නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට එහි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා විසින් ගෙන්වා ගත් ඉංජිනේරුවරයා ඇමැතිවරයාටම පිටුපා ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය පැත්තෙන් වාර්තා වේ.
මෙම ඉංජිනේරුවරයා පසුගිය යහපාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කළ අයෙකි.
මොහුව අමාත්‍යාංශයට කැඳවා ඇත්තේ කසල කළමනාකරණ විෂයට අදාළ වැඩ බාර දීම සදහා ය.
එකී ව්‍යාපෘතියේ වැඩ බාරගන්නා ලෙස ඇමැතිවරයා නියෝග ලබා දී මසකටත් වඩා කල් ගතවී ඇතත් මොහු එය තුට්ටුවකටවත් මායිම් කර නැතැයි පැවසේ.
නාගරික සංවර්ධන අධිකාරිය පැත්තෙන් පැවසෙන්නේ මෙම ඉංජිනේරුවරයා අමාත්‍යාංශ ලේකම්වරයා ළඟ වැඳ වැටී මෙම අංශ මාරුව අවලංගු කරගෙන ඇති බවයි.
මෙම ඉංජිනේරුවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට අපහසු බව අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රධාන ආයතන වන නාගරික සංවර්ධන අධිකාරිය හා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවල නිලධාරින් විසින් ඉහළට දැනුම් දී ඇත.
රාජ්‍ය අමාත්‍යවරයා ද මේ පිළිබදව දැනුවත් අතර මොහුව කසල කළමනාකරණ අංශයට ඉක්මනින් පිටත් කර හැරීමට හේතු වී ඇත්තේ ද එය බැව් පැවසේ.
නිලධාරින් අතර ද දැඩි අප්‍රසාදයට පාත්‍රව ඇති මෙම ඉංජිනේරුවරයා පසුගියදා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සදහා පැවැත්වූ සම්මුඛ පරීක්ෂණයෙන් ද අසමත් වූවෙකි.

