පිළිගත් දේශපාලන පක්ෂයක් වන නව අභිනව නිවහල් පෙරමුණේ අභ්යන්තර පරිපාලනය සහ නායකත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ සභාපති ඕෂල හේරත් විසින් පවරන ලද නඩුවක් සලකා බැලූ කැස්බෑව දිසා අධිකරණය, පැමිණිලිකරු ඉල්ලා සිටි වාරණ නියෝග නිකුත් කළේ ය.
ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරය පිහිටි ගොඩනැගිල්ල තුළ හේවුඩ් කලා කෞතුකාගාරය නමින් අභිනවයෙන් පිහිටුවා ඇති කෞතුකාගාරය සහ එය නිමිති කර ගනිමින් නොබෝදා ඉංග්රීසි මාධ්යයෙන් ප්රසිද්ධ කරන ලද Heywood Art Museum යන ග්රන්ථය මුළුමනින්ම ප්රෝඩාවක් මෙන් ම විශ්වවිද්යාල ශාස්ත්රීය සම්ප්රදාය සහ රාජ්ය දේපළ අවභාවිතාවක් බවට සාක්ෂි සහිතව මාධ්ය වෙත හෙළිදරව් කිරීම මූලික කරගනිමින් පැවැත්වෙන මාධ්ය සාකච්ඡාවක් ජූලි 18වන දා සවස 01.00 බෙරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මධ්යස්ථානයේ දී පැවැත්වේ.
අභියාචනාධිකරණයේ විනිසුරු කුලතුංග මුදියන්සේලාගේ ගිහාන් හිමන්ෂු කුලතුංගගේ නම ශ්රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු වී ඇති විනිශ්චයකාර ධුරයක් සදහා නිර්දේශ කර ඇතැයි වාර්තා වේ.
ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 107 (5) ව්යවස්ථාවේ දක්වා ඇති අභියාචනාධිකරණ හා ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස පිළිවෙළින් අවුරුදු 63 සහ 65 යන යන සීමාව ව්යවස්ථා සංශෝධනයක් මගින් තවත් වසර දෙක් බැගින් දීර්ඝ කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පිළිබඳව ශ්රී ලංකා නිදහස් නීතිඥ සංවිධානය දැඩිව අවධානය යොමු කර සිටින බව එම සංවිධානය සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා පත් කරනු ලැබ ඇත.
අභිරහස් විදියට පුද්ගලයෝ ඝාතනය වෙන බවත්, නීතිය නමා තර්ජනය කර ආණ්ඩුවේ අවශ්යතාව ඉටු කර ගැනීම සඳහා අවශ්ය ආකාරයට කටඋත්තර ලියාගන්නට උත්සාහ කරමින් ආණ්ඩුවේ වුවමනාව ඉෂ්ට නොකළේ නම් ඔවුන්ට මරණ තර්ජනය පවා කරනකරන්නේ යැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසී ය.
ලංකාවෙ එතෙක් මෙතෙක් නිර්මාණය වුණු සුවිශේෂම සිනමා කෘතිය තාම නැරඹුවේ නැද්ද?
මේ කෘතිය කාරණා කීපයක් නිසා සුවිශේෂ වෙනවා. එකක්, ලංකාවෙ අබිසරුලියන් ගැන හැදුණු ප්රථම චිත්රපටිය වෙන්නෙ මේක. නීතිය සමාජය විසින් අපවාදයට අපහරණයට බඳුන් කරන ඒ කාන්තාවන් ගැන නිර්මාණය වුණු පළමු සිනමා කෘතිය කියලා කියන්න පුළුවන්.
අනික, I Phone 15 pro කැමරාවකින් රූගත කරලා සිනමා ශාලාවකට එන පළමු චිත්රපටියත් මේක. ඒ කියන්නෙ ලංකාවෙ සිනමාව ගැන උනන්දු සෑම කෙනෙක් ම අනිවාර්යෙන් නැරඹිය යුතු චිත්රපටියක් මේක. සිනමාව පුනරුදය ලබනවා කියන්නෙ ම: උපකරණ පෑන් පැන්සල් ගානට සුලබ වෙන්න ඕන.
ගුණදාස අමරසේකර සිය සාහිත්යකරණයේ දී තමන්ගේ ප්රවාදයට ගැළපෙන චරිත නිර්මාණය නොකළ බවත්, ඔහු නිරන්තරයෙන් කළේ එම චරිත හරහා ද තමන්ගේ ප්රවාදය කෙතරම් දුරට නිවැරැදි ද යන්න ප්රශ්න කර ගැනීම යැයි ගෙවිදු කුමාරතුංග පැවසී ය.
