ඊයේ (26) විතරක් රෝගීන් 135යි : කුවේට් බලධාරීන්ට ආණ්ඩුවෙන් බරපතළ චෝදනාවක් !

ඊයේ (26) විතරක් රෝගීන් 135යි : කුවේට් බලධාරීන්ට ආණ්ඩුවෙන් බරපතළ චෝදනාවක් !

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1317 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව ඊයේ (26) දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 135කි.

මෙයින් අතිබහුතරය කුවේට් ඇතුළු මැද පෙරදිග සිට පැමිණි ආසාදිතයින් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

එසේම  ඊයේ දිනයේ වාර්තා වූයේ එක් දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණයය.

ආසාදිතයින් එව්වේ හිතාමතා :මහින්දානන්දගෙන් කුවේට් රටට චෝදනාවක් !

මේ අතර ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ චෝදනා කරන්නේ කුවේටයේ සිට මෙරට ගෙන්වන ලද පිරිස අතරේ කොරෝනා ආසාදිතයන් සිතා මතා මෙරටට එවා ඇති බවය.

විදේශගත ශ්‍රමිකයන් ගෙන්වීමේදී මෙරට තුල කොරෝනා නැවතත් පැතිරීමේ අවදානමක් ඇති නිසා ඔවුන් ගෙන ඒම තාවකාලිකව අත්හිටුවා ඇති බවත් ඇමති මහින්දානන්ද අලුත්ගමගේ  පවසයි.

අමාත්‍යවරයා  මෙම අදහස් පළ කළේ දැඩි ආණ්ඩු හිතවාදී පෞද්ගලික මාධ්‍ය නාලිකාවක් වන  දෙරණ රූපවාහිනිය සමග පැවති  වැඩසටහනකට එක්වෙමිනි.

‘කුවේට් වලින් ආව කට්ටිය අපි තෝර ගත්ත කට්ටියක් නෙවෙයි. ඒ රටෙන් ඒගොල්ලොම තෝරගෙන ඒගොල්ලන්ගෙ ෆ්ලයිට් එකේ එවපු කට්ටිය.

අපේ රටේ බබ්බු නෙමෙයි ඉන්නේ. ඉතාම පැහැදිලියි එහෙ ඉන්න කොරෝනා ලෙඩ්ඩු ටික මෙහාට එව්වා.

අපිට බෝම්බයක් ගැහුවා කියන එක තමයි අපිට මේක තේරෙන්නේ. මේවා අපිට හොද පාඩම්’ යයිද ඔහු එහිදී පැවසීය.

ආණ්ඩු හිතවාදී මාධ්‍ය කටාර් විරෝධයක් හදයි !

මේ අතර ආණ්ඩු හිතවාදි සමාජ මාධ්‍ය - වෙබ් පුවත් පළකරමින් සඳහන් කරන්නේ කටාර් හි වාසය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1061 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවය.

එම පුවතක වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

දැනටමත් කුවේටයේදී සිටින ලාංකිකයන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර ඇත.

ඊට හේතු වී ඇත්තේ එරට සිට පැමිණෙන වැඩි පිරිසක් කොරෝනා ආසාදිතයන් වීමයි.

මෙරට සෞඛ්‍ය අංශ සහ අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩල දැඩි අවදානමකට නිරාවරණය වීම හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇත.

එමෙන්ම යම් ලෙසකින් රට තුල වෛරසය පැතිරී යාමක් වුවහොත් ඒ සදහා රෝහල් හා නිරෝධායන මධ්‍යස්ථාන කලමණාකාරනය කර ගෙන සිටිය යුතු නිසාද විදෙස්ගත ලංකිකයන් කාල පරාසයක් ඇතිව ගෙන් විය යුතු බව සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇත.

රට විරුවන් වැටුණු තැනක් !

එසේම එසේම කුවේට් පොකුර ලෙස මේ වන විට මැදපෙරදිග සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් හඳුන්වන කටයුත්තක් ද මේ මාධ්‍ය ආරම්භ කර ඇත.

ඒ අනුව පැහැදිලිව මැද පෙරදිග ඇතුළු විදෙස්ගත ලාංකිකයන් මෙරටට පැමිණිම  සම්බන්ධව විරුද්ධ මතයක් ඇති කිරීමට කටයුතු කරන බවක් පෙන්නුම් කරයි.

එම ජනතාව අසරණ වූ මේ මොහොතේ එසේ සැලකුවද පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ ඔවුන්ට රට විරුවන් කියමින් මෙරටට ආරාධනා කර සිටියේ රට බේරගන්න ඇති අන්තිම අවස්ථාව කියමින් ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න