නව කොරෝනා වෛරසයේ ප්‍රභේද 33 ක් පවතින බව චීන විද්‍යාඥයන් කණ්ඩායමක් විසින් මෑතක දී කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇතැයි MedRxvid වෙබ් අඩවිය ප්‍රකාශයට පත්කර තිබේ.
මෙම කිරීටක වෛරසයේ විකෘතිවීමේ හැකියාව මෙතෙක් අවතක්සේරු කොට ඇති බවත්, විකෘතිවන වෛරසයකින් වන හානියට ඵලදායී පිළියමක් සොයා ගැනීම වඩාත් අපහසු වී ඇති බව ලොව පුරා සිටින විශේෂඥයන්ගේ මතය වී තිබේ.
කොවිඩ් -19 වෛරසය ස්ථායී වෛරසයක් බවට පොදුවේ විශ්වාස කෙරුණද, එහි ප්‍රභේද ගණනාවක් පවතින බවත්, අවම වශයෙන් එහි ඇති ප්‍රභේද 19 ය වත්, කිසි විටක නිරීක්ෂණය වී නැති බවත් චීන වසංගත රෝග විශේෂඥ ලී ලන්ජුන් ( Li Lanjun ) පවසයි.
" සංසරණයේ පවතින වෛරසයේ ස්වරූපවල සැබෑ විවිධත්වය පිළිබඳව අපට ඇත්තේ ඉතා සීමිත අවබෝධයක් පමණයි. " යනුවෙන් ඔහු තව දුරටත් අවධාරණයක් කර තිබෙනවා.
චීන විද්‍යාඥයින් විසින් සොයා ගන්නා ලද කොරෝනා වෛරසයේ ප්‍රභේද අතර, සමහර ප්‍රභේද අනෙකුත් ප්‍රභේද වලට වඩා ඉතා විෂ සහිත වන බවටත්, හානිකර නොවන ප්‍රභේදයකට වඩා 270 ගුණයකින් හානිකර ප්‍රභේද කොරෝනා වෛරසය තුළ තිබෙන බවටත් ඔවුන් අනාවරණය කර තිබෙනවා.
යුරෝපයේ හා නිව්යොර්ක් හී පැතිර පවැතෙමින් ඇත්තේ වඩාත් විෂ සහිත වූ කොරෝනා වෛරස් ප්‍රභේදය බවට විශ්වාසයක් පවතිනවා.
කොරෝනා වෛරසයේ නව සංකූලතා පිළිබඳව වෛද්‍ය ක්ෂේත්රය තුළ බියක් මතුවෙමින් තිබෙන බවට ප්‍රංශ AFP සේවය වාර්තා කර තිබෙනවා.
ඔවුන්ගේ වාර්තාවට අනුව කොරෝනා ආසාදනය වූ සමහර රෝගීන් තුළ රුධිර කැටි ගැසීම් ඇති කර ඇති බවට හෙළි කර තිබෙනවා.
ධමනි අවහිර වීම නිසා අවසානයේදී පෙණහලුවල ක්‍රියාකාරිත්වය ඇනහිටින බවද ඔවුන් සඳහන් කරනවා.
කොරෝනා වෛරසය ක්ලෝරෝක්වීන් ( Chloroquine ) මඟින් දැනට යටපත් කර තිබෙන බවත්, ඉතා නුදුරේ දී ප්‍රති ගිණි අවුලුවන ටොසිලිසුමාබ් ( tocilizumab ) මගින් වඩා වැඩි ඵලදායිකත්වයක් අත්පත් කර ගත හැකි බවත් වෛද්‍යවරුන් විශ්වාසය පළ කර සිටිනවා.
ඇමරිකාව මෙම එන්නත රෝගීන් දහසකට ලබා දී ඇති අතර එහි මූලික ප්‍රතිඵලය ඊයේ ( අප්‍රේල් 30 ) නිකුත් කරන ලැබ තිබෙනවා.
මෙම වෛරස් නාශක එන්නත ලබා දුන් රෝගීන්ගේ රෝගී තත්ත්වය 31% ක වේගයෙන් සුව අතට හැරුණු බවට වාර්තා වෙනවා.
එක්සත් ජනපද රජයට ඉදිරි සති කිහිපය තුළ මෙම ප්‍රතිකාරය සාමාන්‍යකරණයකට ලක් කළ හැකි බවට විශ්වාසයක් පවතිනවා.
