Language Switcher

V2025

‘තනිකම’ පිළිබඳව අමාත්‍යවරයෙක්.....

නැගී එන සියදිවි නසා ගැනීමේ අනුපාතය පරීක්ෂා කිරීම සඳහා ජපානය පළමුවරට ‘තනිකම’ පිළිබඳව අමාත්‍යවරයෙකු ( Loneliness Minister ) පත් කර තිබේ.

ඒ, COVID-19 වසංගතය අතරතුර වසර 11 කට පසු ප්‍රථම වතාවට ජපානයේ සියදිවි නසා ගැනීමේ අනුපාතය ඉහළ යාමත් සමගයි.

ජපාන අග්‍රාමාත්‍ය යොෂිහයිඩ් සුගා ( Yoshihide Suga ) තම කැබිනට් මණ්ඩලයට ‘තනිකම’ පිළිබඳ අමාත්‍යවරයකු ( Loneliness Minister ) එක් කළ අතර එක්සත් රාජධානියේ ආදර්ශය අනුගමනය කළ පළමු රට බවට ජපානය පත්විය.

මෙලෙස තනිකම පිළිබඳව අමාත්‍යවරයා ලෙස පත් කර ඇත්තේ Tetsushi Sakamoto ය.

Tetsushi Sakamoto ජපානයේ උපත් අනුපාතිකය පහත වැටීමට එරෙහිව සටන් කිරීම සහ කලාපීය ආර්ථිකයන් පුනර්ජීවනය කිරීම භාරව ද කටයුතු කරයි.

සිය සමාරම්භක ප්‍රවෘත්ති සාකච්ඡාවේදී Sakamoto කියා සිටියේ, කොවිඩ් වසංගතය හමුවේ කාන්තාවන්ගේ සියදිවි නසා ගැනීමේ අනුපාතය වැඩිවීම ඇතුළුව ජාතික කාරණා පිළිබඳව තමා පත් කළ බවත්, අදාළ අමාත්‍යාංශය සමග සම්බන්ධ වී මෙම ගැටලුවට පුළුල් උපාය මාර්ගයක් ඉදිරිපත් කරන ලෙස ජපාන අග්‍රාමාත්‍ය යොෂිහයිඩ් සුගා තමාට උපදෙස් දුන් බවත් ය.

එසේම Tetsushi Sakamoto පවසා ඇත්තේ, සමාජ තනිකම සහ හුදෙකලාව වැළැක්වීම සහ මිනිසුන් අතර සබඳතා ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාමාර්ග ගෙන ඒමට තමා බලාපොරොත්තු වන බවයි.

කොවිඩ් වසංගතය හමුවේ සියදිවි නසාගැනීම ඉහළ යාම සහ ළමා දරිද්‍රතාව වැනි කාරණා සඳහා ජපාන රජය ඉකුත් පෙබරවාරි 19 වැනිදා තම කැබිනට් මණ්ඩලය තුළ ”හුදෙකලා / තනිකම ප්‍රතිප්‍රහාර කාර්යාලයක් ” ( isolation/loneliness countermeasures office )ද නිර්මාණය කර තිබේ.

www.newsfirst.lk