කැලණිතිස්ස කැඩිලා මාස 18යි : පාඩුව බිලියන 25කට වැඩියි !

කැලණිතිස්ස කැඩිලා මාස 18යි : පාඩුව බිලියන 25කට වැඩියි !

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය අක්‍රිය වී දැනට මාස දහ අටකට අධික කාලයක් ගත වී තිබුණද මෙතෙක් එය යථා තත්වයට පත්කර ගැනීමට හැකි වී නැති බවත් මේ වනවිට රජයට රුපියල් බිලියන විසිපහකට අධික පාඩුවක් සිදුව තිබෙන බවත් ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් සඳහන් කරයි.

2019 අගෝස්තු මාසයේදී බලාගාරය අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු සඳහා නවතා දැමූ බවත් එය එම වසරේ ඔක්තෝබර් මාසයේදී යළි ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බවත් ලේකම්වරයා පැවසීය.

නඩත්තු කටයුතු යටතේ ජනන යන්තුයේ භ්‍රමක යන්ත්‍රය (Rotor) ඉන්දියාව වෙත යැවීමට සැලසුම් කර තිබුණද පසුව එය ඩුබායි වෙත යැවීමට කටයුතු කළ බවත් ඉන්පසුව ඩුබායි සිට ඉන්දියාව වෙත රැගෙන ගෝස අදාළ අලුත්වැඩියා කටයුතු සිදුකර ලංකාවට රැගෙන විත්, එහි සමබරතාවය ගැන පරීක්ෂා නොකර කඩිමුඩියේ සවි කිරීමට කටයුතු කිරීම නිසා එය විශාල ලෙස හානි වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

ඒ අනුව භ්‍රමක කොටසට හා බෙයාරිං කොටස් දෙකකට හානි සිදුවීම නිසා මෙතෙක් බලාගාරය ආරම්භ කිරීමට නොහැකි වූ බවද ඔහු සඳහන් කරයි.

මෙම ජනන යන්ත්‍රය මෙරටට ගෙන ඒමේ සිට කටයුතු කළේ කඩිමුඩියේ බවත් ඒ හේතුවෙන් විදුලි බල මණ්ඩලයට ඉතා විශාල වියදමක් දැරීමට සිදු වූ බවත් රංජන් ජයලාල් මහතා පෙන්වා දුන්නේය.

වර්ෂයකට රටට ගිගාවොට් පැය 36,000කට අධික විදුලි ප්‍රමාණයක් අවශ්‍ය බවත්, ඉන් ගිගාවොට් පැය තිස් 6000කට අධික විදුලි ප්‍රමාණයක් අවශ්‍ය බවත්, ඉන් ගිගාවොට් පැය 1,084ක් මෙම බලාගාරය තුළින් නිෂ්පාදනය කරන බවත් ඔහු සඳහන් කරයි.

මෙම බලාගාරය තුළින් විදුලි ඒකකයක් රුපියල් 18ත් 20ත් අතර මුදලකින් නිෂ්පාදනය කළ හැකි බවත් බලාගාරය අක්‍රීය වීම නිසා රටට අහිමි වූ විදුලි ප්‍රමාණය පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට කටයුතු කරන බවත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරයි.

ඒ සඳහා විදුලි ඒකකයකට රුපියල් 35කට වැඩි මුදලක් වැය කරන බවත්, මේ නිසා සෑම විදුලි ඒකකයකින්ම රජයට රුපියල් 15කට වැඩි මුදලක් වැය කිරීමට සිදුව තිබෙන බවත් හෙතෙම පැවසීය.

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය බලාගාරය සඳහා භාවිත කරනු ලැබුවේ, ඛනිජතෙල් පිරිපහදුවෙන් අතුරු ඵලයක් ලෙස ලැබෙන නැප්තා භාවිතයෙන් බවත්, මේ අනුව නැප්තා ලීටරයකට විදුලිබල මණ්ඩලය රුපියල් 74ක මුදලක් ලබාදුන් බවත් ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රංජන් ජයලාල් පවසා සිටියේය.

එහෙත් ඛනිජතෙල් සංස්ථාව මේ වනවිට පෞද්ගලික අංශයට නැප්තා ලීටරයක් ලබාදෙන්නේ රුපියල් 30ක මුදලකට බවත් මේ නිසා නැප්තා අලෙවි කිරීමේදීත් රජයට විශාල පාඩුවක් සිදුවන බවත් ඔහු ප්‍රකාශ කළේය.

lanka truth 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න