වත්මන් රජය බලයට පැමිණියේ කෙසේ හෝ වසර පහ ඇදගෙන යාමට නොව අභ්යන්තරව මෙන්ම බාහිරව ද ඇති විය හැකි ඕනෑම කම්පනයකට ඔරොත්තු දිය හැකි, නොසැලෙන ආර්ථිකයක් ගොඩනැගීමට බවත්, අද රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳ නිසි දැක්මක් සහ සැලැස්මක් ඇතිව රජය වැඩ කරමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
මේ ආණ්ඩුව ගොඩනගා ගත්තේ පැරණි ගමන් මග ඒ විදියටම ගලා යෑමට නොව පරිවර්තනයක් වෙනුවෙන් බවත්, මේ වන විට බොහෝ ක්ෂේත්ර එම පරිවර්තනයට පය තබා ඇති බවත්, ඇතැම් ක්ෂේත්රවල ටිකක් දුර ගොස් තිබෙන අතර ඇතැම් ක්ෂේත්ර හඳුනාගෙන බැවින් මේ ආණ්ඩුව එම සමාජ පරිවර්තනය වෙනුවෙන් කටයුතු කරන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වයත්, ඒ හමුවේ ලෝකයේ විවිධ රාජ්යයන් මුහුණ දී තිබෙන අභියෝග පිළිබඳවත් සාකච්ඡාවක් පවතින බවත්, අපේ පාර්ලිමේන්තුවේත් මේ සාකච්ඡාවට ඉඩ විවර කිරීම පිළිබඳව යෝජනා ගෙන එන ලද අයට බෙහෙවින් ස්තූතිවන්ත වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසී ය.
ජනාධිපති අනුර කුමාර ව කොළඹ හතේ ඒසී කාමරයේ සිට මහ පාරට බස්සවා ජනතාව අතරට යැවීමට තම පක්ෂය සමත් වී ඇතැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසී ය.
“ඩොලර් බිලියනයක පද්ධතිමය විදේශ විනිමය වංචාව” සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වගකිවයුතු රාජ්ය මූල්ය සහ නීති බලාත්මක කිරීමේ ආයතන වහාම රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවන ලෙස විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායකඑහි සභාපතිවරයා ගෙන් ඉල්ලීමක් කර ඇත.
රජය ජනතාව ගේ අවශ්යතා හඳුනාගෙන ක්රියා කරන බවත්, තෙල්, සුළං හෝ සෝලා විදුලි මාෆියාවකට යටත්ව කටයුතු නොකරන බවත්, බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි පැවසී ය.
මේ මොහොතේ රටේ වෛද්යවරු වැඩ වර්ජනයක් සිදු නොකරන අතර ඇතැම් ස්ථානවල ලෝක සෞඛ්ය සංවිධානය, සෞඛ්ය අමාත්යංශය ශ්රී ලංකා වෛද්ය සභාව විසින් නිර්දේශ කරන ලද ප්රමිතිවලට අනුව වැඩකටයුතු කරමින් පවතින්නේ යැයි රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්ය ප්රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසී ය.
‘වෘත්ත චතුරස්රය’ යනු සමපේක්ෂණ ප්රබන්ධ ක්ෂේත්රය තුළට සිදු කරන ගමනකි.
ඓතිහාසික සිදුවීම් වෙනස් ලෙස දිග හැරිය හැකි බැවින් ඒවා ප්රතිනිර්මාණය කර වෙනස් ගෙත්තමක් කිරීමේ උත්සහයක් ලෙස වුව ද මෙය දැක්විය හැකි ය. ඒ අර්ථයෙන් මෙය POLITICAL THRILLER ගණයෙහි ලා ගැනිය හැකි, පරිකල්පනය යථාර්ථය සමග මුසු කරන විකල්ප ඉදිරි දර්ශනයක් ලෙස හැඳින්වීමේ වරදක් ද නැත.
රටේ මේ වනවිට උද්ගත වී තිබෙන වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කළා යැයි මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසී ය.
දුෂ්කරතා ඇතැමුන්ව බිඳ දමන බවත්, නමුත් දුෂ්කරතා විසින් ඇතැමුන්ව ගොඩනගන බවත්, අපි දුෂ්කරතා හමුවේ තව තවත් ශක්තිමත් වූ මිනිසුන් බවත්, අභියෝග අභියසදී වඩාත් ශක්තිමත් වීමේ පාඩම මට කියා දුන්නේ සිය පියා බවත් ශ්රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ සඳහන් කරයි.
ශ්රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික ව්යසනය හුදෙක් කළමනාකරණ අර්බූදයක් නොව, දශක හතක් තිස්සේ අපව සිරකර තබාගෙන සිටින "පැරණි යථාර්ථයේ" (Old Reality) නිදන්ගත රෝග ලක්ෂණ සහ ජනප්රියවාදී දේශපාලනය විසින් එකී නිදන්ගත රෝග ලක්ෂණ උග්ර කරන ලද ව්යූහාත්මක බිඳවැටීමක ප්රතිඵලයක් බව දිනන දකුණ සාමූහිකය අවධාරණය කරයි.
