ආපදාවට ලක් වූ ව්යාපාරිකයන්ට ලබා දෙන ණය සහන පිළිබඳ කම්කරු අමාත්ය සහ මුදල් හා ක්රමසම්පාදන නියෝජ්ය අමාත්ය ආචාර්ය අනිල් ජයන්ත විසින් පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආපදා තත්ත්වයෙන් ජල සම්පාදනයට රුපියල් කෝටි 500 ක(බිලියන පහකට)ආසන්න අලාභයක් සිදු වී ඇති බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර ප්රකාශ කරයි.
ආබාධ සහිත පුද්ගලයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව (CRPD කමිටුව), 2026 අගෝස්තු 14වන දා ජිනීවාහි දී පැවැත්වෙන එහි 35වන සැසියේ දී, ආබාධ සහිත පුද්ගලයින් ගේ අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය (CRPD) යටතේ ශ්රී ලංකාවේ මූලික වාර්තාව සමාලෝචනය කරනු ඇත.
වයස 55 සම්පූර්ණ වූ පසු ආබාධිත මියගිය රණවිරුවන්ගේ දෙමාපියන්ට හා බිරින්දෑවරුන්ට හිමිවන ස්ථාවර දීමනා පවා රජය නීතිවිරෝධී ලෙස අත්හිටුවා ඇති බවත්, අතුරුදන් වූ පවුල්වලට හිමිවිය යුතු දීමනා යම්කිසි ක්රමවේදයක් මත නතර කර ඇති බවත්, මෙවැනි බොරු කරුණු කාරණා ඉදිරියට දමා ආබාධිත රණවිරුවන්ට ලබා දෙන සහන කප්පාදු නොකර වහාම ඒවා ලබා දෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස පැවසීය.
ආබාධිත පුද්ගලයෙකුට නිවාස ආධාර ලබාදීමේ කටයුතු කඩිනමින් ඉටු කර දීම සඳහා රුපියල් 25000/- ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ හිටපු ග්රාම නිලධාරීවරයෙකුට කොළඹ මහාධිකරණය විසින් පනවනු ලැබූ බරපතළ වැඩ සහිත වසර 05ක සිරදඬුවම ශ්රේෂ්ඨාධිකරණය විසින් අද ස්ථිර කළා.
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සතුව තිබූ පැරණි බලය සහ කාර්යක්ෂමතාව නැවත ස්ථාපිත කර, එය 2005 වසරට පෙර පැවැති ආකාරයටත් වඩා ශක්තිමත් දේශපාලන අනුග්රහයක් සහ අන්තර්-ආයතනික බලපෑමක් සහිත, ආයෝජකයින් සඳහා "එකම වහලක් යටින් සියලු සේවා සපයන මධ්යස්ථානයක්" (one-stop shop) බවට පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බව ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපති දුමින්ද හුලංගමුව පැවසී ය.
රට තුළ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බවත්, ආර්ථික ස්ථායීකරණයට මෙන්ම ජාතික සමගිය වර්ධනය කිරීමට ශ්රී ලංකාව දරන උත්සාහයට වතිකානුවේ සහාය හිමි වන බවත් වතිකානුවේ රාජ්ය සහ ජාත්යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් හිමිපාණෝ ප්රකාශ කළහ.
රටක ජාතික ආරක්ෂාවට හා සමානවම ආර්ථික සුරක්ෂිතතාව (Economic Security) වැදගත් බවත්, වර්තමානයේ එය බරපතළ අනතුරකට ලක්ව ඇති බවත් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පැවසී ය.
71 අරගලය, 80 දශකය ආරම්භයේ දී ම උතුරෙහි ඇති වූ සන්නද්ධ අරගලය සහ 87-89 යළි දකුනේ අරගලය යනාදි සියල්ලට ම මූලික පදනම වූයේ දුප්පත්කම යැයි ද ආර්ථිකය ප්රතිසංස්කරණය කළ යුත්තේ මෙම යථාර්ථය අවබෝධ කරගෙන යැයි ද සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
ආරුගම්බේ සංචාරක කලාපයට පැමිණෙන සංචාරකයින් සඳහා අවශ්ය සියලු ම තොරතුරු සහ සේවා එකම වහලක් යටින් ලබා දීමේ අරමුණින් ඉදිකෙරෙන 'සන්සෙට් වීව් පාර්ක්' (Sunset View Park) තොරතුරු සහ සේවා මධ්යස්ථානයට මුල්ගල තැබීම, ඊයේ (02) විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්ය විජිත හේරත් ගේ ප්රධානත්වයෙන් ආරුගම්බේ පාලම අසල දී සිදු කළේ ය.
