ආණ්ඩුවේ ඉන්නවාද? නැද්ද ? තීරණය කරන : ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද

ආණ්ඩුවේ ඉන්නවාද? නැද්ද ? තීරණය කරන : ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (24) රාත්‍රී 8.00 ජනාධිපති නිල නිවසේ දී පැවැත්වීමට නියමිත බව එම පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
ඊට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම ද රැස්විම නියමිතව ඇති බවත් ඒ සඳහා මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්වන බව සඳහන් කර සිටින ශ්‍රීලනිප 16 කණ්ඩායමටද ආරාධනා කර ඇති බවත් එම ආරංචිමාර්ග අන්දහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබඳව මෙන්ම තවදුරටත් පක්ෂයක් ලෙස ආණ්ඩුවේ සිටිමින් කටයුතු කරනවාද නැද්ද යන්නද  මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

අපි අනිවාර්යයෙන් විපක්ෂයේ අසුන් ගන්නවා - ජෝන් 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න සඳහන් කර ඉටින්නේ  එළමෙන  මැයි 08 වනදා  පාර්ලිමේන්තු රැස්වීමේ දී තමන් ඇතුළු විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් 16 දෙනා විපක්ෂයේ අසුන් ගැනීම අනිවාර්යය බවය.

16 කණ්ඩායම ඊයේ(23) රාත්‍රී විශේෂ සාකච්ඡාවක නිරත වු අතර එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මෙම අදහස් පල කර සිටියේය.

නව මුහුණුවරකින් ඉදිරියට යනවා - අමරවීර 

කෙසේවෙතත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර  සඳහන් කර සිටින්නේ  වත්මන් ආණ්ඩුවේ පවතින අඩුපාඩු සකස් කරගනිමින් ඉදිරියේ දී නව මුහුණුවරක් යටතේ ආණ්ඩුව ගෙන යාමට කටයුතු කරන බවය. 

අමුණුගම කමිටු වාර්තාව මත ආණ්ඩුවේ දිගටම - අභ්‍යන්තර ආරංචිමාර්ග

මේ අතර ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අද පැවැත්වෙන මධ්‍යම කාරකසභා අවස්ථාවේදී අමුණුගම වාර්තාව මත ආණ්ඩුවේ සිට ඉදිරියට කටයුතු කිරීමේ සුදානමක් පක්ෂයට ඇති බවය.

කෙසේ වුවත් ආණ්ඩුවෙන් ඉවත්වන පිරිසට ඒ සඳහා අවස්ථාව ලබාදීම සම්බන්ධවද තීරණයක් ඇති බවත් එහෙත් අද සාකච්ඡාව අතිශය තීරණාත්මක වනු ඇති බවද එම ආරංචිමාර්ග සඳහන් කර සිටියේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න