ශ්‍රීලනිප 16 කණ්ඩායම අද ජනාධිපති හමුවෙයි : තීන්දුව කියන්න සුදානම් !

ශ්‍රීලනිප 16 කණ්ඩායම අද ජනාධිපති හමුවෙයි : තීන්දුව කියන්න සුදානම් !

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාව අද (24) පස්වරුවේ සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායම සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාව අද (24) පස්වරුවේ සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. 

16 කණ්ඩායමේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට ඊයේ (23) ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට ඔවුන් අපේක්ෂාවෙන් සිට ඇතත් එය අදට කල්ගොස් ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.බී. ඒකනායක සඳහන් කර සිටින්නේ තම කණ්ඩායම විසින් ගෙන ඇති තීන්දු තීරණ සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට අපේක්ෂාවෙන් අද සාකච්ඡාවට සහභාගී වන බවය.

එසේම එළඹෙන මැයි 08 වනදා නව පාර්ලිමේන්තු සැසිවාරයේදී ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම විපක්ෂයේ අසුන් ගැනීම අනිවාර්ය බවද ඔහු පවසයි. 

සබැඳි පුවත් :

"16 වෛරය" ඔඩු දුවයි : මැයි දින වර්ජනයක් ගැනත් තර්ජනයක් !

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න