අභාවප්‍රාප්ත වූ මංගල සමරවීර වෙනුවෙන් ආගමානුකුලව පිං අනුමෝදන් කිරිම ඊයේ (26) දින කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී සිදු කෙරිණ.
ආගමිකවතාවත් සිදුකිරීම හුණුපිටිය ගංගාරාම විහාරධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි නාහිමියන් ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නය විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සහභාගි විය.
ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධාන ආණ්ඩු බලයට පත් කිරීම සඳහා බාරදුර කාර්යභාරයක් ඉටුකළ මංගල සමරවීර, 1994 සිට එම ආණ්ඩුවල ප්‍රබල ඇමැති ධූර පවා දැරූ ප්‍රබල චරිතයකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
