී ආචාර්ය පෘතුවිරාජ් ප්‍රනාන්දු "ඇත් දළ කියන්නේ අපි වැදගත් තැනක, ගෙදරක හෝ කොතැනකවත් තබා ගත යුතු නැති දෙයක් බව අප තේරුම් ගත යුතුයි. මොකද ඒවා ලේ තැවරුණු දේවල්," යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

පොලිස් පරීක්ෂණ
 99022180 dscf5441
මේ අතර ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිකුරාදා (දෙසැ 01) තවත් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.
ඇත් දළ යුගලක් සහ ගජමුතු සමග පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූ ගල්ගමුව හේරත්ගම ග්‍රාම නිලධාරීවරයාගේ ඥාතියෙකු ද ඒ අතර සිටින බව පොලිසිය සඳහන් කළේය.

ඔහු අත තිබී තවත් ගජමුතු සොයා ගත් බව ද පොලිසිය වැඩිදුරටත් කියා සිටියේය.

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ මරණය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරන මෙන් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළ බව නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මේ අතර නිවේදනය කර තිබුණි.

ඇතාගේ මරණය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 07 කි.

නොවැම්බර් 29 වෙනිදා ගල්ගමුවේ දළ පූට්ටුවාගේ මළ සිරුර සොයා ගනු ලැබුවේ කහල්ල පල්ලකැලේ රක්ෂිතයට අයත් සොරොව්වැව ප්‍රදේශයේදීය.
ඒ වනජීවී, පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව දියත් කළ මෙහෙයුමකින් අනතුරුවය.

සබැඳි යොමු:

  • අලි දඩයම: "අපේ ඇත්තු මරලා දළ යුරෝපයට ගෙන ගියා"
  • අලි යාචකයින් බවට පත් වූයේ ඇයි?
  • "දකුණේ තිලකය" මැකුනේ ආලය නිසාද?

දළ පූට්ටුවා ඝාතනය කළ පුද්ගලයන්ට දිය හැකි උපරිම දඬුවම ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටිති.

ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව අලියෙකු ඝාතනය කළ බවට වරදකරුවන පුද්ගලයෙකුට වසර පහකට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් දක්වා වූ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකිය.

 

Comment (0) Hits: 819

මව්බිමේ 'ගොතා' පුම්බන පුවත පචයක් - කොළඹ සරසවිය

නායකයා කවුද? කොළඹ විශ්ව විද්‍යාලය සමීක්ෂණයකින් හෙළිකරයි යන මැයෙන් යුතුව ත්‍යාගා ශ්‍රී මාලි බණ්ඩාර විසින් 2017 දෙසැම්බර් 03 වන ඉරිදා දින 'මව්බිම' පුවත්පතෙහි ප්‍රධාන ශීර්ෂ පාඨය ලෙස පල කරන ලද ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සාවද්‍ය බවත්, කොළඹ විශ්ව විද්‍යාලය විසින් එවන් සමීක්ෂණයක් සිදු කොට නොමැති බවත් සඳහන් කරමින් කරුණු පැහැදිලි කරමින් කොළඹ විශ්ව විද්‍යාලයෙහි උප කුලපතිවරයාගේ උපදෙස් මත ජනමාධ්‍ය අංශ ප්‍රධානී මහාචාර්ය සමන්ත හේරත් විසින් 2017 දෙසැම්බර් 03 දාතමින් මව්බිම පුවත්පතේ කර්තෘවරයා වෙත දැනුම් දී ඇත.

අදාල ප්‍රවෘත්තිය සෙසු විද්යුත්, මුද්‍රිත සහ වෙබ් ජනමාධ්‍ය විසින් උපුටා දක්වන ලද බැවින් එම නිවැරදි කිරීමටද ඒ හා සමාන ප්‍රසිද්ධියක් ලබා දීමට සහය ලබා දෙන ලෙස මහාචාර්ය සමන්ත හේරත් මහතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් වෙතින් ඉල්ලීමක් කොට ඇති අතර, ඒ අනුව මෙම ලිපියෙහි පිටපතක් සියළු මාධ්‍ය වෙත නිකුත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කටයුතු කොට ඇත.

 ගෝඨා පෙරමුණේ සිටින බව !

 වසර 2020දී මෙරට ජනාධිපතිවරයා විය යුත්තේ රටට ආදරය කරන ඒකාධිපති ස්වරූපයක්ද සහිත නායකයකු බවත් ඔහු උගත් බුද්ධිමතකු විය යුතු බවත් එම පාලනය හමුදා පාලනයක් වුව සුදුසු බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය ඒකකය විසින් සිදුකරනු ලැබූ පර්යේෂණයකින් අනාවරණය වී ඇතැයි 'මව්බිම' වාර්තා කර තිබිණ.

 එහිදී නියැදිය වශයෙන් 505කගෙන් සමන්විත පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති බවත්, පර්යේෂණ ක්‍රමවේදය වී ඇත්තේ 'රනිල් වික්‍රමසිංහ, මෛත්‍රිපාල සිරිසේන, අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ යන පස්දෙනාගේ ඡායාරූපයකට අනුපිළිවෙළින් අංක යොදා එක් අයකු මේ පුද්ගලයන් පස් දෙනා අතුරින් කැමැත්ත ප්‍රකාශ කරන ආකාරය ප්‍රමාණාත්මකව ගණනය කිරීම බවත් එම පුවත් වාර්තාවේ සඳහන් විය.

පර්යේෂණ නියැදියට අනුව ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරමුණේ සිටින බව 'මව්බිම' වාර්තා කර ඇත.

Comment (0) Hits: 1298

ලිංගික අතවරවලට ලක් වූ වැඩිම දරුවන් වෙසෙන රට ?

ඉන්දියාවේ සෑම විනාඩි 15 කටම වරක් දරුවෙකු ලිංගික අතවරවලට ලක් වෙන බව ආණ්ඩුවේ අලුත්ම සංඛ්‍යාලේඛනවලින් හෙළිදරවු වී තිබේ.

