ඉතියෝපියාවේ ගුවන් යානයක් කඩා වැටේ

ඉතියෝපියාවේ ගුවන් යානයක් කඩා වැටේ

 මගින් 149 දෙනෙක් සහ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙක් සමග ඉතියෝපියාවේ අඩ්ඩිස් අබාබා ගුවන් තොටුපළේ සිට කෙන්යාවේ නයිරෝබි බලා ගමන් කරමින් සිටි බෝයිං 737 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටී ඇතැයි විදෙස් වාර්තා සදහන් කරයි.

මෙම ගුවන් යානය ගුවන් තොටුපළෙන් නික්මවී මිනිත්තු 06කට පසු කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉතියෝපියානු අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ගුවන් අනතුර සම්බන්ධයෙන් සිය සංවේගය පළකරන බවත් අනතුරෙන් දිවි ගලවා ගත් පුද්ගලයින් ඇත්නම් ඔවුන් ගලවා ගැනීම සඳහා මෙහෙයුම් මේ වන විට දියත් කර ඇති බවයි.

ඉතියෝපියාවේ අගනුවර සිට කෙන්යාව බලා ගමන් අරඹන ලද මෙම මගී ගුවන් යානය ගුවන් ගතවී සුළු මොහොතකින් අනතුරට පත්ව ඇති බවයි එම ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

අනතුරෙන් මියගිය හෝ තුවාල ලැබූ පිරිස් සම්බන්ධයෙන් මෙතෙක් නිල වාර්තා නිකුත් වී නොමැත.

අනතුරට පත්වූ ගුවන් යානය බෝයිං සමාගම විසින් නිෂ්පාදනය කොට ඉතියෝපියානු ගුවන් සමාගම වෙතට මිට මාස 04කට පෙර ලබාදී ඇති බවයි වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න