CIA සැකකරුවන් 17ක් අල්ලා පිරිසක් ඝාතනය කළ බව ඉරානය පිළිගනියි

CIA සැකකරුවන් 17ක් අල්ලා පිරිසක් ඝාතනය කළ බව ඉරානය පිළිගනියි

ලෝ ප‍්‍රකට සීඅයිඒ සංවිධානයට සම්බන්ධව ඉරානයේ සිට ඔත්තු සැපයූ චර පුරුෂයන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඉන් කිහිප දෙනෙකු ඝාතනය කිරීමට කටයුතු කළ බව බවත් ඉරානය පවසයි.

මෙම සැකකරුවන් ඉරානයේ විවිධ ක්ෂේත්‍ර තුළ රැඳෙමින් තොරතුරු ගවේෂණය කරමින් ඔත්තු බලා ඇති බව ඉරාන බුද්ධි අංශ සදහන් කරයි.

ඔවුන්ගෙන් ඇතමෙකු ඉරාන ආරක්ෂක සහ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් සමග සම්බන්ධවද කටයුතු කර ඇති බවද හෙළි වී ඇත.

ඉරානයේ මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පවසන එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙය අමූලික බොරුවක් බවද පවසා ඇත.

වොෂිංටනය සහ ටෙහෙරාන් පරිපාලනය අතර පසුගිය සති කිහිපය පුරා පවතින උණුසුම් තත්ත්වයක් උද්ගතව ඇති අතර මෙම සිදුවීම එම තත්වය තවදුරටත් තීව්‍ර වන අවස්ථාවක් ලෙස මෙය සදහන් කළ හැකිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න