ළමුන් ලිංගික අපයෝජනයට ලක්වීම ගතව ගිය වසර කිහිපය ඇතුළත විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බව ද බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කෙරුණ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ වාර්තාවේ දැක්වේ.

දූෂණයට ලක් වූ දස හැවිරිදි දැරියකට දරුවෙකු බිහි කිරීමට සිදුවීමෙන් අනතුරුව ළමා ලිංගික අපචාර පිළිබඳව යළිත් වරක් ඉන්දියාව පුරා ප්‍රබල අවධානය පළවෙමින් පවතී.

එම දැරිය දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ ඇයගේ මාමාවරුන් දෙදෙනෙකුට පසුගියදා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණ.

සබැඳි යොමු:

  • මාමලාගේ ගොදුරක් බවට පත් දස හැවිරිදි දැරියක්
  • ළමා ලිංගික අපචාර: 108 දෙනෙක් අත්අඩංගුවේ
  • හයිටි ළමා අපචාර: 'හමුදාවේ වැරදිකරුවන්ට දඬුවම් කළා'
  • පහලගම සෝමරතන හිමි ළමා අපචාර චෝදනා වලට වැරදිකරු වෙයි
  • වතිකානයේ භාණ්ඩාගාරික: ලිංගික අපචාර චෝදනා ප්‍රතික්ෂේප කරති
  • ඔස්ට්‍රේලියානු කතෝලික පල්ලියට ළමා අපචාර චෝදනා
  • ස්වදේශ කටයුතු අමාත්‍ය රජ්නාත් සිං (Rajnath Singh) විසින් දිල්ලි අගනුවරදී ප්‍රකාශයට පත්කරන ලද 2016 වසරේදී ඉන්දියාව පුරා සිදු වූ අපරාධ පිළිබඳ ජාතික අපරාධ වාර්තා කාර්යාංශයේ වාර්තාව ප්‍රකාර, එම වසර ඇතුළත දරුවන්ට එරෙහි අපරාධ 106,958 ක් වාර්තා වී තිබේ.
  • ඒ අතරින් 36,022 ක් දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ගණයට වැටෙන අපරාධ වේ
  • ලිංගික අපයෝජනයට ලක් වූ ළමුන් පිළිබඳ දත්ත 99030124 26a0637f e16f 4368 8f40 a74885d9c546

    ලෝකයේ ලිංගික අතවරවලට ලක් වූ දරුවන් වැඩිම පිරිස සිටින රට ඉන්දියාව බව පෙන්වා දෙන දිල්ලි අගනුවර සිටින බීබීසී වාර්තාකාරිය ගීතා පාන්ඩේ (Geeta Pandey), එහෙත් ඒ සම්බන්ධයෙන් විවෘතව කතාකිරීමට බොහෝ දෙනා මැලිකමක් දක්වන බව ද පවසන්නීය.

    එබැවින් සැබවින්ම ලිංගික අපයෝජනයට ලක් වූ දරුවන් පිරිස වාර්තාවේ ඇතුළත් සංඛ්‍යාවට වඩා ඉතා වැඩි පිරිසක් විය හැකි බව ද බීබීසී වාර්තාකාරිය පවසයි.
    ඉන්දියාවේ ළමා වර්ධනය සහ කාන්තා කටයුතු අමාත්‍යාංශය විසින් 2007 දී පවත්වන ලද සමීක්ෂණයකට අනුව, තමන් කිසියම ආකාරයක ලිංගික අපයෝජනයකට ලක් වූ බව සමීක්ෂණයට සහභාගි වූ දරුවන්ගෙන් 53% ක් පවසා තිබිණ.

    බහුල වශයෙන්ම ඒ දරුවන් අපයෝජනයට ලක්වන්නේ දෙමාපියන්, ඥාතීන් හෝ පාසල් ගුරුවරුන් වැනි ඔවුන්ට ඉතා සමීප පුද්ගලයන් අතින් බව ළමා අයිතිවාසිකම් පිළිබඳ උද්ඝෝෂකයෝ පවසති.

Comment (0) Hits: 812

එජාප කොළඹ ලැයිස්තුවල කුඩුකාරයින් !

ලබන වසරේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ලැයිස්තු සැකසීමේදී කුඩු ව්‍යාපාරිකයින්ගේ ඥාතීන් හා හිතවතුන් ගේ නම් ද එක්කර ඇතැයි එම පක්ෂයේ 'සිරිකොත' මුලස්ථාන ආරංචි මාර්ග වලින් වාර්තාවේ.

කොළඹ බ්ලුමැන්ඩල් හා කිඹුලාවල මෙන්ම බොරැල්ලේ කොට්ඨාශ කිහිපයකට එවැනි කුඩු ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් ඇතුලත්ව ඇතැයි වාර්තාවීමත් සමග එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය අඟහරුවාදා සවස අදාල ප්‍රදේශ බාර දේශපාලන නායකයින් කැඳවා අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින්ට හෝ ඔවුන්ගේ ඥාතීන්ට එජාපයෙන් නාමයෝජනා නොදෙනබව අවධාරණය කර තිබේ.

 

Comment (0) Hits: 921

දුම්රිය සේවයේ අලාභය මිලියන 6773යි

ශ්‍රී ලංකා දුම්රිය සේවයේ 2016 වර්ෂයේ මෙහෙයුම් අලාභය රුපියල් මිලියන 6773ක් බව තොරතුරු වාර්තා වේ. එහිදී 2015 වර්ෂයට සාපේක්ෂව රුපියල් මිලියන 940ක වැඩි වීමක් සිදුව ඇත.

2016 වර්ෂයේ මෙහෙයුම් ආදායම මිලියන 6623ක් වන අතර මෙහෙයුම් වියදම රුපියල් මිලියන 13396කි.

2015 වර්ෂයේ දී සැලසුම් කරන ලද මගී දුම්රිය සංඛ්‍යාවෙන් සියයට 97.35ක් ධාවන යොදවා ඇති අතර 2016 දී එය සියයට 97.81ක් දක්වා වර්ධනය වී ඇත.

