යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු වී නීති විරෝධීව හැසිරුණැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා එක් අයකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා නියෝග කර ඇත.
වනජීවි බාරයට ගත් ජීප් රථ අධිකරණය බාරයේ තබන්නැයි ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.
උද්‍යානය තුළ වාහනයෙන් බැස වරද සිදු කිරීම හා නීති විරෝධී රිය ධාවනය කළ බවට චෝදනා ලැබුවේ මුණසිංහගේ ධනුෂ්ක ප්‍රසාද් සහ වරුණගම තිස්සමහාරාම ආර්.ඒ.සුරේෂි චතුරංග යන අයයි.
නීති විරෝධී රිය ධාවනය කළ බවට චෝදනා ලැබූ හස්මීඩීන් මොහොමඩ් සාෆික්, මොහොමඩ් ගවුස්, මොහොමඩ් සුවෙර්, එස්.එච්.බුද්ධික චතුරංග, අබ්දුල් රකීඛ මොහොමඩ්, පී.ජී.එස් අංජුල, ආර්.එම්.සම්පත්, ඩී.එම්.මයුර ලක්ෂාන් යන අයයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
