උදේනිගම කහටගස්පතන ඇටකුලා කන්ද ඉරිතලා පුපුරා ගොස් නායයාමේ අවදානමක ඇතයි බදුල්ල දිස්ත්රික් ලේකම් පණ්ඩුක ශ්රී ප්රභාත් අබේවර්ධන අද (11)පවසයි.
උතුරු ඇමරිකාවේ ඇට්ලන්ටා ජෝර්ජියා බෞද්ධ මහා විහාරයේ පැවති වාර්ෂික කඨින පින්කමට එරට වෙසෙන තරුණ තරුණියන් විශාල පිරිසක් සහභාගීවීම කැපී පෙනෙන සිද්ධියක් විය.
''දියුණුව'' යන්න සරල රේඛාවක් ලෙස ගත්ත ද, එසේ දියුණුවට පත්ව ඇත්තේ භෞතික වශයෙන් පමණක් බවත් මිනිසුන් ලෙස අපි කිසිදු දියුණුවකට පත්ව නොමැති බවත් සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.
තමන්ට දැනෙන ආකාරයට නම් රනිල් වික්රමසිංහ සජිත් ප්රේමදාස ව සීරියස් ලෙස නොගන්නා බව දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.
ධර්මයේ වේශයෙන්ම ධර්මය විකෘති කරන අවස්ථාවල දී පෙර රජ දවස සිටි රජවරුන්ගේ ක්රියා මාර්ග ගන්නා ලෙසට කෙරුණු ආරාධනාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්රසිද්ධියේ එකඟත්වය පළ කළ බවත්, ඇතැම් රජවරු ඒ ඒ පාලන කාලවල දී සංඝයා වහන්සේ ඝාතනය කළ ආකාරයට ම ජනතා විමුක්ති පෙරමුණ ද වර්ෂ 1987 – 89 කාලවලදී සංඝයා වහන්සේලා ඝාතනය කළ බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
ශ්රී ලන්කන් ගුවන් සේවයට පළල් බඳ සහිත නව ගුවන් යානා ඇණියක් ප්රතිශ්ඨාපනය කිරීමේ දී ඇමරිකානු ඩොලර් මිලියන දෙකක පමණ සිදුව ඇති ඳූෂණ වංචා සම්බන්ධයෙන් ශ්රී ලන්කන් ගුවන් සේවයේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්රසේන ගේ බිරිඳ වෙනුවෙන් තැබූ ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු අවසන් වශයෙන් ලබන සැප්තැම්බර් මස 05 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන ඇපකරුවන් ට නියම කළේ ය.
මාලිමා ආණ්ඩුව බලයට පත්වීම කලින් ''අපි ඉතා සුපිරිසිදු මිනිස්සු'' යැයි පැවසුව ද දැනට ඇමතිවරු ලෙස කටයුතු කරන සිවු දෙනකු ඇමති ඉන්ධන දීමනාවට අමතර පාර්ලිමේන්තු මන්ත්රිවරයකුට හිමි ඉන්ධන දිමනාව ද ලබාගෙන ඇති බවට ලංකාදීප පුවත්පත වාර්තා කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂයේ නියෝජ්ය නීති ලේකම්, නීතිඥ තාරක නානායක්කාර පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (17) සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලයේ පැවති මාධ්ය සාකච්ඡාවේ දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් තාරක නානායක්කාර පැවසුවේ 2025 වසරේ ඔක්තෝබර් 07වන දින ලෝක බැංකුව ශ්රී ලංකාවේ ආර්ථිකය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරමින් 2024 වසරේ ලංකාවේ ආර්ථිකය වර්ධනය වන ආකාරය තමන් දුටු බවත්, එතැන් සිට මේ දක්වා කිසිදු දියුණුවක් දක්නට නොමැති බවත්, එහි බරපතල කම්පන ඇතිවීමේ ලක්ෂණ දක්වන ඇතැයි ප්රකාශ කර ඇති බවයි.
2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී මහජන අරමුදල් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ වත්මන් බලශක්ති අමාත්ය කුමාර ජයකොඩිට එරෙහිව මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදීම පිණිස අදාළ ලේඛන සකස් කරන මෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සිය නිලධාරීන්ට උපදෙස් දී ඇති බව Sunday Times පුවත්පත වාර්තා කරනවා.
මෙරට ප්රවීණ කලාකරුවකු වන සතිස්චන්ද්ර එදිරිසිංහ ගේ අවසන් කටයුතු සදහා සහභාගි වූ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය හිනිදුම සුනිල් සෙනවි මාධ්ය ඉදිරියේ නිරුත්තර වූ අවස්ථාවක් පිළිබඳ වාර්තා වේ.
මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්යම ආසියාව සඳහා විශේෂ නියෝජිත, ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති Sergio Gor සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් අද (19) ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණ.
