Language Switcher

V2025

දේශපාලන බල පෙරළිය වැඩ කරයි : CSN සංඛ්‍යාත යළිත් ගනියි !

CSN රූපවාහිනී  නාලිකාව සදහා ලබා  දී  තිබූ  විකාශන  බලපත්‍රය 2016 වසරේ දී  එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින්  අහෝසි කිරීමට  එරෙහිව  එම   නාලිකාව  විසින්  ගොනු කල රිට් පෙත්සම අද (26) අභියාචනාධිකරණයේදී සමථයකට  පත්කරගෙන ඇත.

ඒ එම  නාලිකාවට ලබා දී තිබූ විකාශන  බලපත්‍ර ය අවලංගු  කරමින්  2016 වසරේ දී එවකට ජනමාධ්‍ය  අමාත්‍යාංශ ලේකම් වරයා විසින්  නිකුත් කරන ලද ලිපිය ඉල්ලා  අස් කර  ගැනීමට ජනමාධ්‍ය  අමාත්‍යාංශය   අද අභියාචනාධිකරණයේ දී එකග වීම  මතය.

ඒ අනුව 2016.10.23 දින  වන විට එම  නාලිකාව ලබා  දී තිබූ  සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත  ලබා දීමට කඩිනමින්  පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම ද අධිකරණයේදී එකඟතාවය පළකර ඇති බවත් වාර්තා වෙයි.

FB IMG 1590515042859

එම රිට් පෙත්සම මහින්ද  සමයවර්ධන සහ අර්ජුන  ඔබේසේකර  යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවූ  අවස්ථාවේ දී  මෙම   සමථය ඇති විය.

කිසිදු සාධාරණ  පරීක්ෂණයක්   පැවැත්වීමෙන්  තොරව සිය විකාශන  බලපත්‍රය අහෝසි කිරීම  නීතිවිරෝධී බව කියමින් සී.එස්.එන්.නාලිකාව මෙම රිට් පෙත්සම ගොනු කර  තිබුණි. මෙහි වගඋත්තරකරුවන් වශයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශය , එම අමාත්‍යාංශ ලේකම්වරයා , විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව , එහි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබිණි.

කිසිඳු පරීක්ෂණයක් නොපවත්වා සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර සී.එස්.එන් රූපවාහිනී ආයතනය සිය පෙත්සමින් පෙන්වා දි තිබිණි.එබැවින් විකාශන බලපත්‍රය අහෝසි කිරීමේ තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ආයතනය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එම රිට් පෙත්සම සලකා බැලූ මුල් අවස්ථාවේදීම අභියාචනාධිකරණය විසින් විකාශන බලපත්‍රය අවලංගු කර තිබෙන සී.එස්.එන් නාලිකවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.

(මුල් ජායාරූපය - එවකට csn නාලිකාව ක් ආරම්භ කිරීමේදී නිකුත් කර තිබූවකි )

(මූලාශ්‍රය - ලංකාදීප )