අම්බලන්ගොඩ වෙළෙඳ ප්රදර්ශනාගාර කළමනාකරුගේ ඝාතනය සිදුකළ වෙඩික්කරු සහ යතුරුපැදිකරු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට අයත් මහනුවර අංකුඹුර ප්රදේශයේ පිහිටි නිවසක රැඳීසිටිමින් ඝාතනය සැලසුම්කර මෙහෙයවා ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී ඇතැයි පොලිසිය පවසයි.
අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලය විසින් 82 වැනි වරටත් සංවිධානය කිරීමට සැලසුම් කර තිබූ වාර්ෂික මහා පෙරහැර මංගල්යය පැවැත්වීම සඳහා අවසර ලබා නොදීමට අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ගෙන ඇති තීරණයට එරෙහිව මෝදර දේවාල පෙරහැර කමිටුව අද (17) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේ ය.
අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ 82 වන වාර්ෂික මහා පෙරහැර පැවැත්වීම සඳහා අවසර ලබා නොදෙන බව පවසමින් අම්බලන්ගොඩ ස්ථානාධිපතිවරයා විසින් ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් දේවාලයේ පෙරහැර කමිටුව විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ රිට් පෙත්සම අද දිනයේ සලකා බලන ලදි.
තිස්ස -මාතර ප්රධාන මාර්ගයේ අම්බලන්තොට නගරයේ ඊයේ (25) පස්වරු 7.15ට පමණ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් යතුරු පැදි දෙකේ ගමන් ගත් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් පසු හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා ඇත.
අම්බුළුවාව කේබල් කාර් ව්යාපෘතියට අනිසි ලෙස බලපෑම් කරමින් එහි ඉදිකිරිම් කටයුතුවලට බාධා කිරිම හේතුවෙන් තම පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක මුදලක් අදාල කේබල් කාර් ව්යාපෘතියේ ඉදිකිරිම් සමාගමට ගෙවන ලෙස අභියාචනාධිකරණය උඩපලාත ප්රාදේශිය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්නට අද (07) නියෝග කර ඇත.
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය නලින්ද ජයතිස්ස, උතුරු පළාතේ දූපත් වෙසෙන ජනතාවට ගුණාත්මක, උසස් හා සමීප සෞඛ්ය සේවාවන් සැපයීමට අදාළ කටයුතු සොයැබැලීමේ අරමුණින් ඩෙල්ෆ් සහ අනලයිතිව් යන දූපත් සහ ඒ ආශ්රිත ප්රදේශවල අද (28) විශේෂ නිරීක්ෂණ සංචාරයක නිරත විය.
81 වැනි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය (UNGA) සඳහා ශ්රී ලංකා දූත පිරිසට නායකත්වය ලබා දෙන විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් අද(28) එම සැසිය ඇමතීමට නියමිතව තිබේ.
ඕස්ට්රේලියානු රජයේ ආරාධනයෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් 2026 ජුනි 1වෙනි දින සිට 3වෙනි දා දක්වා ඕස්ට්රේලියාවේ නිල සංචාරයක නිරත විය.
නවසීලන්ත විදේශ කටයුතු අමාත්ය වින්ස්ටන් පීටර්ස් ගේ ආරාධනාවකට අනුව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් 2026 මැයි 26 සිට 31 වැනි දින දක්වා නවසීලන්තයේ නිල සංචාරයක නිරත විය.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත්, තායිලන්ත කම්කරු අමාත්ය ජුලපාන් අමෝර්න්විවාට්ගේ ආරාධනයකට අනුව, 2026 සැප්තැම්බර් 14 සිට 16 වැනි දින දක්වා තායිලන්තයේ සිදු කළ නිල සංචාරය සාර්ථකව අවසන් කළේ ය.
රජයේ ඖෂධවේදී වෘත්තිකයින්ගේ වෘත්තීය ගැටලු කිහිපයක් සඳහා විසදුම් ලබාගැනීම වෙනුවෙන් සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස සහ රජයේ ඖෂධවේදීන්ගේ සංගමයේ විධායක සභාවේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ දී පැවැත්විණි.
2025 නොවැම්බර් 01වන දින, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්යවරයා නිකුත් කර ඇති අංක 2460/56 දරන අති විශේෂ ගැසට් පත්රය මගින් පත් කර තිබෙන උපදේශක කමිටුව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කර සම අයිතිය ව්යාපාරය අද (25) බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්ය සුනිල් සෙනවි වෙත ලිපියක් ඉදිරිපත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

