150ක් සමග ලිබියානු ඔරුවක් මුහුද යට සැගවෙයි

150ක් සමග ලිබියානු ඔරුවක් මුහුද යට සැගවෙයි

අප‍්‍රිකානු සරණාගතයන් ඇතුලු 150ක පමණ පිරිසක් ගමන් ගත් නෞකාවක් මධ්‍යධරණී මුහුදේ ගිලී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

මීට පෙරද 250කට ආසන්න පිරිසක් රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේදී අනතුරට ලක් වූ අතර එහිදී පුද්ගලයන් 134 කගේ දිවි ගලවා ගැනීමට නාවුක හමුදාව සමත් විය. ඉන් 115 දෙනෙකු අතුරුදන් වී ඇත.

මධ්‍යධරණී මුහුදු කලාපය තරණය කරමින් යුරෝපය වෙත ඇතුලුවීමට බොහෝ අප‍්‍රිකානුවන් උත්සාහ දරමින් සිටින අතර එසේ යන පිරිස් මේ ආකාරයෙන් අනතුරට පත් වේ

ලිබියාව යනු යුරෝපය බලා ගමන් කිරීමට උත්සාහ කරන සරණාගතයන් රැස්වන ප්‍රධාන මධ්‍යස්ථානයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න