V2025

විදෙස්

ජනපති ට්‍රම්ප්ගෙන් FBI වෙත වාග් ප්‍රහාරයක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපයෙන් යුතු ට්විටර් පණිවුඩ මාලාවක් නිකුත් කරමින් FBI හෙවත් මධ්‍යම විමර්ශන කාර්යාංශය දැඩි විවේචනයට ලක් කළේය.

FBI ආයතනයේ කීර්තිය විනාශ වී ඇති බව පවසන ජනාධිපති ට්‍රම්ප් එය "ඉතිහාසයේ මෙතෙක් පැවති නරකම තත්ත්වය" ලෙස විග්‍රහ කරයි.

ජාතික ආරක්ෂාව පිළිබඳ හිටපු උපදේශක මයිකල් ෆ්ලින් සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණය අත්හැර දමන ලෙස FBI ආයතනයේ හිටපු ප්‍රධානී ජේම්ස් කෝමිගෙන් ඉල්ලීමක් කළ බව ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේය.

රුසියාව සමග පැවති සබඳතා පිළිබඳ FBI ආයතනය වෙත සාවද්‍ය ප්‍රකාශ ලබා දීම මුල් කරගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජාතික ආරක්ෂාව සම්බන්ධ උපදේශකවරයා ලෙස කටයුතු කළ මයිකල් ෆ්ලින් පසුගිය පෙබරවාරි මාසයේ දී සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

FBI ආයතනය වෙත සාවද්‍ය ප්‍රකාශ ලබා දීම පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් දැනසිටි බව ඇඟවෙන ට්විටර් පණිවුඩයක් පසුගියදා ඔහුගේ ටිව්ටර් ගිණුමේ පළ වී තිබිණි.

ජනාධිපතිවරයා වෙත එල්ලවන පීඩනය නැවතත් අලුත් වූයේ ඉන් අනතුරුවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප්ගේ පෞද්ගලික නීතිඥ ජෝන් ඩවුඩ් කියා සිටියේ තමන් විසින් සටහන් තබන ලද එම ට්විටර් පණිවුඩය අත්වැරදීමක් බවය.

  99036385 mediaitem99036384ජාතික ආරක්ෂාව පිළිබඳ හිටපු උපදේශක මයිකල් ෆ්ලින් ඉන් ඉවත් වූයේ එම ධුරය භාර ගෙන දින විසිපහකට පසුවය

 ජනාධිපතිවරණයේ සිය ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන්ගේ ඊමේල් පණිවුඩ පිළිබඳ පරීක්ෂණය මුල් කර ගනිමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් FBI ආයතනයේ අධ්‍යක්ෂවරයාව සිටි ජේම්ස් කෝමි ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේ පසුගිය මැයි මාසයේදීය.

ඩිමොක්‍රටික් පක්ෂය එවක කියා සිටියේ ජනාධිපති ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය හා රුසියාව අතර තිබූ බව පැවසෙන සබඳතා සම්බන්ධයෙන් FBI ආයතනය විසින් ගෙන යනු ලැබූ පරීක්ෂණ අධ්‍යක්ෂරයා සේවයෙන් පහ කිරීමට හේතු වූ බවය.

ජනාධිපතිවරණයේ දී තමන්ට රුසියාවේ සහාය ලැබුණු බවට පලවන වාර්තා ජනාධිපති ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි.

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වාසි සහගතවන අයුරින් හැසිරවීම සඳහා වෙබ් අඩවිවලට රහසින් ඇතුළු වූ රුසියානු හැකරුන් උත්සාහ කොට ඇති බවට චෝදනා එල්ල වේ.

(බීබීසී සිංහල සේවය)

Comment (0) Hits: 892

හැරී කුමරු සහ මෙගන් මාකල් විවාහය ලබන වසන්තයේදී

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වන මෙගන් මාකල් සමග විවාහ වීමට නියමිත බව ක්ලැරන්ස් හවුස් මන්දිරය නිවේදනය කරයි.

Comment (0) Hits: 768

සිරියාවේ හමුදා කඳවුරකට 'ඊශ්‍රායලයෙන් මිසයිල ප්‍රහාරයක්'

සිරියාවේ දමස්කස් අගනුවරට පිටතින් පිහිටි හමුදා කඳවුරක් වෙත ඊශ්‍රායලය මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව සිරියානු රජයේ රූපවාහිනිය වාර්තා කරයි.

ප්‍රහාරයෙන් හානි සිදු වී ඇතත් මිසයිල ප්‍රහාර දෙක මැඩපැවැත්වීමට හැකි වූ බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් විය.

තමන් විසින් ප්‍රහාරය එල්ල කරන ලද බව ඊශ්‍රායල හමුදාව මෙතෙක් තහවුරු කර නොමැත.

එකසත් රාජධානිය මූලස්ථානය කරගත් සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය මීට ඉහතදී කියා සිටියේ ඊශ්‍රායලය විසින් එල්ල කරන ලද බවට සැක

කෙරෙන මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් දමස්කස් අගනුවර ආසන්නයේ පිපිරීමක් වාර්තාවූ බවය.

ප්‍රහාරයෙන් කෙතරම් හානියක් සිදුව ඇත්දැයි යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත.

සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ ආයතනයේ ප්‍රධානී රමී අබ්දෙල් රහ්මාන් ඒඑෆ්පී පුවත් සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රහාරයෙන් අවි ගබඩාව විනාශ වී ඇතත් එය කුමන පාර්ශවයකට අයත් කඳවුරක් දැයි යන්න සිය ආයතනය නොදන්නා බවය.

ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්

සිරියාවට සහාය දක්වන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වෙත අවිආයුධ ගෙනයාම වැළක්වීමේ අරමුණින් ඊශ්‍රායලය මීට ඉහතදී ද ආයුධ ගබඩා වෙත ප්‍රහාර එල්ල කර ඇත.

සිරියාවේ මානව හිමිකම් නිරීක්ෂණ ආයතනය පවසන පරිදි දමස්කස් අගනුවරට සැතපුම් කිහිපයක් දකුණු දෙසින් පිහිටි එල්-කිස්වාහ් නගරය තුළට ප්‍රහාරය එල්ල වී තිබේ.

ඉරානය විසින් නගරය ආසන්නයේ ස්ථීර හමුදා කඳවුරක් ඉදි කිරීමට යන බව පසුගිය මාසයේ දී වාර්තා විය.

සිරියාව තුළ කුමන හෝ ආකාරයකින් ඉරාන හමුදා යෙදවීමට ඉඩ නොදෙන බවට ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නේතන්යාහු විසින් මීට ඉහත අනතුරු ඇඟවීය.

Comment (0) Hits: 748

රුසියන් ගුවන් ප්‍රහාරයෙන් 53ක් මරුට

IS බල ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර සිරියානු ගම්මානයක් වන Al- Shafah ඉලක්ක කරගත් රුසියන් ගුවන් ප්‍රහාර වලින් සිවිල් වැසියන් 53 දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

Comment (0) Hits: 896

බාලි දූපතේ යමහල විදාරණය හමුවේ සූදානම

"රාත්‍රී කාලයේදී ගින්දර ඉහළ නගිනු පෙනෙනවා. මෙයින් පෙන්නුම් කෙරෙන්නේ විශාල ප්‍රමාණයේ විදාරණයක් නුදුරේම සිදුවිය හැකි බවයි." යැයි ආපදා කළමනාකරණ මණ්ඩලය ඉන්දුනීසියානු බසින් වූ සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

Comment (0) Hits: 757

Page 22 of 22