ජොන්සන්ගේ පත්වීම ගැන තුර්කිය සතුටෙන්

ජොන්සන්ගේ පත්වීම ගැන තුර්කිය සතුටෙන්

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස බොර්ස් ජෙන්සන් තේරී පත්වීම පිළිබ`දව තුර්කි වැසියන් උත්සව පවත්වමින් සතුටු වන බව වාර්තා වේ. එම වැසියන් පවසන්නේ බොරිසගේ පත්වීම තමන්ට ආඩම්බරයක් බවයි.

ඔවුන් මෙසේ ආඩම්බරයට පත්වන්නේ බොරිස් ජොන්සන් ඔටෝමන් සම්භවයක් ඇති පුද්ගලයකු වීම හේතුවෙන් බව වැඩි දුරටත් වාර්තා වේ.

දෙරට අතර සබඳතා ශක්තිමත් කළ හැකි ඔටෝමන්ගේ මුණුපුරා ලෙස තුර්කි දේශපාලනඥයින් මෙන්ම ජනමාධ්‍යද ජෝනසන්ව හදුන්වා ඇත්තේ එහෙයිනි.

ලන්ඩනයේ හිටපු නගරාධිපතිවරයා වන බොරිස් ජොන්සන් ඔටෝමන් අධිරාජ්‍යයේ අවසන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වන අලි කෙමාල් ගේ මුණුපුරායි.

තුර්කි විදේශ අමාත්‍ය මෙව්ලූට් කැවුසොග්ලු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයාට සුභපැතුම් එක්කර ඇත.

සිය සුභපැතුම් පණිවිඩය සමග බොරිස් ජොන්සන් 2016 වර්ෂයේ තුර්කියේ සංචාරයකට සහභාගී වූ අවස්ථාවේ ගත් වීඩියෝ පටයක් පළකිරීමද ඔහු විසින් සිදු කර තිබිණ.

තුර්කිය සහ බ්‍රිතාන්‍යය අතර අතර සබඳතා නව මානයකට ඔසවා තැබීමට බොරිස් ජොන්සන්ගේ මෙම පත්වීම වැදගත් සංධිස්ථානයක් බවද විදෙස් වාර්තා වැඩි දුරටත් සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න