ප්‍රවීණ රංගනවේදී නලීන් ප්‍රදීප් උඩුවෙල අභාවප්‍රාප්ත විය.
ඔහු අභාවප්‍රාප්ත වන විට 56 වැනි වියෙහි පසුවිය.
ඔහු දෙදරු පියකි.
මහරගම අපේක්ෂා රෝහලේ දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.
අපූර්ව රංගන පෞරුෂයකට හිමිකම් කී නලින් ප්‍රදීප් උඩුවෙල වේදිකාව සිනමාව මෙන්ම ටෙලි නාට්‍යයෙන් ද රංගන පෙළහර පෑ ශිල්පියකි. සරසවි, සුමති ඇතුළු සම්මාන උළෙල රැසකදී ප්‍රදීප් උඩුවෙල ගේ රංගන ප්‍රතිභාව සම්මානයට පාත්‍ර විය.
දැනටත් වේදිකා ගත වෙමින් පවතින "සුද්දෙක් ඔබ අමතයි" වේදිකා නාට්‍යයේ ඔහු දක්වූ රංගන කෞශල්‍ය අනගිභවනීය.
දශක තුනකට අධික කාලයක් පුරා සාර්ථක රංගන ජීවිතයක් ගත කළ නලින් ප්‍රදීප් උඩුවෙල ඉතා නිරහංකාර සුන්දර චරිතයක් ලෙස ප්‍රේක්ෂක ජනාදරය දිනාගෙන සිටියේය.
ඔහු 1969 මාර්තු 20 වන දින මාතලේ දී උපත ලැබීය.
ප්‍රදීප් උඩුවෙල කලක් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙසද සේවය කළේය.