බ්‍රිතාන්‍ය නව අගමැති : බොරිස් ජොන්සන් !

බ්‍රිතාන්‍ය නව අගමැති : බොරිස් ජොන්සන් !

බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට පත් බොරිස් ජොන්සන් බදාදා (ජූලි 24) අගමැති ධුරයේ ද වැඩ භාර ගැනීමට නියමිතය.

බොරිස් ජොන්සන් මේ සඳහා පත්වූයේ ඒ සඳහා තරග කළ විදේශ ලේකම් ජෙරමි හන්ට් පරාජය කරමිනි.

මේ අතර ධුරයෙන් ඉවත්වන අගමැතිනි තෙරේසා මේ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් නව පක්ෂ නායකයාට සුභ පැතීය.

"අපි සියලු දෙනා දැන් එකතුව මුළු බ්‍රිතාන්‍යයට යහපත් වන ආකාරයට බ්‍රෙක්සිට් සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතුයි. එමගින් ජෙරමි කෝබින් ආණ්ඩුවෙන් ඈත් කර තැබීමට හැකි වෙයි."

1 1

ජෙරමි කෝබින් පවසන්නේ, බොරිස් ජොන්සන් සම්මුතියකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සහයෝගය දක්වන බැවින් එක්සත් රාජධානියේ රැකියා කප්පාදුව, බඩු භාණ්ඩවල මිල ඉහළ යෑම, සහ ජාතික සෞඛ්‍ය සේවය (NHS) අමෙරිකානු සමාගම්වලට විකුණා දැමීම ද සිදු විය හැකි බවය.

"මහ ඡන්දයකින් අපේ රටේ ජනතාව තීරණය කළ යුතුයි රටේ අගමැතිවරයා විය යුත්තේ කවුද යන්න."

2

3 1

ජෙරමි හන්ට් සමග පැවති කොන්සර්වේටිව් පක්ෂ නායකත්ව තරඟයේදී බොරිස් ජොන්සන් ඡන්ද 92,153 ලැබූ අතර හන්ට් ලැබුවේ ඡන්ද 46,656ක් පමණි.

මේ සමග බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත්වන බොරිස් ජොන්සන් එල්ටන් විද්‍යාලයේ සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා තිබේ. ඔහු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා සමාන ප්‍රතිපත්ති සහිත දේශපාලනඥයෙකු ලෙස ප්‍රචලිතය.

(බීබීසී)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න