ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි ගේ සභාපතීත්වයෙන් යුතුව පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව පළමු වරට ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (30) රැස් වූහ.
එළඹෙන මැතිවරණයක දී දකුණෙහි තීරණාත්මක ඡන්ද ප්‍රමාණයක් ජනතා විමුක්ති පෙරමුණට නොලැබෙන බවත්, ඡන්ද ප්‍රමාණය වැඩි කරගන්නේ නම් එය වැඩි කරගත යුත්තේ සුළු ජාතික ඡන්දවලින් යැයි දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
රටතුළ පවතින ආපදා තත්වයත් සමඟ එළවළු මිල තුන්ගුණයකටත් වඩා ද, මාළු මිල දෙගුණයකින් ද, අද (30) පෙරවරුවේ ඉහළ ගොස් තිබුණි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වගා බිම් රැසක් විනාශ වූ අතර ඒ හේතුවෙන් මේ දිනවල එළවළු මිලද සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.
චිත්‍රපට කර්මාන්තය නවීකරණය කිරීමේ සහ රාජ්‍යයේ දශක පහක භූමිකාව ව්‍යාපාරික තරඟකරුවෙකුගේ සිට නියාමන සහ ප්‍රවර්ධන ආයතනයක් දක්වා වෙනස් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සභාවක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී අද (11) පැවැත්විණි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ශ්‍රී ලංකා සංචාරයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ගේ මැදිහත්වීමෙන් සහ ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවූ “ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවේ” සමාරම්භය සනිටුහන් කරමින් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙත ප්‍රථම මල් පූජාව සිදු කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් අද (04) පස්වරුවේ සිදු විය.
කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ ඔක්තෝම්බර් මාසයේ උද්ධමන අනුපාතය සියයට 2.1 ක් දක්වා වැඩි වී ඇත.
2022 වසරේ කතාව කළ අරගලයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කළා යැයි 12 දෙනෙකුට මරණ දඩුවම දීම පිළිබඳ අදහස් දක්වමින් ගාලුමුවදොර අරගලකරුවන් අද මාධ්‍ය හමුවක් පැවැත්වි ය.
ඔස්ට්‍රේලියාව අද (10) වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කළ ලොව පළමු රට බවට පත් විය.
වික්ටෝරියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී එවන් මුල්හෝලන්ඩ් සහ බටහිර වික්ටෝරියා කලාපයේ විපක්ෂ නායක සහ වික්ටෝරියා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී බෙවර්ලි මැක්ආතර් සමග විශේෂ සාකච්ඡාවකට සර්වජන බලය නායක පා.ම ව්‍යවසායක දිලිත් ජයවීර එක්විය.
"Our motherland is not just a place on a world map, but a reflection of our shared culture, History and identity" (''අපේ මාතෘභූමිය ලෝක සිතියමේ ස්ථානයක් පමණක් නොවේ. එය අප විසින් බෙදාගන්නා සංස්කෘතිය, ඉතිහාසය සහ අනන්යාවයේ පිළිබිඹුවකි.''
ඔහු ඉන්දියානු මුසල්මානු ජාතිකයෙකි. 1918 දෙසැම්බර් මස 05 වන දින මෙලොව එළිය දුටුවේ භාරතයේ දී. ඉන්දියාවේ සේලම් නුවර ප්‍රාථමික පාසැලක දෙමළ, උර්දු, ඉංග්‍රිසි, භාෂා ඉගෙන ගත්, කුඩා කල සිටම උර්දු ගීත ගායනයට කුඩා බෙග් දක්ෂ දරුවෙකි.
ඕනෑම දරුණු ආපදාවක් ඇති වන අවස්ථාවක දී, එනම් ආපදා කළමණාකරණයේ දී ඉතා වැදගත් වන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර වන අතර විශාල ආපදාවල දී ත්‍රිවිධ හමුදාවත්, පොලීසියත් ඒ අංශ පාර්ශ්වයෙන් නායකත්වය දිය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
ඕස්ට්‍රෙලියාවට ශ්‍රී ලංකාව ගෙවිය යුතුව තිබූ ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 39ක හිඟ ණය ආපසු ගෙවීමට සහන ලබා දීමට අද (27) එකඟතාවය පළ විය.