ඒ අනුව 2015 දී මගීන් මිලියන 133.29ක ප්‍රවාහනය කර ඇති අතර 2016 දී එම සීමාව ඉක්මවා මගීන් මිලියන 2.76ක් ප්‍රවාහනය කර තිබේ.

කෙසේ වෙතත් 2016 දී ප්‍රවේශ පත්‍ර නොමැතිව මගීන් 13267ක් ගමන් කර ඇත.

Comment (0) Hits: 738

ජනපති ජනවාරියේ දී යට ගිය දූෂණ වංචා උඩට ගනී !

පසුගිය ආණ්ඩුව සමයේ සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීමට ලබන ජනවාරි සිට ජනාධිපතිවරයා විශේෂ අවධානයක් යොමු කරනු ඇති බව වාර්තා වේ.

මෙම පරීක්ෂණ කටයුතු ප්‍රමාද වීමට හේතුව වී ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින දුර්වලතාවයි.

ඒ හේතුවෙන් මේ වනවිට වංචා සහ දුෂණ චෝදනාවලට අදාළ නඩු කිහිපයකම පරීක්ෂණවල ඉදිරි කටයුතු ඇණ හිට තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පසුගිය සමයේ පවත්වන ලද පරීක්ෂණ බොහොමයක් නීතිපති දෙපර්තමේන්තුවට යැවීමෙන් අනතුරුව නීතිපති උපදෙස් නොලැබීම හේතුවෙන් ඉදිරි පරීක්ෂණ ඇන හිට ඇත.

මේ පරීක්ෂණ අතර ලිපි ගොණු අංක CR 1/08/2016 ආයුධ සහ පතරොම් සමඟ ගාල්ල වරායේ දී අත්අඩංගුවට ගත් ඇවන්ට්ගාඞ් නැව සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංක CR 01/AML/CFT/04/12/16 සහ CR 1/1/16 විභාග වූ සජින් වාස් ගුණවර්ධනට එරෙහිව පැවතුණු ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහනයක් අතුරුදන් වීම සම්බන්ධ පරීක්ෂණ හා මුදල් විශුද්ධිකරණයට අදාළ පරීක්ෂණ වාර්තා ද පවතියි.

 අරලියගහ මන්දිරයේ සිදුවූ කුමන්ත්‍රණය:

 මීට අමතරව ලිපි ගොණු අංකCR 1/ 08/2015 2015.01.10 දින අරලියගහ මන්දිරයේ සිදුවූ කුමන්ත්‍රණයක් සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංක CR 1/271/15 araliyagaha mandrayaවරයා අධිකාරියේ හිටපු සභාපතිවරයෙකුට වූ පියත් බන්දු වික්‍රමමුනිගේ වත්කම් සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංක ක්ඍ 1/ 91/ 2015 රක්නා ආරක්ෂක ලංකා සමාගම සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංකCR 01/AML/CFT/04/2015 රාජ්ය වැවිලි සංස්ථාවට අයත් ඉඩමක් වංචාසහගත ලෙස පෞද්ගලික 

සමාගමකට පැවරීම සම්බන්ධ පරීක්ෂණ, ලිපි ගොණු අංක WL/08/15 යටතේ වලංගු බලපත්රයක් නොමැතිව අලි ඇතුන් ළඟ තබා ගැනීම සම්බන්ධ පරීක්ෂණ ඇතුළු පරීක්ෂණ රැුසක් පවතියි.

මෙම පරීක්ෂණ වාර්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිපතිවරයා වෙත යොමුකර ඇත්තේ 2015 වසරේ සහ 2016 වසරේ මුල් කාල වකවනුවේදියි.

මිට අමතරව පසුගිය දා (29) පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක් අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාව මගින් පවත්වන දුෂණ සහ වංචාවන්ට එරෙහි පරීක්ෂණ විශාල ලෙස ප්‍රමාදවන බව ප්‍රකාශ කර තිබුණි.

 සබැඳි පුවත් :

පොලිසිය ඒකාබද්ධයේ මන්ත්‍රීවරයකුට !

Comment (0) Hits: 781

ධීවර සංස්ථාව කොරියාවට

ලංකා ධීවර සංස්ථාව දීර්ඝකාලීන බදු පදනම යටතේ දකුණු කොරියාවේ පොන්ටැස් නමැති මත්ස්‍ය සමාගමට පවරා දීමට ධීවර සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලය රහසිගතව සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.

ධීවර සංස්ථාව දීර්ඝකාලීන බදු පදනම යටතේ අදාළ සමාගමට පවරා දීමට සැලසුම් කර ඇත්තේ මේ වන විට අධික අලාභයක් ලබමින් සේවක වැටුප් හා වෙනත් ව්‍යවස්ථාපිත දීමනා පවා ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වීම නිසා බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහි පළමු පියවර ලෙස එහි සේවකයන් ස්වේච්ඡුා වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැන්වීමට කටයුතු කරමින් සිටින අතර සංස්ථාවට අයත් නිවාඩු නිකේතන සහ ඉඩම් ඇතුළු විවිධ දේපළ විකිණීමේ සැලසුමක් ද මේ වන විට ක්‍රියාත්මක කොට තිබේ.

ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එස්.කේ. අධිකාරි මහත්මියගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී කියා සිටියේ අධික අලාභයක් මත පවත්වාගෙන යන ධීවර සංස්ථාව තවදුරටත් රජයට බරක් නොවී පවත්වාගෙන යාමට නම් කළ යුතුව ඇත්තේ එවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම පමණක් බවයි.

Comment (0) Hits: 802

රාජිත කඩේ යැවීමට එජාපයෙන් පදවියක් !