චීන ජනාධිපති ෂී ජින්පිං චීනයේ නිල සංචාරයකට එක්ව සිටින ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් මහතා වෙනුවෙන් පිළිගැනීමේ භෝජන සංග්රහයක් පවත්වා තිබෙනවා. ඒ අද (14) රාත්රියේ බෙයිජිංහි මහජන මහා ශාලා පරිශ්රයේ දී. එහි දී දෙරටේ නායකයින් සිය අදහස් පළ කළේ ය.
ශ්රී ලාංකික කතෝලික ජනතාව ඉලක්ක කරමින් 2019.04.21 වන දින කතෝලික දේවස්ථාන, ක්රිස්තියානි දේවස්ථාන සහ තරු පහේ හෝටල් තුනක් වෙත ත්රස්ත ප්රහාරයක් එල්ල කළ අතර එහි දී ශ්රී ලාංකික ජනතාව හා විදේශ සංචාරකයින් ඇතුළුව 370 කට ආසන්න සංඛ්යාවක් මරණයට පත්වී 500 කට ආසන්න පුද්ගලයින් සංඛ්යාවක් තුවාල ලැබුවේ ය.
ශ්රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාව ශක්තිමත් කරමින්, කෙරවලපිටිය කාර්මික කලාපයේ ඉදිකෙරෙන මෙගාවොට් 350ක ‘සහස්ධනවි’ සංයුක්ත චක්ර විදුලි බලාගාරයේ (Combined Cycle Power Plant) සංවර්ධන කටයුතු සඳහා වන ගිවිසුම ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් සාර්ථකව ලියාපදිංචි කර ඇත. එය ලියාපදිංචි කර ඇත්තේ 1978 අංක 4 දරන ශ්රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17(2) වගන්තිය යටතේ 2026 අගෝස්තු 13වන දා ය.
රටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් 2023 වසරේ සිට මේ දක්වා කාලය තුළ නීතිවිරෝධී අයුරින් අමෙරිකානු ඩොලර් මිලියන 751 කට වඩා වැඩි දැවැන්ත මුදලක් විදේශ රටවලට යැවූ බව කියන සිද්ධියට අදාලව මූල්ය විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවෙකු වන ජිෆ්රි මොහොමඩ් නමැත්තා අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නමැත්තා ලබන 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අසංග එස්. බෝදරගම අද (06) නියෝග කළේ ය.
පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ ශ්රී මිලින්ද මොරගොඩ විසින් අද (23) දකුණු සහ මධ්යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකා එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුවේ සහකාර රාජ්ය ලේකම් ආචාර්ය එස්. පෝල් කපූර් වෙනුවෙන් විශේෂ සාකච්ඡා හමුවක් පවත්වන ලදී.
ඇමරිකාව සහ ඉරානය යන දෙරටට ම පසුගිය දිනවල පැවති යුද්ධය අවසන් කිරීමට, එසේත් නැති නම් යුද්ධයෙන් ඇඟ බේරා ගැනීමට ලොකු උනන්දුවක් පැවතියේ යැයි සමාජ, ආර්ථික සහ දේශපාලන විශ්ලේෂක අශෝක අභයගුණවර්ධන පැවසී ය.
ශ්රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රයේ සිදුවෙමින් පවතින සාධනීය වෙනස්කම් කෙරෙහි සිය රටේ අවධානය යොමුවී ඇති බවත්, ගොඩනැගෙන නව ආයෝජන අවස්ථා තුළින් දෙරට අතර බලශක්ති ක්ෂේත්රයේ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමට අපේක්ෂා කරන බවත් වැඩබලන ඇමරිකානු තානාපතිනී Jayne Howell පැවසුවා ය.
ශ්රී ලංකා රජයට ඇමරිකාවෙන් රුපියල් මිලියන 330ක් වටිනා පිළිකා නාශක ඖෂධ පරිත්යාගයක්
මෙරට පුනරුත්ථාපන රෝහල් සඳහා විශේෂිත රෝද පුටු 600 ක පරිත්යාගයකට අදාළ ද්විපාර්ශවීය අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබේ.
"වෙඩි තිබ්බේ පිටිපස්සෙන් නම්... ජනාධිපතිගේ ඔළුව පිටිපස්සට විසි වුණේ ඇයි? ලෝකයේ බලවත් ම මිනිසාව (JFK) මහ දවල් ඝාතනය කළ 'මැජික් උණ්ඩයේ' (Magic Bullet) නොවිසඳුණු අභිරහස"
නියෝජ්ය අමාත්යවරයෙක් ජ්යෙෂ්ඨ මාධ්යවේදනයකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අසෝබන අයුරින් කතා කර ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්රික් මන්ත්රී අජිත් පී. පෙරේරා මාධ්ය හමුවකදී අද (23) පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර

