ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයට ජයග්‍රාහී ආරම්භයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (21) සමත් වුණා.
ඒ පාකිස්තාන කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමින්.
පාකිස්තාන කණ්ඩායමෙන් හිමි වු ලකුණු 172ක ඉලක්කය තරගයේ 19(18.5) වන පන්දුවාරයේදී පසුකර යාමට ඉන්දියාව සමත් වුණු අතර අභිෂේක් ශර්මා පන්දු 39කින් ලකුණු 74ක් හා ශුබ්මන් ගිල් පන්දු 28කින් ලකුණු 47ක් රැස්කළේ තම කණ්ඩායම ජග්‍රහණය කරා රැගෙන යමින්ය.
පළමු කඩුල්ලට පන්දු 59ක් තුල ලකුණු 105ක සබඳතාවක් ගොඩනැගීමට ඔවුන් දෙදෙනා සමක් වුණා.
පාකිස්තානය වෙනුවෙන් හාරිස් රවුෆ් (2/26), ෆහීම් අෂ්රෆ් (1/31) කඩුලු දවා ගත්හ.