ජනවාරි මස 09 සිට 11 දින දක්වා, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නිව් සවුත් වේල්ස් නගරයේ Manning River ඔරු පැදීමේ සංගමයේ පැවති New South Wales Regatta 2026 තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ ආසියානු ජාත්‍යන්තර පාසලේ (AIS) සොනාල් ට්රැන්චල් (Sonal Tranchell) සිසුවා, රන්පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය. ඔහු පිරිමි විවෘත කේවල අංශයේ සහ විවෘත ද්විත්ව අංශයෙන් ප්‍රථම ස්තානය දිනා ගැනීමට සමත් විය.
කොළඹ රේස් කෝස් පිටියේදී ආරම්භ වූ ආසියානු රග්බි සත් සාමාජික තරගාවලියේ දෙවන අදියරේදී ශ්‍රී ලංකා කාන්තා සංචිතයට, ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සහෝදරියන් දෙදෙනෙක් එක්ව සිටින බවට වාර්තාවේ.
දේශීය රසිකයන්ගේ විශේෂ අවධානයක් මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා වෙත යොමුව ඇති බව පැවසේ.
ශ්‍රී ලංකා කාන්තා සංචිතයට එකතුවී සිටින මෙම ක්‍රීඩිකාවන් දෙදෙනා වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින, හිටපු රග්බි ක්‍රීඩක ගිමන්ත ජයසිංහගේ දියණියන් බව ඉහත ආරංචිමාර්ග තව දුරටත් පවසයි.
මේ ක්‍රිඩිකාවන් දෙදෙනා ලියාරා ජයසිංහ සහ නියාරා ජයසිංහ යි.
මෙම සොහොයුරියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ වාසය කරන අතර නිව් සවුත් වේල්ස් පාසල් රග්බි කණ්ඩායමට ක්‍රීඩා කරති.
මෙම තරගාවලියේදී පළමු වරට ඔවුන් දෙදෙනාම එකවර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට පිවිසීමට නියමිතව සිටිති. චීනයේදී පැවැති පළමු අදියරට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත්ව සිටියේ ලියාරා ජයසිංහ පමණි.
ජපානය, චීනය, හොංකොං චීනය, තායිලන්තය, කසකස්ථානය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE), මැලේසියාව, ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, පිලිපීනය සහ ඉන්දුනීසියාව යන රටවල් මෙම තරගාවලියට සහභාගී වේ.
ශ්‍රී ලංකා කාන්තා සංචිතය රන්දිකා කුමුදුමාලි, සන්ජු විජේතිලක, ශානිකා මදුමාලි, ජයන්තී කුමාරි, සරණි නයනතාරා, සන්දිකා හේමකුමාරි, දිල්කි සත්සරණි, දිලිනි කාංචනා, චාරණි තේක්ෂණා, කාංචනා මහේන්ද්‍රන්, ලියාරා ජයසිංහ, නියාරා ජයසිංහ, හෙකසිනි ක්‍රිෂ්ණකුමාර්, ගයානි, රන්දුනු, නිපුනි රසංජලී යන ක්‍රීඩිකාවගෙන් සමන්විතයි.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බොන්ඩි වෙරළේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද (14) පස්වරුවේ සිදු කළ වෙඩි තැබීමකින් මියගිය ගණන 12ක් දක්වා ඉහළගොස්, තුවාල ලැබූ සංඛ්‍යාවද 29ක් වී තිබේ. මියගිය පුද්ගලයන් අතර වෙඩික්කරුවෙකුද සිටී.
ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවැසීය.
මාලිගාවත්ත වකුගඩු රෝහලේ වෛද්‍යවරු පිරිසක් පසුගියදා නේවාසික විනෝද චාරිකාවක් සහ වෛද්‍ය වැඩමුළුවන් පවත්වා ඇති අතර මෙම විනෝද චාරිකාව සහ වැඩමුළුව සඳහා ඖෂධ සමාගම්වලින් වෛද්‍ය සංගමයේ අදාළ රෝහලේ ශාඛාවට මුදල් ලබා දී ඇති බවට ලද පැමිණිල්ලක් මත අල්ලස් කොමිසම විමර්ශන ආරම්භ කොට ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