රෝහල් සේවාවන් වැඩි දියුණු කර ඇති තත්ත්වයක් තුළ පවා කොරෝනා වෛරසය මේ වන විට ප්‍රංශයේ පුද්ගලයන් 289 ක් දිනකට මරණයට පත් කරමින් සිටිනවා.
වෛරසයට ප්‍රතිකාර සොයා ගැනීමේ උත්සාහය නව බලාපොරොත්තු ඇති කර ඇතත්, කොවිඩ් -19 වෛරසයේ නොපැහැදිළිකම හේතුවෙන් ප්‍රංශය තුළ බියක් ද පැතිරෙමින් තිබෙනවා.
මේ අතර කොරෝනා වෛරසයට එරෙහිව එන්නතක් සොයා ගැනීමේ පර්යේෂණයක නියැලෙන බවට ප්‍රකට වූ මාහාචාර්ය දිදී ඊයේ (30 ) BFM රූපවාහිණී නාලිකාව සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී තවත් ආන්දෝලනාත්මක මතයක් ඉදිරිපත් කරනු ලැබුවා.
කොවිඩ් -19 පිළිබඳව අසාමාන්‍ය ලෙස කනස්සල්ලට පත් නොවිය යුතු බවත්, මෙම වෛරසය බෝ නොවන බවත් ඔහු ප්‍රකාශ කරනු ලැබුවා.
වසංගත රෝග වලට උච්ච හා අඩුවීම යන කාරනා දෙකම පවතින බව පවසන මහාචාර්ය දිදී, මෙහි පැතිරීම ත්වරණය සහිත සීණුවක හැඩයක් ඇති බවත්, අද අපි සිටින්නේ සීණුව පතුලේ බවට පැහැදිළිව දැකගත හැකි බවත් ඔහු පවසනවා.
බොහෝ විශිෂ්ටයන් කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ගැන කනස්සල්ලට පත්වී සිටින අතර තුර මහාචාර්යවරයා ඊට වෙනස්ම මතයක් බෙදා හරිමින් සිටිනවා.
ඔහු පවසන්නේ දෙවැනි රැල්ල යනු විද්‍යා ප්‍රබන්දයක් බවයි. එසේම එය මනඃකල්පිතයක් බවත් පවසනවා.
මේ අතර ප්‍රංශයේ සෞඛ්‍ය අමාත්‍යංශය කොරෝනා වෛරසයේ වත්මන් දර්ශක පිළිඹුවන පරිදි ප්‍රංශය සිතියම්ගත කොට තිබෙනවා.
ඊයේ සවස එළි දැක්වූ එම සිතියම් වලට අනුව එක් සිතියමකින් ප්‍රංශය තුළ කෝරෝනා වෛරසයේ සංසරණ ක්‍රියාකාරිත්වය ද, අනෙක් සිතියමින් රෝහල් තුළ සිදුවන රෝගීන් නැවත පණ ගැන්වීමේ ධාරිතාව පිළිබඳව ද තොරතුරු අනාවරණය කරනු ලබනවා.
මෙම සිතියමට අනුව එක් එක් දෙපාර්තමේන්තු තුළ පවතින තත්ත්වය හොඳ හෝ නරක දැක්වෙන අතර, එය වර්ණ තුණකින් දක්වා තිබෙනවා.
තවමත් වසංගතයේ බලපෑම තදින් පවතින ප්‍රදේශ රතු පැහැයෙන් ද, එතරම් අවදානමක් නොමැති ප්‍රදේශ තැඹිලි පැහැයෙන් ද, කිසිදු අවදානමක් නොමැති ප්‍රදේශ හරිත වර්ණයේන් ද, පැහැගන්වා තිබෙනවා.
මෙම සිතියම අද ( මැයි 01 ) සිට මැයි 07 වන තුරු දිනපතා යාවත්කාලින කරන අතර, මැයි 07 වැනිදා ප්‍රංශයේ ජනතාව නිවෙස්වල රැඳවීමේ නියෝගය සිදුකරන ආකරය පිළිබඳව ස්ථීර නිගමනයක් ගැනීමට රජය අපේක්ෂා කරනවා.
සුනිල් ගාමිණී ( ප්‍රංශ ජනමාධ්‍ය ඇසුරිනි )

