නිරෝධායන ඇඳිරිනීතිය සැප්තැම්බර් 6 වනදා දක්වා දීර්ඝ කර ඇත.
දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාල සීමාව සැප්තැම්බර් මස 06 වැනිදා අලුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි, ජනාධිපති ප්‍රකාශකවරයා පවසයි.
මෙම තීරණය ගෙන ඇත්තේ, ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි ය.
මේ අතර, දැනට ක්‍රියාත්මක අත්‍යාවශ්‍ය සේවා සැප්තැම්බර් 06 වැනිදා දක්වා ඒ අයුරින්ම පවත්වාගෙන යා හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
