රූපවාහිනියට රේටිං ඇලජික් වෙලා !

රූපවාහිනියට රේටිං ඇලජික් වෙලා !

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ප්‍රේක්ෂක ආකර්ෂණය මත එක් එක් විද්‍යුත් නාලිකා වර්ගීකරණය කරන දර්ශක නොතකා කටයුතු කිරීමට තීරණය කිරීමේ සූදානමක් ගැන තොරතුරු වාර්තා වෙයි.

එහි අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට පාලනාධිකාරිය විසින් මේ තීන්දුව ගැනීමට සූදානම් වන්නේ  මෙරට ප්‍රධාන ධාරාවේ රූපවාහිනී චැනල් 12ක් අතරින් 8 වැනි ස්ථානය දක්වා පසුගිය වසරකට මදක් වැඩි කාලය තුළ ඇද වැටීම නිසාය.

ඊට පෙර ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මෙතරම් පහතට ඇද වැටී නොමැති බව එහි සේවක පිරිස්ද පවසයි. ඔවුන් සඳහන් කරන්නේ "Ratings" නොතකා කටයුතු කිරීම යන්න පාලනාධිකාරියේ නොහැකියාව වසා ගැනීමට ගෙන ඇති අත්තනෝමතික තීන්දුවක් මිස ඊට වඩා දෙයක් නොවන බවයි.

මේ සම්බන්ධව විරෝධය දක්වන පිරිස් පෙන්වා දෙන්නේ රූපවාහිනීය මේ වන විටත් භාණ්ඩාගාරයෙන් යැපෙන අතර මේ තීන්දුව සමඟ මුළුමනින්ම භාණ්ඩාගාරය මත යැපීමට සිදුවීමේ අවධානමක් ඇති බවයි. 

දක්ෂ හැකියාවෙන් පිරිපුන් ප්‍රවීණයන් රැසකින් සමන්විත  රූපවාහිනී කාර්ය මණ්ඩලය නිසිලෙස මෙහෙයවා අංක එකේ නාලිකාව බවට පත්කිරීම කළමනාකරණ නොහැකියාවක් බවත් අනෙක් අතට පත්වීම් ලබා පැමිණෙන ප්‍රධානීන් රුපවාහිනීකරණය , ඒ කලාව ගැන කිසිඳු හැදෑරීමක් නොමැති අය බැවින් ඔවුන් තව දුරටත් රජයට බරක්වෙන තීන්දුවක් ගෙන ඇති බවටත් ඇතැමුන් චෝදනා කරයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න