නෙදර්ලන්තයේ වෙඩි තැබීම: සැකකරු අත්අඩංගුවට !

නෙදර්ලන්තයේ වෙඩි තැබීම: සැකකරු අත්අඩංගුවට !

නෙදර්ලන්තයේ යූට්‍රෙක්ට් (Utrecht) නගරයේ ට්‍රෑම් රථයක් තුළ සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එම වෙඩි තැබීමෙන් තිදෙනෙකු මරුමුවට පත්ව ඇති බව යූට්‍රෙක්ට් නගරාධිපතිවරයා කීය.

"ත්‍රස්තවාදී ප්‍රහාරයක්" ලෙස දක්නට ලැබෙන වෙඩි තැබීමෙන් තවත් නව දෙනෙකු තුවාල ලබා ඇති බව ද පොලිසිය පවසයි.

නගරයේ බටහිර කලාපයේ පිහිටි ට්‍රෑම් රථ නැවතුම්පොළක් බලධාරීන් විසින් වටකර ඇති අතර හදිසි සේවා එම ස්ථානයට කැඳවා තිබිණ.

තුවක්කුකරු මෝටර් රථයක නැගී පළා ගිය බව පොලිස් ප්‍රකාශකයෙක් කීවේය.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට 37 හැවිරිදි ගොක්මන් තනිස් (Gokmen Tanis) නම් තුර්කි ජාතිකයෙකු සොයමින් සිටින බව පවසන පොලිසිය ඔහු දුටුවහොත් ඔහු සමීපයට නොයන ලෙස ජනතාවට අවවාද කර තිබේ.

 106068025 678bea0d d4ad 4493 adbd 546b44b78a47පොලිස් ත්‍රස්ත විරෝධී ඒකකය ප්‍රහාරකයා සොයමින් සිටින අතරවාරයේ සියලු පාසල් වසා දමා නගරයේ ආරක්ෂාව තරකොට තිබේ.

ප්‍රහාරයේ "ත්‍රස්තවාදී අරමුණක්" තිබුණේ දැයි යන්න පිළිබඳව සොයාබලන බව පැවසූ පොලීසිය හදිසි කටයුතු වල යෙදෙන පුද්ගලයින්ට එම ස්ථානයට පැමිණීම පහසු කිරීමට ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වෙන ලෙස දන්වා තිබිණ.

ප්‍රහාරය ගැන බොහෝ කරුණු තවමත් හෙළි වී නොමැති බව පවසන පොලිසිය, "ස්ථාන කිහිපයක" වෙඩි තැබීම් වාර්තා වී ඇති බව ද සඳහන් කළ නමුත් ඒ කවර ස්ථානවල දැයි හෙළි කර නැත.

ප්‍රහාරයත් සමගම බලධාරීන් විසින් හෙලිකොප්ටර් යානා තුනක් එම ස්ථානයට යවා තිබිණ.

වෙඩි තැබීමෙන් පසුව රජය හදිසි සාකච්ඡාවක් කැඳවූ බව නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රුටේ පැවසීය.

සිදුවීම ගැන තමන් "ප්‍රබල අවධානය" පළ කළ බව කියා සිටි අගමැතිවරයා සතියකට වරක් සන්ධාන නායකයන් සමග පවත්වන සාකච්ඡාව ද අවලංගු කොට තිබේ.

යූට්‍රෙක්ට් නගරයේ ප්‍රවාහන බලධාරීන් පැවසුවේ නගරයේ ට්‍රෑම් සේවාව නවතා දැමීමට තීරණය කළ බවය.

(බීබීසී)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න