දෙසැම්බර් 3 වන සතියේ දී රත්නපුරයේ දී පැවැත්වීමට නියමිත එජාප විශේෂ සම්මේලනයේ දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එජාප නියෝජ්‍ය නායකයකු ලෙස පත්කර ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී එජාප ප්‍රධාන කථිකයකු ලෙස පත් කිරීමට නියමිත බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඕනෑම ගැටලූවක් පිළිබඳව කිසිදු පැකිලීමකින් තොරව කරුණු ඉදිරිපත් කිරීමට තරම් කථිකත්වය ඇත්තෙකු වීම ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එජාපයේ ප්‍රධාන කථිකයෙකු ලෙස පත් කිරීමට හේතුවක් වී ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අයථා ක්‍රියා පිළිබඳව සහ එජාපයේ මැති ඇමැතිවරුන් පිරිසක් බැඳුම්කර සිද්ධියට සම්බන්ධ බවට චෝදනා එල්ල වීම ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එජාපයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පිරිස් එල්ල කළ හැකි ප්‍රධාන විවේචනයක් විය හැකි නිසා ඒ සඳහා සාර්ථකව පිළිතුරු දීමට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා යොදා ගැනීමට එජාපය සැලසුම් කොට ඇති බව ද වාර්තා වේ.

(සත්හඬ )

Comment (0) Hits: 726

මාගම්පුර වරායේ ආරක්ෂාවට තර්ජනය !

ඔවුන්ම පමණක් දන්නා හේතුන් මත මාගම්පුර වරායේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ සාමාන්‍ය නීතිය හා සාමය පවත්වාගෙන යෑමට ගැටළුකාරි තත්ත්වයක් ඇති කරමින් සේවකයන් අඛණ්ඩව නීතිවිරෝධි ක්‍රියාවන්හි නිතරව සිටීන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

මාගම්පුර වරාය සම්බන්ධයෙන් පළවන වාර්තා පදනම් විරහිත බව සඳහන් කරමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිකුත්කළ නිවේදනයක එබව සඳහන්වේ.

එම නිවේදනය පහත පළවේ.

 ශ්‍රී ලංකා වරාය අධිකාරිය (වරාය අධිකාරිය) මාගම්පුර පෝට් මැනේජ්මන්ට් කම්පැනි (පුද්) සමාගම (MPMC) සහ මාගම්පුර වරාය සම්බන්ධයෙන් පළවී ඇති අසත්‍ය සහ නොමග යවන සුළු වාර්තා කීපයක් සහ දෝෂ සහිත අනුමානයන් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමු වී තිබේ.

සේවය අවසන් කර ඇති බවට කෙරෙන චෝදනා?

 MPMC සමාගමෙහි සේවකයන්ගේ සේවය අවසන් කර ඇති බවට කෙරෙන චෝදනා මුළුමනින්ම අසත්‍ය වන අතර, වරාය අධිකාරිය එය තරයේ ප්‍රතික්ෂේප කරයි.

සමහර සේවකයන් MPMC සමාගමේ පරිපාලන කටයුතු කඩාකප්පල් කිරීම තුළින් ගෙවීම් ප්‍රමාද කිරීමට කරන ලද උත්සාහයන් ද නොතකා සියලූ සේවකයන්ගේ නොවැම්බර් මස සඳහා වැටුප් දැනටමත් ගෙවා ඇත.

අප දැනුවත් පරිදි නැවත දැනුම් දෙන තෙක් /නිත්‍යානූකූලව ඉදිරි පියවර ගන්නා තෙක් එලෙස වැටුප් අඛණ්ඩව ගෙවීමට MPMC සමාගම කටයුතු කරනු ඇත.

 ඔවුන්ම පමණක් දන්නා හේතුන් ?

 MPMC සමාගම පැහැදිලි ලෙසම සහ නැවත නැවතත් මෙම කරුණු පිළිබඳව සේවකයන්ට සහතික වී ඇති නමුත් ඔවුන්ම පමණක් දන්නා හේතුන් මත මාගම්පුර වරායේ ආරක්ෂාව සහ ප්‍රදේශයේ සාමාන්‍ය නීතිය හා සාමය පවත්වාගෙන යෑමට ගැටළුකාරි තත්ත්වයක් ඇති කරමින් සේවකයන් අඛණ්ඩව නීතිවිරෝධි ක්‍රියාවන්හි නිතරව සිටීයි.

MPMC සමාගමේ ව්‍යාපාර කටයුතු අවසන් කිරීමෙන් පසු එහි සේවකයන්ට හිමිවිය යුතු සහන කවරේදැයි තීරණය කිරීම සඳහා කාර්මික අධිකරණය හමුවේ දැනට නඩු කටයුත්තක් විභාග වෙමින් පවතී.

වරාය අධිකාරිය සහ MPMC සමාගම එහි නීති කටයුතු සඳහා අඛණ්ඩව සහභාගි වනු ඇත.

 ඉහළ වන්දි ගෙවීමක් !

 නීතියෙන් නියම කර ඇති ප්‍රමාණයට වඩා ඉතා ඉහළ වන්දි ගෙවීමක් යෝජනා කෙරෙන ස්වේච්ඡාවෙන් සේවකයන් ඉල්ලා අස්වීමේ යෝජනා ක්‍රමයත් MPMC සමාගම විසින් සියළු සේවකයන් වෙත අර්පනය කර ඇති අතර, එහි සේවකයන් කණ්ඩායමක් දැනටමත් එය පිළිගෙන ඇත.

පොදුවේ සියළු දෙනා දැනුවත් පරිදි මාගම්පුර වරාය එහි වර්තමාන තත්ත්වය අනුව ආර්ථීක වශයෙන් එය අසාර්ථක වන අතර, එහි ණය බර හා ණය ආපසු ගෙවීමේ පිරිවැය රජය මත පැටවී ඇත.

එහෙයින් රාජ්‍ය ණය බර අවම කර ගැනීමට සහ මාගම්පුර වරාය ආර්ථීක වශයෙන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වී ඇති ආයෝජනයන් රාජ්‍ය හා පෞද්ගලික හවුල්කරණයන් තුළින් සපයා ගැනීමට රජය ප්‍රතිපත්තිමය තීරණයකට එළැඹෙන ලදී.

මාගම්පුර වරාය නැවතත් වරාය අධිකාරියට :

මේ වන විට ප්‍රධාන වශයෙන්ම කොළඹ වරායෙන් යොමු කරන ලද ව්‍යාපාරික අවස්ථාවන් මත යැපෙමින් සහ දේශීය බැංකු වෙත අධික ණය බරක් ගෙවමින් සිටින MPMC සමාගම මෙම ක්‍රියාවලිය සඳහා මාගම්පුර වරාය නැවතත් වරාය අධිකාරිය වෙත පැවරිය යුතු වි ය.

MPMC සමාගම 2017 නොවැම්බර් 30වන දින සිට සිය සේවකයන්ට සේවයට වාර්තා නොකරන ලෙස දැනුම් දෙනු ලැබූවේ ඉහත සඳහන් පසුබිම තුළ දී ය.

සේවකයන් හට පැවැරීමට කිසිදු කාර්යයක් MPMC සමාගමට නොතිබුණේ වුවද, ඉහත සඳහන් පරිදි අඛණ්ඩව සේවකයන්ට ඔවුන්ගේ වැටුප් ගෙවන බවට සහතික වන ලදී.

 සියල්ල නීතියට එකඟවයි :

 එහෙයින් වරාය අධිකාරිය සහ/හෝ MPMC සමාගම නීතියට පටහැනිව කටයුතු කර ඇති බවට සිදු කර ඇති ප්‍රකාශයන් මුළුමනින් ම අසත්‍ය හා චේතනාන්විතව නොමග යවන සුළු වේ.

අවසානයේ දී සියල්ලන්ගේම සැළකිල්ලට භාජනය විය යුතු පුළුල් ජාතික ආර්ථීක යහපත පිළිබඳව අවධානයෙන් යුතුව MPMC සමාගමේ සේවකයන්ගේ ගැටළු සඳහා සාධාරණ විසඳුමක් කරා ළඟා වීමට වරාය අධිකාරිය අඛණ්ඩව කටයුතු කරනු ඇත.

Comment (0) Hits: 761

මහින්ද ශ්‍රීලනිපයට ද්‍රෝහිවූ බවට චෝදනා !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර පවත්වන ලද සාකච්ඡා බිඳ වැටීමට හේතුව බැසිල් රාජපක්ෂ කල්ලියේ දීර්ඝකාලීන සැලසුමක් බවට තොරතුරු වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානියකු විසින් පවත්වාගෙන යන 'සත්හඬ' පුවත්පත වාර්තා කරයි.

එම පුවත් වාර්තාවේ මෙසේද සඳහන් වේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එජාපයට එරෙහි බිම් මට්ටමේ පාක්ෂියන්ගෙන් එල්ල වූ බලපෑම් හමුවේ ශ්‍රීලනිපය සමග සාකච්ඡා පැවැත් වූවත්, සමගියට බාධා කෙරෙන කොන්දේසි ඉදිරිපත් කරමින් එම සාකච්ඡාවලින් පැනගිය බව මේ වන විට තහවුරු වී ඇත.

කෙසේ වෙතත් සාකච්ඡා සඳහා ඒකාබද්ධ විපක්ෂයෙන් නම් කරුණු ලැබු සී.බී. රත්නායක, මහින්ද යාපා අබේවර්ධන හා පවිත්‍රා වන්නිආරච්චි යන අය දින 100 ආණ්ඩුවේ ඇමැති ධුර දැරූ සහ ප්‍රශ්න ඇති කරගෙන ඉන් බැහර වූවෝ වෙති.

නිදහස් පක්ෂය වෙනුවෙන් පත් කර සිටි සුසිල් ප්‍රේමජයන්ත්, අනුරයාපා හා ලසන්ත අලගියවන්න යන ඇමැතිවරුන් ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් මත සත්භාවයෙන් සාකච්ඡා සිදු කළ ද ඒකාබද්ධයේ නියෝජිතයන් එය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවට චෝදනා එල්ල වී තිබේ.

 කාල්ටන් පෙර පාසල් කණ්ඩායමේ බාධා :

 මෙම සාකච්ඡා පවත්වන අතර තුර දී මහින්ද රාජපක්ෂට හිතවත් මාධ්‍ය හා හිමිවරුන් දිගින් දිගටම පැවසුවේ නිදහස් පක්ෂය සමඟ එකතු නොවිය යුතු බවය.kalton avurudu1

එහෙත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ නිදහස් පක්ෂය සමඟ එක්වීම සම්න්ධයෙන් කැමැත්ත ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් පසුගිය බදාදා පාර්ලිමේන්තු රැස් වූ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතත් ඊට කාල්ටන් පෙර පාසල් කණ්ඩායම ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති නාමල්, ප්‍රසන්න, ජොන්ස්ටන් සහ රෝහිත වැනි අයගෙන් බාධා එල්ල වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා එහිදී සඳහන් කර ඇත්තේ මැතිවරණයක දී බෙදීම් හා අඩුකිරීම් නොව අඩුකිරීම් හා එකතු කිරීම් පමණක් ඇති හෙයින් ඒ අනුව කටයුතු කළ යුතු බවයි.

ඊට නාමල් රාජපක්ෂ මහතාගෙන් බාධා එල්ල වී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ සිය පවුලට වත්මන් ආණ්ඩුවෙන් අසාධාරණයක් සිදු වන බැවින් ඔවුන් සමඟ එක් විය නොහැකි බවයි.

එහිදී වීරකුමාර දිසානායක මහතා පවසා ඇත්තේ 2005 දී චන්ද්‍රිකා හා එල්ටීටීඊය විරුද්ධ වෙද්දී මහින්ද රාජපක්ෂ සමඟ ජවිපෙ සන්ධාන ගත නොවූණා නම් අද රට කුමන තත්ත්වයක පවතීද යන්නයි.

 මහින්දානන්ද විරෝධයේ :

 ඊට අමතරව මහින්දානන්ද අලූත්ගමගේ මහතා ද පවසා ඇත්තේ නිදහස් පක්ෂය සමඟ එක් නොවුණ හොත් සිය ආසනය ද ජයගත නොහැකි බවයි.

එහෙත් එම අදහස්වලට ඉඩ නොදෙමින් කාල්ටන් පෙර පාසල් කණ්ඩායමේ ප්‍රසන්න රණතුංග, නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන සහ සනත් නිශාන්ත යන අය විරුද්ධව අදහස් ප්‍රකාශ කළ අතර ඊට මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලැබී ඇත.

 කොන්දේසි පිට කොන්දේසි:

 සාකච්ඡා සාර්ථක වීමට නම් ලබන 9 වන දා අයවැයට විරුද්ධව නිදහස් පක්ෂය ඡන්දය ප්‍රකාශ කළ යුතු බවටත් ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ වාඩි විය යුතු බවටත් කොන්දේසි ඉදිරිපත් කෙරිණි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය අනුව අගමැති ධුරය පහසුවෙන් වෙනස් කළ නොහැකි බව දන්නා මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොන්දේසි ඉරිපත් කර ඇත.

මේ අතරතුර බැසිල් රාජපක්ෂ මහතාගේ බලවත් වුවමනාව මත පොදු ජන පෙරමුණ පළාත් පාලන මැතිවරණයට ඇප මුදල් තැන්පත් කර ඇත.

 මන්ත්‍රී ධුර 45ක් අනතුරේ !

කෙසේ වෙතත් මෙම සිදුවීමට විමල් වීරවංශ මහතා නිහඬව සිටි අතර පසුගිය කාලයේ වීරවංශ මහතා නිදහස් මාවතේ දී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු හමු වූ බවට මාධ්‍ය වාර්තා කර තිබුණි.

කෙසේ වෙතත් ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයට වෙනම තරග කළොහොත් සන්ධානය යටතේ නිදහස් පක්ෂය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඡන්දය ඉල්ලා ජය ලැබූ මන්ත්‍රීවරුන් 45 දෙනාගේ ධුර සම්බන්ධයෙන් ගැටලූ මතුවනු ඇත.

වෙනත් පක්ෂ ප්‍රවර්ධනයට කටයුතු කරන මන්ත්‍රීවරුන්ගේ ධුර සම්බන්ධයට කටයුතු කරන ආකාරය පිළිබඳව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් වේ.

 Gota 1ගෝඨාගෙන් සමගියට තල්ලුවක් !

 මේ අතර නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය සමගි කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අතුරලියේ රතන හිමියන් කටයුතු කර ඇත.

මේ සිද්ධියත් සමඟ මහින්ද රාජපක්ෂ මහතා සිය හිතවත් මාධ්‍යයට දැනුම් දී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ‘එළිය’ සංවිධානයට කිසිදු ප්‍රචාරයන් ලබා නොදෙන ලෙසටයි.

 රාජපක්ෂලාගේ ද්‍රෝහී ක්‍රියා :

 අතීතයේ සිට රාජපක්ෂ පරම්පරාව නිදහස් පක්ෂයට ද්‍රෝහි ලෙස කටයුතු කළ බවත් 1960 දී ඞී.ඒ. රාජපක්ෂ මහතා නිදහස් පක්ෂයෙන් ඉවත්ව මහජන එක්සත් පෙරමුණෙන් ඡන්දයට ඉදිරිපත් වීමත් පසුව 1965 දී යළිත් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට වැද සමාව ගෙන නිදහස් පක්ෂයට එකතු වීමත් 1985 දී බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයට එක්ව මැතිවරණයට තරග කොට පරාජය වීමත් යන සිදුවීම්වලින් පැහැදිලි වේ.

ශ්‍රී ලනිපය කඩාගෙන ගිය සියලූ අවස්ථාවල දී රාජපක්ෂලාට පරාජය අත් වී තිබෙන බව ද ඉතිහාසය සාක්ෂි දරන බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ශ්‍රීලනිපය සහ ඒකාබද්ධය අතර සාකච්ඡා බිඳ වැටුණේ මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් මතුපිටින් සාකච්ඡාවලට සහය දක්වන ආකාරයක් පෙන්වමින් අභ්‍යන්තරයෙන් තම අන්තවාදී මන්ත්‍රීවරුන් හා හිතෛෂීවන්ත මාධ්‍ය භාවිතා කර ඊට පහරදෙමින් සාකච්ඡා අසාර්ථක කිරීමට ගත් තැත පළ දැරූ නිසා බව ද සමගියට කැමැති බිම් මට්ටමේ ශ්‍රීලනිප සාමාජිකයන්ගේ මතය වී තිබේ.

 දේශපාලන වලංගුභාවය

එමෙන්ම ශ්‍රීලනිපයේ බිම් මට්ටම සමගි කර ගන්නා අතරම සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරියට යා යුතු බවට සිවිල් සංවිධාන හා බහු ජනතාව දරන මතය ඉහත සාකච්ඡා, බිඳවැටීම නිසා යළි ඵල දරා ඇති බව ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ තත්ත්වය තුළ මහින්ද රාජපක්ෂ මහතාට මෙතෙක් කිසියම් දේශපාලන වලංගුභාවයක් තිබුණා නම් එය අවලංගු වන පසුබිමක් නිර්මාණය වී ඇති බව ද මධ්‍යස්ථ මතධාරීන්ගේ අදහස වී තිබේ.

Comment (0) Hits: 725

අටවෙනිදාට පසු එජාපයේ අභ්‍යන්තර කැරැල්ලක්

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව ලබන සතියේ දී ජනාධිපතිවරයාට භාරදීමත් සමඟ එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද රැසක් ඇතිවිය හැකි බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලබන 08 වෙනිදා දිනයේදි අදාළ වාර්තාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට භාර දීමට නියමිතය.

