මැන්කුට් චීනයත් කළඹයි !

මැන්කුට් චීනයත් කළඹයි !

පිලිපීනයේ 64 දෙනෙකුට මරු කැඳවූ මැන්කුට් සුපිරි චන්ඩ මාරුතය මේ වනවිට දකුණු චීනයට කඩාවැදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

සුළි  කුණාටුවෙන් දෙදෙනෙකු මියගොස් 210 කට අධික පිරිසක් තුවාල ලබා ඇති අතර ලක්ෂ 20 කට අධික පිරිසක් එම ප්‍රදේශවලින් ඉවත්කර ඇති බවද වාර්තා වෙයි.

පැයට කිලෝමීටර 162 ක වේගයෙන් හමා යන මෙම සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිට දකුණු චීනයේ ගුවන් ගමන් ඇතුලූ ගමනාගමන කටයුතු අඩාල වී ඇති බවද එම විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ව තිබේ.

 මින් වැඩිම හානිය සිදුව ඇත්තේ දකුණු චීනයේ ග්වන්ඩොන් ප්‍රාන්තයට වන අතර, 2018 වසරේ හමාගිය විශාලතම සුළි කුණාටුව මෙය බවද එහි දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න