සානුකම්පිත ලෙස අපේ රටේ සුභසාධන කටයුතු පිළිබඳ හොයා බලා ඒ සඳහා විශේෂ උනන්දුවක්, අවධානයක් දැක්වීම සඳහා යුතුකමක් තිබෙන බව ජාත්යන්තර මූල්ය අරමුදලට පෙන්වා දුන් බව හිටපු අමාත්ය ජී. එල්. පීරිස් පැවසී ය.
'අපිට කෝටි ගනනක මුදල් තිබෙනවා යැයි ජනාධිපති පැවසුව ද තමන් ගෙවන බද්දට සරිලන ආයෝජනයක් රටෙහි සිදු නොවන බව ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසී ය.
විනිවිදභාවයකින් තොරව සිදුකරන ඇතැම් බරපතල වෙනස්කම්වලින් රටේ අනාගත පරපුර "පරීක්ෂණාගාර මීයන්" බවට පත් නොකරන්නැයි ශ්රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අපරාධ අධීක්ෂණය කිරීමේ ගෝලීය මධ්යස්ථානයේ විධායක අධ්යක්ෂිකා සුභාෂිණි විෆ්ලර් පවසන්නී ය.
එදා නාමල් ගේ ලැම්බෝගිනි 19ක් බානවා දුටු කෙනාගෙ ම ආණ්ඩුවේ ලැම්බෝගිනි 14ක් ගොඩබා ඇති බවත්, පොහොට්ටු ආණ්ඩුවක් නොමැත්තේ හොඳ වෙලාවට බවත් එසේ තිබුණේ නම් ඒ ලැම්බෝගිනි 14 ද නාමල් ගේ යැයි පවසනු ඇතැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පැවසී ය.
අපේ ඇතැම් අය ලාංකික, සිංහල, බෞද්ධ යැයි පවසා ගත්ත ද මේ බොහෝ සදාචාරාත්මක සිරිත් අපට ලැබී ඇත්තේ බටහිරින් යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ව්යවස්ථා සභාවේ සිටින සිවිල් සමාජ නියෝජිතයින් තිදෙනා ගේ තුන් අවුරුදු නිල කාලය ලබන සතියේ අවසන් වන බවත්, ජනාධිපතිවරයා විගණකාධිපතිවරයකු පත් නොකර කල් මරන්නේ ජනවාරි මාසය උදා වන තුරුයි බවත් 2025 ජූලි 14 දින මාධ්ය හමුවක් පවත්වමින් තම පක්ෂය හෙළිදරව් කළා යැයි පිවිතුරු හෙළ උරුමය පක්ෂ නායක උදය ගම්මන්පිල පැවසී ය.
මහරගම අපේක්ෂා රෝහලේ නව සීටී සිමියුලේටර් (CT Simulator) යන්ත්රයේ ඇති වී තිබෙන තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විකිරණ ප්රතිකාර සඳහා රෝගීන් 1500කට ආසන්න සංඛ්යාවක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින බව රජයේ විකිරණ විද්යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
ලෝක බැංකුවේ ජාත්යන්තර මූල්ය සංස්ථාවේ (IFC) ජ්යෙෂ්ඨ නිලධාරියෙකුගෙන් නිකුත් වූ දැඩි අනතුරු ඇඟවීමක් හේතුවෙන්, ශ්රී ලංකාවේ ආර්ථික පුනර්ජීවන කතාන්දරය මෙම සතියේදී දැඩි අභියෝගයකට ලක් විය. ඔහු පෙන්වා දුන්නේ රට අඛණ්ඩව අභ්යන්තරය දෙස පමණක් බලමින් කටයුතු කරන්නේ නම් සෞභාග්යය ළඟා කර ගැනීම දුෂ්කර වනු ඇති බවයි.
චීනය විසින් දියත් කරන ලද නියමුවන් රහිත රහසිගත ගගන යානයක් ඉකුත් ජුනි මස ඇමෙරිකානු හමුදා විශ්ලේෂකයන් ගේ දැඩි නිරීක්ෂණයට බඳුන් විය. එම අභ්යවකාශ යානයෙන්, පෘථිවියේ සිට සැතපුම් සිය ගණනක් ඉහළ වූ, සිවිල් සහ හමුදා චන්ද්රිකා විශාල සංඛ්යාවකින් යුත් කක්ෂීය කලාපයකට කුඩා චන්ද්රිකාවක් මුදා හැර ඇත. අනතුරුව, එය තවත් චීන චන්ද්රිකාවක් වටා කක්ෂගත ව ගමන් කර, යළි මව් යානය හා එක් ව යැයි ඇමෙරිකානු අභ්යවකාශ නිරීක්ෂණ සමාගමක් වන ලියෝ ලැබ්ස් (LeoLabs) පවස යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

