හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ පුද්ගලික ලේකම් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂක සුගීෂ්වර බණ්ඩාර ලබන 22 තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (08) නියෝග කළේ ය.
2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව සහ ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණය පිළිබඳ උසස් පෙළේ රැස්වීම අද (17) ශැංහයිහි දී ආරම්භ වුණා. චීන ජනාධිපති ෂී ජින්පිං එහි සමාරම්භක උළෙලට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළා. ‘සාධාරණ හා යුක්ති සහගත ගෝලීය කෘත්‍රිම බුද්ධි කළමනාකරණ පද්ධතියක් එක්ව ගොඩනැගීම’ යන්න එහි තේමාවයි.
එක්සත් ජනපද හමුදා ඊයේ (13) රාත්‍රී අඛණ්ඩ තෙවන දිනටත් ඉරාන ඉලක්ක වෙත දැඩි ප්‍රහාර එල්ල කළහ. ඉරාන නෞකා නැවතත් එක්සත් ජනපද තහනමට ලක් කෙරුණු අතර ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව සැලසීම වෙනුවෙන්, ඒ ඕසේ යාත්‍රා කෙරෙන නෞකා වෙතින් 20%ක ගාස්තු අයකිරීමක් සිදු කෙරෙන බව දැනුම් දුන්නේ ය.
සුපිරි ධනවතුන් සහ ලෝක ජනගහනයෙන් අතිමහත් බහුතරය අතර "පන්ති ගැටුමක්" පවතී. නමුත් ධනේශ්වර ක්‍රමය තුළ දැඩි එදිරිවාදිකමක් ද පවතී. එනම්, "මූල්‍ය ප්‍රාග්ධනය” සහ ජාතික හා කලාපීය මට්ටමින් නිෂ්පාදන ක්‍රියාකාරකම්වල විවිධ ක්ෂේත්‍රවල සංස්ථාවලින් සමන්විත “සැබෑ ධනවාදය” ලෙස විස්තර කළ හැකි දෙය අතර ගැටුමකි . එයට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ද ඇතුළත් වේ.
තිරසාර සංචාරක ව්‍යාපාරය සඳහා වූ සිය කැපවීම වෙනුවෙන් ශ්‍රී ලංකාව නැවත වරක් ගෝලීය පිළිගැනීමට ලක්ව තිබේ.
වෙඩි තබා ඝාතනය කළ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් වැලිගම ලසා පාතාල අපරාධකරුවෙක් බවත් ඔහුට එරෙහිව නඩු හයක් විභාග වෙමින් පවතින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදි අද (22) පැවැසීය.
2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය මේ වන විට පැවැත්වේ.
රාජගිරිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සහ බරපතල රිය අනතුරක් සිදු කිරීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති අධි චෝදනා පත්‍රය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති රිට් පෙත්සම සලකා බැලීම සඳහා නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (15) නම් කරනු ලැබිය.
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරුයෙකු වන චරිත රත්වත්තේ ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
2023 වසරේ සිදු කළා යැයි පැවසෙන අල්ලස් ලබා ගැනීමේ සිද්ධියකට අදාලව ඊයේ (25) රක්ෂිත බන්ධනාගාර ගත කළ සමගි ජන බලවේගය පක්ෂයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ ගේ පක්ෂ සාමාජිකත්වය සහ ඔහු පක්ෂයේ දැරූ සියලු තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවිමට පක්ෂය තීරණය කර ඇතැයි සමගි ජන බලවේගය පක්ෂය සඳහන් කරයි.
චිත්‍රපට ශාලා ඉදිකිරීම පිළිබඳව ඉතා වැදගත් තොරතුරක් ජාතික චිත්‍රපට සංස්ථා සභාපතිවරයා මුල්කොට - සංස්ථා නිලධාරීන් සහ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ දැනුවත් කිරීම කරන ලදී.
චීනය විදේශ වෙළඳාම යහපත් වර්ධනයක් පෙන්නුම් කරන බවත්, ඒ අනුව 2026 මුල් භාගයේ දී, චීනයේ භාණ්ඩ වෙළඳාමේ මුළු ආනයන හා අපනයන වටිනාකම යුවාන් ට්‍රිලියන 25.47 දක්වා ළඟා වී ඇති බවත් චීන රේගු පරිපාලනය අද (14) අදාළ දත්ත වාර්තා නිකුත් කරමින් සඳහන් කර ඇත.
නෙම්සිරි ජයතිලක මහතා චින්තන පර්ෂදයේ ලේකම් ලෙස අදහස් දක්වා තිබිණි. සිංහල-බෞද්ධ සාරධර්මවලට අනුව නම්, ජයතිලක මහතා එලෙස කටයුතු කිරීමෙන් වැළකීය යුතු ය. මන්ද ඔහු චින්තන පර්ෂදයේ බහුතරයකින් ප්‍රතික්ෂේප වූ බැවිනි. ජයතිලක, සමන්ත ඇතුළු සුළු පිරිසක ගේ වුවමනාවට, අප එපා කියද්දී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් චින්තන පර්ෂදයේ ලේකම් තනතුර සඳහා ඡන්දයක් පැවැත්වූ අතර, ඉන් ජයතිලක මහතා පරාජයට පත්විය.
චීන ජනාධිපති ෂී ජින්පිං උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හමු වී තිබෙනවා. ඒ අද (08) උතුරු කොරියාවේ Pyongyang හිදී.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින්පිං චීන Kuomintang පක්ෂ සභාපති Cheng Li-wun හමුවුණා. ඒ, අද (10) පෙරවරුවේ බෙයිජිංහි දී.
කොල්ලුපිටිය ප්‍රදේශයේදී චීන ජාතිකයකු සන්තකයේ තිබූ රුපියල් කෝටි දෙකක මුදලක් පැහැරගෙන යාමේ දී අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව් දෙනා ලබන 23 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව පහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ ය.
ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා සමුද්‍රීය සහයෝගිතාව අත්‍යවශ්‍ය බව චීනයේ කොළඹ තානාපති ෂි ෂිංහොයි ප්‍රකාශ කළේය.
චීන වසන්ත උත්සවය හෙවත් අලුත් අවුරුදු උත්සවයට සමගාමීව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ චීන තානාපති චී ශෙන්හොංග් (Qi Zhenhong) අතර සුහද හමුවක් ඊයේ (15) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
අප්‍රිකානු රටවල් කිහිපයක සිය සංචාරය අවසන් කර අද (12) අලුයම ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් සඳහා පැමිණි චීන විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Wang Yi අමාත්‍ය විජිත හේරත් මුණ ගැසුණේ ය.
ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහාය පළ කරමින් ශ්‍රී ලංකා විදේශ චීන සංගමය (Sri Lanka Overseas Chinese Association) විසින් රුපියල් මිලියනයක මුදලක් ප්‍රදානය කරනු ලැබ තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර

