ශල්‍යකර්මවලට භාජනය වන රෝගීන්ට නිර්වින්දනය සඳහා ලබාදෙන ප්‍රධානතම ඖෂධයක් වන Drug of God ලෙස හඳුන්වන ප්රොපෆොල් propofol I fusion/ injection හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ කටයුතු නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යෑමේ ක්රියාවළිය පුළුල් කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (24) පැවැත්විණි.
"අද වන විටත් අවතැන් වෙච්ච, ගොවි බිම් අහිමි වෙච්ච, වගා බිම්, ගේ දොර අහිමි වෙච්ච , ජීවිත නැති වුණ මිනිසුන්ට කථා බහ කරලා මේ ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් ලබා දෙන්න ආණ්ඩුවට උවමනාවක් නෑ.ජනාධිපතිතුමා කොච්චර පාර්ලිමේන්තුවට ඇවිත් පොරොන්දු දුන්නත්, ජනාධිපතිතුමන්ගේ භාෂාවෙන්ම කියනවා නම් ඇත්ත කියනවා නම් එළියේ කියන්න, බොරු කියනවා නම් පාර්ලිමේන්තුවේ කියන්න කියනවානේ. ඉතින් ජනාධිපතිතුමා ඒ උපදේසය එතුමා පෙර පරිදී පුරුද්දට වගේ ඒ විදිහටම හැසිරෙනවා." යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ඊයේ (10) පැවැති සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහ සභාව සඳහා සභිකයන් තෝරා පත් කර ගැනීමේ මැතිවරණයෙන් ඒකාබද්ධ පොදු විපක්ෂය විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත් වී තිබෙනවා.
කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය අන්තර් හුවමාරුවේදී ගාස්තු අය කිරීම අත්හිටුවීමට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පහළ කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නිවසක් සහ තේ කඩයක් මතට කඩාවැටුණු විශාල ගල් පර්වතයට සහ පස් කන්දට යටවීමේ මේ වන විට පස් දෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි.
පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.
ඇත්තෙන්ම කරුණු තුනක් මුලින් ම කියන්න ඕනෙ. එකක් තමයි අධ්‍යාපනය සම්බන්ධව සාධාරණය මෑත කාලයේ කිසිම ආණ්ඩුවක් මේ දක්වා කරල නෑ.
රුහුණ කතරගම මහා දේවාලයේ ආරක්ෂිත සේප්පුවල තැන්පත් කර ඇති රත්රන් සංචිතයෙන් දේව රුව සහිත රත්රන් හැර අනෙකුත් රන් භාණ්ඩ සියයට 70ක පමණ ප්‍රතිශතයක් වෙන්දේසි කර ඉන් ලැබෙන මුදල ර්ණරීබිල්ඩින්ග් ශ්‍රී ලංකා” අරමුදලට පරිත්‍යාග කිරීමට කතරගම බස්නායක නිළමේවරයා තීරණය කර ඇත.
පාර්ලිමේන්දු මහලේකම්වරියට කථානායකවරයා නියෝග කර ඇත්තේ "මම රහසේ සඟවාගෙන ඉන්න තොරතුරු කවුද යකෝ මාධ්‍යවලට දුන්නේ කියලා හොයා බලපල්ලා" යන්න යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පැවසී ය.
පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට විරුද්ධව අල්ලස් කොමිසමට කර ඇති පැමිණිල්ලට අදාළව, කථානායකවරයා ගේ පෞද්ගලික ලේකම් සාක්ෂි වසන් කරන බව සඳහන් කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු අද (11) අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය..
ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද 4කින් අද පරාජයට පත්විය.
මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල කඳුවල සහ ඒ ආශ්රිත ගම්මානවල පදිංචිය ආරක්ෂිතදැයි තහවුරු කර ගැනීමට අද සිට විශේෂඥ කණ්ඩායම් යොමු කරන බව ප්‍රවාහන අමාත්‍ය සහ සභානායක බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය.
කඳුකර ප්‍රදේශවල ජීවත්වන පහළොස් දහසකට එම ප්‍රදේශවල ජීවත්වීම අවදානම් සහගත බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිල වශයෙන් දැනුම්දී ඇත.
අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන ගේ ජංගම දුරකතනය සම්බන්ධයෙන් කරන ලද විමර්ශන ඇතුළත් ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (22) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේ ය.
2012 වසරේදී ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව දැනුවත්ව ම ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් 1,843.267,595.65 අධික පාඩුවක් සිදුකිරීමේ චෝදනාව මත හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් පවරා තිබූ නඩුව අද විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය ගේ සභාපතිත්වය එක් යුත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අද (01) කැඳවිය.
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට (12) දිනයේ සිට පැවැත්වීමට නියමිතව තිබේ.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය නිලධාරීන් ආපදා සහනාධාර බෙදීමේ කටයුතුවලින් ඉවත් වී තිබේ.
පසුගිය සති කිහිපය තුළ දකුණු සහ අග්නිදිග ආසියාවට බලපෑ දේශගුණික ව්‍යසන රැල්ලෙන් දරුණුතම ණය ප්‍රතිවිපාකවලට (credit consequences) මුහුණ දීමට සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවට බව මූඩීස් ඉන්වෙස්ටර්ස් සර්විස් (Moody’s Investors Service) විසින් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ.
කලා ඉතිහාසය නිරීක්ෂණය කිරීමේ දී “ඩාඩාවාදය” යනුවෙන් පළමු ලෝක යුද්ධ සමයේ දී ස්විස්ටර්ලන්තයේ “සුරිවා”හි දී ආරම්භ වූ කලා විරෝධී ව්‍යාපාරයක් පිළිබඳ අපිට අසන්නට/ දකින්නට ලැබේ. මෙය එවකට පැවති කලාවට එරෙහි වූ, අභියෝග කළ කලා විරෝධී ව්‍යාපාරයක් ලෙස හැඳින්වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