කොමිෂන් වාර්තාවෙන් හෙළිවන කරුණු අනුව එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු රැසකට චෝදනා එල්ල වුවහොත් ඔවුන් පක්ෂයෙන් තාවකාලිකව ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත.

මේ වන විටත් අර්ජුන ඇලෝසියස් සහ අර්ජුන මහේන්ද්‍රන් යන මහතුන් සමඟ දුරකථන සංවාද සිදුකළ බවට එම පක්ෂයේ ඇමතිවරුන් වන සුජීව සේනසිංහ, අජිත් පී පෙරේරා, හර්ෂණ රාජකරුණා, හෙක්ටර් අප්පුහාමි යන අයට චෝදනා එල්ල වී ඇත.

ඊට අමතරව එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවී කරුණානායක මහතාට ද චෝදනා එල්ල වීමත් සමඟ ඔහු මුදල් ඇමතිධුරයෙන්ද ඉල්ලා අස්විය.

බැදුම්කර කොමිසම අගමැති රනිල් ව්ක්‍රමසිංහ, පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම් හා අමාත්ය මලික් සමරව්ක්‍රම යන මහතුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කරගත්තේය.

(සත්හඬ)

Comment (0) Hits: 826

"දුගඳ හමන මේස් කුට්ටමක්" නිසා මගියෙක් අත්අඩංගුව !

දුගඳ හමන මේස් කුට්ටමක් පැළඳ සිටි මගියෙකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.

මගියාගේ දුගඳ හමන මේස් කුට්ටම ඔහු සහ බස් රථයේ ගමන් කළ මගීන් පිරිසක් අතර ගැටුමකට තුඩු දුන් බැවින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිසිය සඳහන් කරයි.

"ප්‍රසිද්ධ ස්ථානයකට හිරිහැරයක් බවට පත්වීම" යටතේ 27 හැවිරිදි ප්‍රකාශ් කුමාර්ට එරෙහිව චෝදනාවක් ගොනු කළ බව ද පොලිස් ප්‍රකාශකයෙක් බීබීසී යට පැවසීය.

දිල්ලි අගනුවර බලා බස් රථයක ගමන් කරමින් සිටි ප්‍රකාශ් කුමාර් බස් රථයේ දී සිය සපත්තු කුට්ටම සහ මේස් ගලවා තිබේ.

එහෙත් ඔහුගේ මේස් කුට්ටමෙන් කෙතරම් දුගඳක් හැමුවේ ද යත් සිය පාවහන් සහ මේස් කුට්ටම බෑගයේ බහාගන්නා මෙන් හෝ විසි කරන මෙන් මගීන් ඔහුට බල කර තිබේ.

ප්‍රකාශ් කුමාර් එය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මගීන් සහ ඔහු අතර උණුසුම් වාදයක් හටගත් බව පැවසේ.

ඉන්පසුව උතුරු ඉන්දීය හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිස් ස්ථානයකට බස් රථය පදවන මෙන් මගීහු රියදුරාට බල කළහ. ඔහුට එරෙහිව පැමිණිල්ලක් සටහන් කරගෙන ඔහු අත්අඩංගුවට ගනු ලැබ තිබෙන්නේ එහිදීය.

සිය මේස් කුට්ටමෙන් දුර්ගන්ධයක් හැමූ බව ප්‍රතික්ෂේප කරන අශෝක් කුමාර්, "කිසිදු හේතුවකින් තොරව" මගීන් තමන් සමග දබර කරගත්තේ යයි පවසන බව හින්දුස්ථාන් ටයිම්ස් (The Hindustan Times) පුවත්පත වාර්තා කරයි.

ඔහු ඇප මත නිදහස් කළ බව පොලිසිය පවසයි.

(බීබීසී සිංහල සේවය)

Comment (0) Hits: 775

පොලිසිය ඒකාබද්ධයේ මන්ත්‍රීවරයකුට !

ඉදිරි සතියේදී ඒකාබද්ධ විපක්ෂයෙන් ශ්‍රීලනිපයට එක්වීමට නියමිත මන්ත්‍රීවරයකුට නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟත්වය පළකර ඇතැයි දේශපාලන ආරංචිමාර්ග වලින් 'නිව්ස් ටියුබ්' වෙත වාර්තාවේ.

එම මන්ත්‍රීවරයා ඊයේ (01) රාත්‍රී ජනාධිපතිවරයා හමුවී ඇති අතර, ජනධිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියකු ඊට අදාළ සම්බන්ධිකරන කටයුතු සිදුකර තිබේ.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක මහතා මේවනවිට පොලිසිය බාර අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අතර පසුගිය පාලන සමයේ සිදුවූ වංචා දුෂණ විමර්ශනය කිරීමේදී රාජපක්ෂවරුන්ට නොනිල මට්ටමින් සහය දක්වන බවට ඔහුට බරපතල චෝදනාවක් එල්ලවී ඇත.

වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට දායකවූ 'සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති මහාචාර්ය සරත් විජේසුරිය මහතා, පසුගියදා ඒ සම්බන්ධයෙන් අමාත්‍ය සාගල රත්නායක මහතාව දැඩි ලෙස විවේචනය කළේය. ඒ, පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දෙවන ගුණානුස්මරණ උත්සවයට සහභාගී වෙමිනි.

සරත් විජේසුරිය මහතා වර්තමාන පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ ක්‍රියාකලාපය ඉතා උපහාසාත්මකව විවේචනයට ලක් කලේ මෙරටේ සේනාධීනායක මෙන්ම විධායක ජනාධිපතිවරයා ඉදිරිපිට ය.

 වීඩියෝව මෙතනින්

 මෙම තත්වය යටතේ පළාත් පාලන මැතිවරණයට පෙර නීතිය හා සාමය පිලිබඳ අමාත්‍යංශය ජනාධිපති යටතට පවරා ගන්නා ලෙස සිවිල් සංවිධාන ප්‍රධානින් කිහිප දෙනෙකු පසුගියදා ජනාධිපතිවරයාට යෝජනා කර තිබිණ.