ආවර්ජනා දිනන තරු ළමා සමාජයේ සියලු සාමාජිකයින් එකතුව සිදුකරන පැරණි ගී මතකක ආවර්ජනයක් මෙමස 16 වන දා අලව්ව ආලෝකා හෝටලයේදි නොමිලේ පැවැත්වේ.
දඬුවමකට යටත්ව බන්ධනාගාරගත කර ඇති ගරුතර ස්වාමීන් වහන්සේලා සහ අන්යාගමික පූජා ප්රසාදින් වහන්සේලා බන්ධනාගරයේදී සහ ඉන් පිටතට රැගෙන යාමේදී පැළදිය යුතු වස්ත්රය පිළිබඳව මතුව ඇති ගැටලුව සකච්ඡා කිරීම සඳහා රාජ්ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වහාම රැස්කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක ගරු සජිත් ප්රේමදාස ගරු කථානායක මගින් එම කාරක සභාවේ සභාපති වෙත ලිපියක් යොමුකොට තිබේ.
ආසියානු ඔරු පැදීමේ සංගමය මගින් සංවිධානය කළ 2025 ආසියානු ඔරු පැදීමේ තරගාවලිය චීනයේ ෂැන්ගාරෝ නගරයේ ඔක්තෝම්බර් 30 සිට නොවැම්බර් 01 දක්වා පැවති අතර එහි දී ශ්රී ලංකාවේ කාන්තා කනිෂ්ඨ අංශයේ Quadruple Sculls ඉසව්වේ රන්පදක්කම දිනා ගැනීමට හවිෂාක් පෙරේරා (British School කොළඹ) , වෙත්මි වීරරත්න (විශාකා විද්යාලය - කොළඹ ), ඉමන්දි මාවත්තේ (විශාකා විද්යාලය - කොළඹ), මිනෝලි යටිගම්මන (විශාකා විද්යාලය - කොළඹ) ක්රීඩිකාවෝ සමත් වූහ.
හොංකො හි පැවැත්වෙන 22 වැනි ආසියානු කණිෂ්ඨ මලල ක්රීඩා තරගාවලියේ මීටර් 1,500 බාලිකා ධාවන තරගයේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි අභිෂේකා සමත් විය.
මේ දිනවල බංගලාදේශයේ ඩකා නුවර 10 වන දකුණු ආසියානු කරාතේ තරගාවලිය පැවත්වේ. ඒ සදහා ශ්රී ලංකාව නියෝජනය කරමින් -55KG බර පංතියේ කේවල කුමිතේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට නිතාෂා තරුශදී ක්රීඩිකාව සමත්වූවා ය.
ශ්රී ලංකාව සඳහා අලුතින් පත්ව ආ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) අධ්යක්ෂිකා ෂැනන් කවුලින් (Ms Shannon Cowlin) සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැතිවිණි.
කල් ඉකුත් වූ රසායනික ද්රව්ය (Reagents) සහ ඖෂධ වර්ග භාවිත කිරීමේ චෝදනාව යටතේ පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 23කට එරෙහිව පැවරූ නඩුවලින් රුපියල් ලක්ෂ 57කට අධික මුදලක් දඩ ලෙස නියම කර ඇතැයි ජාතික පාරිභෝගික අධිකාරිය පවසයි.
ඩොලර් ආදායම ඉහළ නංවන අපනයන ආර්ථිකයක් වෙනුවෙන් ඇඟලුම් ක්ෂේත්රයේ ගැටලුවලට ලබා දිය හැකි කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීමට මෙරට ඇඟලුම් ක්ෂේත්රයේ ප්රමුඛ පෙළේ ව්යාපාරිකයන් සහ ආයෝජකයන් සමග ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවකට සහභාගි විය.
ඉතාම සරල දිවි පෙවතක් පවත්වා ගැනීමට මාර්ග උපදේශනවලින් පොහොසත් අකාලික දහමට ජීවිත හැඩගැස්විය යුතු දේශයක සිදුවන අපරාධ සංඛ්යාව දිනෙන් දින ඉහළ යෑම කනගාටුවට කරුණෙකි. උදේ සවස බණ පිරිත් දේශනා, නිරතුර පංච ශීලය මත පිහිටා කටයුතු සිදුවන ශ්රී ලාංකීය ජන සමාජය සීඝ්ර පරිහාණියට පත්වන ආකාරය පිළිබඳව විමර්ශනය කළ යුතු කාලය දැන් එළැඹී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

