ඉන්ධන මිල පහළ යයි : විදුලි කප්පාදුව දීර්ඝ වෙයි ?

ඉන්ධන මිල පහළ යයි : විදුලි කප්පාදුව දීර්ඝ වෙයි ?

මිල සූත‍්‍රයකට අනුව දෙසතියකට වරක් සිදු කරන ඉන්ධන මිල සංශෝධනය අද (15) සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි .

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ලෝක වෙළෙඳ පොළේ මෑත කාලයේ ඉන්ධන මිල වෙනස්වීම අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති බවය.

ඒ අනුව වාර්තා වන ආකාරයට අද දින ඉන්ධන මිල යම් අඩුවීමක් සිදුවීමට ඉඩ ඇත .

විදුලි කප්පාදුව දීර්ඝ වෙයි !

මේ අතර දෛනික විදුලි කප්පාදුව පැය තුනක පමණ කාලයක් දක්වා ඉහළ නැංවීමට සිදුව ඇති බවත් වාර්තා වෙයි.

මීට හේතුව ලෙස වාර්තා වන්නේ නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ එක් ජන යන්ත්‍රයක බිඳවැටීමයි.

නොරොච්චෝල බලාගාරයේ මේ වන විටත් එක් ජන යන්ත්‍රයක් නඩත්තු කටයුත්තකට නවතා දමා ඇති අතර දැනට ක්‍රියාකාරී වන්නේ එක් ජන යන්ත්‍රයක් පමණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න