Comment (0) Hits: 826

මේ 'කතා කරන කඳුලු'

පසුගිය පාලන සමයේ දී තරුණයන් එකොළොස් දෙනෙකු පැහැර ගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන පසුව අතුරුදහන් කර වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදි මනෝජ් රත්නායක සිදු කරනු ලැබු 'Speaking Tears' කෙටි වාර්තාමය චිත්‍රපටය ඊයේ (30) ශ්‍රි ලංකා පුවත්පත් ආයතනයේදී ජන ගතවිය.

රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය, නීතීඥ සේනක පෙරේරා, විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන සහ අතුරු දහන් කරවීමට ලක්වූ රජීව් නාගනාදන්ගේ මව ද මෙහිදී අදහස් දක්වා සිටියේ ය.

 නාවික හමුදාවේ ඉහළ නිලයන් කිහිපයක් විසින් 2008 වසරේ මාර්තු මාසයේ සිට 2009 වසරේ මැයි මාසය දක්වා කාල පරාසය තුළ දී සුදු වෑන් මඟින් කොළඹ ප්‍රදේශයේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන යාම ට අදාළ නඩුව කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ තවමත් විභාග වෙමින් පවතිනවා.

'Speaking Tears' වාර්තාමය චිත්‍රපටයට කේන්ද්‍රකරගත් පවුලේ තරුණයා පැහැරගැනීමෙන් අනතුරව නාවික හමුදාවට අයත් ස්ථානයක රදවා සිටින අතර නාවික හමුදාවේ අපරාධවලට විරුද්ධ සාමාජිකයන්ගේ උදව් ලබා ගනිමින් එම තරුණයා ගෙදරට කතා කිරීමට සමත් වනවා. එවකට ප්‍රභල ඇමැතිවරයකු ෆීලික්ස් පෙරේරා පවා ඊට සාක්කි දරනවා.

නාගනාදන්ගේ මව දෙවියන් යදිමින් සිය පුතු සොයා දෙන්නයි ඉල්ලා සිටිනවා. ඇය තවම විශ්වාස කරන්නේ සිය පුතු තවමත් ජීවතුන් අතර සිටින බවයි. මේ 'කතාකරන කඳුලු' අපට කියන්නේ යුක්ති ධර්මය අගයන සමාජයක් ලෙස මේ සඳහා යුක්තිය සාධරණත්වය ඉටු වීය යුතු බව නොවේද?.

 

Comment (0) Hits: 709

මාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ: යුනෙස්කෝ සමුළුව ලංකාවේදී

යුනෙස්කෝ ආයතනය විසින් සංවිධානය කරනු ලබන ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ නැවැත්වීමේ ජාත්‍යන්තර දින සැමරුම් සම්මන්ත්‍රණය දෙසැම්බර් 04 වෙනිදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

ප්‍රකාශනයේ නිදහස ප්‍රවර්ධනය කිරීම සඳහා කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩ මුක්තිය අවසන් කිරීම යන කරුණු පිළිබඳ එහිදී අවධානය යොමු වනු ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ පැවැත්වෙන සම්මන්ත්‍රණය සඳහා අන්තර්ජාතික පාර්ශ්වකරුවන් පනහක් සහභාගී වනු ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඒ සඳහා මාධ්‍ය ආයතන ප්‍රධානීන් ප්‍රමුඛ දේශීය පාර්ශ්වකරුවන් එකසිය පනහක් පමණ සහභාගී වනු ඇති බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සම්මන්ත්‍රණයයෙහි ප්‍රධාන ආරාධිත දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පවත්වනු ලබන අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සහ යුනෙස්කෝ සංවිධානයේ ජනමාධ්‍ය හා ප්‍රවර්ධන කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ගයි බර්ගර් ද දේශන පැවැත්වීමට නියමිතය‍.

ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සම්බන්ධ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග සහ අපරාධ සම්බන්ධ දණ්ඩ මුක්තිය අවසන් කිරීම යන කරුණු පිළිබඳව ද සමුළුවේ දී සාකච්ඡා කෙරෙනු ඇත.

එමෙන්ම ජනමාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රචණ්ඩත්වයට එරෙහිව අධිකරණය, ජාතික මානව හිමිකම් කොමිෂන් සහා සහ සිවිල් සමාජයේ භූමිකාව කෙරෙහි ද එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

dodawatta 614pxමේ අතර ඝාතනයට සහ අපරාධවලට ලක්වුණු මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලා වසර විසි පහකට පෙර ඉදිරිපත් කළ ප්‍රධාන සටන් පාඨය අදත් එලෙසම ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙන නිදහස් මාධ්‍ය ව්‍යාපරය පසුගියදා පැවසීය.

ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව සිදුකළ අපරාධවලට වගකිවයුතු පාර්ශ්වයන්ට දඬුවම් දීම සඳහා පුර්ණ බලැති ජනාධිපති කොමිසම් පත්කරන ලෙස රජයෙන් නැවත ඉල්ලා සිටින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ 25 වෙනි සංවස්තරයට සමගාමිව නිකුත් කළ ප්‍රකාශනය මගින් කියා සිටී.

ශ්‍රී ලංකා ඉතිහාසය තුළ "වැඩිම මාධ්‍යවේදීන් පිරිසක් අපරාධවලට ගොදුරු වූ" 2000 සිට 2015 වසරේ ආරම්භය දක්වා මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට එරෙහිව සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යටතේ පරීක්ෂණ කිහිපයක් පැවැත්වෙන නමුත් එම පරීක්ෂණවල ප්‍රගතිය ද ඉතා මන්දගාමී බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ප්‍රකාශයට පත් කරන ලද මාධ්‍යයට එරෙහි අපරාධ සම්බන්ධ දණ්ඩ මුක්තිය අවසන් කිරීම පිළිබඳව සිදු කළ අධ්‍යයන වාර්තාවක සඳහන් වේ.

(බීබීසී සිංහල සේවය)

Comment (0) Hits: 731

Page 534 of 535