"සැබෑ ශ්‍රීලනිප"ය ලෙස අලුත් වැඩක් : මෛත්‍රී කොටුකරන තැතක්

"සැබෑ ශ්‍රීලනිප"ය ලෙස අලුත් වැඩක් : මෛත්‍රී කොටුකරන තැතක්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් ශ්‍රීලනිප මැති ඇමතිවරුන්ට ඒකාබද්ධ විපක්ෂයට එක්වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ප්‍රසිද්ධ ආරාධනයක් කරන්නට සුදානම් වන බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට විශ්වාසභංග යෝජනාව ගෙන ඒම තුළ ලක්වූ දේශපාලන පසුබෑම සම්බන්ධ සමාජ අවධානය වෙනත් අතකට හැරවීම සඳහාත් ශ්‍රීලනිපයේ බෙදීම් ඇති කර එහි බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ගැනීමේ පියවරක් ලෙස මෙය දියත්ව ඇත.

ලබන මහමැතිවරණය දක්වා " "සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම" වැඩ

එසේම එම මැති ඇමති පිරිස විශාල මාධ්‍ය ප්‍රචාරයක් සමඟ ඒකාබද්ධ විපක්ෂයට ගෙන ඔවුන් "සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම" වශයෙන් ඉදිරි මහමැතිවරණය දක්වා යෝදාගනීම මෙහි සැළසුම වී ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ අනුව මෙවර ඔවුන් සුදානම් වන්නේ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ සිටින කැබිනට් සාමාජිකයන් හයදෙනාට කැබිනට් අමාත්‍යධුර අහිමිවීම යොදාගෙන ශ්‍රීලනිප ජේෂ්ඨයින් සියල්ල ආණ්ඩුවේ නොමැති බවත් පැරණි ශ්‍රීලනිප නායකයන් සියල්ල සිටින්නේ ඔවුන් "සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම" තුළ බවට සමාජ මතයක් නිර්මාණය කරන්නටය.

රාජපක්ෂලා සැළැස්ම වෙනස් කරයි

වාර්තා වන ආකාරයට මීට පෙර මහින්ද මාර්ශවයේ සැළසුමව තිබී ඇත්තේ එජාපය විසින් ශ්‍රීලනිප 16 ට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව හමුවේ එම 16 කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය වෙත කැඳවා ගැනීමටය.

එහෙත් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය වර්ජනය කළ ශ්‍රීලනිප පාර්ශවය තම පාක්ෂිකයන්ට එරෙහිව ගෙනෙන විශ්වාසභංග යෝජනාව හමුවේ පාක්ෂිකයා ආරක්ෂා කරන බවට නිවේදනය කිරීමත් අදාළ විශ්වාසභංග යෝජනාව ඉල්ලා අස්කර ගැනීමට අග්‍රාමාත්‍යවරයා එජාප මන්ත්‍රීවරුන්ට උපදෙස් දීමත් හමුවේ සිය සැළැස්ම වෙනස් කරන්නට රාජපක්ෂවරු කටයුතු කර ඇත.

හෙට (9) ශ්‍රීලනිපයේ විශේෂ හමුවක්

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරකසභා රැස්වීමක් හෙට (9) වනදා ජනාධිපති නිල නිවසේ පැවැත්වීමට නියමිත බවද වාර්තා වෙයි.

 එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවට පක්ෂවූ මැති ඇමතිවරුන් තවදුරටත් ආණ්ඩුවේ තබා ගැනීමට නොහැකි බවට දන්වා තිබෙන එජාප නිල මතය සම්බන්ධව සහ අනෙක් ශ්‍රීලනිප ඇමතිවරුන් තවදුරටත් ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න තීරණය කිරීමට නියමිත බවද වාර්තා වෙයි.

හැමෝම ඇමතිකම් අත්හරිමු - ශ්‍රීලනිප ජෝන්ලාගෙන් යෝජනාවක්

එසේම විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් 16 දෙනා වෙනුවෙන් එහිදී ශ්‍රීලනිපයේ සියලු දෙනා ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට සුදානම්ව සිටින බවද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න