ගලෙන්බිදුණුවැව ප්රදේශිය ලේකම් කොට්ඨාසයේ සියඹලෑව පුලියන්කුලම , මයිලගස්වැව,හිඹුටුගොල්ලෑව යන ප්රදේශවල බොහෝ ගොවීන් ගොඩ බෝගයක් ලෙස වර්ෂයේ සෑම කන්නකදීම අමු මිරිස් වගාව සිදුකිරීම දක්නට ලැබෙන මේ වන විට වගාවෙහි අස්වනු නෙලීම සිදු කරමින් පවතී.
අන්යෝන්ය තීරුබදු සම්බන්ධයෙන් අමෙරිකාව සමඟ අත්සන් තැබීමට නියමිත කිසිදු අවසන් එකඟතාවකට ශ්රී ලංකාව තවමත් පැමිණ නොමැති අතර, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා තවමත් පැවැත්වෙමින් පවතින බව විදේශ අමාත්ය විජිත හේරත් පැවසීය.
කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යෑම සිදුවන බැවින් අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.
මුදල් ඇමති ලෙස ජනාධිපති අනුර දිසානායක විසින් 2026 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 118කින් සම්මත වී තිබේ.
පළාත් පාලන ආයතන තිහකට ආසන්න සංඛ්යාවක අයවැය පරාද වීම හේතුවෙන් එම සභා පවත්වාගෙන යෑමේ දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.
ජාතික අයවැයට ජනතා යෝජනා ඉදිරිපත් කිරීම පහසු කරමින් වෙරිටේ රිසර්ච් ආරම්භ කළ පුරෝගාමී Budget Proposal Hub වේදිකාවේ දෙවන අදියර, 2027 අයවැය ඉලක්ක කරගනිමින් දැන් ක්රියාත්මකව පවතින බව එම ආයතනය සඳහන් කරයි.
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට හෙට (07) ඉදිරිපත් කරන ලබන වසර සදහාවූ රජයේ අයවැය ලේඛනයෙන් අත්යවශ්ය භාණ්ඩ සඳහා යම් යම් සහන ලබාදීමට කටයුතු කෙරෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මහනුවර මහියංගණය මාර්ගය මැදමහනුවර සිට හසලක දක්වා කොටස හෙට උදෑසන 07.00 තෙක් වසා දැමීමට මහනුවර දිස්ත්රික් ආපදා කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.
අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 09ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
මධ්යම පළාතේ සියලු පාසල් හෙට (19) සහ සඳුදා (22) වසා තැබීමට තීරණය කළ බව මධ්ය පළාත් අධ්යාපන ලේකම් මදුපානී පියසේන පැවසීය.
ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමණාකාර අධ්යක්ෂිකා ආචාර්ය ක්රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය ශ්රී ලංකාවේ වර්තමාන ආර්ථික ක්රියාකාරීත්වය පිළිබඳව අගය කිරීම රටක් ජාතියක් ලෙස අප ලැබූ ජයග්රහණයක් බව ප්රවීණ ආර්ථික විශ්ලේෂක සහ සෘජු විදේශ ආයෝජන උපදේශක ආචාර්ය අරෝෂ ප්රනාන්දු ප්රකාශ කළේ ය.
ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ රෙගුලාසිවලට පූර්ණ ලෙස අනුකූල වෙමින් ආයතනික සංස්කෘතියට විනිවිදභාවය දූෂණයට එරෙහිවීම සහ වෘත්තියභාවය වෙනුවෙන් කැපවී සිටින බව ශ්රී ලංකා ක්රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්රමරත්න පවසයි.
ප්රාග්ධනය මිනිසුන් ප්රතිව්යූහගත කරන එක් ක්රමයක් වන්නේ ප්රකාශ කිරීමට ඉඩදී දේපළ අයිතිය වෙනස් නොකර තබා ගැනීමෙන් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසීය.
රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් (Ice) මත්ද්රව්ය කිලෝග්රෑම් එකකට අධික ප්රමාණයක් සමග පෙර පාසල් ගුරුවරියක සහ ඇයගේ සැමියා මාදම්පිටිය පොලිසිය විසින් ඊයේ (22) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්රව්ය සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්රී මහින්ද කහඳගම ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණයෙන් අද (12) නියෝග කර තිබෙනවා.
අරගලය අවස්ථාවේ දී තම පක්ෂය අඩියක් පසුපසට ගත්තේ ජීවිත නැති කර, දරුවෝ මරා, ඒ දරුවන්ගේ ජීවිත උඩින් ආණ්ඩුව රකින්නට අවශය නැති බැවින් යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
ශ්රී ලන්කන් ගුවන් සේවයට පළල් බඳ සහිත නව ගුවන් යානා ඇණියක් ප්රතිෂ්ඨාපනය කිරීමේ දී සිදුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ දූෂණ වංචා සම්බන්ධයෙන් ශ්රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතාගේ බිරිඳ වෙනුවෙන් ඇප තැබූ ප්රවීණ ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද වරෙන්තුවක් නිකුත් කළේ ය.
පාර්ලිමේන්තු මන්ත්රී අර්චුනා රාමනාදන්ට එරෙහිව නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද නියෝග කළේ ය.
2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර නිකුතුවකින් රජයට රුපියල් බිලියන දහයකට අධික පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වූ අර්ජුන මහේන්ද්රන්ට පනවා තිබෙන නඩුව ඔක්තෝබර් 30 වන දින යළි කැඳවීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද (21) නියෝග කළේ ය.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර පුර්ව නඩු විභාග සම්මන්ත්රණය නොවැම්බර් මස 02වන දා පවත්වන ලෙස කොළඹ ස්ථිර ත්රිපුද්ගල මහාධිකරණය නියම කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

