විමල්ලට ගහන්න : ඇමති ලන්සා සජබ මන්ත්‍රීට කියලා ?

විමල්ලට ගහන්න : ඇමති ලන්සා සජබ මන්ත්‍රීට කියලා ?
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරයකුව පසුගියදා  හමුවී ඇති ගම්පහ දිස්ත්‍රීක්කය නියෝජනය කරන රාජ්‍ය ඇමතිවරයකු ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ප්‍රකාශය ගැන රහස් පොලිසියට පැමිණිල්ලක් කරන්නැයි ඉල්ලා තිබේ.
 
 ඒ, පාස්කු ප්‍රහාරයට ආණ්ඩුවේ ඇතැම් නායකයින්ද සම්බන්ධ බවට විමල් විරවංශ අමත්‍යවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙනි.
 
''අපි අද හෙටම විමල්ලව උදයලව ආණ්ඩුවෙන් එලියට දානවා. මුන් තියාගෙන හිටියොත් ආණ්ඩුව ඉවරයි. මුන් ටික ආණ්ඩුව කරන්නයන හැමදේටම විරුද්ධයි. කකුලෙන් අදිනවා. මහින්ද මහත්තය මංගලලව එලෙව්වා වගේ මුනුත් එළවලා දානවා. ඡන්ද ටිකක් නැතිවෙයි. එත් රිෂාඩ්ල හකීම්ලා ඉන්නේ බැසිල් සර් එක්ක. එයාල දැන්ම ආණ්ඩුවට එන්නේ නැහැ. ඡන්දේ වෙලාවට ගන්නවා. ඒ නිසා විමල්ල නැතිවුණා කියල අපට ප්‍රශ්නයක් නැහැ. මේපාර ජනාධිපතිවරණයට එන්නේ බැසිල් සර්. අපි උඩින්ම දිනනවා ..'' යයි පවසා  ඇති රාජ්‍ය ඇමතිවරයා, ජනාධිපතිවරණයේ දී බැසිල් රාජපක්ෂට සහය දක්වන ලෙස සජබ මන්ත්‍රීවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න