Language Switcher

V2025

රංජන් "ලීඩර්" ට අඳියි : අගමැති රනිල්ට ගෙදර යන්න කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට  පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී වෙනත් අයෙකුට නායකත්වය ලබාදීමට කාලය එළඹ තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි.එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට  පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී වෙනත් අයෙකුට නායකත්වය ලබාදීමට කාලය එළඹ තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසයි. නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ අක්‍රමිකතා පිළිබඳ හෙලිකිරීම වෙනුවෙන් මාදිවෙල තම  මන්ත්‍රී නිල නිවාසයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.

කිරි බෝතලය ගත්තත් ඊට කල් ඉකුත්වීමේ දිනයක් ඇති බවත් එහෙයින් එය එම දිනයට කළින් පරිහරණය කලයුතු බව නිදර්ශනයට ගෙන දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා දේශපාලකයින් සහ නායකයින්ද එසේ වියයුතු බව පෙන්වා දුන්නේය.

එසේම එම අවබෝධය නෙල්සන් මැන්ඩෙලා, ලී ක්වාන් යූ, පිදෙල් කස්ත්‍රෝ වැනි මහත්මා දේශපාලකයින් අතුවූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසු අතර ක්‍රිකට් වලින් නිදර්ශනයක් ලෙඅ දක්වනවා නම් අගමැතිවරයාට බැට් කිරීමට අවස්ථා රාශියක් ලබාදුන් බවත් දැන් පාශයේ සිටින අනෙක් පාර්ශව වෙතද ඊට අවස්ථාව ලබාදිය යුතුව ඇති බව අවධාරණය කර සිටියේය.

අපිටත් බැට් කරන්න චාන්ස් එකක්  දෙන්න 

එහිදී වැඩිදුරටත් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.  "ඒ කියන්නේ අගමැතිතුමාට ගොඩක් සැරයක් පිටියට ගිහින් සෙල්ලම් කරන්න අවස්ථාව දුන්නා. දැන් අපිටත් බැට් කරන්න අවස්ථාවක් දෙන්න. අපි හයේ ඒවා ගහයිද, හතරේ ඒවා ගහයිද, සෙන්චරි ගහයිද කියලා දන්නේ නෑන. උපකල්පනය කරන්න බෑ.” 

සජිත් - නවීන් ඉන්නවා : අපි හැමදාම බෝල් කරනවා විතරද ?

“අපිට විතරක් නෙමෙයි සජිත්ටත් ගහන්න අවස්ථාවක් දෙන්න, නවීන් දිසානායකටත් අවස්ථාවක් දෙන්න. හැම වෙලේම එතුමම බැට් කරන්න ඉල්ලන එක වැරදියි. හරියට අපි පොඩි කාලෙ සෙල්ලම් කරනවා වගේ. අපි හැමදාම කරන්නේ බෝල් කරන එක විතරද.” 

“වැඩේ වැරදියි නේද . ඒත් එතුමා කියන්නේ මම අවුට් නෑ, මට අයෙත් බැට් කරන්න ඕන කියලා. මම හිතන්නේ ඒක හොඳ මදියි. එතුමා කියන්න ඕනේ රංජන් දැන් ඔයා බැට් කරන්න, මම බෝල් කරන්නම් කියලා. අවස්ථාවක් දුන්නොත් ඉදිරියෙදි සුපිරි ක්‍රීඩකයෝ බිහිවෙයි. අපේ පක්ෂයෙත් සුපිරි ක්‍රීඩකයෝ ඉන්නවා.” 

“එතුමට අපි බැට් කරන්න අවස්ථාව දුන්නා 2002 දි. එතුමා එදා නම් සෙන්චරියක් ගහලා ආණ්ඩුව ගත්තා. ඊට පස්සෙ 2004 එතුමා අවුට් වුණා. ඊට පස්සේ 2010 දි අපි පිතිකරුවෙක් ආනයනය කළා ඒ සරත් ෆොන්සේකා. 2015 දි අපි තවත් පිතිකරුවෙක් ආනනයනය කළා. ඒ  මෛත්‍රීපාල සිරිසේන . දෙන්නම  ආනනයනය තමයි කළේ. ආනනයනය කරලා අපි පසුපෙළ පිතිකරුවො හැටියට ක්‍රීඩා කළා.”

https://www.youtube.com/watch?v=vGlw8Q1w2Pc&t=213s