මාරාන්තික උපවාසයකට මුහුණදීමට සූදානම් වෙන්න - දඹර අමිල හිමි

මාරාන්තික උපවාසයකට මුහුණදීමට සූදානම් වෙන්න - දඹර අමිල හිමි

තවත් වසර දෙකක් පුරාවට දේශපාලන කුහකකම්, කකුලෙන් ඇදිලි සහ 2015 ජනවාරි ජනවරමට අනුව කටයුතු නොකිරීම බලා සිටිය නොහැකි බවත් එහෙයින් වැරදි උපදේශකයන්ගේ වැරදි උපදෙස් වලට සවන්දීම සහ කකුලෙන් අදින දේශපාලනය නවතා ජනාවාරි 08 ජනවරම ඉටුකිරීමට පුනරුත්ථාපනය වන ලෙස සිවිල් සමාජ සංවිධාන ජනාධිපතිවරයාට අවධාරණය කරයි.

ඒ පුරවැසි සංවිධාන එකමුතුව විසින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.

එහිදී පුරවැසි සංවිධාන එකමුතුව වෙනුවෙන් මාධ්‍ය ඇමතු පුජ්‍ය දඹර අමිල හිමියන් සඳහන් කර සිටියේ ජනවරමට පිටුපා තවදුරටත් කටයුතු කරන්නට ජනාධිපතිවරයා සිතනවා නම් මාරාන්තික උපවාසයක් දියත්කර තම පාර්ශවයේ මුලිකත්වයෙන් 2015 ජනවාරි ජනවරමේ ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවීමට මැදිහත් වීමට කටයුතු කරන බවය.

එසේම ජනාධිපතිවරයාට තවදුරටත් තමන් 2015 ජනවරමට ගරු කිරීමට සුදානම් බව පෙන්වීමට නම් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් මැති ඇමති පිරිස ආණ්ඩුවෙන් ඉවත්කර ඒ සඳහා පළමු පියවර තබන්නට අවස්ථාව තිබෙන බවද අමිල හිමියන් පැවසීය.

රටට වැඩක් කළ නායකයකු ලෙස ඉතිහාසගත වීමට තවමත් අවස්ථාව ඇති බවද පෙන්වාදුන් උන්වහන්සේ එදා එම ජයග්‍රහණය වෙනුවෙන් උරදුන් සංවිධාන තවමත් ඒ වෙනුවෙන් සහයදීමට සුදානම් බවද සඳහන් කර සිටියේය.

එසේම ජනාධිපතිවරයා සිය පාර්ශවය සමඟ ගනුදෙනු කිරීමට බියක් ඇතිකර ගතයුතු නැති බවත් තම පාර්ශවය පෞද්ගලික දෙයක් ඉල්ලීමට නොව යහපාලන ආණ්ඩුව සාර්ථකව ඉදිරියට ගෙන යාමට පමණක් ජනාධිපතිවරයාට මඟ පෙන්වීමට එකතුවීමේ අපේක්ෂාවෙන් සිටින බවද උන්වහන්සේ සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න